හිසරදය

හිසරදය, ඔළුවේ කැක්කුම යනු හිසෙහි ඇතිවන වේදනාවයි.

හැදින්වීම

හිසරදය / ඔළුවෙ කැක්කුම
හිසරදය 
මිග්‍රේන් සෑදුනු පුද්ගලයෙක්
ICD-10G43.-G44., R51.
ICD-9339, 784.0
DiseasesDB19825
MedlinePlus003024
eMedicineneuro/517 neuro/70
MeSHD006261

මෙය රෝගයක් නොව රෝග ලක්‍ෂණයකි. මෙය මිනිසුන් අතර බහුලවම දක්නට ලැබෙන අතර ඇතැමුන්ට නිතරම පාහේ හිසරදය හටගනී.

බොහෝ අවස්ථාවලදි මෙය බැරෑරුම් තත්වයක් නොවන අරත එය කෙටි කාල සීමාවකට පමණක් සිමා වේ. හිසරදය ඇතිවීම සදහා ප්‍රධාන හේතුවන්නේ මානසික ආතතිය, ඉරුවාරදය , ඇස් වෙහෙසවා කටයුතු කිරීම , විජලනය , රුධිරයේ සීනි මට්ටම පහත යාම ,සහ කෝටර ප්‍රදාහයයි. ජීවිතයට අවදානමක් එල්ල කරන හිසරදය ඇති කරන දුර්ලභ හේතුවන්නේ මො‍ළේ උණ , මෙනින්ජි ප්‍රදාහය, මොළයට රුධිරය සපයන රුධිර වාහිනී වල අසාමාන්‍යතා, අධි රුධිර පීඩනය හා ‍මොළේ ඇතිවන පිළිකාවන් නිසාය. හිසට ඇතිවන අනතුරක් නිසා හිසරදය ඇතිවන අවස්ථාවන්හදී හිසරදයට හේතුව ‍පැහැදිලිය. කාන්තාවන් බහුතරයක් තුල හිසරදය ඇතිවීමට හේතුව ඔවුන‍්ගේ මාස් ශුද්ධිය ඇතිවන කාලවලදි සිරුර තුළ ඊස්ට්‍රජන් නම් හෝමෝනයේ සිදුවන වෙනස් වීමයි. මෙය ඔසප් වීමට පෙර හෝ ඔසප් චක්‍රය අතරතුර ඇති විය හැකිය.

සංකූලතා ඇති නොකරන සාමාන්‍ය හිසරදයක් සදහා වේදනා නාශකයක් වන ඇස්ප්‍රීන් , පැරසිටමෝල් හෝ ඉබියුප්‍රොෆෙන් භාවිතා කළ හැකි අතර ඉරුවාරදය වැනි විශේෂිත අවස්ථාවන්හිදී ඒ සදහා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කළ යුතු වේ. හිසරදය ඇතිවු අවස්ථාවකදී එසේ වීමට හේතු සාධක වු මානසික ආතතිය හෝ ඇතැම් ආහාර වර්ග හෝ වෙනයම් සාධකයක් ඇති නම් එය හදුනාගැනීම වැදගත් වන්නේ ඊළග අවස්ථාවේදී එම හේතු කාරකයයන් ම හරවා ගැනීමට හැකියාව ඇති බැවිනි.


ප්‍රතිකාර ක්‍රම

සියලුම හිසරදයන් සදහා වෛද්‍ය ප්‍රතිකාර ගැවීම අත්‍යවශ්‍ය නොවේ. ඒවායින් බහුතරයක් පැරසිටමෝල් , ඇස්ප්‍රීන් හෝ ඉබුයුප්‍රොෆෙන් වැනි සරල වේදනා නාශකයන් සදහා ප්‍රතිචාර දක්වයි.

හේතුවක් නොමැතිව නිතරම හිසරදය ඇතිවන අවස්ථාවන්හිදී හිසරදය ඇතිවන වේලාව කුමන ආකාරයේ හිසරදයක්ද යන්න ඒ හා ආශ්‍රිතව ඇතිවන අනිකුත් රෝග ලක්ෂණ හ එම හිසරදය තව දුරටත් වැඩි කරන සාධක මොනවාද යන්න සදහන් කරමින් දිනපොතක් පවත්වාගෙන යාම වෛද්‍යවරුන් විසින් අනුමත කොට ඇත. මෙමගින් එය කිනම් විශේෂිතවු ආකාරයකින් ඇතිවන්නේද යන්‍න පිළිබදව අවබෝධයක් ලබාගත හැකිය. උදාහරණයක් ලෙස සමහර ඖෂධ , ඔසප් වීම, ඇතැම් ආහාර හෝ හේතුවක් නොමැතිව වුවද හිසරදය ඇතිවෙයි. 2007 මාර්තු මාසයේදී වෙනස් සමීක්ධණ කණ්ඩායම් දෙකක් මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ දෙකක යොදා ගෙන සිදු කරන මොළය උත්තේජන කිරීමක් මගින් පොකුරු හිසරදයට (Cluster headaches) සහනයක් ලබාගත හැකිය.

වලක්වා ගැනීම

ඉරුවාරදයෙහිදී ඇතිවන හිසරදය වලක්වා ගැනීමේ ප්‍රතිකර කුම ඇත. දිගු කලීනව වේදනා නාශකයන් භාවිතා කිරීම මෙහිදී දිරිමත් නොකරන අරත මෙමගින් ඖෂධ භාවිතයේන වැලකුණු පසුව නැවතත් හිසරදය සෑදීමත සිදුවිය හැකිය. ඉරුවාරදයේ උච්චතම අවස්ථාවන් වලදී ඇතැම්විට රුධිරවාහිනී සං‍කෝචනය කිරීමත් සිදුකරනු කැෆේන් අන්තර්ගත පානයන් ඖෂධ වර්ගයන් සමගම භාවිතයට ගැනීම අනුමත කෙ‍ෙර්. මෙමගින් කැෆේන් සහිත වේදනා නාශකයන් ඇතිවීම කෙරෙහි අවදනයක් යොමුවී ඇත. Feverfew ඉරුවාරදය සදහා භාවිතාවන ජනප්‍රිය ශාකසාර ඖෂධයකි. මැග්නීසියම් විටමින් B2 සහ එන්සයිම Q10 යනු ඉරුවාරදය වැලැක්වීම සදහා ස්වාභාවිකවම පවත්නා මුලද්‍රව්‍යයන් වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලදුරකථනයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී ලංකාවේ ශිලා ලිපිබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුඩී.එස්. සේනානායකසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකා ගුවන් හමුදාවවිකිපීඩියාමිහින්තලයඅභය වැවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ ආදි වාසීන්මොණර කුඩුම්බියඅභිධර්මයදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දමඩොල් දූවපාසල්ධම්මපදයමානව සැකිලි පද්ධතියසිංහල හින්දු අලුත් අවුරුද්දහෙද සේවයෙහි ඉතිහාසයවයඹ පළාත, ශ්‍රී ලංකාවතිස්සමහාරාමයතුන්වන පරාක්‍රමබාහු රජඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයචලිතය පිළිබඳ නිව්ටන් නියමහෙළ ගණන් ක්‍රමයකිරි වෙහෙර, කතරගමදීඝවාපීශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකොළඹ ජාතික කෞතුකාගාරයපටිච්චසමුප්පාදයනියැන්ඩර්තාල්පරාක්‍රම සමුද්‍රයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවර්ණ සබැඳි සිද්ධාන්තමොනරාහජ්ස්ත්‍රී ස්වයං වින්දනයපණ්ඩුකාභය රජලිංගික ඉන්ද්‍රියන්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවපියයුරු සංසර්ගයනාගරීකරණය - ශ්‍රී ලංකාමාරි කියුරිබුද්ධ ප්‍රතිමාදෙමළ ඊළාම් විමුක්ති කොටිආකල්පශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවබෝවන රෝගබුද්ධි ගලනයමාර්ටින් වික‍්‍රමසිංහදෙවොල් මඩුවතාප රසායනයපොළොන්නරුව වටදාගෙයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවවැස්සබක් පසළොස්වක පෝයසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකා ජාතික ගීයනිකොලස් කොපර්නිකස්දස මහා යෝධයෝඑළාර රජඅභිප්‍රේරණයජල චක්‍රයඅනුර කුමාර දිසානායකවොලිබෝල්මහියංගනය රජ මහා විහාරයඇල්බට්‍ අයින්ස්ටයින්මහා මංගල සුත්‍රයයශෝදරා🡆 More