හික්කඩුවේ සුමංගල තෙරණුවෝ

දොන් නිකුලස් අබේවීර ගුණවර්ධන නම් පුත් රුවන උපත ලද්දෙ 1827 ජනවාරි 20 වන දින හික්කඩුවේ හෙට්ටිගොඩ නම් ගම් පියසේදී ය.

හික්කඩුවේ සුමංගල හිමි
හික්කඩුවේ සුමංගල තෙරණුවෝ
උපත
දොන් නිකුලස් අබේවීර ගුණවර්ධන

1827 ජනවාරි 20 වැනිදා
හික්කඩුව
මියගිය දිනය1911 අප්‍රේල් 29 වැනි දින
හික්කඩුව
නිවහනකොළඹ නව කෝරළේ ද, ශ්‍රීපාදස්ථානයේ ද ප්‍රධාන නායක
ජාතිකත්වයශ්‍රී ලංකාව සිංහල ජාතික
රැකියාවගුරුවරයක්
ප්‍රසිද්ධව ඇත්තේජාත්‍යන්තර කීර්තිධර මහා පඬිවරයෙක්, ඉංග්‍රීසි භාෂා විශාරදයෙක්,
තනතුරබෝධිසත්ව ගුණෝපේත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය, පණ්ඩිත ශිරෝමණී, අතිපූජ්‍ය
දෙමව්පියන්(s)
  • පියා: දොන් ජොහානිස් අබේවිර ගුණවර්ධන මැතිතුමා
  • මව: දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ
ආගමබෞද්ධ

දිවියේ තොරතුරු

ඒ දොන් ජොහානිස් අබේවිර ගුණවර්ධන මැතිතුමාගෙ හා දණ්ඩන්ගොඩ ගමගෙ ක්‍රිස්තිනා හාමිනේ මැතිනියගෙත් පස් වැනි දරුවා ලෙසටයි.

දහතුන්වන (13) වියෙදි නිකුලස් දරුවා හික්කඩුවේ ශ්‍රී සුමංගල නමින් පැවිද්ද ලැබිය. තමන් වැඩ විසූ ආරාමයෙ සිංහල පාලි සංස්කෘත ආදි භාෂා හදාල සුමංගල හිමියෝ විච්ත්‍ර ධර්ම හිමි කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නට විය. ක්‍රි.ව. 1848දී මල්වතු විහාරස්ථ උපොසථගාරයෙදී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය පදවියට පත්විය.

මෙම අවධියෙදී බටහිර සංස්කෘතියටත් කිතුදහමටත් සමාජයෙහි උසස් පිලිගැනීමක් හිමිව තිබු අතර සිංහල සංස්කෘතියටත් බුදු දහමටත් හිමිව තිබුණේ දෙවන මට්ටමෙ පිලිගැනුමකි. මේ අනුව බෞද්ධාගම හා සිංහල සංස්කෘතිය පිලිබදව අදහස් දක්වන්නට ඉදිරිපත් වුවෝ විරල වූහ. එහෙත් සුමංගල හිමියෝ ධර්ම දේශනා පවත්වමින් ඊට එරෙහි බලයක් ගොඩ නගන්නට කැපවූහ. දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත වු විද්‍යෝදය පිරිවෙන ආරම්බ කිරිම උන්නාන්සේගේ ප්‍රධනාත්වයෙන් සිදු වු දෙයකි. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වු පිරිවෙන්හි අධයන කටයුතු වල යෙදිම සදහා දෙස් විදෙස් ශිෂය්‍යන් වැල නොකැඩි ගලා ආයේ ඉන් ලද මහඟු අධය්‍යාපනය නිසාමය. 1886 දී කොළඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරීමේ පුරොගාමි මෙහෙවරට උන්වහන්සෙගෙන් ලද දායකත්වය සුලුපටු නොවේ. එමෙන්ම උන්වහන්සේ බෞද්ධ පුනුරුදයේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

මෙ අතර අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගමික කටයුතු හා මහා බෝධි සමාගමෙහි ප්‍රකාශනයක් වූ "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු කෙරෙහිත් සුමංගල හිමියන්ගෙ අනුශාසකත්වය නොඅඩුව ලැබිණ. උන්වහන්සේගේ ලේඛන කුසලතාවය විදහා දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් විය. බ්‍රහ්ම ධර්මය, මාර්ග ලක්ෂණ, සිදත් සගරා සන්නය ආදී ග්‍රන්ථ ඒ අතර වෙයි.

මෙ සියලු කටයුතු කෙරෙහි මුල්වූ උන්වහන්සේගේ පරමාර්ථය වුයෙ ශ්‍රි ලංකාවේ අනාගත දියුණුව උදෙසා බෞද්ධ අධ්‍යාපන සැලැස්මක් ක්‍රියාත්මක කරලීම ය. ත්‍රිපිටක වාගිශිවර්චාර්යත්වයෙන් පිදුම් ලද හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමියන් වහන්සේ විසින් විශාල සේවයක් සිදු කර අවුරුදු 84 ක් ආයු වළඳා 1911 අප්‍රේල් 29 වන දින අපවත් වූහ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රණසිංහ ප්‍රේමදාසසසම්භාවී ප්‍රවේශ මතකයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවරුසියානු-යුක්‍රේන යුද්ධයඑක්සත් ජනපදයඅෂ්ඨපානආරුමුග නාවලර්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ දාගැබ්ස්ත්‍රීවාදයමාක්ස්වාදයටී.බී. ජයාපංච කල්‍යාණඅන්තර්ජාලයගස්ලබුශ්‍රී ලංකා කලු වදුරාසබරගමුව පළාතඑස්. පණීභාරතනෙප්චූන්රාවණා රජමහා සිකුරාදාදස පණතඋකුස්සාඉන්දියාවේ දේශපාලන පක්ෂවී බිස්සE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සරම්පශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිආතර් සී. ක්ලාක්ආර්ථික සංවර්ධනයකඩවතසම්බන්ධක පටකයඡායාරූපයසමාජයධාතුසේන රජභික්ෂූන් වහන්සේකලා වැවඩන්කන් වයිට්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරපොන්නම්බලම් රාමනාදන්සත්ත්ව වංශඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ ජාතික කොඩියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවපෙනහළු පිළිකාරණතුංග කරුණානන්දශ්‍රී ලංකා ගුවන් හමුදාවදළ දේශීය නිෂ්පාදනයඇසකුඩාපොළ හිමිග්‍රාම නිලධාරීබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමික්‍ෂුද්‍රජීව විද්‍යාවකිරි වෙහෙර, කතරගමසිංහල භාෂාවසිකුරු ග්‍රහලොවසාර ධර්මජාත්‍යන්තර නීතියශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසීගිරි ගීසෞඛ්‍යයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅනුර කුමාර දිසානායකගොංගාලේගොඩ බණ්ඩාපටිච්චසමුප්පාදයවල්පොල රාහුල තෙරණුවෝවෛරසකතරගමස්වාභාවික උපද්‍රවපුවත්පත්තොරතුරු තාක්‍ෂණයඉන්දු-යුරෝපීය භාෂා පවුලමාධ්‍යවිකිශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයකළු කුහර🡆 More