1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

පඩි පාලක සභාවකින් ආවරණය නොවන සාප්පුවල සහ සියළුම කාර්යාලවල සේවකයන් මෙම පනත මගින් ආවරණය ලබයිි.

  1. 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතෙහි අරමුණ වන්නේ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයින්ට සේවා පහසුකම් සැලසීම, වැඩකරන සේවා කාලයක් නියම කිරීම, අතිකාල දීමනා, වේතන ගෙවීමේ කාලයන් සහ මෙම පනතින් ආවරණය වන සේවිකාවන් සදහා ප්‍රසූතිකාධාර පහසුකම් ලබාදීමයි.

ආවරණය

සාප්පුව

සාප්පුව යන්න පනතේ 68 වන වගන්තියේ අර්ථ නිරෑපනය කර ඇත. ඒ අනුව සාප්පුවක් යනු සිල්ලර හෝ තොග වෙළද ව්‍යාපරයක් පවත්වාගෙන යනු ලබන ස්ථාන, නේවාසික හෝටල්, ආහාර බීම වර්ග වෙලදාමට තබා තිබෙන ස්ථාන , කොන්ඩා කපන්නන්ගේ හා සකස් කරන්නන්ගේ ව්‍යාපර, ලොන්ඩරි, හා ඩ්‍රයි ක්ලීන් කරන තැන්, ජායාරූප ශාල යනාදිය අයත්වේ.

ඒසේ වූව ද පඩි පාලක සභා ආඥා පනත යටතේ පඩි පාලක සභාවක් පිහිටුවා ඇති තොග හා සිල්ලර කර්මාන්තය යටතට ගැනෙන සාප්පු මෙම පනතින් ආවරණය නොවේ.

එමෙන්ම අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ ව්‍යාපාරයක් හා පුන්‍ය හෝ සමාජ සේවා කටයුතු සදහා මාසයකට නොවැඩි කාලයක් තුල පවත්වාගෙන යනු ලබන වෙළද ශාලා ද මෙම පනතින් ආවරණය නොවේ.

කාර්යාලය

කාර්‍යාලයක් යන්න අර්ථ දක්වා ඇත්තේ බැංකුවක, රක්ෂණ සමාගමක, නැව් සමාගමක, වෙළඳ සලක, කර්මාන්ත ශාලාවක, වත්තක, ආකරයක, ආපන ශාලාවක පුවත්පත් පොත් විකුණන ආයතනයක සංයුක්ත ස්කන්ධ සමාගමක, සේවකයන් ද ගණකාධිකාරීන්, නීතීඥඉන්, වෛද්‍යවරුන් වැන්නන්ගේ කාර්යාලයන් ද, වෙන්දේසිකරුවෙකුගේ, වෘත්තීය සමිතියක, අන්න්‍යෝන්‍යාධාර සමිතියක, පෞද්ගලික පාසැලක කාර්යාලයක් ද රජ්‍ය හා රාජ්‍ය නොවන සංස්ථාද, සංස්ථා නොකල ආයතනද ඇතුළත් කරමිනි.

සේවයේ යෙදවීමේ අවම වයස

වසය අවුරුදු 16ට අඩු කිසිම කෙනෙකු සාප්පුවක හෝ කාර්යලයක සේවයේ යෙදවීම තහනම් වේ.(2021.01.18 දින සිට)

මෙම පනතින් සලසා ඇති සේවක සහන

සාමන්‍ය වැඩකරන වෙලාවන් (3 වගන්තිය)

  • එක්දි දිනක් තුල කෑම පැය සමඟ උපරිම පැය 09ක් පැය 8යි ( කෑම පැය හැර)
  • සතියේ එක් දිනක කෑම විවේකය නොමැතිව පැය 5කි (වරු දිනය) සෙනසුරාදා
  • සතියක් තුල උපරිම පැය 45ක් නොයික්ම විය යුතුය.

සේවයේ යෙදවීමේ වයස සහ කාන්තාවන් සේවයේ යෙදවීම

වයස අවුරුදු 16ට පත් නොවූ තැනැත්තෙකු සේවයේ යෙදවිය නොහැක. (10 - 2021/1)

වයස අවුරුදු 18ට අඩු තරුණ තැනැත්තන්පි පෙරවරු 6ට පෙර හා පස්වරු 6න් පසුව සේවයේ යෙදවිය නොහැක

වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් ඔවුන්ගේ කැමැත්ත ඇතිව රාත්‍රී 10 දක්වා හෝටලයක හෝ භෝජනාගාරක සේවයේ යෙදවිය හැක.

වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් නේවාසික හෝටල්වල නියමිත කාර්යයන් සඳහා සේවයේ යෙදවිය හැක. දුරකථන ක්‍රියාකරවන්නින්, පිළිගැනීමේ නිලධාරිනියන්, කන්තා සහායිකාවන් වශයෙන් ද ගුවන් තොටුපලේ කාර්යාලයක රාත්‍රී කාලයේ ගොඩබිම් සත්කාර කරන්නික් වශයෙන් සේවයේ යෙදවීමට අවසර ඇත

අතිකාල

  • දිනකට හෝ සතියකට නියමවූ සාමන්‍ය සේවා කාලයට අමතව සේවය කරන සෑම සේවා කාලයක්ම අතිකාල සේවා ලෙස සැලකේ.
  • ඒ සදහා ගෙවීම සාමන්‍ය පැයක වේතනය මෙන් එකහමාර ගුණයකි.
            මාසික වැටුප x 1 1/2
              240
  • අතිකාල සේවාවන්හි උපරිමය සතියකට පැය 12කි.

නිවාඩු

සති නිවාඩු (5 වගන්තිය)

  • පනතේ 5 වගන්තියට අනුව අතිකාල සේවාවන් හැර පැය 28කට නොඅඩු කාලයක් සතියකදී සේවය කර ඇති සේවකයෙකුටම වැටුප් සහිත දින එකහමාරක සති නිවාඩුවක් සදහා හිමිකම ඇත. පැය 28ක කාලය සඳහා වාර්ෂික නිවාඩු ලබාගෙන සහ ප්‍රසිද්ධ නිවාඩු නිසා වැඩට නොපැමිණි දිනයන් ද ගණනය කර එකතු කල යුතුය.

වාර්ෂික නිවාඩු (6 වගන්තිය)

  • වර්ෂයකට සම්පූර්ණ වැටුප් සහිත දින 14ක් වාර්ෂික නිවාඩු වශයෙන් ලබාදිය යුතුය. ඒසේ වූවද සේවයට බැ‍දෙන මුල් වසර තුළ වාර්ෂික නිවාඩු හිමිකම් නැත. සේවයට වාර්තාකල දිනය පදනම් කරගනිමින් ඊළඟ වර්ෂයේ සිටි නිවාඩු ලබාගත හැකිය.
  • සේවයට පැමිණියේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 අතර දිනයක නම් සම්පූර්ණ දින 14ක නිවාඩු
  • සේවයට පැමිණියේ අප්‍රියෙල් 01 වැනිදා සිට ජුනි 30 අතර දිනයක නම් සම්පූර්ණ දින 10ක නිවාඩුවක්
  • සේවයට පැමණියේ ජුලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 අතර කාලයේ නම් සම්පූර්න දින 07ක නිවාඩුවක්
  • සේවයට පැමිණියේ ඔක්තෝම්බර් 01 වැනිදා හෝ ඊට පසුව නම් සම්පූර්ණ දින 04ක නිවාඩුවක හිමි කම ඇත.
  • දෙවන වර්ෂයේ සිට සම්පූර්ණ දින 14ක නිවාඩු හිමිකම ඇත.
  • සේවයෙන් ඉවත්වීමේ දී පසුගිය වර්ෂයේ ඉතිරි නිවාඩු සඳහා ද
  • සේවයෙන් ඉවත් වන වර්ෂයේ මාස 10ක ට අඩුවෙන් සේවය කර ඇත්නම් එක් එක් පූර්ණ මාසයක කාලය සදහා දින එක බැගින් ද
  • මාස දහයකට වැඩි නමි වේතන සහිත දින 14ක් සඳහා ද හිමිකම් ඇත.
  • නිවාඩු ලබාදිය නොහැකි නම් ඒ වෙනුවෙන් මුදලින් වටිනාකම ගෙවිය යුතුය.

අනියම් නිවාඩු (6 (3) - (4)

  • අනියම්ව නිවාඩු ඉදිරි වර්සෂය සඳහා ගෙන යා නොහැකි අතර පඩි රහිතයි. අනියමි නිවාඩු වසරකට දින 07ක හිමිකම ඇත.සේවයට බැදුණු වර්ෂයේ මාස 02ක් සඳහා නිවාඩු දින එකක් බැගින් ලබාගත හැකිය. දින 7කි. සේවයේ බැදුන වසරේ හිමිවන්නේ දෙමාසයකට එක් නිවාඩුවක් බැගිනි.

ප්‍රසිද්ධ නිවාඩු (7 වගනිතිය)

  • දින 09ක ට නොවැඩි ගණනක් අමාත්‍යවරයාට නියම කල හැකිය.ද 7 වගන්තියට අනුව රජයේ ප්‍රකාශිත වෙළද නිවාසු දිනයන් ප්‍රසිද්ද නිවාඩු ලෙස දැක්වේ.
  1. තෙයිපොංගල් දිනය
  2. ජාතික දිනය (පෙබ 4)
  3. සිංහල හින්දු අවුරුදු දිනට පෙර දිනය
  4. සිංහල හින්දු අවුරුදු දිනය
  5. මැයි දිනය
  6. වෙසක් පුර පසලොස්වක දිනයට පසු දිනය
  7. නබි තුමාගේ උපන්දිනය
  8. නත්තල් දිනය
  • ඇමතිවරයාගේ නියෝගයකින් මෙම නිවාඩු දින ලබා දී ඇත.පෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයකි.ප්‍රසිද්ධ නිවාඩු දින 8ක් මෙම පනත මගින් ආවරණය වන සේවකයින්ට හිමිය. කම්කරු කොමසාරිස්ගේ පූර්ව අනුමැතියට යටත්ව මෙම දිනයන්හි සේවයේ යෙදවීමට සේව්‍යාට පුලුවන. එලෙස සේවයේ යොදා ගත්විට, එම දිනය වෙනුවට වැටුප් සහිත නිවාඩු දිනයක් දෙසැම්බර් 31 වන දිනට පෙර ලබාදීම හෝ එදින සේවය සදහා දිනක වැටුප මෙන් දෙගුනයක් සේවකයාට ගෙවිය යුතුය. පසළොස්වක පෝය දිනය සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු දිනයකි.

පෝය නිවාඩු

  • පසලොස්වක පෝයදින නිවාඩු දිනයකි.
  • පෝයදිනක වැඩ කලහොත් ඒ සදහා සාමන්‍ය දිනක වැටුප මෙන් එකහමාර ගුණයක් ගෙවිය යුතුය.

සුබසාධන පහසුකම්

  • සේවා ස්ථානයේ සෑහෙන ප්‍රමාණයකට සුදුසු තත්වයේ ආලෝකය හා වාතශ්‍රය (11 වගන්තිය)
  • ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වෙන වෙනම වැසිකිළි හා සේදීමේ පහසුකම්
  • කෑම ගැනීමට හැකි ප්‍රමාණයේ ඉඩ පහසුකම්
  • ගණුදෙනුකරුවන්ට හා සේවයේ නියුතු කාන්තාවන්ට වාඩිවීම සදහා ආසන සැපයිම (අවම ව්අශයෙන් කාන්තාවන් තිදෙනෙකුට එක බැගින්)

පත්වීමේ ලිපිය

ලිඛිත ගිවිසුමක් තිබියි යුතුය. සේවයට එන මුල් දිනයේ පත්වීම් ලිපියක් ලබාදිය යුතුය.

පත්වීම් ලිපියට ඇතුලත් විය යුතු කරුණු නියෝග කොන්දේසි සේවකයෙක් සේවයට බඳවා ගන්නා අවස්ථාවේ සේවයේ කොන්දේසි පිළිබඳ විස්තර සැපයිය යුතුය.

නම, පදවි නාමය හා පත්වීමේ ස්වභාවය.

පත්වීම ක්‍රියාත්මක වන දිනය

පත් කරනු ලබන ශ්‍රේණිය

මූලික පාරිශ්‍රමික සහ පාරිශ්‍රමික ප්‍රමාණය

පාරිශ්‍රමික ගෙවනු ලබන කාල සීමාව

ජීවන වියදම් හෝ වෙනත් දීමනා

පරිවාස කාලය හා එම කාලයට බලබාන කොන්දේසි

පර්වාස කාලය තුල දී සේවය අවසන් කරනු ලැබිය හැකි කොන්දේසි

සේවා නියුක්තියට බලපාන කොන්දේසි

සේවා නියක්තිය අවසන් කල හැකි හේතු කොන්දේසි

වැඩකල යුතු සාමාන්‍ය වේලාව

එම තැනැත්තන්ට හිමි නිවාඩු ගණන

අතිකාල ගෙවීමේ ප්‍රමාණය (පනතේ ප්‍රතිපාදනවලට වැඩියෙන් ලබාදිය හැකිය)

සේවා යෝජකයා විසින් යම් වෛද්‍යධාරයක් සපයන්නේ නම් එම වෛද්‍ය ආධාරය

අරිථ සාධක අරමුදලක් විශ්‍රාම වැටුපක් හෝ පාරිතෝෂික සම්බන්ධ කොන්දේසි

උසස් වීමට ඇති ඉඩකඩ

අතිකාල

අතිකාල ගෙවීම සම්බන්ධයෙන් සදහන් වන්නේ නියෝගවලයි. සතියකට උපරිම අතිකාල කල හැකි පැය ගණන වන්නේ පැය 12කි. එහෙත් මෙම ප්‍රමාණය ස්ථීර නැත.දිනකට හෝ සතියකට නියම කර ඇති සාමාන්‍ය සේවා කාලයට අමතරව වැඩකරනු ලබන අමතර කාලයන් අතිකාල වශයෙන් ගණනය කල යුතුය. අතිකාල පැයක් සඳහා සාමාන්‍ය වැඩ කරන පැයක වැටුප මෙන් 1 1/2 ක් අතිකාල වශයෙන් ගෙවිය යුතුය.

ප්‍රසූතිකාධාර

  • දරුප්‍රසුතිය සේවා යෝජකයාට දැන්වීමෙන් පසු සෑම කාන්තාවකටද දරු ප්‍රසූතියට පෙර දින 14ක් හා සජීවී දරුවකු බිහිවූවහොත් දරු ප්‍රසූතිය සිදු වූ දින සිට දින 70ක් ඉදිරියට නිවාඩු ලබාදිය යුතුය. (2018 අංක 14)
  • දරු ප්‍රසූත්යට ‍ පෙරලබාදෙන නිවාඩු වලින් යම් ප්‍රමාණයක් ඉතිරි වූවහොත් එම නිවාඩු දරු ප්‍රසූතියට පසුව ලබා ගත හැකිය.
  • වයස එක් අවුරුද්දකට අඩු දරුවන් සඳහා කිරි දීමට පැය 1 බැගින් වූ විවේක කාල දෙකක් ලබාදිය යුතුය.
  • සේවා යෝජක විසින් දාරකාගාරයක් පවත්වාගෙන යන අවස්ථාවලදී පැය 1/2 බැගින් නිවාඩු දෙකක් දිනකට ලබාදිය යුතුය....
  • ප්‍රසව අවස්ථාවට එළඹීමට මාස 3කට පූරරවයේ දර ගැබට හනි විය හැකි වැඩවල නොයෙදිය යුතුය.
  • ගැබ්ගැනීම හො ඒ හා සම්බන්ධ රෝගී තත්වයක් නිසා පමණක් සේවය අවසන් නොකල යුතුය.
  • ප්‍රසූත නිවාඩු අවස්ථාවේ සිටින විට සේවය අවසන් කිරීමේ දැන්වීමක් භාර නොදිය යුතුය.
  • ප්‍රසූත නිවාඩු මෙම පනත මගින් හිමි අනෙකුත් නිවාඩුවලට අතිරේක වශයෙන් විය යුතුය.
  • සාප්පු හා කාර්යලයක සේවය කරන සෑම සේවිකාවකටම උපදින පලමු සජීවී දරු දෙදෙනා සදහා වැටුප් සහිත සති 12ක නිවාඩු හිමිකම් ඇත. සජීවි දරු උපත් දෙකකින් පසුව උපදින දරුවන් සදහා ප්‍රසූතියකට අයත් වන්නේ වැටුප් සහිත සති 6ක නිවාඩු පමණි. මෙම නිවාසුව ගණන් ගැනීමේ දී නිවාසු දින ගණන් නොගැනේ.
  • ප්‍රසූතියකට තෙමාසයකට පෙර හා පසු කලය තුල දරුවාට හෝ මවට අන්තරාදයක විය හැකි වැඩහි යෙදවීම තහනම්ය
  • ප්‍රසූතිය හෝ දරුවෙකු පිළිසිද ගැනීම නිසා ඇතිවන රෝගී තත්වයක් නිසා සේවයෙන් පහ කිරීම තහනම් වේ. එසේම ප්‍රසූත නිවාඩු සිටින කාලය තුලදී සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් දැන්වීම තහනම්වේ.
  • සජීවී නොවන එනම් මළ හෝ කළල රූපයක් වුවද ප්‍රසූත කල විට සාමන්‍ය ප්‍රසූතියකදී මෙන් දින 42ක ප්‍රසූතිකාධාර පහසුකම් හිමිවේ. ( මෙම හිමිකම ලැබීමට කළලය සති 42 හෝ අගල් 12ක් දිග හෝ රාත්තල් දෙකක් බර විය යුතුය.)

වේතන ගෙවීම (19 වගන්තිය)

බලය දෙන ලද අඩු කිරීමක් හැර වෙනත් කිසිම අඩු කිරීමක් නොමැතිව නීත්‍යානුකූල මුදලින් කම්කරුවාට කෙලින්ම ගෙවිය යුතුය. එසේ අඩුකරනු ලබන මුදලේ එකතුව ලබන මුළු වේතනයෙන් 60%ක් ඉක්ම නොවිය යුතුය. එසේ වූවත් ලිකිත නීතියකින් හෝ අධිකරණ නියෝගයක මුදල් අයකර ගැනීම සඳහා මෙම සීමාව බලපානු ‍ නොලැබේ.

වැටුප්

සාප්පු හා කර්යාල සේවක පනත අදාලවන සේවකයින් 4ක් හෝ ඊට වැඩි සේවක සංඛ්‍යාවක් සේවය කරන තොග හා සිල්ලර වෙළදාම සදහා ද, සේවකයින් 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවය කරන හෝටල් හා භෝජනාගාර සේවකයින් සදහාද පඩි පාලක පනත යටතේ වැටුප් නියම කර ඇත. අනිකුත් සාප්පු හා කාර්යාල සේවකයින් සදහා සේව්‍ය සේවක එකගතාවය මත වැටුප් තීරණය කරේ. සේවකයාගේ වැටුප් මුදල නීතියෙන් ඇති අඩු කිරීම් හැර වෙනත් කිසිදු මුදලක් අඩු නොකොට ලංකාවේ වලංගු මුදලින් ගෙවිය යුතුය.

සේවකයාගේ කැමැත්ත ඇතිව කල හැකි අඩුකිරීම්  60% නොයික්ම විය යුතුය. එසේ අඩු කිරීම් කල හැකි කරුනු පහත දැක්වේ.

  • කම්කරු කොමසාරිස් තුමා විසින් අනුමත කරන ලද විශ්‍රාම වැටුප්, අර්ථසාධක, රක්ෂණය හා ඉතිරිකිරීම්  ආදිය සදහා දායක මුදල්.
  • ආහාර ද්‍රව්‍යවල වටිනාකම හා නවාතැන් ගාස්තු
  • සේව්‍යා විසින් සපයා ඇති ගෙයක ගෙවල් කුළී
  • ඇප මුදල් වාරික
  • කොමසාරිස්තුමා අනුමත කල වෙනත් පහසුකම් හා ගාස්තු
  • සේවය කරන  වෙළද සැලෙන්  ඔහුට විකුණු බඩුවල මිල
  • දඩ (දඩ සදහා කරන ලද අඩු කිරීම් 5% නොයික්මවිය යුතුය.)
  • අරමුදලින් ලබාගත් ණය මුදල් වාරික
  • සේවකයාගේ ඉල්ලීම් පිට සේව්‍යා විසින් වෙනත් අයෙකුට දෙන ලද මුදල්
  • ණය සදහා වන පොලිය ආදිය.

වැටුප් ගෙවීමේ කාලසීමාවන්

( පනතේ 19 වන වගන්තිය)

  • වැටුප් ගෙවීම සතියකට එක් වරක් නම්, එම සතිය අවසන් වී දින 3ක් ඇතුලතද,
  • දෙසතියකට වරක් නම් එම දෙසතිය අවසන් වී දින 05ක් ඇතුලත ද,
  • මාසයකට වරක් නම් එම මාසය අවසන් වී දින 10ක් ඇතුලතද,
  • සේවය අවසන් වන අවස්ථාවක සේවය අවසන් වූ දින සිට  වැඩ කරන දින 02ක් තුල ඉපයූ වැටුප් ගෙවිය යුතුය.

සේවක වගකීම්

  • සේවක - සේව්‍ය දෙපක්ෂය විසින් එළඹෙන කොන්දේසි ප්‍රකාරව විනය ගරුකව සේවයට අවනතව සේවය කිරීම.
  • වාර්ෂික නිවාඩු සේව්‍යයා සමග එකගත්වයෙන් ඇති කොට ගෙන ලබා ගැනීම.
  • නියමිත සේවා කාලය තුල සේවයේ යෙදීම.

වේතන විධිිමත් කිරීම (iii) කාණ්ඩය

කැමැත්ත ඇතිව තීරණය කිරීම. සේවායෝජක හා සේවකයන් අවම පඩිය තීරණය කර එය කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කරයි.

සාප්පුවක් හෝ කාරායාලයක්, විස්තර කරන ලද පන්තියකට අදාළ සාප්පුවල හෝ කාර්යාලවල හෝ යම් ප්‍රදේශයක පිහිටි සාප්පුවල හෝ කාර්යාලවල සේවකයන් හෝ

විශේෂ පන්තියක හෝ වර්ගයක සේවකයන් සම්බන්ධයෙන්

තමාගේ කැමැත්ත මත නියමිත සේවක සංඛ්‍යා විසින් හෝ

නියිමිත සේවක සංඛ්‍යාවකගේ සේවා යෝජකයෙක් හෝ සේවා යෝජකයන් විසින් හෝ

එබදු සේවකයින්ගේ සේවා යෝජකයින්ගේ වෘත්තීය සමිතියක් හෝ වෘත්තිය සමිති විසින් කල ඉල්ලීමක් අනුව

ඔවුන්ගේ කැමැත්ත ඇතිව අවම වේතනයක් තීරණය කරන ලෙස කොමසාරිස්වරයාට නියමක කිරීමට අමාත්‍යවරයාට බලය ඇත.

වේතන විනිශ්චය මණ්ඩලය මගින්

කොමසාරිස්තැනගේ ද

සේවා යෝජක නියෝජිතයන් 07 දෙනෙකුට නොවැඩි පුමාණයක් ද සේවක නියෝජිතයිනි 7කට නොඅඩු ප්‍රමාණයක් ද පත් කල නියෝජිතයන් 07 දෙනෙකුට නොඅඩු ප්‍රමාණයක් ද සහිත සභික නාමලේඛණයක් ඇමතිවරයා විසින් ඇති කල යුතුය.

වේතන වින්ශ්චය මණ්ඩලයක් ඇති කල හැකි අවස්ථා

21 වන වගන්තිය යටතේ කල ආඥාවක් අනූව කොමසාරිස්වරයාට කැමැත්ත ඇතිව අවම වැටුප තීරණය කිරීමට නොහැකි අවස්ථාවක

කැමැත්ත ඇතිව කරන ලද තීරණයක් ප්‍රතික්ෂේප කැන ලද අවස්ථාවක

කැමැත්ත ඇතිව කරන ලද තීරණයක් ව්‍යාප්ත කිරීමේ කාර්යය සදහා

වේතන විනිශ්චය මණ්ඩලයක තීරණයක් වෙනස් කල යුතු බව අමාත්‍යවරයාගේ මතය වන විට

වේතන විනිශ්චය මන්ඩලයක තීරණයක් වෙනස් කල යුතු බවට නියමිත ආකෘතියේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති විට.

Tags:

1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත ආවරණය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත සේවයේ යෙදවීමේ අවම වයස1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත මෙම පනතින් සලසා ඇති සේවක සහන1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත පත්වීමේ ලිපිය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත අතිකාල1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත වේතන ගෙවීම (19 වගන්තිය)1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත වේතන විධිිමත් කිරීම (iii) කාණ්ඩය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

🔥 Trending searches on Wiki සිංහල:

කුරුඳුසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයගබ්සාවගෝලීයකරණයමෛත්‍රීපාල සිරිසේනතෝමස් අල්වා එඩිසන්මානව අයිතිවාසිකම්පරාක්‍රම සමුද්‍රයප්‍රථමක සංඛ්‍යාකුප්පමේනියනායකත්වයවෛරස් පිළිබඳ හැඳින්වීමක්තාරාවාබුද්ධි ගලනයමිනිස් මොළයපරිගණකයගොටුකොලහුරුළු වැවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදැන්වීම්කරණයපරිණාමයපේශි පටකයලිංගික සංසර්ගයස්වයං වින්දනයමුන්නේශ්වරම් කෝවිලදෙමළ භාෂාවබදුවදලෙස්ටර් ජෙම්ස් පීරිස්ගූගල්පළමුවන විජයබාහු රජසිංහල ජන නාටකසුනාමිකොළඹ ජාතික කෞතුකාගාරයප්‍රස්තාව පිරුළු යනුක්‍රිස්තු වර්ෂ ක්‍රමයලංකාවේ වාරි කර්මාන්තයඌව පළාතසිබිල් වෙත්තසිංහබෞද්ධ දිනදසුනමොණරවිල කැප්පෙටිපොළහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයපරිසර පද්ධතිමුදු කරවලාකාලස් පුයිජ්දෙමොන්සාමයඑස්‌. මහින්ද හිමිකාලී දෙවඟනශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවතිරසාර සංවර්ධනයමුස්ලිම්කන්‍යා පටලයනාට්‍ය කලාවජලභීතිකාවපින්නවල අලි අනාථාගාරයචන්ද්‍ර ග්‍රහණයකමතයාපහුව බලකොටුවසුරතාන්තයඇන්තූරියම්ත්‍යාග (නීතිය)මරියානා අගාධයවායුගෝලීය දූෂණයපාස්කුවඅළු බදාදාපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඅධ්‍යාපනයපන්සිල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාපූජාවලියසිව්වන ධර්ම සංගායනාවසීගිරියශ්‍රි ලංකාවේ පාසල්Jalani premadasaසංජානනය🡆 More