කුණ්ඩලිය

෴ විරාම ලක්‍ෂණය කුණ්ඩලිය නමිවේ.

මෙය යෙදෙන්නේ කිසියම් ශබ්දයක් සංකේතවත් කිරීමට නොවන බැවින් සිංහල හෝඩියට අනුව අකුරක්වත් පිල්ලක් වත් නොවේ. වාක්‍යයක් හෝ ඡේදයක් හෝ අවසන් වන බව හඟවනු වස් මෙම කුණ්ඩලිය යෙදෙයි . කුණ්ඩලිය, සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්‍ෂණයකි [තහවුරු කර නොමැත].

කුණ්ඩලිය
කුණ්ඩලිය෴

ඉතිහාසය

පුරාණ සිංහලයෝ සිය ලේඛණ කටයුතු සිදු කළේ පුස්කොළ පොත් මත පන්හිඳක් මගින් ලිවීමෙනි. පුස්කොළ පොත මත පන්හිඳෙන් ලිවීමේ දී වාක්‍ය දෙකක් වෙන් කිරීමට නැවතීමේ තිතක් තැබුවහොත් පුස්කොළ පොත ඉරී යාමට ඉඩ ඇති නිසා, පුස්කොළ පොතට හානියක් නොවී පහසුවෙන් සලකුණු කළ හැකි කුණ්ඩලිය භාවිතයට පැමිණි බව මේ සම්බන්ධ එක් මතයකි .

සිංහල යතුරු පුවරුවෙහි භාවිතය

මෙම සළකුණ පරිගණක ආශ්‍රයෙන් සකස් කරනු ලබන කිසියම් ලිපියකට අන්තර්ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා නව විජේසේකර යතුරුපුවරුව - සිංහල යුනිකේත ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගෙන තිබිය යුතුය. එහිදී සිංහල භාෂාව තෝරාගෙන යතුරු පුවරුවෙහි දකුණුපස alt යතුර (AltGr) සමඟ නැවතීමේ තිත (' යතුර) එකවිට යෙදිය යුතුය.

නූතන භාවිතය

මෑත කාලීන සිංහල ලේඛණ වල කුණ්ඩලිය බහුලව නොයෙදෙන නමුත් සමහර ස්වාධීන ලේඛකයන් (විශ්‍ෂෙයෙන්ම බ්ලොග්කරුවන්) විසින් එය යම් අවස්ථා වලදී භාවිත කරනු දැකිය හැක. සමහර කලාත්මක ලේඛනවල දී මාතෘකාවක පෙනුම ඔපවත් කිරීමට එය දෙපසින් කුණ්ඩලිය සලකුණු දෙකක් (විරාම ලකුණක් ලෙස නොව මෝස්තරයක් ලෙස) යොදා භාවිත කරන අයුරුද දැකිය හැකි වේ.

කුණ්ඩලිය භාවිතාකල මෑත කාලීන ලියවිලි අතර 2009 වසරේදී ශ්‍රීලංකා කැබිනට් අනුමැතිය ලද ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය සැලකිය හැක. එම ලියවිල්ලේ සිංහල සංස්කරණයේ පමණක් නොව දෙමළ සහ ඉංග්‍රීසි සංස්කරණ වලද අවසානය කුණ්ඩලියක් මගින් හුවා දක්වාඇත.

යුනිකෝඩ්

පරිගණකයේ භාවිතය සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (ISO) විසින් සම්මත කරන ලද සිංහල හෝඩිය ජාත්‍යන්තර පරිගණක සිංහල හෝඩිය යනුවෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් 1996 දී ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනා පරිදී 1998 දී මෙම හෝඩිය සම්ම්ත වී ඇත.

වසර 2000 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙහි යුනිකෝඩ් එක්තැන්සමිය (The Unicode Consortium) විසින් පළ කරන ලද The Unicode Version 3.0 (යුනිකෝඩ් 3.0 වන වෙළුම) නමැති ප්‍රකාශනයෙහි 426 පිටුවෙහි මෙම හෝඩිය මුල් වරට ඉදිරිපත් කොට ඇත. එහි අක්ෂර ගණන 61 කි. මෙම සංකේතාවලියෙහි අවසානයට කුණ්ඩලිය නමැති ලකුණ එයි.

බාහිර සබැඳි

යොමු සටහන්


Tags:

කුණ්ඩලිය ඉතිහාසයකුණ්ඩලිය සිංහල යතුරු පුවරුවෙහි භාවිතයකුණ්ඩලිය නූතන භාවිතයකුණ්ඩලිය යුනිකෝඩ්කුණ්ඩලිය බාහිර සබැඳිකුණ්ඩලිය යොමු සටහන්කුණ්ඩලියවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයිසිංහල භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ක‍ඩොලානපැබ්ලෝ පිකාසෝදුන්හිඳ ඇල්ලමහනුවර යුගයේ රාජාවලියශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ අධිකරණයසරත් ගුණපාලතාප රසායනයරාවණා රජඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයතිසා වැවD. J. Wimalasurendraහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ආර්ථික විද්‍යාවශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරජැක්සන් ඇන්තනීමානව බහිස්ස්‍රාවී පද්ධතියසිංහල පිල්ලම්රසායනික මූලද්‍රව්‍යදික්කසාදයත්‍රිශික්‍ෂාVesakපාෂාණශ්‍රී ලංකාවේ කම්කරු නීතියමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ මැණික්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)දාගැබ්අනුර කුමාර දිසානායකමෛත්‍රීපාල සිරිසේනඅටමස්ථානමෛත්‍රී බුදුරජාණන් වහන්සේමඩොල් දූවපියයුරු සංසර්ගයචතුරාර්ය සත්‍යයහෘදයාබාධයසියදිවි නසාගැනීමනාගදීප පුරාණ විහාරයකුරුණෑගලනෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලපොළොන්නරුව පෞරාණික නගරයසිබිල් වෙත්තසිංහඅන්තිම කැමති පත්‍රයසෙංකඩගල පෙරහැර මංගල්‍යයලාඕසයමල්වතු ඔයපරිගණකයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාවට්ස්ඇප්මිනිස් මොළයඉත්තෑවාප්ලේටෝමුල්ලේරියා සංග්‍රාමයස්පයිඩර්-මෑන්උණමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවපූජාවලියලිංගික ඉන්ද්‍රියන්ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ආකිමිඩීස්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයමාතලේ කැරැල්ලශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයපරාක්‍රම සමුද්‍රයඡායාරූපයයුගල පද, සිංහල භාෂාවඑස් පහ (5S) ක්‍රමයදුටුගැමුණු රජක්‍රිස්තියානි ආගමතිස්ස වැව (අනුරාධපුරය)පොන්නම්බලම් අරුණාචලම්🡆 More