තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, තාරකා නීතිය) යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි.
මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි.
තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්ෂණය කිරිමෙන්ය.
නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය.
දූරේක්ෂය සොයාගැනීමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වූයේ තරු මාලිමාවයි. මධ්‍යතන යුගයේදී මැදපෙරදිග සිටි විද්‍යාඥයන්, කාලය නිර්ණය කිරීමටත් ආකාශ වස්තුවල පිහිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා.
තරු මාලිමාව සාදා තිබුණේ වානේ තැටියකයි. එම තැටියේ තරුවල පිහිටීම ලකුණු කර තිබුණා. එම තැටිය සවි කර තිබූ තැටියේ දාරයේ අංශක හා සමහර ඒවායේ පැයද සඳහන් වුණා. පින්තූරයේ පෙනෙන ලෙස එහි ඔරලෝසුවක මෙන් කටුද තිබුණා. එම කටුව තාරකාව දෙසට ස්ථානගත කරන විට තරු මාලිමාව ආධාරයෙන් තරුවේ පිහිටීම නිශ්චිතවම සොයාගත හැකි වුණා.
විශිෂ්ට ලෙස සාදා තිබූ තරු මාලිමාවක් භාවිත කිරීමෙන් තරු හඳුනාගැනීමටත්, හිරු නඟින හා බසින වෙලාව සොයාගැනීමටත්, මක්කම පිහිටි දිශාව දැනගැනීමටත්, ඉඩම්වල ප්‍රමාණයන් මැනගැනීමටත්, යම් ස්ථානවල උස මැනීමටත් මුහුදු මාර්ග සොයාගැනීමටත් හැකි වුණා. එය ඇත්තෙන්ම එවකට තිබූ සුපිරි පරිගණකයක් කියා පැවසිය හැකියි.
හත්වන සහ අටවන සියවස්වලදී ඉස්ලාම් ධර්මය උතුරු අප්‍රිකාව, ස්පාඤ්ඤය සහ නැඟෙනහිරෙන් පිහිටි ඇෆ්ගනිස්ථානය දක්වා පැතිර ගියා. මේ නිසා පර්සියාව සහ ග්‍රීසිය විසින් සොයාගත් විද්‍යාත්මක තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට අරාබි විද්වතුන්ට හැකි වුණා.
නවවන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වූ ටොලමි සොයාගත් තොරතුරු සහ තවත් වටිනා විද්‍යාත්මක තොරතුරු රැසක් අරාබි ජාතිකයන් තම මව්බසට පරිවර්තනය කළා. අබ්බාසිඩ්ගේ පාලනය අත්ලාන්තික් සාගරයේ සීමාවේ පිහිටි රටවල සිට ඇෆ්ගනිස්ථානය දක්වාම ව්‍යාප්ත වුණා. ඒ නිසා ගණිතය, තාරකා විද්‍යාව හා අනිකුත් විෂයන් පිළිබඳව ඉන්දියානුවන් සොයාගෙන තිබූ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණා.
මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.
තාරකා විද්‍යාව ආශ්රිත ප්‍රධාන ගවේෂණයන් විද්‍යුත් චුම්භක වර්ණාවලිය මත පදනම් වී ඇත.
ඉතා දුරින් නිපදවෙන විද්‍යුත්චුම්භක තරංග වලින් ඉතා කුඩා ප්‍රමාණයක් පොළව මතින් අනාවරණය කරගත හැකිය. ගුරුත්ව තරංග (Gravitational Waves) අනාවරණයක පිහිටුවත් ඒවා අනාවරණය කර ගැනීම ඉතා අපහසුය. සූර්යා අධ්‍යයනය කිරීමට නියුට්රිනෝ අනාවරක නිපදවා ඇත. කොස්මික් කිරණ සතුව අධික ශක්තියක් ඇති අංශු අතර පෘථිවි වායුගෝලයේ ගැටීමේදී හඳුනාගත හැකිය.
ගවේෂණයන් එහි කාල පරිමාණය අනඅනුව විචලනය වේ. දෘශ්‍ය ගවේෂණයන් මිනිත්තු ගණනේ සිට පැය ගණන් ගතවේ. යම් යම් සන්සිද්ධි වෙනස්වීමට ඉතා වේගවත්ය. සහශ්‍ර ගණන් පැරණ ගවේශණ වාර්තාද පවතී. රේඩියෝ ගවේෂණයන් මිලිතත්පර පරිමාණයෙන් (මිලිතත්පර පල්සාර) යේ ඈදුණු වර්ශ (පල්සාර පිළිබඳ විස්තර කිරීම් වලට) දක්වා පැතිර පවතී.
තාරකා විද්‍යාවේ සූර්යා පිළිබද ගවේෂණය විශේෂ තැනක් ගනී. අනෙක් සියළු තරු ඉතා දුරින් පවතින නිසා ළඟම ඇති තරුව වන සූර්යා ගවේෂණය පහසුය. අපගේ සූර්යා අනෙක් තාරකා පිළිබද වද අවබෝධය ඇති කරවයි.
තාරකා වෙනස්වීම පිළිබද මාතෘකා කරන්නේ තාරකා පරිමාණය (Steller evolution) ඇසුරිනි. තාරකා වර්ග අනුව H.R. සටහනේ (Hertzprung - Russel Diagram) පිහිටුවීම මඟින් තාරකාවල තත්වය දැක්විය හැකිය. එය තාරකාවේ උපතේ සිට අවසානය දක්වා දැක්විය හැකිය.
තාරකා විද්‍යාවේ ප්‍රධාන උප ක්ෂෙත්ර | Edit |
Astrophysics | Cosmology | Galactic astronomy | Extragalactic astronomy | Galaxy formation and evolution | Planetary science | Stellar astronomy | Stellar evolution | තාරකා සම්භවය |
This article uses material from the Wikipedia සිංහල article තාරකා විද්‍යාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.