එල්ලංගාව

ඈත අතීතයේ දී මෙරට වියළි කලාපයේ ජනාවාස පැතිර ගියේ කුඩා වැව් කේන්ද්‍ර කර ගෙනය.මේ වැව් පෝෂණය වූයේ වැසි දියෙනි.සාමාන්‍යයෙන් පවුල් විස්සකට අඩුවෙන් ජීවත් වූ කුඩා ගමක ජීවත් වන්න වුන් හට ඔවුන්ගේ එදිනෙදා ජීවන අවශ්‍යතා පිරිමසා ගැනීමට එවැනි වැව්වල තිබූ ජලය කෙටි කාලයකට හෝ ප්‍රමාණවත් විය.

වියළි කාලයන්හි දී මෙම වැව් සිඳී ගිය විට එම වැව් ආශ්‍රිතව ජීවත් වූ ජනතාව මහත් අසීරුතාවලට මුහුණ දී ඇත.කුඩා වැව් වලට වර්ෂා කාලයේදී පුරවා ගන්නා ජලය ප්‍රමාණවත් නොවූයේ වියළි කාලගුණය නිසාම නොවේ.ගම්වල ජනගහනය ද ඉහළ යාම නිසා පරිභෝජනයට වැඩි ජල ප්‍රමාණය ක් සම්පාදනයක අවශ්‍යතාව විය.වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට වැඩි භූමි ප්‍රමාණයක් වගා කළ යුතු හෙයින් ඒ සඳහා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් රඳවා ගැනීම අත්‍යවශ්‍ය විය.     මෙවැනි අභියෝගයන්ට මුහුණ දීම සඳහා පුරාණ ගම් වැසියන් සාර්ථක ක්‍රම අනුගමනය කළහ. ඒ තනිව පවතින වැවක් වෙනුවට සමීපව තිබෙන වැව් කිහිපයක් ඇළ මාර්ගවලින් සම්බන්ධ කොට වැව් පද්ධතිය ක් සෑදීම යි. මෙහි දී භූමියක ඉහළින් පිහිටි වැවක් වැසි දියෙන් පිරුණු කල ඉන් බැහැරට ගලා යන ජලය පහළින් ඇති වැවට හරවා ජලය ගබඩා කර සංරක්ෂණය කර ගැනීමයි. පුරාණ කාලයේ මෙලෙස සකස් කරන ලද වැව් පද්ධති වියළි කලාපයේ නටබුන්ව තිබේ. මෙවැනි වැව් පද්ධතියක් 'වැව් ප්‍රපතනය'යන නමින් හඳුන්වයි.වියළි කලාපයේ වැසියන් එය හඳුන්වන්නේ 'එල්ලංගාව'යන නමිනි.

හැඳින්වීම

එල්ලංගාව යනු ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වැව් කිහිපයක් ඇළ මාර්‍ග මගින් එකට සම්බන්ධ කර නිර්මාණය කර ඇති වැව් පද්ධතියි.

අරමුණු

ශ්‍රී ලංකාවේ ජනාවාස පැවතියේ ගම් වැවක් කේන්ද්‍ර කරගෙනය. වර්ෂා කාලයේ වැවට පිරෙන ජලය වියළි කාලයේ දී ජනතාව පරිභෝජනය කරයි. ඔවුන් වියළි කාලයේ ජලය හිඳී යෑමේ ගැටලුවට මුහුණ පෑහ. ජනගහනයේ වර්ධනයත් සමග ජල පරිභෝජනය ඉහළ යෑමත් ඊට හේතු විය.

ඊට විසඳුමක් ලෙස ජනතාව ගම් වැව් කිහිපයක් සමෝඡ්ච රේඛා හරහා ජලය බසින සේ ඇළ මාර්ග තනා එකට සම්බන්ධ කළේ ය. මෙවැනි වැව් පද්ධතියක් වැව් ප්‍රපතනයක් ලෙස හඳුන්වයි. වියලි පලාත්වල වැසියන් මෙය එල්ලංගාව ලෙසද හඳුන්වයි.

වැව් ප්‍රපතන සෑදීමේ අරමුණු දෙකක් විය. ඉන් එකක්වන්නේ ඉහළින් පිහිටි ජලාශයක අමතර ජලය පහතින් පිහිටි වැව් වෙත හරවා ජලය සංරක්ෂණය කිරීමයි.

අනෙක් අරමුණ වන්නේ ඇළ මාර්ගවල නිතරම ජලය රැඳී ඇති විට ඒ දෙපස පොළොවේ තෙතමනය ඉහළ ගොස් වගාවන් සරුසාර වීමට ඉඩ සැලසීමයි.

වැව් පද්ධති පාලනයට සම්බන්ධ වූ පරුමක ශුමන නම් අයෙකු ගැන ද මූලාශ්‍රවල සඳහන් වේ.

Reference

  1. https://myschool.lk/10-%E0%B7%80%E0%B7%83%E0%B6%BB/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA/lesson/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%93%E0%B6%B8/unit/3.1-%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%20%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B6%B8%E0%B6%BA/

2. https://divaina.lk/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A- %E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B6%AB%E0%B6%9C/

3. http://ranjithari.blogspot.com/2018/07/blog-post_15.html?m=1

Sources

https://drive.google.com/file/d/1nucWtxoHbE9G24anI9hhAxZMrN4lSeGc/view?usp=sharing

Tags:

එල්ලංගාව හැඳින්වීමඑල්ලංගාව අරමුණුඑල්ලංගාව Referenceඑල්ලංගාව Sourcesඑල්ලංගාව

🔥 Trending searches on Wiki සිංහල:

ජානඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසෙම්ප්‍රතිශ්‍යාවශ්‍රී ලංකා‍ අලියාලංකා ඉතිහාසය-මහාවංශය යනුජාත්‍යන්තර මූල්‍ය අරමුදලශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඅළු බදාදාස්තූපගුත්තිල කාව්‍යයලේනාසිංහල ප්‍රස්ථාව පිරුළුසිංහල අලුත් අවුරුද්දසරදියෙල්පාෂාණමිත්‍රත්වයග්‍රාම නිලධාරීආතර් වී. දියෙස්සිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවදර්ශනයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාකාර්මික විප්ලවයපොන්නම්බලම් රාමනාදන්මනෝ විශ්ලේෂණවාදයබුද්ධදාස රජුපොළොන්නරුව (බහුරුත්හරණය)ජෝන් ඇඩම්ස්සද්ධර්ම රත්නාවලියසොලොස්මස්ථානමී ගසගල් විහාරයජලගැල්මආචාර්ය එස්‌. පනීභාරතචිත්‍ර කලාවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අටජ් මහල්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිදේශපාලන න්‍යායඅක්මාවේ තෙල්පිළිකුත්තුව රජ මහා විහාරයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමමුනිදාස කුමාරතුංගඔසරියආරුමුග නාවලර්ලිංගික සංසර්ගයසිංහල ජනකවිආසියාවමයිනාජාතිකවාදයඑල්ලේපරිගණක දෘඩාංගශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණසිංහල භාෂාවබෝවන රෝගශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ පළාත් මල්වෙරළබඩ කලාපහිරුකුණකටුවාක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියගෝඨාභය රාජපක්ෂඩොනමෝර් ආණ්ඩුක්‍රමයලාඕසයඩී.එන්.ඒ.උසස් බාලිකා විදුහල, මහනුවරමුදු කරවලාමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවපොල්මඩොල් දූවභාෂාවරතන සූත්‍රයමහ පොළොව🡆 More