ශ්‍රී ලංකාවේ පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් ඒ පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට පැවරී තිබෙන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි.
වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් වෙනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි. වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.
ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව | |
---|---|
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය | |
Agency overview | |
ආරම්භ කරේ | 1890 |
පාලනය | ශ්‍රී ලංකා රජය |
මූලස්ථාන | කොළඹ |
වෙබ් අඩවිය | |
නිල වෙබ් අඩවිය |
ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානීයා ඇතුළුව මුල් ප්‍රධානීන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.
නම | සිට | තෙක් | විස්තර | පිංතූරය |
---|---|---|---|---|
එස්. එම්. බරෝස් | 1884 | 1886 | ||
එච්.සී.පී. බෙල් | 1890 | 1892 | ||
ලීවර්ස් | 1892 | 1892 | වැඩබලන | |
එච්.සී.පී. බෙල් | 1893 | 1912 | ||
ආර්. අයර්ටන් | 1912 | 1913 | ||
බී. කොන්ස්ටන්ටයින් | 1913 | 1914 | වැඩ බලන | |
එච්.ආර්. ෆ්‍රීරීමන් මහතා | 1914 | 1918 | වැඩ බලන | |
එෆ්. ජී. ටිරල් | 1918 | 1920 | වැඩ බලන | |
ඒ. ඩබ්ලිව්.සීමර් | 1920 | 1921 | වැඩ බලන | |
ජී.එෆ්.ආර්. බ්‍රවුනිං | 1921 | 1922 | වැඩ බලන | |
ඒ.එම්. හොකාර්ට් | 1922 | 1923 | ||
ඒ.එම්. හොකාර්ට්සහ එෆ්. බාර්ට්ලට් | 1923 | 1924 | වැඩ බලන | |
එම්. වෙඩර්බර්න් සහ ඊ.ආර්. ෂඩ්බරි | 1924 | 1925 | වැඩ බලන | |
ඒ.එම්. හොකාර්ට් | 1925 | 1927 | ||
ඊ.ටී. ඩයිසන් | 1927 | 1928 | වැඩ බලන | |
සී.එෆ්.වින්සර් | 1928 | 1929 | වැඩ බලන | |
ජේ. පියර්සන් | 1929 | 1930 | වැඩ බලන | |
සී.එෆ්. වින්සර් | 1930 | 1931 | වැඩ බලන | |
සෙනරත් පරණවිතාන | 1931 | 1934 | වැඩ බලන, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික ප්‍රධානීයා | |
ඒ.එච්. ලෝංග්හර්ස්ට් | 1934 | 1939 | ||
ආචාර්ය සෙනරත් පරණවිතාන | 1940 | 1956 | ||
ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර | 1956 | 1967 | ||
ආචාර්ය ආර්.එච්. ද සිල්වා | 1967 | 1979 | ||
ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න | 1979 | 1983 | ||
ආචාර්ය රෝලන්ඩ් සිල්වා | 1983 | 1990 | ||
එම්.එච්. සිරිසෝම | 1990 | 1992 | ||
ආචාර්ය එස්. යූ. දැරණියගල | 1992 | 2001 | ||
ආචාර්ය ඩබ්.එච්. විජයපාල | 2001 | 2004 | ||
ආචාර්ය සෙනරත් දිසානායක | 2004 |
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.