වියපත් වීම

ජනගහනය වියපත් වීම (Population Ageing) යනු ජන සංඛ්‍යාවක වයස්ගතවූවන්ගේ ප්‍රතිශතය මුළු ජන සංඛ්‍යාවට සාපේක්‍ෂව ක්‍රමයෙන් ඉහළයාමයි.සංවර්ධිත රටවල වියපත් ජන‍ගහනය ‍‍ ‍ලෙස සැලකෙන්නේ වයස අවුරැදු 65 හෝ ඊට වැඩි ජනගහනයයි.නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල වයස අවුරැදු 60 හෝ ඊට වැඩි පිරිස වියපත් ජනගහන‍ය ලෙස සලකයි.වියපත්වීම සංවර්ධන‍ය වෙමින් පවතින රටවලට පමණක් නොව සංවර්ධිත රටවලටද විවිධ බලපෑම් ඇති කර‍යි.

ශ්‍රී ලංකාවේ ජනගහනයේ වර්ධනය හා වයස් සංයුතිය (1946 - 2004)

වසර මුළු ජනගහනය (දහස්) වයස අවුරුදු 60ට වැඩි ජනගහනය (දහස්) අවුරුදු 60ට වැඩි වයස්ගතවූවන්ගේ ප්‍රතිශතය මුළු ජනගහනයේ වාර්ෂික වර්ධන අනුපාතය අවුරුදු 60ට වැඩි වයස්ගතවූවන්ගේ වාර්ෂික වර්ධන අනුපාතය
1946 6657 360 5.4
1953 8098 437 5.4 2.8 2.81
1963 10582 621 5.9 2.63 3.41
1971 12690 807 6.3 2.22 3.20
1981 14847 986 6.6 1.67 2.0
1991 17015 1393 8.1 1.36 3.45
2001 19186 1916 9.9 1.20 3.10
2011 21114 2765 13.1 0.96 3.67
2021 22375 3997 17.8 0.58 3.69
2031 22778 5103 22.4 0.18 2.44
2041 22697 6305 27.8 -0.03 2.12

මූලය ආර්ථික විමසුම - 1999 අප්‍රේල්/මැයි


1964 දී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව මුළු ජන සංඛ්‍යාවෙන් 54% ක් විය.2001 දී එම අගය 9.9 දක්වා වර්ධනය විය.එසේම 1981-2011 කාල පරිච්ඡෙදය තුළ වියපත් ජනගහනය දෙ‍ගුණයක් වී ඇත.එ‍සේම 2041 වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 27.8% ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව වන බව පුරෝකථනය කර ඇත.

ජනගහනය වියපත් වීමට බලපාන සාධක

වියපත්වීම මුලින්ම ආරම්භ වූයේ සංවර්ධිත රටවලය.මීට හේතුව එම රටවල ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා කලින් සිදුවීමයි.සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රජාවිද්‍යාත්මක සංක්‍රාන්තිය ප්‍රමාදව සිදුවීම මත ජනගහනය වියපත්වීමද ප්‍රමාදව සිදුවිය.වියපත්වීම සඳහා මූලික වශයෙන් කරුණු තුනක් බලපායි.

  • සඵලතාව (Fetility)]
  • ජාත්‍යන්තර සංක්‍රමණ (International Migration)

ශ්‍රී ලංකාවේ මර්ත්‍යතාව පහළ බැසීම ආරම්භ වූයේ 1945 න් පමණ පසුය.මීට හේතු වන්නේ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍යප්‍රතිපත්තියයි.මේ නිසා මිනිසුන්ගේ ආයු අපේක්‍ෂාව වර්ධනය විය.එසේම 1960 දශකය අග භාගයේදී මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහනට පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම මත සඵලතාවද පහල බැසීම ආරම්භ විය.මෙම සංසිද්ධිය (ළමා ජනගහනය අඩු වීම සහ වියපත් ජනගහනය වැඩි වීම)වියපත් ජනගහනයක් නිර්මාණය වීමට හේතු විය.එසේම ජාත්‍යන්තර සංක්‍රමණද වියපත්වීම සඳහා වක්‍රාකාරයෙන් බලපායි.ශ්‍රී ලංකාවෙන් පිටතට ජාත්‍යන්තර වශයෙන් සංක්‍රමණය වන්නන් වැඩකරන වයස් කාණ්ඩයට අයත් වීම ඊට හේතුවයි.

වියපත්වීම තුළ සමාජ ආර්ථික ගැටලු

සංවර්ධිත රටවල ජනගහනය වියපත්වීම සිදුවූයේ සමාජ ආර්ථික දියුණුවත් සමගිනි.මේ නිසා එම රටවලට වියපත්වීම සම්බන්ධ අභියෝගයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය වැඩසටහන්,සැලසුම් සකස් කිරීමට ප්‍රමාණවත් කාලයක් මෙන්ම ශක්‍යතාවක්ද පැවතිනි.නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල වියපත්වීම සිදුවන්නේ සමාජ ආර්ථික දියුණුවකින් තොරවය.එසේම කෙටිකාලයක් තුළ ජනගහනය වියපත්වීම සිදුවේ.මේ නිසා වියපත්වීම සංවර්ධනය වෙමින් පවතින රටවලට විවිධ සමාජ ආර්ථික ගැටලු ඇති කරයි. රටක වියපත් ජනගහනයක් පවතින විට ඔවුන්ව රැක බලාගැනීමට සිදුවේ.වියපත් වූවන් රැක බලා ගැනීම පවුල් සංස්ථාවේ මෙන්ම රජයේද වගකීමකි.මේ නිසා පවුල් සංස්ථාවේ යැපෙන්නන් ප්‍රමාණය වැඩිවේ.එසේම රජයට වියපත්වූවන් වෙනුවෙන් ‍උපකාරක සේවා සැපයීමට සිදුවේ.වි‍ශේෂයෙන්ම වියපත්වූවන්ට වැළඳෙන රෝග අංශභාගය දියවැඩියාව වැනි නිධන්ගත රෝගයි.මේනිසා ඔවුන්ට දීර්ඝකාලීනව නේවාසික ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට රජයට සිදුවේ.වියපත් ජනගහනය වැඩිවන විට රජයට විශ්‍රාම වැටුප් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ.විශ්‍රාම වැටුප් සංක්‍රාම වියදමකි.මේ නිසා සම්පත් ඵලදායී ආර්ථික කටයුත්තක යෙදවීමෙන් නිමැවුමක් ලබා ගැනීමට ඇති හැකියාව නැති වේ.

දකුණු ආසියාවේ වියපත් ජනගහනය

වියපත් ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය (වයස - 60+)

1975 - 2025

රට 1975 2000 2025
ඇෆ්ගනිස්ථානය 4.7 4.7 5.2
බංග්ලාදේශය 5.5 4.9 8.4
භූතානය 6.5 6.5 7.0
ඉන්දියාව 7.0 7.6 12.5
මාලදිවයින 5.3 5.3 6.2
නේපාලය 5.9 5.9 7.1
පකිස්ථානය 5.8 5.8 7.3
ලංකාව 9.3 9.3 18

මූලය : ජනගහන අධ්‍යයනය (ශ්‍රී ලංකාව ඇසුරින්)


වියපත් ජනසංඛ්‍යාවේ ප්‍රතිශතය (වයස 60+) 1975 - 2025වසර 2000 වන විට දකුණු ආසියාවේ වැඩිම වියපත් වූවන්ගේ ප්‍රතිශතයක් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.එම අගය 9.3% කි.2025 වන විටද දකුණු ආසියාවේ වියපත්වීමට තදින්ම ලක්වන රට වන්නේ ශ්‍රී ලංකාවයි.ශ්‍රී ලංකාවට පසුව වේගවත් වියපත්වීමක් සිදුවන්නේ ඉන්දියාවේය.

ලෝකයේ වියපත් ජනගහනය

වියපත් ජනගහනය සහ ළමා ජනගහනය මුළු ජනග‍හනයේ ප්‍රතිශතයක් ලෙස 1950 - 2050

වියපත් වීම 
වියපත් ජනගහනය සහ ළමා ජනගහනය මුළු ජනග‍හනයේ ප්‍රතිශතයක් ලෙස 1950 - 2050

වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජනගහනය - 2050

වියපත් වීම 
වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජනගහනය - 2050


ආශ්‍රිත ග්‍රන්ථ :

ද සිල්වා, ඉන්ද්‍රලාල්, ජනගහන අධ්‍යයනය (ශ්‍රී ලංකාව ඇසුරින්), 2004,කර්‍තෘ.

ආශ්‍රිත වෙබ් අඩවි

http://www.state.gov/g/oes/rls/or/81537.htm

http://images.google.lk/images?q=Population+Ageing&gbv=2&ndsp=20&hl=en&start=0&sa=N

අඩවියෙන් බැහැර පිටු

Why Population Aging Matters - A Global Perspective

Population Ageing

The coming acceleration of global population ageing

United Nations • Population Division • Department of Economic and Social Affairs POPULATION AGEING•2002

Challenges of Global Ageing

Tags:

වියපත් වීම ශ්‍රී ලංකාවේ ජනගහනයේ වර්ධනය හා වයස් සංයුතිය (1946 - 2004)වියපත් වීම ජනගහනය ට බලපාන සාධකවියපත් වීම වියපත්වීම තුළ සමාජ ආර්ථික ගැටලුවියපත් වීම දකුණු ආසියාවේ වියපත් ජනගහනයවියපත් වීම ලෝකයේ වියපත් ජනගහනයවියපත් වීම ආශ්‍රිත ග්‍රන්ථ :වියපත් වීම ආශ්‍රිත වෙබ් අඩවිවියපත් වීම අඩවියෙන් බැහැර පිටුවියපත් වීම

🔥 Trending searches on Wiki සිංහල:

වළගම්බා රජජර්මනියජේසුස් වහන්සේඔස්ට්‍රලෝපිතකස්l42ehමිලින්ද ප්‍රශ්නයහින්නෝන්මාදයඕ‍සෝන් වියනසීගිරි බිතු සිතුවම්ජන කවිසරදියෙල්බයිබලයජාතික ගීය - ශ්‍රී ලංකාදකුණු පළාත, ශ්‍රී ලංකාවබඩ ඉරිඟුසිදත් සඟරාවශ්‍රී දළදා මාළිගාවඇල්බට්‍ අයින්ස්ටයින්මහින්ද තෙරණුවෝමුවාමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඅළු කෑදැත්තාතෙත් කලාපයේ ශාක විවිධත්වයධම්මපදයවර්ණ සබැඳි සිද්ධාන්තපරිගණකයග්‍රාම නිලධාරීගබ්සාවහිරුඋද්ධමනයබිසෝ කොටුවශ්‍රී ලංකාවේ කැටයම් කලාවජල චක්‍රයදෙවන රාජසිංහ රජශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරVoynich manuscriptඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ඍතුපොල්සිංහල රාජධානියත්‍යාග (නීතිය)ඛනිජශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණශ්‍රී ලංකාවේ දාගැබ්සිරිමාවෝ බණ්ඩාරනායකමහින්දාගමනයඇසළ (ගස)වසභ රජදළදා පෙරහැරලෝවැඩ සඟරාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමභාෂාවේ සම්භවයජොහන්නස් කෙප්ලර්ලංකා ඉතිහාසය-මහාවංශය යනුසුබ පැතුම්පරිගණක මෘදුකාංගභික්ෂු සාසනයකලා වැවසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශාන්ති නිකේතන විද්‍යාපීඨයකොරල් පරබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහසානියා මල්හෝත්‍රාදේශගුණයඅභයගිරි විහාරයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපෘතුගීසි ලංකාවමහා මංගල සුත්‍රයආප්තෝපදේශනෙළුම්කෝමාරිකාරතන සූත්‍රයජංගම දුරකථනයේ උපත🡆 More