ජපන් බටු

කොළ ආහාරය පිණිස ගන්නා ශාකයකි.

ජපන් බටු
ජපන් බටු කොළ සහ ගෙඩි

පෝෂ්‍ය ගුණය

Sauropus androgynus
Nutritional value per 100 g (3.5 oz)
ශක්තිය 245 kJ (59 kcal)
කාබෝහයිඩ්‍රේට් 11 g
මේද 1 g
Protein 4.8 g
වතුර 91.4 g
Vitamin A 10370 IU
Thiamine (vit. B1) 0.1 mg (9%)
Vitamin C 239 mg (288%)
Calcium 204 mg (20%)
Iron 3 mg (23%)
Phosphorus 98 mg (14%)
Percentages are approximated from
US recommendations for adults.

ආසියානු සුපිරි අවන්හල්වල බොහෝ සූපවේදීන්ට සිය ආහාර බඳුන් රසෙන් ගුණෙන් පිරිපුන් කරන්නට, නැතිවම බැරි ස්වාභාවික ශාකයක් අප රටෙහි සුලබව දක්නට ලැබෙනවා .

ජපන් බටු, සිංගප්පුරු කොළ, වැල් මුරුංගා, ආඬි කොළ, රට බිලිං ආදි වශයෙන් මෙරට ද, sweet leaf bush, multi green, katuk multi vitamin ආදි වශයෙන් පිට රටවල ද එය හැඳින්වෙනවා.සිංගප්පූරුව මැලේසියාව ඉන්දියාව, ජපානය, පැපුවා නිව්ගිනි, ඉන්දුනීසියාව, පිලිපීනය ආදි රටවල් ගණනාවක ඖෂධීය ආහාරයක් ලෙස යොදා ගන්නවා. කොළ , මැල්ලුමට වෑංජනයට, බැදුමටද , ඇට ඇරගත් ගෙඩි තෙලට මෙන්ම කිරටද සකසාගන්නවා. සුප් වලටත් යොදා ගන්නවා.කරවල තෙල් දානවිට රස ගුණ සඳහා දලු හා ගෙඩි එක්කරගන්නා බව සඳහන්.ජපන් බටු කොළයේ සංයුතිය ඩෙංගු උණට ප්‍රතිකාර සඳහා යොදාගන්නා ගස්ලබු කොළයේ ඖෂධීය සංයුතියට සමාන බව සඳහන් වෙනවා.විටමින් A C K B -තයොමින් ප්‍රෝටීන් පොස්පරස් යකඩ මැග්නීසියම් කැල්සියම් ,,මැන්ගනීස් ලෝහ ලවණ, ටැනින්, සැෆොනින්, පැපවරින් ඇලකොලයිඩ, ප්‍රතිඔක්සිකාරක ගුණවලින් ජපන්බටු ශාකය පොහොසත්. ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි දියවැඩියා මුත්‍රා ආබාධ, ශීත කාලයේ උණ, හිසරදය, කල්ගිය තුවාල ආදියට ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා.පෙණහළුවලට හිතකරවන අතර කැස්ස බ්‍රොන්කයිටිස් වලට එරෙහි ප්‍රතිචාර දක්වනවා.ආහාර රුචිය වඩවන ශාකය මල බද්ධයද දුරලනවා.එය බහුලව පැතිර ඇති අධි කොලෙස්ටරෝල්, අධි රුධිරපීඩන තත්ත්වයන් සඳහාද ප්‍රතිචාර දක්වන්නක්.නො වියළෙන, ලෙස මලවාගත් මැල්ලුම ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය පාලනය කරගත් අවස්ථා දක්නට හැකියි.කැරටොනයිඩ සහිත ජපන්බටු ඇස්වලට හිතකරයි. එය අක්ෂිරෝග වළක්වාලන්නක්. හතළිස් ඇඳිරිය ළඟාවීමේ කාලය ද පමා කර දෙන්නක්.එසේම සම නිරෝගිකරන්නක් . තුවාල ඉදිමුම් සුවපත්කර පැහැපත් කරන්නක්. ඈත අතීතයේ සිටම මවුකිරි වර්ධකයක් ලෙස ද සැළකෙන අතර. කොළ, තනිව හා කලවමට කිරි දෙන මවුවරුනට මැල්ලුමට සකසා දෙනවා. මෑත කෙරුණු අධ්‍යයනවලින්ද එම ගුණය එහි ඇති බව සනාථවුණා.දරු උපතකින් පසු මවගේ ගර්භාෂයේ නිරෝගිතාව රැකීමටද ශාකපත්‍ර උපකාරීවන බව සඳහන්.ජපන් බටුවල තවත් සුවිශේෂත්වයක් වන්නේ, ශාරීරික හෝමෝන මනා ලෙස හැසිරවීමට එහි ඇති ශක්තිය යි. එය ටෙස්ටස්ටෙරොන් වර්ධනය කරන්නක්. කාන්තා පිරිමි දෙපක්ෂයේම ලිංගික හැකියාවන් වර්ධනය කරදීමට ඊට හැකියි.එය අස්ථි හා දත් ශක්තිමත් කරනවා.. වියපත් කාන්තාවන්ට කැල්සියම් ඌණතාව නිසා ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් අවදානම දුරුකරනවා. අධිආර්තව තත්ත්වයන් වළකමින් නීරක්තිය. පළවා හරිනවා. කොතෙක් ගුණදායක වුවද අසීමිතව ආහාරයට ගැන්ම සුදුසු නැහැ. දිනකට ග්රෑම් 50 නොඉක්මවිය යුතුබව දැක්වෙනවා. තරබාරුව වැළකීමේ ගුණය එහි ඇතත් එය ලබා ගැන්මට දිනපතා කිලෝ තුනක ප්‍රමාණයක ජපන්බටු අමු යුෂ, මාස තුනක් නොකඩවාගත්‍ තායිවාන වාසීන් පිරිසක් පෙණහළු ආබාධවලට ගොදුරුවූ බව සඳහන්.(ලිපිය සැකසුම- 2018. 04. 18 නිර්මාණ අයිතිය -Indra Rathnay සතුයි.)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පොලිස් විමර්ශනහෘදයබදුලු ටැම් ලිපියගෝලීය ආර්ථීක අර්බුදමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකමද්දුම බණ්ඩාරසමාජ ම‍නෝවිද්‍යාවසීගිරි බලකොටුවහින්දුස්ථානී තාලආකිමිඩීස්ෆින්ලන්තයකැමරූන්මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්මහා කාශ්‍යප රහතන් වහන්සේශ්‍රී ලංකා‍ අලියාදියවැඩියාවපරිණාමයරතු දත්ත පොතජංගම දුරකථනයේ උපත10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවනිශ්ශංක විජයරත්නපුරාතන මිසරයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවබාලදක්ෂ ව්‍යාපාරයශාන්ත ජුසේ වාස් තුමාමනෝවිද්‍යාවසංස්කෘතියඕ‍සෝන් වියනරූපවාහිනියථූපාරාමයයුද්ධලිංගික ඊර්ෂ්‍යාවදෙවන ලෝක යුද්ධයබෞද්ධ පන්සල්දස මහා යෝධයෝඅවුකන බුදු පිළිමයකම්කරු නීතියකාමාවචර ලෝකමානෙල්දළදා වහන්සේපෙර පාසල්රාවණා රජපළමුවන විජයබාහු රජආදිවාසීන්බ්‍රිතාන්‍ය ලංකාවක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණයප්‍රථමක සංඛ්‍යාඅර්ථයමොණරවිල කැප්පෙටිපොළලෝවැඩ සඟරාවසිංහල අත් බෙහෙත්කිරි වෙහෙර, කතරගමමින්නේරිය වැවහෙළ ගණන් ක්‍රමයනියුමෝනියාවශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිරි පතුලකොවිඩ්-19ශක්තියසමාජයවිහාරමහා දේවියහේන් ගොවිතැනදියවැඩියා රෝගීන්ගේ දෙපාකැලණිය රජ මහා විහාරයඉන්දු නිම්න ශිෂ්ටාචාරයවැදි ජනයාමහනුවරසිංහල ජනකවික්ෂීර පථයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමාණික්කාවත (ටෙලිනාට්‍යය)කඩොලාන පරිසර පද්ධතියනව නළු රසෆ්ලොරන්ස් නයිටිංගේල්ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක🡆 More