අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා වේ.මෙම ද‍්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පසට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි.
හෘදයාබාධය (Myocardial infarction) | |
---|---|
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර | |
ICD-10 කේතය | I21.-I22. |
ICD-9 කේතය | 410 |
DiseasesDB | 8664 |
MedlinePlus | 000195 |
eMedicine | med/1567 emerg/327 ped/2520 |
MeSH | D009203 |
හෘදය තුළ කුටීර හතරක් දක්නට ලැබේ.ඉන් ඉහළ කුටීර කර්ණිකා ලෙස හැදින්වෙන අතර පහළ කොටස් කෝෂිකා ලෙස හැදින්වේ.කර්ණිකා හා කෝෂිකා සම්බන්ධ වන කපාට යුගලක් හෘදය තුළ පිහිටා ඇත.වම් පැත්තේ ඇති කපාටය ද්වි-තුණ්ඩ නොහොත් මයිට්‍රල් කපාටය ලෙස හැදින්වේ.දකුණු පැත්තේ ඇත්තේ ත්‍රි-තුණ්ඩ කපාටයයි.(tricuspid Value)මෙම කපාට මගින් කර්ණිකා වලින් කෝෂිකා වලට රුධිරය ගලා යාමට සලස්වන අතර එම රුධිරය ආපසු කර්ණිකා වලට ගැලීම වළක්වනු ලැබේ.හෘදයේ කෝෂිකා වලට සම්බන්ධ ධමනි ආරම්භයේ දී අඩසඳ කපාට ද පිහිටා ඇත.හෘද ස්පන්ධනහය් දී "ලබ් ඩබ්" ලෙස ශ්‍රවණය වන්නේ කපාට වල පියන්පත් ඇරීම සහ වැසිමයි.හෘදයේ සමහර ආබාධ වලදී මෙම හඩේ වෙනසක් දැකිය හැක.සාමාන්‍යයෙන් එක් හෘද ස්පන්දනයක් සදහා ගතවන්නේ තත්පර 0.8ක කාලයකි.මිනිත්තුව තුළදී හෘදයෙන් පිටවන රුධිර ප්‍රමාණය මිලි ලීටර් 5040 පමණ වනු ඇත.
හෘදයෙන් පිටතට රුධිරය ගෙන යන ධමනියක් වන සංස්ථානික මහා ධමනියේ ආරම්භයත් සමගම එහි මුල්ම ශාඛාව කිරීටක ධමනිය ආරම්භ වේ.හෘද පේශින්ට රුධිරය සපයනු ලබන්නේ මෙය මගිනි.මෙම ධමනියේ හෝ ශාඛාවන්හි ඇතුල් බිත්ති වල මේද තැන්පත් වීමත් අවහිර වීමත් නිසා හෘදයාබාධය ඇති වේ.
ඉහත සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් තිබේ.මෙහිදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක අපට පාලනය කළ හැකි සාධකයෝය.ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇති වන්නේ ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කර නොමැති වුවද ඒ අතර යම් සබදතාවක් ඇති බව දක්නට ලැබේ.ඉහත සාධක පාලනය කිරිමෙන් හෘදයාබාධයක් වැළදීමේ අවධානම අඩු කර ගත හැක.
රුධිරපීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා හදවත මගින් යොදන බලපෑමයි. අධිරුධිර පීඩනය යනු හෘදයේ සිට පිටතට රුධිරය ගෙන යන ධමනි තුළ පවත්නා රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැලපෙන සේ දිගින් දිගටම ඉහළ ගොස් පැවතීමයි.
ඇතිවීමට බලපාන සාධක
වැළදීමට හේතු
රෝග ලක්ෂණ
ප්‍රතිඵල
දියවැඩියාව යනු ලේවල සීනි මට්ටම ඉහළ යාමයි.ලෝක සෞඛ්‍යය සංවිධානය අර්ථ දක්වන අන්දමට උදෑසන නින්දෙන් නැගිට කිසිවක් කෑමට හෝ බීමට පෙර රුධිර පරික්ෂා කිරීමේදි ලේ ඩෙසිලීටරයක තිබෙන ග්ලූකෝස් ප්‍රමාණය මිලි ග්‍රෑරෑම් 136 කට වඩා වැඩිනම් ඔහු හෝ ඇය දියවැඩියා රෝගියෙක් ලෙස දක්වයි. දියවැඩියා රෝගයට ගොදුරුවීමෙන් හෘදයාබාධයකට ගොදුරු වීමේ අවධානම දෙගුණයකින් වැඩිය.වයස අවුරුදු 25-35ත් අතර අයකු එකවර හෘදයාබාධයකට ගොදුරු වීමේ ප්‍රධාන හේතුව වන්නේ නොදැනුවත්ව හෝ නිසි ලෙස පාලනය නොකර හෝ දියවැඩියා රෝගයෙන් පෙළීමයි.මෙවැනි රෝගියෙකුට එක හෘදයාබාධයක් වැළදුණු විට තවත් හෘදයාබාධයක් ඇති වීමේ වේගය වැඩිය.දියවැඩියා රෝගය හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවීමේදි ඇතිවන වේදනා නොදැනීම ඇතිවිය හැක.එය ඉතා බරපතල තත්‍වයකි.දියවැඩියා රෝගය හේතුවෙන් පිරිමියෙකුට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාව 50%කින් වැඩිය.ගැහැණු අයෙකු නම් 300ගුණයකින් වැඩිය.මේ හේතුවෙන් අඩු වයස් හෘදයාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රතිශතයද ඉහළය.
කොලොස්ටරෝල් යනු රුධිරයේ ඇති ස්වාභාවික මේද වර්ගයකි.මෙය ආහාර මගින් ලැබෙන අතර ශරීරය තුළිනුත් නිපදවයි.පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම මට්ටම වෙනස් වන අතර කොලොස්ටරෝල් අධික වීම නිසා හෘදයාබාධ වැළදීමේ අවධානම ඉහළය.කොලොස්ටරෝල් වර්ග දෙකකි.H.D.Lහා L.D.Lයනුවෙනි.LDLඉහළ යෑම අහිතකරය.රුධිරයේ කොලොස්ටරෝල් මට්ටම වැඩි කරන ආහාර වන්නේ සත්‍ව ආහාර(මස් ,බටර් ,සීනි ,බිත්තර) හා ශාක ආහාර (පොල්, පොල්තෙල් ,පාම් තෙල්(Palm oil) ආධියේ අඩංගු සංතෘප්ත මේදය කොලොස්ටරෝල් මට්ටම ඉහළ දමයි. මෙම මට්ටම අඩු කර ගත හැක්කේ නිවරැදි ආහාර පුරුදු අනුගමනය කිරීමෙන් හා ශරිරයේ බර අඩු කර ගැනිමෙනි.ඇතැම් අයට ඖෂධ වර්ග ලබාදීමටද සිදුවේ.
කොලොස්ටරෝල් අධික රෝගින්ට සුදුසු ආහාර
හෘදරෝගයක් ඇතැයි හගවන සුලභ රෝග ලක්ෂණ
හාදයාබාධයක් වැළදි ඇති බව හදුනා ගැනීමේ ලක්ෂණ
ඔහු හෝ ඇය සිටින කාර්යයෙන් ඉවත් කර ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීම කළ යුතුය.රෝගියාට පහසු ඉරියව්වකින් සිටීමට සැලැස්විය යුතුය. හෘද රෝගියෙකු නම් වෛද්‍යවරකු දිව යට තබා ගැනීමට දී ඇති පෙත්ත ලබා දිය යුතුය.වෛද්‍යවරයාට භාර දෙන තුරු ස්වසන හා නාඩි වැටීම පිළිබද සැලකිලිමත් විය යුතුය.
හෘදයාබාදයක් යනු නිසිලෙස රුධිර සැපයුම නොලැබීම නිසා හාද වස්තුවේ මාංශපේශින් තුවාල වීම නිසා හටගන්නා රෝගයයි.තුවාල වූ මාංශපේශින්ගෙන් කොටසක් අනිවාර්යෙන්ම හානියට පත්වේ.හානියට පත් වු කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත.මන්ද ඉතිරි මාංශපේශි ප්‍රදේශය අවශ්‍යය කාර්යය නිසි ලෙස ඉටු කරයි.හානියට පත් වූ මාංශපේශි ප්‍රදේශය තුවාල කැළලක් මෙන් සුව වේ.කැළල සුවපත් විමට සති 6-8 ක කාලයක් ගතවේ.එම කාලය තුළ විවේක ගත යුතුය.
සුදුසු ආහාර හෘදයාබාධයකට පසු ආහාර පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත්ය.
සම්පූර්ණයෙන් නතර කළ යුතු ආහාර
(දෙවන දින පටන්) මෙවැනි රෝගියෙක් ඉතා ක්‍රමානුකූලව ව්‍යායාම කළ යුතුය.එක් වරම ශාරීරික ව්‍යායාම බරපතල ලෙස කළ හොත් එය තුවාල වුණු හෘදයවස්තුවට දරා ගැනිමට අපහසුය.එබැවින් ව්‍යායාම වැඩිකළ යුත්තේ ක්‍රමානුකූලවය.ශාරීරික ව්‍යායාම මනින්නේ මේට් (Met) නම් වූ ඒකක මගිනි. මිනිසෙකු කිසිම සෙලවීමක් නොමැතිව ඇදේ නිදා සිටින විට වැය වන්නේ මිනිත්තුවකට මේට් 1 ක් පමණ ශක්ති ප්‍රමාණයකි. සරල ව්‍යායාමයක් රෝගියා නිරෝගි වූ විට සුදුසු සරල ව්‍යායාමයකදි ශක්තිය මේට් 1/2-2 දක්වා වැය වේ.
1.ව්‍යායාමය
2.දණ හිසෙන් කකුල නවා උදරය දෙසට ගන්න.
3.දෑත් පපුව මත තබා ගැඹුරින් හුස්ම ගන්න.පහත හෙළන්න.(පැය දෙකකට වරක් ඉහත සදහන්ව්‍යායාමය 3 වරක් කිරිම සුදුසුය.
සතර වන දිනයේ පටන්
මෙම ව්‍යායාමය සදහා මේට් 2-3 දක්වා වැය වේ.
4.ඇද උඩ හොදින් ඇදට හේත්තු වී කෙලින් අතට වාඩි වෙන්න.කොන්දට කොට්ටයක් තබා වාඩිවීම සුදුසුය.
මදක් බර ව්‍යායාමයක් ශක්තිය (3-5)දකිවා වැය වේ.නිවසට පැමිණි පසු කිරීම සුදුසුය.
5.කෙලින් සිට කදින් දෙපැත්තට නැවෙන්න.
6.ඇද උඩ වාඩි වෙන්න.කද කෙලින් කර වාඩිවන්න.අත් දිගු කරන්න. දණ හිසි නොනමා පයේ ඇගිලි තුඩු අල්ලන්න. මෙම ව්‍යායාම හතරම එකවර කිරිමට උත්සහ නොකරන්න.
පහත සදහන් ව්‍යායාම කරන විට මේට් 9ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැය වේ.එබැවින් හෘදයාබාධිත රෝගින්ට මෙම ව්‍යායාම නුසුදුසුය.
ඇවිදීමේදි මතක තබා ගත යුතු කරුණු
ව්‍යායාම කරන විට පහත ගැටලු පැන නැගුණොත්වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුය.
මේවා බොහෝ විට හිතට නැගෙන බිය නිසා ඇතිවේ.හතිය ඇතිවන බව බොහෝ රෝගිහු පවසති.වැඩ කළත් නොකළත් එකම ලෙසට හතිය දැනේ නම් එය රෝග ලක්ෂණයක් ලෙස නොසැලකිය යුතුය.
මෙම වේදනාව පපුවේ වම් පසින් බොහෝ විට ඇතිවේ.එසේම එම වේදනාව තැනින් තැන ගමන් කරයි.ව්‍යායාම කරන විටත් වැඩි නොවේ.මෙසේ වන්නේ හෘදයේ මතු පිට මාංශපේශිහි වේදනාවය.එය හෘදයට සම්බන්ධනොමැති නිසා බිය විය යුතු නැත.
මෙම ලක්ෂණ ඇති වුවොත් පමා නොකර වෛද්‍යවරයා වෙත යා යුතුය.
හෘදයාබාධය ඇතිවීමට බලපාන සාධක පාලනය කිරීමෙන් හෘදරෝග නිවාරණය කර ගත හැක.
This article uses material from the Wikipedia සිංහල article හෘදයාබාධය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.