Rgb වර්ණ ආකෘතිය

RGB වර්ණ ආකෘතිය යනු රතු, කොළ සහ නිල් මූලික වර්ණ ලෙස ගන්නා ආකලන වර්ණ ආකෘතියකි.

රතු, කොළ, නිල් වර්ණයන් විවිධ ආකාරයට සංකලනය කිරීමෙන් ඉතා පුළුල් වර්ණ මාලාවක් නිපදවිය හැක. RGB නාමය සෑදී ඇත්තේ ඒ මූලික වර්ණයන්ගේ ඉංග්‍රීසි නාමයන් වන Red, Green, Blue හි මුල් අකුරු වලිනි. RGB වර්ණ ආකෘතියේ මූලික අරමුණ වන්නේ රූපවාහිනී සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික පද්ධති වල රූප සංවේදනය, නිරූපණය සහ ප්‍රදර්ශනය කිරීම වේ. තවද එය සාම්ප්‍රදායික ඡායාරූපකරණයේදී ද භාවිතා කර ඇත.

Rgb වර්ණ ආකෘතිය
ආකලන වර්ණ මිශ්‍ර කිරීම මෙහි නිරූපණය වේ. මූලික වර්ණ දෙකක් එක මත එක වැටෙන තැන ද්වීතීයක වර්ණයන් නිපදවේ. රතු, කොළ සහ නිල් වර්ණ තුනම සමාන තීව්රතාවයන්ගෙන් මිශ්‍ර කළ පසු සුදු වර්ණය නිපදවේ.

මෙම වර්ණ ආකෘතිය උපාංගය අනුව තීරණය වෙයි. එනම්, යම් උපාංගයක් එයට ලබාදෙන RGB අගයකින් නිපදවන වර්ණය වෙනත් උපාංගයක් නිපදවන වර්ණයට වෙනස් විය හැක. එයට හේතුව විවිධ උපාංග නිෂ්පාදකයන් රතු, කොළ, නිල් ලෙස නියම සම්මත වර්ණ තුනක් භාවිතා නොකිරීමයි. මේ නිසා යම් කිසි ආකාරයක වර්ණ කළමණාකාරීත්වයක් නොමැති විටකදී, RGB අගයකින් දක්වන වර්ණය උපාංගය අනුව වෙනස් වේ.

RGB ආදාන උපාංග ලෙස රූපවාහිනි කැමරා, වීඩියෝ කැමරා, ඡායාරූප පරිලෝකන යන්ත්‍ර සහ ඩිජිටල් කැමරා සැළකිය හැකිය. RGB ප්‍රතිදාන උපාංග ලෙස රූපවාහිනී තිර (CRT, LCD, ප්ලස්මා, OLED ආදී), පරිගණක සහ ජංගම දුරකථන තිර, වීඩියෝ සංදර්ශක ආදිය සැළකිය හැකිය. කෙසේ නමුත් වර්ණ මුද්‍රණ යන්ත්‍ර RGB ප්‍රතිදාන උපාංග නොවෙයි. ඒවා භාවිතා කරන්නේ ව්‍යාකලන වර්ණ ආකෘතියක් වන CMYK වර්ණ ආකෘතියයි.

Tags:

කොළ පාටඡයාරූපකරණයනිල්පරිගණකයරතුරූපවාහිනිය

🔥 Trending searches on Wiki සිංහල:

සුනාමිඅන්නාසි වගාවසිරිල් පොන්නම්පෙරුමශ්‍රී ලංකාවේ ආර්ථිකයආතර් සී. ක්ලාක්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමහා කාශ්‍යප රහතන් වහන්සේපරිගණක මෘදුකාංගමින්නේරිය වැවගණිතයජැක්සන් ඇන්තනීපාචනය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමධ්‍යම සැකසුම් ඒකකයලංකා ජාතික සංගමයමහවැලි ගඟබිතු සිතුවම්බිලාවල් රාගයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමොණරවිල කැප්පෙටිපොළවිටමින්ලක් විජය බලාගාරයවොලිබෝල්ගණිකාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපෝෂක පදාර්ථවාමන ග්‍රහලෝකආසියානු දිළිඳුකමශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයවෛරස් පිළිබඳ හැඳින්වීමක්උණඩොල්ෆින්ප්‍රේමසිරි කේමදාසමහා පත්තිනි දේවාලය, නවගමුවදියවැඩියාවෙහි රෝග ලක්ෂණතත් වාද්‍ය භාණ්ඩතායිලන්තයආසියාවසිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයඉන්දු නිම්න ශිෂ්ටාචාරයතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකා‍ අලියාකන්තලේ වැවරාජකීය විද්‍යාලය, කොළඹදීපවංශයකාබෝහයිඩ්‍රේටශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවස්වාභාවික උපද්‍රවසතර සතිපට්ඨානයසසම්භාවී ප්‍රවේශ මතකයබල්ලාදෙවන පරාක්‍රමබාහු රජප්‍රභාසංශ්ලේෂණයපණිභාරතඅනුරාධපුර යුගයසිංහල ක්‍රියා පදඑච්.ආර්. ජෝතිපාලසෙංකඩගල පෙරහැර මංගල්‍යයරසායන විද්‍යාවදැන්වීම්කරණයසිද්ධාර්ථ කුමරුදඹදෙණියසරත් ගුණපාලක්‍රිස්තු වර්ෂ ක්‍රමයදුන්හිඳ ඇල්ලශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසංජානනයලෝක පුදුමකෝට්ටේ යුගයබෙන්තොටදළදා තේවාවශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියහරිත විප්ලවයභගමණියSerial number🡆 More