ට්‍රේවාන් මාටින් හට වෙඩි තැබීම

ජෝර්ජ් සිමර්මන් විසින් ට්‍රේවාන් මාටින් හට වෙඩි තැබීම මගින් ඔහු හට මරණය ලඟා කර දීම, එක්සත් ජනපදයෙහි, ෆ්ලොරිඩාහී, සැන්ෆර්ඩ්හිදී, සිදු වූයේ 2012 පෙබරවාරි 26 දිනදීය.

මාටින් යනු නිස්සන්නාහ (අවි නොදැරූ) 17-වියැති අප්‍රිකානු ඇමරිකානුවෙකි. ජෝර්ජ් සිමර්මන් යනු, 28-වියැති බහු-ජන වාර්ගික හිස්පැනික් ඇමරිකානු ජාතිකයෙකු වන අතර,, මාටින් තාවකාලිකව නැවතී සිටි හා වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයේ ද්වාරික ප්‍රජාවක් සඳහා වටපිටා මුරකා සම්බන්ධිකාරකයා ලෙසින් පත් කර තිබුණි.

පුද්ගලික කටයුත්තක් සඳහා යමින් ඔහුගේ මෝටර්රථයෙහි සිටියදී, සිමර්මන් නිරික්ෂණය කළේ, ප්‍රජා පරිශ්‍රය ඇතුලත මාටින් ඇවිදමින් සිටි බවයි. සිමර්මන් විසින් සැන්ෆර්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව ඇමතූවේ, මාටින්ගේ සැකකටයුතු චර්යාව වාර්තා කිරීමට වන අතර, ඔහු පැවසුවේ "මේ මිනිහා හොඳකට ආපු අයෙක් වගේ පේන්නෙ නැහැ, එක්කෝ මිනිහා කුඩු වගේ දේකට සම්බන්ධයි වගේ. හොඳටම වහිනව ඒත් මිනිහා ඔහේ ඇවිදමින් ඉන්නවා හැම තැනම බල බල" සහ "හැම ගෙයක්ම දිහා බල බල" යනුවෙනි. පොලිස් වාර්තාවලට අනුව, "සිද්ධිය සිදුවන අවස්ථාවෙහිදී ට්‍රේවාන් මාටින් කිසිදු අපරාධමය කටයුත්තක නියැලී සිටි බවට ඇඟවීමක් නොවීය". පොලිස් පණිඩුඩ ලබා ගන්නා හා සමග දුරකථනයෙන් සම්බන්ධව සිටියදීම, සිමර්මන් ඔහුගේ වාහනයෙන් බැස ගියේය. දුරකතන සම්බන්ධය කෙළවරවූ පසුව, මාටින් හා සිමර්මන් අතර ප්‍රචණ්ඩ පොරයක් සිදුවිය.පොරය කෙළවරවූයේ සිමර්මන් විසින් මාටින් හට අදුර පරාසයෙහිදී එක් වරක් පපුව පෙදෙසට මරණීය ලෙසින් වෙඩිතැබීමෙනි.

අපරාධය සිදුවී ඇති ස්ථානයට පොලීසිය පැමිණි කළ, සිමර්මන් ඔවුනට පැවසුවේ, මාටින් ඔහුට පහර දුන් බවත් ඔහු මාටින්ට වෙඩි තැබුවේ ආත්මාරක්ෂාව සඳහා බවත්ය. සිමර්මන් නාසයෙන් ලේ ගලමින් සිටි අතර ඔහුගේ හිසෙහි පිටුපස සිරස් විදාරණ දෙකක් තිබුණි.ඊඑම්ටී වරුන් විසින් ස්ථානය තුලදීම සිමර්මන් හට ප්‍රතිකාර කළ අතර, එයින් පසු ඔහුව සැන්ෆර්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ගෙන යන ලදි. රඳවාගනු ලැබූ සිමර්මන් වෙතින් දළ වශයෙන් පැය පහක් පමණ ප්‍රශ්න කරන ලදි. චෝදනා ගොනු නොකරම ඔහුව ඉන්පසු නිදහස් කෙරිණි; ඒ අවස්ථාවෙහිදී පොලිසිය පැවසුවේ, සිමර්මන්ගේ ආත්මාරක්ෂාව පිළිබඳ අයිතිවාසිකම් පෑමට විරුද්ධ වීමට තරම් සාක්ෂි නොමැති බවයි.

මාටින්ගේ මරණයට තුඩුදුන් වාතාවරණය, සිමර්මන්ට එරෙහිව චෝදනා ගොනු නොකිරීමට ගත් මුල් තීරණය සහ, ෆ්ලොරිඩාවේ "ඔබගේ ස්ථාවරයෙහි එල්බසිටින්න" නීතිය පිළිබඳ ගැටළු, දේශීය සහ ජාත්‍යන්තර අවධානයට පාත්‍ර විය. වෙඩි තැබීමට හා පොලිස් පරීක්ෂණයට වාර්ගීය අභිප්‍රේරණය මුසුවී ඇති බවට දෝෂාරෝපණය හා සමග, සමහරවිට නිවැරැදි නොවූ තීව්‍ර මාධ්‍ය වාර්තා නිසාවෙන්, සිමර්මන් අත්අඩංගුවට ගත යුතු බවට මහජන ඉල්ලීම් ඇති විය. පරික්ෂණය සිදුකරගෙන භාරගැනීම සඳහා 2012, මාර්තු 22 දිනදී,  විශේෂ අභිචෝදකයෙක් පත්කෙරිණි.

සටහන්

ආශ්‍රිත

Tags:

එක්සත් ජනපද

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රාග් ඓතිහාසික යුගයඉන්දුනීසියාවපාලිසුදු බිංදුමසිලින්ඩරසිරිමාවෝ බණ්ඩාරනායකඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ සංගීතයදොන් බාරොන් ජයතිලකඔක්සිජන්හින්දු ධර්මයතාරකා විද්‍යාවසිංහල ජනයාජලයමුල්කිරිගල රජ මහා විහාරයඅර්ජුන රණතුංගකරාටේඅටමස්ථානමිනිස් ඇසකලාවකනචීනයආනන්ද කුමාරස්වාමිගිනි හාවාමිනිස් දත්ගබ්සාවකෘෂි කර්මාන්තයසිඟාලෝවාද සූත්‍රයඇරිස්ටෝටල්ඊලෝන් මස්ක්පාරිභෝගික ආරක්ෂණයකොවිඩ්-19කළු වදුරාකාව්‍යශේඛරයසිංහල හින්දු අලුත් අවුරුද්දඅඹකේතුවරක්‍ෂණයකොළඹ කොටු‍වකිරි වෙහෙර, කතරගමවැව්හජ්නොබෙල් ත්‍යාගයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයසමලිංගිකත්වයේ ඉතිහාසයස්ත්‍රී ස්වයං වින්දනයප්‍රථමාධාරනුවර වැවස්වයං වින්දනයසුදු කොඩි නඩුවවිජය (පුවත්පත)ලිංගික ඊර්ෂ්‍යාවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලවෑත්තෑවේ හිමිරසායනික සූත්‍රආතර් සී. ක්ලාක්කන්‍යාභාවයආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවේ නවක වදයවාරියපොල ශ්‍රී සුමංගල හිමිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලඡයාරූපකරණයහරිතාගාර ආචරණයමොනරාසමාජානුයෝජනයසමනලයාකාර්මික විප්ලවයඕලන්දවිධායක ඡනාධිපතිසංගීතයඅලෙවිකරණයසමනල කන්දවිෂ්ණු🡆 More