අංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
සම්භවය ඇතිවූ රට | ශ්‍රී ලංකාව |
---|---|
ඔලිම්පික් ක්‍රීඩාව | නැත |
මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, වේගවත් බව, ශක්තිමත් බව හා ජවසම්පන්න බව යනාදිය මුලිකත්වය ගනී.
මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය, වවුල් අමුඩය, මල්වාටිය, සරුවාලය හෝ කොට සුදු සරමක් හඳියි.
ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට
නම් ගම් කිය කියා උනුනුන් වේග කොට
අංගම් පොර අරින පෙර සෙබළුන් එවිට
අංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට
අංගම්පොර සටන් කලාවේ ආරම්භය පිලිබඳව විවිධ ජනප්‍රවාද සහ මත ඇත.
එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 25000 කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.
ජනවහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන්ද ඔබ්බට, වසර 33000 කට එපිට ඉතිහාසයකට දිවයයි. ජනවහරේ සඳහන් සුර-අසුර, රාම - රාවණා ආදී යුද්ධ වලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත. අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද සංක්‍රමණය වන්නට විය.
1815 දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වන්නේ අසුබ කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය දණ්ඩනය පමුණුවන නියෝගද පනවයි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම පරම්පරාවට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කරයි. මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි. රහසිගත යුගයේදී යම්යම් නව සටන් උපක්‍රමයන්ද මෙම ශිල්පයට එකතු කර ඇත.
වර්ෂ 1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක් කරන විට මෙම සටන් කලාව මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉන්ග්‍රීසීන් අතට යටත් කරගත් පසු අංගම් කලාව සාපරාධි, රස්තියාදුකාර, පහත් ක්‍රීඩාවක් ලෙස හැදින්විය. එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි. එනමුත් හෙළ සිංහළුන් මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකම රහසින් පුහුණු විය.
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, දිවි නැටුම, කොටි නැටුම, ලී කෙළි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.
මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර පිරිසිදු සිංහල බෞද්ධ වීම අනිවාර්යය වේ.තවද වාසගම් පරීක්ෂා කරන කලී අගම්පොඩිගේ අංගම්, පොඩිගේ,අතපත්තු ,-සූරිය යන්නාවූ වාසගම් අංගම්පොර ගණයට අයත් වන බව හෙළ ඉතිහාසයේ සදහන් වේ. අංගම් ශාස්ත්‍රය හැදෑරීමේදී, සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මීට හේතුව වශයෙන් සඳහන්ය. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගනුම අරඔන සිසුන් දේශීය යක්ෂ ගෝත්‍රික භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. සටන් කලාව ඉගෙනීමට පෙර ආධුනිකයෙකුගේ ශරීරය ශිල්පයට ගැළපෙන අයුරින් සකස් කරගත යුතුය. ඒ සඳහා විශේෂ සම්බාහන ක්‍රමවේද සමූහයක් පවතී. ආරම්භයේ පටන්ම ආධුනිකයාගේ ශරීරය සම්බාහනය කරන අතර පසුව ඉදිරියට ශිල්පය හැදෑරීමේදී ඒ ඒ සටන් කොටස් හැදෑරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සකස් කරගැනීම සඳහා දිගින් දිගටම සම්බාහන ප්‍රතිකාර දෙනු ලැබේ. ඒවා ආධුනිකයාගේ වයස් ,ශරීර තත්වය ආදී කරුණු මත වෙනස් වේ. එමෙන්ම දේශීය යෝග ක්‍රමයද හෙළ සටන් ශාස්ත්‍රය හා බද්ධව පවතී. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි. ගුරුවරයා විසින් ශිල්පය උගන්වන අවස්ථාවල හා සටන් හැකියාව උරගාබැලීම වැනි වෙනත් විශේෂ අවස්ථා කිහිපයකදී හැරුණු විටහැරුණු විට සාමාන්‍යයෙන් සටන් පුහුණුවීම් සිදුකරන්නේ තමා හා සම ශාස්ත්‍රීය මට්ටමේ පසුවන සටන්කරුවන් සමඟය. පුහුණු වීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, රණ බෙර වාදනය, දේහ ලක්ෂණ ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, යෝග ශාස්ත්‍රය, නර්තනය වැනි ශාස්ත්‍රීය කොටස් ද එකතු වේ.
අංගම්පොර ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.
එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සිටියේ මරුවල්ලිය, සුදලිය සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති අංගං මඩු වලය. එම අංගං මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් හරඔ ශාලාව හා ඉලංගම් මඩුව ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉලංගම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. අංගම් ශාස්ත්‍රය තහනම් යුගයේදී මෙම ඉලංගම් මඩුව සටන් පුහුණුව සඳහා යොදා ගනු ලැබීය. පිටතින් බලන අයෙකුට ඔවුන් නැටුම් පුහුණු වනවා සේ පෙනුනද ඒ තුළම සටන් පුහුණුවද සිදු විය. මේ නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රයේ යම් යම් අංග නැටුම් තුළට ආභාෂය වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොටි නැටුම, වලස් නැටුම, ලී කෙලි නැටුම වැනි නැටුම් අංග නිර්මාණය වූ අතර අදටද මෙම නැටුම් අංග තුළ සටන් ඉරියව් නිරූපණය වෙයි. .මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පිටි වලදීද යොදා ගැනුනි. කෙසේ වෙතත් යුධ පිටියේදී සටන් හැකියාවන්ද පෙරහැරවලදී නැටුම් හැකියාවන්ද වෙන වෙනම පෙන්වූවා මිස පෙරහැර තුළදී සටන් පෙන්වීමට හෝ සටන් ඇඳුම් ඇඳගෙන සටන් පෙන්වීමක් සිදු කළේ නැත. නමුත් චීනාඩි නම් අංගම්පොර තහනම් යුගයේදී දකුණු ඉන්දීය වයිත්තියාර්වරුන්ගෙන් ලැබුණා යයි සැලකෙන සටන් ක්‍රමයේ ශිලිපීන් සටන් අංග පෙරහැර තුළ පෙන්වූ බව කියමින් වැරදිමත සමාජගත කරයි.
පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන් පනික්කිරාළ ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි අඩවි 9 ක් නිමවූ පසු ලදහැකි උසස් තනතුරක් වෙයි.ආධුකනිකයන්ට සටන් පුහුණුකරවීමේ අයිතිය මෙමඟින් ලබාදෙයි.
අංගම්පොර යන්න දැනට භාවිතයේ තිබුණද එය සැබෑ ලෙසම නම් අංගම්හරඹ ලෙස වෙනස් විය යුතුය. එය පැරණි සමාජයේ විවිධ යුගවලදී අංගාගත හෙරළ, රක්ඛ රක්ඛාන හෙරළ ආදී විවිධ නම් වලින් හැඳින්වීය. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ (මායා අංගම් ) නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. කෙසේ වෙතත් පහත පරිදි මෙයට අමතරව කරුණු රාශියක් අංගං හරඹයට ඇතුළත් වේ.
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 ක් දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා දෑතට දෙකක් භාවිතා කරයි. මෙම ආයුධය භාවිතයට ඉතාම ඉහල පුහුණුවක් අවැසිය. මන්ද ප්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වියහැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි.
අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර සිංහල කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පළිහ යනු සිංහල කඩුව හා එක්ව භාවිතා කරන තවත් ආයුධයකි. මෙයට අමතරව හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට ඇතුළු මූලික අවි ආයුධ 21ක් භාවිතා වේ.
අදින් වසර 33000කට පමණ පෙර ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගක්කරුවෝ මුල්ලේරියා සටන මූලිකත්වය දී ගම්වර තා තානාත්තර ලත් ගෞරවාන්විත සම්ප්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප්‍රදාය රුකගෙන නොනැසී පවත්වාගෙන යති.
ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත් විය. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියෝ මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලාරි, මලයාලම් සටන්, චීනාඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැම්හු ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පීන් ලෙස ලියාපදිංචි වීම ද සිදු කළ හ.
මෙවැනි බොහෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීහු බොහෝමයක්, චීන වෙළෙන්දන් හරහා ලැබුණ චීනාඩි සටන් කලාව පුහුණු වූවෝ වෙති. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පොත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට සිදු වී තිබේ. ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බදු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමජිකයින් දැඩි වෙහෙසක් ගනී.අප සොයා බැලූ පරිදි දැනට සිටින ජ්‍යෙෂ්ඨම ගුරුතුමා වන්නේ සුනිමල් ප්‍රනාන්දු ගුරුතුමාය.
This article uses material from the Wikipedia සිංහල article අංගම්පොර, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.