ජංගම දුරකථනය මුදල් පසුම්බියක් ලෙස

සාමාන්‍යයෙන් අප යම් මුදල් ප්‍රමාණයක් වෙනත් අයෙකු වෙත යැවීමට නම් මුදල් ඇනවුමක් මාර්ගයෙන් හෝ බැංකු ගිණුමක් මගින් එම මුදල යැවිය යුතුය.ඉන් පසුව එම මුදල එවූ බව දැනගත් පුද්ගලයා තම සියලුම කාර්යන් නතර කොට නගරයේ තැපැල් කාර්යාලය හෝ බැංකුව වෙත දුරක් ගෙවා යා යුතුය.එහිදී ඇතිවන අපහසුතා වලටද මුහුණ දිය යුතුය.

එම නිසා මෙම ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත් වී ඇත.

ජංගම දුරකථනය මුදල් පසුම්බියක් ලෙස
Mobile money

නමුත් තව දුරටත් වර්ථමාන සමාජය තුල එවැනි ලෙස මුදල් ගණුදෙනු කල යුතු නොවේ.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ආයතන මෙම සාම්ප්‍රදායික මුදල් යැවීමේ හා ගෙන්වා ගැනීමේ ක්‍රමයන්හි විප්ලවීය වෙනසක් ඇතිකිරීමට සමත් වී ඇත.ඒ Dialog ආයතනය ez Cash සේවාව ද Mobitel ආයතනය m Cash සේවාව ද හඳුන්වාදීම තුලින්ය. මෙම සේවාවන් තුලින් සිදුවන්නේ පාරිභෝගිකයාට තම ජංගම දුරකථනයේ පහසුවෙන්ම මුදල් ගිණුමක් පවත්වාගෙන යා හැකි වීමයි.මෙහිදී එම ගිණුමට මුදල් බැර කර ඒමගින් විවිධ ගණුදෙනුකරුවන්ට සෘජුවම මුදල් ගෙවිය හැකිය.

තවද මුදල් ලබා ගැනීම,බිල්පත් ගෙවීම,බලයලත් ආයතන වලින් භාණ්ඩ හා සේව මිලදී ගැනීම,අන්තර්ජාලය මහින් ගෙවීම් කිරීම ආදී වශයෙන් සේවා රාශියක් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්තාව ලැබේ. තවද අවශ්‍ය ඕනෑම වේලාවකදී ගිණුමේ ශේෂය ඉහළ නංවා ගැනීමට ez Cash හා m Cash සේවා මධ්‍යස්ථාන රාෂියක් මේ වනවිට දිවයින පුරා පිහිටුවා ඇත. මෙම ආයතන දෙකෙහිම සේවාවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන නිසා මෙම මුදල් ගණුදෙනු වලට වඩාත් හොඳ ආරක්ෂාවක් ද ලැබේ. මෙම සේවාවන් මගින් ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතය ජනතාව අතර ප්‍රචලිත වන අතර මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයන්හි ඉතිහාසගත සන්ධිස්ථානයක් වේ.ජංගම දුරකථනයෙන් ගණුදෙනු කිරීමට අවස්ථාව ලබා දෙන ez Cash හා m Cash සේවා සමගින් ජංගම දුරකථන,තොරතුරු තාක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රයන් වඩාත් ඉහළම දියුණුවක් කරා ගෙනයාමට හැකි වන බව සැමගේ විශ්වාසයයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවඋෂ්ණත්වයකඩොලාන පරිසර පද්ධතියඑන්සයිමගාලු කොටුවමාර්ටින් වික්‍රමසිංහගුණදාස කපුගේහක්ගල උද්භිද උද්‍යානයයාපහුව බලකොටුවමූලික ජීවන නිපුණතාඩී.එස්. සේනානායකඊශ්‍රායෙල - පලස්තීන ගැටුමහරිතාගාර වායුශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවනල්ලූර් කන්දස්වාමි කෝවිලඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයසිංහල අක්ෂර වින්‍යාසයගූගල්සමනල කන්දපණිභාරතලේ ගැලීමආර්ථික සංවර්ධනයමහ වැව් නාමාවලියපොන්නම්බලම් රාමනාදන්හෙද සේවයමානසික ‍අක්‍රමතාඋපුල් ශාන්ත සන්නස්ගලSLS ප්‍රමිති ලැයිස්තුවදියවැඩියාවෙහි රෝග ලක්ෂණප්‍රතිචක්‍රීයකරණයයමන් රාගයත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයතෙත් කලාපයේ ශාක විවිධත්වයෆේස්බුක්මද්දුම බණ්ඩාරපංච කල්‍යාණශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයරටයකුමපරිගණකයවෙදනලාවකොහොඹනුවරඑළියසිංහල හෝඩිශ්‍රී ලංකා‍ අලියාසිදත් සඟරාවරජරට රාජධානියශ්‍රී ලංකාවේ ඉතිහාසයකාර්මික විප්ලවයශ්‍රී ලංකාවේ ජාතික කොඩියස්වභාවික වෘක්‍ෂලතාසිංහල අක්ෂර මාලාවඅයිසැක් නිව්ටන්ආරුමුග නාවලර්හරිතාගාර ආචරණයමෛත්‍රී බුදුරජාණන් වහන්සේවියළි කළාපයේ පසශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවබෞද්ධ කොඩියශ්‍රී ලංකාවේ මාර්ග සංඥාත්‍රිවිද්‍යාඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ සංස්කෘතියඑඩ්මන් පිරිස් රදගුරුදෙවන ලෝක යුද්ධයපාලිසේනක බිබිලේදෙවොල් මඩුවනැදුන්ගමුව රාජාඋභය ජීවීන්විජිතපුර සටනශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමොණරා සහ සෙබඩපාකිස්ථානයසිංහල ජනකවික‍ඩොලාන🡆 More