මාදු තෙත් බිම

දකුණු ලක බලපිටියේ මාදු ගඟ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැම්සා තෙත් බිමකි.

ලංකාවේ රැම්සා තෙත් බිම් තුනක් දක්නට ලැබෙන අතර වඩාත්ම සෞන්දර්යාත්මක තෙත් බිම මෙයයි. මෙය අභය භූමියක් ලෙස 2006 ජුනි මස ප්‍රකාශයට පත්කොට ඇත. හෙක්ටයාර 2300 ක් පුරා මෙය විහිදි ඇති අතර දූපත් 25 කින් සමන්විත මාදු ගඟ මහ සමුදුරක් මෙනි. එය ගැඹුරු ය. සොදුරු ය. පැහැදිලි මුත් රළු ය. තවද එය ශාන්ත මෙන්ම මනරම් ද වේ.

මාදු තෙත් බිම

ආවේනික සත්ත්ව සහ ශාක වර්ග මෙන්ම දුර්ලභ කඩොලාන වර්ග අතින් මාදු ගඟ පොහොනි වී ඇත. එය පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයකි. පරිසර වේදීන්ට පර්යේෂණ භූමියකි. ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතකි. අධ්‍යාපනය හදාරන්නන්ට නිදසුන් සහිත පුස්තකයකි. එවන් වූ සුවි‍ශේෂී වැදගත් කමක් ඇති මාදු ගං කොමළිය අභිෂේක ලබන්නේ එය රැම්සා තෙත් බිමක් වූ මොහොතේ ය. එහෙත් අතීතයේ සිටම ඈ නිහඬ සුන්දරත්වයකි.

ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම

එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය බැලූ බැල්මට කලපුවක් මෙන් දිස් වුවද එහි පවතින ජෛව විවිධත්වය සහ ජෛව සංයුතිය නිසා මෙය තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස නම් කොට ඇත. තෙත් බිමක් ලෙස හැදින්විය හැක්කේ සාර්ථක ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. මාදු ගඟ තෙත් බිම් පරිසරය කලාප කිහිපයකට බෙදා දක්වා ඇත. මේවා විවිධ කාර්යයන් හා වටිනාකම් මත කලමණාකරනයට ලක්කොට ඇත. වර්තමානයේ මාදුගඟ තෙත් බිම් පරිසරයේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගත් බලධාරීන් විසින් මාදු ගඟ අවට මීටර් 500 ක ප්‍රමාණය රක්ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත.

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. කලකට ඉහත දී මාදු ගඟ ආශ්‍රිතව දූපත් 64 ක් පමණ පිහිටා තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි. මෙහි බොහෝ දූපත් ගොඩබිම් ප්‍රදේශ වන අතර ඇතැම් දූපත් කළුගල් වලින් නිර්මාණය වී ඇත. මෙහි ඉතාම කුඩා ම දූව වන සතපහේ දූව ද කළුගල් වලින් නිර්මාණය වූවකි. මෙම දූපත් අතරින් දූපත් කිහිපයක් හැරුණ කොට ඉතිරි සියලුම දූපත් ජනාවාස වී ඇත. එයින් විශාලම දූපත වන්නේ මාදූවයි.

මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වය

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර සහ සැල්වීනියා වර්ගයේ ශාක වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්, උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා, කොළවඳුරා, දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය.

මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය

මාදු ගඟ පිළිබඳව අවදානය යොමු කිරී‍මේ දී මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මාදු ගඟ අවට ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය සඳහා මාදු ගඟ අවට පරිසරය බෙහෝ විට උපයෝගී කර ගනී. ඒ අතර වැදගත් ස්ථානයක් මිරිදිය ධීවර කර්මාන්තයට හිමිවේ. මෙයට මූලිකව පදනම වී ඇත්තේ කළපුව ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දහසක් පමණ මාදු ගඟ ආශ්‍රිතව අපට හදුනාගත හැක. ඉස්සන් ඇල්ලීම සදහා යොදාගනු ලබන රිටිපන්න ක්‍රමය ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වී ඇත. ඉස්සන් ඇල්ලීමට භාවිත කරන තවත් ක්‍රමයක් ලෙස ජාකොටු ක්‍රමය දැක්විය හැකිය. කුරුඳු වගාව මඟින් සිය ජීවනෝපාය සරිකර ගනු ලබන ජනතාව මෙම මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ. කුරුඳු වගාව මෙන්ම පොල් වගාව ද මෙම ප්‍රදේශය පුරා ජනප්‍රිය වූ තවත් ජී‍වනෝපායකි. මීට අමතරව මාදු ගඟ ආශ්‍රිතව පන් කර්මාන්තය, පොල් රා කර්මාන්තය, කොහු කර්මාන්තය, දැව සහ ලී බඩු සෑදීමේ කර්මාන්ත ද දක්නට ලැබේ. සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත. දේශීය විදේශීය සංචාරකයින් මාදු ගඟ නැරඹීම සඳහා පැමිණෙන අතර ඒ සඳහා ලී ඔරු, ෆයිබර් ඔරු, අඟුල්, මෝටර් බෝට්ටු ආදිය භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවනවා සේම එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මෙම මාදු ගං කොමළිය ඉමහත් පිටුවහලක් වී ඇතිබව අපට පෙනී යයි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය.

මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

මාදු තෙත් බිම ලංකාවේ තෙවන රැම්සා තෙත් බිමමාදු තෙත් බිම මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වයමාදු තෙත් බිම මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතයමාදු තෙත් බිම මූලාශ්‍රමාදු තෙත් බිම බාහිර සබැඳිමාදු තෙත් බිමමාදු ගඟරැම්සාර් සම්මුතිය

🔥 Trending searches on Wiki සිංහල:

කුප්පමේනියමලියදේව විද්‍යාලයජලභීතිකාවකාව්‍යශේඛරයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවකාලයපරිගණක මෘදුකාංගජල විදුලියකෙසෙල්ලේ ගැලීමඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ගමනාගමනයරුවන්වැලිසෑයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයලෝවැඩ සඟරාවමහවැලි සංවර්ධන වැඩසටහනකඩොලාන පරිසර පද්ධතියනමිනම්විද්‍යාගාරයේ වගා කරනු ලබන මස්අට්ටික්කාඅඹකාබෝහයිඩ්‍රේටරත්න ශ්‍රී විජේසිංහශ්‍රී ලංකාවේ ජාතික සංකේතඉන්දියාවේ දේශපාලන පක්ෂඉන්දියාවජේතවනාරාමය, අනුරාධපුරසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මහගම සේකරකාලස් පුයිජ්දෙමොන්භූචලනපෘථිවි වායුගෝලයයාපහුව බලකොටුව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතවිකිපීඩියාලිංගාශ්‍රිත රෝගකෘත්‍රීම බුද්ධියදිවාලිඑල්ලේඋභය ජීවීන්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයස්තූපජන කවිශ්‍රී ලංකාවේ සිනමාවලේදෙවන රාජසිංහ රජරෝසපොළොන්නරුව පෞරාණික නගරයපටිච්චසමුප්පාදයසිංහල අලුත් අවුරුද්දබ්‍රසීලයඅභිප්‍රේරණයපේශි පටකයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවසකස්කඩඩන්කන් වයිට්ආකිමිඩීස් නියමයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතමුහම්මද් නබිපරිගණක ඉතිහාසයමාර්තු 1හෙන්රි ස්ටීල් ඕල්කට්කනක්‍ෂීරපායි සත්තුනාපාකිස්ථානය‍දේශගුණික විපර්යාසසමනල කන්දJalani premadasaශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවප්‍රථමාධාරශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය🡆 More