ශිව තාණ්ඩවය

।। शिवताण्डव स्तोत्रम् ।।

ශිව තාණ්ඩවය
Ravana sings the Shiva Tandava Stotra as he lifts Mount Kailash, the abode of Shiva.
෴ශිව තාණ්ඩව ස්තෝත්‍රම්‍෴ 
जटाट विगलज्जलप्रवाह पावितस्थले गलेऽवलम्ब्य लम्बितं भुजंगतुंग मालिकाम् ।

डमड्डमड्डमन्निनादवड्डमर्वयं चकार चण्डताण्डवं तनोतु नः शिवः शिवम् ।।१।।ජටාට විගලජ්ජලප්‍රවාහ පාවිතස්ථලේ ගලේ’වලම්බ්‍ය ලම්බිතං භුජංගතුංග මාලිකාම්,ඩමඩ්ඩමඩ්ඩමන්නිනාදවඩ්ඩමර්‍වයං චකාර චණ්ඩතාණ්ඩවං තනෝතු නඃ ශිවඃ ශිවම්෴

जटा कट हसम्भ्रमभ्रमान्निलिम्पनिर्झरी विलोलवी चिवल्लरी विराजमानमुर्द्धनि ।धगद्धगद्ध गज्ज्वलल्ललाट पट्टपावके किशोरचन्द्रशेखरे रतीः प्रतिक्षणं ममं ।।२।। ජටා කටා හසම්භ්‍රමභ්‍රමාන්නිලිම්පනිර්‍ඣරී විලෝලවී චිවල්ලරී විරාජමානමුර්‍ද්‍ධනි,ධගද්‍ධගද්‍ධ ගජ්ජ්වලල්ලලාට පට්ටපාවකේ කිශෝර චන්‍ද්‍රශේඛරී රතීඃ ප්‍රතික්‍ෂණං මමං෴

धरा धरेन्द्र नन्दिनी विलास बन्धुबन्धुर स्फुरद्दिगन्त सन्तति प्रमोद मानमानसे ।कृपाकटाक्षधोरणी निरुद्धदुर्धरापदि क्वचिद्दिगम्बरे मनो विनोदमेतु वस्तुनि ।।३।।ධරා ධරේන්‍ද්‍ර නන්‍දිනී විලාස බන්‍ධුබන්‍ධුර ස්ඵුරද්දිගන්ත සන්තති ප්‍රමෝද මානමානසේ,කෘපාකටාක්‍ෂධෝරණී නිරුද්‍ධදුර්‍ධරාපදි ක්‍වචිද්දිගම්බරේ මනෝ විනෝදමේතු වස්තුනි෴

जटा भुजंग पिंगलस्फुत्फणा मणिप्रभा कदम्बकुंकुम द्रवप्रलिप्त दिग्वधूमुखे ।मदान्ध सिन्धुरस्फुरत्त्वगुत्तरीयमेदुरे मनो विनोदमद्भुतं बिभर्तु भूतभर्तरि ।।४।।ජටා භුජංග පිංගලස්ඵුත්ඵණා මණිප්‍රභා කදම්බකුංකුම ද්‍රවප්‍රලිප්ත දිග්වධූමුඛේ,මදාන්‍ධ සින්‍ධුරස්ඵුරත්ත්‍වගුත්තරීයමේදුරේ මනෝ විනෝදමද්භුතං බිභර්තු භූතභර්‍තරී෴

सहस्रलोचनप्रभृत्यशेषलेखशेखर प्रसूनधूलिधोरणी विधूराङ्घ्रिपीठभूः।भुजंगराजमालया निबद्धजाटजूटकः श्रियै चिराय जायतां चकोर बन्धुशेखरः ।।५।।සහස්‍රලෝචන ප්‍රභෘත්‍යශේෂලේඛශේඛර ප්‍රසූනධූලිධෝරණී විධූසරාංඝ්‍රිපීඨභූඃ,භුජංගරාජමාලයානි බද්‍ධජාටජූටකඃ ශ්‍රියෛ චිරාය ජායතාං චකෝර බන්‍ධුශේඛරඃ෴

ललाटचत्वरज्वलद्धनञ्जय स्फुलिंगभा निपीत पञ्चसायकं नमन्निलिम्पनायकम् ।सुधामयूखलेखया विराजमानशेखरं महाकपालिसम्पदे शिरोजटालमस्तुनः ।।६।।ලලාටචත්‍වරජ්වලද්‍ධනඤ්ජය ස්ඵුලිංගභා නිපීත පඤ්චසායකං නමන්නිලිම්පනායකම්,සුධාමයූඛලේඛයා විරාජමානශේඛරං මහාකපාලි සම්පදේ ශිරෝජටාලමස්තුනඃ෴

करालभालपट्टिका धगद्धगद्धगज्ज्वलद्धनञ्जयाहुतीकृत प्रचण्डपञ्चसायके ।धराधरेन्द्रनन्दिनी कुचाग्रचित्रपत्रक प्रकल्पनैकशिल्पिनि त्रिलोचने रतिर्मम ।।७।।කරාලභාලපට්ටිකා ධගද්‍ධගද්‍ධගජ්ජ්වලද්‍ධනඤ්චයාහුතීකෘත ප්‍රචණ්ඩපඤ්චසායකේ,ධරාධරේන්‍ද්‍රනන්‍දිනී කුචාග්‍රචිත්‍රපත්‍රක ප්‍රකල්පනෛකශිල්පිනි ත්‍රිලෝචනේ රතිර්‍මම෴

नवीनमेघमण्डली निरुद्धदुर्धरस्फुरत् कुहूनिशीथिनी तमः प्रबन्धबद्धकन्धरः ।निलिम्पनिर्झरी धरस्तनोतुकृत्तसिन्धुरः कलानिधान बन्धुरः श्रियं जगद्धुरन्धुरः ।।८।। නවීනමේඝමණ්ඩලී නිරුද්‍ධදුර්‍ධරස්ඵුරත් කුහූනිශීථිනී තමඃ ප්‍රබන්‍ධබද්‍ධකන්‍ධරඃ,නිලිම්පනිර්‍ඣරී ධරස්තනෝතුකෘත්තසින්‍ධුරඃ කලානිධාන බන්‍ධුරඃ ශ්‍රියං ජගද්‍ධුරන්‍ධුරඃ෴

प्रफुल्लनीलपंकज प्रपञ्चकालिमप्रभा वलम्बिकण्ठकन्दली रुचिप्रबद्धकन्धरम् ।स्मरच्छिदं पुरच्छिदं भवच्छिदं मखच्छिदं गजच्छिदांधकच्छिदं तमन्तकच्छिदं भजे ।।९।।ප්‍රඵුල්ලනීලපංකජ ප්‍රපඤ්චකාලිමප්‍රභා වලම්බිකණ්ඨකන්‍දලී රුචිප්‍රබද්‍ධකන්‍ධරම්,ස්මරච්ඡිදං පුරච්ඡිදං භවච්ඡිදං මඛච්ඡිදං ගජච්ඡිදාංධකච්ඡිදං තමන්තකච්ඡිදං භජේ෴

अखर्वसर्वमंगला कलाकदम्बमञ्जरी रसप्रवाहमाधुरी विजृम्भणा मधुव्रतम् ।स्मरान्तकं पुरान्तकं भवान्तकं मखान्तकं गजान्तकान्धकान्तकं तमन्तकान्तकं भजे ।।१०।।අඛර්‍වසර්‍වමංගලා කලාකදම්බමඤ්ජරී රසප්‍රවාහමාධුරී විජෘම්භණා මධුව්‍රතම්,ස්මරාන්තකං පුරාන්තකං භවාන්තකං මඛාන්තකං ගජාන්තකාන්‍ධකාන්තකං තමන්තකාන්තකං භජේ෴

जयत्वदभ्रविभ्रम भ्रमद्भुजंगमश्वस द्विनिर्गमत्क्रमस्फरत्करा लभालहव्यवाट् ।धिमिद्धिमिद्धि मिध्वनन्मृदंगतुंगमंगल ध्वनिक्रमप्रवर्तित प्रचण्डताण्डवः शिवः ।।११।।ජයත්‍වදභ්‍රවිභ්‍රම භ්‍රමද්භුජංගමශ්වස ද්විනිර්‍ගමත්ක්‍රමස්ඵුරත්කරා ලභාලහව්‍යවාට්,ධිමිද්‍ධිමිද්‍ධි මිධ්වනන්මෘදංගතුංගමංගල ධ්වනික්‍රමප්‍රවර්තිත ප්‍රචණ්ඩතාණ්ඩවඃ ශිවඃ෴

दृषद्विचित्रतल्पयोर्भुजंगमौक्तिकस्त्रजोर्गरिष्ठरत्नलोषयोः सहृयद्विपक्षपक्षयो ।तृणरविन्दचक्षुषोः प्रजामहीमहेन्द्रयोः समप्रवृत्तिकः कदा सदाशिवं भजाम्यहम् ।।१२।। දෘෂද්‍විචිත්‍රතල්පයෝර්භුජංගමෞක්තිකස්ත්‍රජෝර්‍ගරිෂ්ඨ රත්නලෝෂයෝඃ සුහෘයද්‍විපක්‍ෂපක්‍ෂයෝඃ,තෘණාරවින්‍දචක්‍ෂුෂෝඃ ප්‍රජාමහීමහේන්‍ද්‍රයෝඃ සමප්‍රවෘත්තිකඃ කදා සදාශිවං භජාම්‍යහම්෴

कदा निलिम्पनिर्झरी निकुञ्चकोटरेवसन् विमुक्तदुर्मतिः सदाशिरस्थंञ्जलिं वहन् ।विलोललोललोचनोललामभाललग्नकः शिवेतिमन्त्रमुच्चरन् कदा सुखीभवाम्यहम्।।१३।।කදා නිලිම්පනිර්‍ඣරී නිකුඤ්චකෝටරේවසන් විමුක්තදුර්‍මතිඃ සදාශිරස්ථමඤ්ජලිං වහන්,විලෝලලෝලලෝචනෝ ලලාමභාලලග්නකඃ ශිවේති මන්ත්‍රමුච්චරන් කදා සුඛී භවාම්‍යහම්෴

इमं हि नित्यमेवमुक्तमुत्तमोत्तमंस्तवं पठन्स्मरन् ब्रुवन्नरो विशुद्धमेति संततम् ।हरेगुरौ सुभक्तिमाशुयाति नान्यथागतिं विमोहनं हि देहिनां सुशंकरस्य चिन्तनम् ।।१४।।ඉමං හි නිත්‍යමේවමුක්තමුත්තමෝත්තමංස්තවං පඨන්ස්මරන් බ්‍රුවන්නරෝ විශුද්‍ධමේති සංතතම්,හරේගුරෞ සුභක්තිමාශුයාති නාන්‍යථාගතිං විමෝහනං හි දේහීනාං සුශංකරස්‍ය චින්තනම්෴

पूजावसानसमये दशवक्त्रगीतं यः शम्भुपूजनपरं पठति प्रदोषे ।तस्य स्थिरां रथगजेन्द्रतुरंगयुक्तां लक्ष्मी सदैव सुमुखीं प्रददाति शम्भुः ।।१५।।පූජාවසානසමයේ දශවක්ත්‍රගීතං යඃ ශම්භුපූජනපරං පඨති ප්‍රදෝෂේ,

තස්‍ය ස්ථිරාං රථගජේන්‍ද්‍රතුරංගයුක්තාං ලක්‍ෂ්මීං සදෛව සුමුඛීං ප්‍රදදාති ශම්භුඃ෴


।। इति श्रीरावण कृतम् शिवताण्डव स्तोत्रम् सम्पूर्णम् ।। ෴ඉති ශ්‍රීරාවණ කෘතම් ශිවතාණ්ඩව ස්තෝත්‍රම් සම්පූර්‍ණම්෴ (*ද්+ධ=ද්‍ධ ද්+ව=ද්‍ව බ්+ර්+උ=බ්‍රු දෘ=Drui ,කෘ=Krui , ජෘ=Jrui හෘ=hrui ලෙස උච්චාරණය කරන්න෴ )

෴ශිව තාණ්ඩව සිංහලාර්‍ථය෴

නිධාන කථාව;මෙම ස්තෝත්‍රය රාවණ රජුන් විසින් රචනා කරන ලද ස්තෝත්‍රයක් ලෙස සැලකෙයි. මෙහිදි ශිවගේ සුන්‍දරත්‍වය හා ශක්තිය වර්‍ණනාවට ලක් කරයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ඇසීමෙදී ශිව දෙවිඳුන් පවා නර්‍තනයේ යෙදෙන බව පැවසෙයි. රාවණ යනු ශිව දෙවිඳුන්ගේ ප්‍රධාන භක්තිකයෙක් වන අතර ශිව දෙවියන් හට දහසක් වූ භක්තිකයන් සිටියත් ඔවුන් රාවණ රජු හට සම කළ නොහැකිය. වරක් රාවණයන් ශිව දෙවිඳුන් බැහැ දැකීමට කෛලාස පර්‍වතයට ගියේය. එහිදි ශිව නන්‍දි හට ප්‍රකාශ කර සිටියේ පාර්‍වතී සමග නර්‍තනයේ යෙදී සිටින අවස්ථාවක කිසිවෙකුත් කෛලාසය තුළට නොඑවන ලෙසයි. රාවණයන් කෛලාසය තුළට පැමිණෙන විට නන්‍දිය එයට ඉඩ නොදුන්නේය. කෝප වූ රාවණ රජු කෛලාස පර්‍වතය ඔසවා ලංකාපුරයට රැගෙන යාමට තැත් කළේය. එය දැක කෝප වූ ශිව දෙවිඳුන් තම පාදය පර්‍වතයෙහි තැබුවේය. රාවණයන්ගේ හස්ථයන් කෛලාය පර්‍වතයට යටවිය. මද වෙලාවකට භක්තිය අමතක වී අහංකාරයෙන් පසුවු රාවණයන්හට නැවත භක්තිය සිහි විය. එහිදි රාවණ විසින් ශිව දෙවිඳුන් වර්‍ණනා කරමින් මෙම ස්තෝත්‍රය ගැයුවේය. මෙම ගීතය ඇසූ ශිව දෙවිඳුන් සතුටු වී රාවණයන් ඉදිරියෙහි පෙනි සිට චන්‍ද්‍රහාස නම් දිව්‍ය අසිපත ත්‍යාග වශයෙන් ලබා දුන්නේය.ශ්ලෝකාර්‍ථයන්;“ඝන වනාන්තරයක් වැනි කේෂය තුළින් ගලන ජල ප්‍රවාහයෙන් තෙත් වූ ඔහුගේ ගෙල වටා නාගරාජයෙක් ද, “ඩම ඩම” යන නාදය දනවන උඩැක්කිය දරා සිටින ශිව දෙවිඳුන්ගේ මහිමය දසත පැතිරේවා!” “අලංකාර වූ මුදුන් කොටබඳින ලද කේශකලාපයේ සිට රැල්ලක් මෙන් පහළට ඇද හැලෙමින් ඔහුගෙ හිස සරසයි. තෙවැනි ඇසෙන් පිට වන විශාල අග්නිය, චන්‍ද්‍රයා හිස් පළඳනාවක් මෙන් දරා සිටින ශිව දෙවිඳුන් මාගෙ හදවතෙහි ගැඹුරින් අදහමි.” “සර්‍වඥානයෙන් ජීවීන් හට ජීවත්‍වන්නට ආධාරක ශක්තිය වන, පර්‍වත රජුගේ දියණිය සමග නර්‍තනයේ යෙදුණු, මෙම විශ්වයෙහි සියල්ල තුළ වාසය කරන තම කරුණාබර නේත්‍රයෙන් ඔහු කෙරෙහි පැමිණෙන බාධකයන් පාලනය කරන ස්වර්‍ගය තම වස්ත්‍රය කරගත් නිර්‍වස්ත්‍ර දෙවිඳුන් හට නමස්කාර වේවා!" සෑම ජීවීන් හට ආධාරකය වන, ගෙල වටා ඇති නාග රජුගේ රක්ත වර්‍ණ හිසත් එම හිස මත ඇති දිලිසෙන මානික්‍යය අටදිශාවන්හි විවිධාකාර වූ වර්‍ණවලින් ආලෝකමත් කරයි. මද කිපුණු ඇත් රජුගේ හම වස්ත්‍රය කරගත් මාගේ දෙවිඳුන් දැක සිත සසල වන්නේය. “ඝෝරවූ පක්‍ෂියෙකුගේ හොටයකට සමාන චන්‍ද්‍රයා ව ඔබේ හිසේ පළඳා රක්ත වර්‍ණ නාගයා ඇතුළු මුදුන් කොට බඳින ලද කේෂකලාපයක් ඇති, ඉන්‍ද්‍ර, විෂ්ණු, ඇතුළු අනෙකුත් දේවගණයන්ගේ හිසෙන් වැටුණු විවිධාකාර වූ පුෂ්පයන්ගෙන් ඔබගේ අළු පැහැති පාදය අර්‍චනය කරන්නම්, මා හට ආශිර්‍වාදය දෙනු මැන." තම තෙවැනි ඇසෙන් කාමයාණන් සංහාර කළ දේවගණයන් සියල්ලගේම පූජාවට පාත්‍රවන චන්‍ද්‍රයන් ආභරණය ලෙස පැළඳ සිටින ශිව දෙවිඳුන්ගේ දීර්‍ඝ කේෂය වන්‍දනා කර ආශිර්‍වාදය ලබමු.තෙවෙනි ඇසෙන් “තග තග” මෙන් හටගත් ගිනි ජාලාවෙන් කාම දේව සංහාරය කළ පර්‍වත රජුගේ දියණියගේ ශරීරයෙ චිත්‍ර ඇඳ සතුටු වන මාගේ ශිව හට නමස්කාර කරමි. විශ්වයෙ පාලනය තම හස්ථයෙ දරා චන්‍ද්‍රයා හිසේ දරා, සියලු දෙනාගෙ හිත් වසන් කළ ගංගා මෑණියන් හිසේ දරා, අමාවක රාත්‍රියේ අහසේ පාවෙන වලාකුළක් මෙන් කාල වර්‍ණ ගෙලක් ඇති, මාගේ දෙවි වන ඊශ්වරයාණෙනි මා හට වරම් දෙනු මැන. ගෝපුරයට සමාන ගෙලක් ඇති විශ්වයෙ පාරිශුද්‍ධකළ නිල් පැහැති නෙලුම් කමලයන්ගෙන් සරසන ලද ඔබගෙ ගෙල කාමයන් සංහාර කළ, ත්‍රිපූරා සංහාර කළ, ලෞකික ආශාවන් සංහාර කළ, රාක්‍ෂයන් සංහාර කළ, යමයාණෝ ද යටත් කළ මාගේ දෙවිඳුන් හට නමස්කාර වේවා! වටපිටාවේ ඇති අත්‍යාලංකාර කදම්බ නම් පුෂ්පමංජරියෙන් ගලන පැණිවලින් හමන සුවඳ දසත පැතිරී බිඟුන් එය වටා රැස්ව සරන්නාක් මෙන් ඔබගේ දයාවේ සුවඳින් අපි ඔබ වටා සිටින්නෙමු. “අනංගයාණන් ගිනිබත් කළ, ත්‍රීපුරය විනාශකළ, ලෞකික දිවියේ ආශාවන් දුරුකළ, ඉරාච්චන්‍ද සංහාර කළ, මද ඇත් රජු සංහාර කළ, යම දෙවිඳුන් පරාජය කළ, මද හස්තියා සංහාර කළ, ඊශ හට මාගෙ නමස්කාරය!" ත්‍රිලෝචනයෙහි අග්නියත් සමග ඔබගේ ගෙල වටා ඇති නාගයා අහසෙහි නර්‍තනයේ යෙදෙයි. නාගයාගෙ ශ්වසනය සෑම දිශාවේ ම පැතිරෙයි. ධිමි ධිමි නැමැති ශබ්දයෙන් තාණ්ඩව නර්‍තනයෙහි යෙදෙයි, ශිව දෙවිඳුන්. ජනයාත්, රජාධිරාජයන්, තෘණ, නෙලුම් කමලයන්, මාගේ මිතුරන් ද සතුරන් ද මහත්‍ව පූර්‍ණ මාණික්‍යන් පස, දෙවිඳුන්ගේ ගෙළෙහි වසනා නාගයා, මාලාදාමද, දැකීමට අවස්ථාවක් කවදා උදා වේවි දෝ, "ලෝව සෑම ජීවාජීවීන් ට ශක්තිය වූ මහා දෙවි සදා ශිව හට පූර්‍ණ වන්‍දනා කිරීමට කවදා මා හට උදා වේවි දෝ." “පාරිශුද්‍ධ වූ ගංගා නදිය අසල වූ ගල් ගුහාවක මා ජීවත් වන්නම්. මාගෙ දෙ අත් මාගේ හිස මත තබා ආලෝකමත් ලෙස මනා දෘෂ්ඨියක් ඇති කරගනිමින් මාගෙ දෙවිඳුන් කෙරෙහි ඇති භක්තියෙන් සෑම නිමේෂයක් ම ශිව යන මන්ත්‍රය ගායනා කරමින් සිටින කල කවදා උදා වේවි දෝ.” මෙම ස්තෝත්‍රය මෙපරිද්දෙන් ගායනා කර එය ස්මරණය හැකි පුද්ගලයෙකුට පාරිශුද්‍ධිය ද ශිවගේ ආශිර්‍වාදය ලබාගත හැක. මෙතරම් භක්තියට වෙන යම් මඟක් නැති තරම් ය. ශිව තම සිත තුළට පැමිනියහොත් සිතේ අනවශ්‍ය මායා දුරුවේ. දිනපතා සන්‍ධ්‍යාවේ ප්‍රදෝ පූජාවසානයෙහිදී ශිවදෙවියන් පතා ධ්‍යාන වඩන්නෙමු. ශිවගේ ශක්තිය ඇතුළු දෙවියන්ගේ ශක්තිය පතා වන්‍දනා කර භක්තිය වඩන්න !!!!!!!!!!!!।। इति श्रीरावण कृतम् शिवताण्डव स्तोत्रम् सम्पूर्णम् ।। ෴ඉදින් ඒ ශ්‍රීරාවණයන් කළාවූ ශිවතාණ්ඩව ස්තෝත්‍රය සම්පූර්‍ණයි෴

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහ පොළොවනුතන සිංහල අක්‍ෂර මාලාවශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ වල් පැලැටිරසායනික සූත්‍රමී ගසමහාවංශයජාතික නාමල් උයනනව අරහාදී බුදුගුණනාග මාපිලාදියවැඩියා රෝගය2022 ලංකා ප්‍රිමියර් ලීග්එංගලන්තයසිංහල ක්‍රියා පදමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසබරගමුව පළාතපුරාවිද්‍යාවඩී.එස්. සේනානායකකාලිංග මාඝ රජබදුලු ටැම් ලිපියශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ත්‍රිකෝණමිතියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසතර සතිපට්ඨානයගෞතම බුදුරජාණන් වහන්සේඅශෝක අධිරාජයාබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්දඹදෙණිය යුගයරූපවාහිනියේ ඉතිහාසයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ජෛව විවිධත්වයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කරැකියා ආතතියඅන්තර්ජාලය1829 බ්‍රේල්මිරිසවැටියක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණයඩී.එන්.ඒ.ඉන්දියාවසිංහල රාජධානියපෙරකෙළියපොරොන්දමතේත්‍රිලක්‍ෂණයයාපහුව බලකොටුවස්වභාවික වෘක්‍ෂලතාමහින්ද විද්‍යාලයපරිගණක මෘදුකාංගපනාකඩුව තඹ සන්නසඉසුරුමුණියසාපේක්ෂතා වාදයපළමුවන විමලධර්මසූරිය රජආපදා‍ කළමනාකරණයජාත්‍යන්තර වෙළඳාමටී.බී. ජයාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුජාතික ගීය - ශ්‍රී ලංකාඅභිධර්මයඅපරාධ නීතියශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවරුසියානු-යුක්‍රේන යුද්ධයරෝසඑල්ලේ ක්‍රීඩාවේ රීතිනව සීලන්තයවසා පද්ධතියමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයනාගදීප පුරාණ විහාරයප‍්‍රාථමික අධ්‍යාපනයසිංහල වෙදකමබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයමානව සැකිලි පද්ධතියසිරි පතුලශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවස්ත්‍රීවාදයලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි🡆 More