සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ.
ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, සෙෙලය "ජීවයේ තැනුම් ඒකකය" ලෙසද හැඳින්වෙි. සෙෙල පිළිබඳව හැදෑරීම සෙෙල ජීව විද්‍යාව නම් වේ.
සෛල | |
---|---|
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.35 |
TH | H1.00.01.0.00001 |
FMA | 686465 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
පටලයකින් ආවරණය වූ සෛලප්ලාස්මයකින් සෙෙල සමක්විත වේ. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගතය. ජීවීන් ප්‍රධාන වශයෙන් ඒකසෛලීය (එක් සෙෙලයකින් පමණක් සමන්විත ජීවීන්; බැක්ටීරියාවන්) හා බහුසෛලීය (ශාක සහ සතුන්) වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කල හැකි වේ. ශාක සහ සතුන්ගේ දේහ තුල අන්තර්ගත වන සෙෙල සංඛ්‍යාව ජීව විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. පරිණත මිනිස් දේහයක් තුල සෙෙල ට්‍රිලියන 100 ක් පමණ ඇතැයි සැළකෙයි. බොහොමයක් ශාක සහ සත්ව සෙෙල දැකගත හැකි වන්නේ අන්වීක්ෂ භාවිතයෙන් පමණක් වන අතර, සෙෙල වල විශාලත්වය මයික්‍රොමීටර 1 - 100 ත් අතර පමණ වේ.
සෙෙලය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1665 වසරේදී රොබට් හුක් විසිනි. 1839 වසරේදී මුල්ම වරට සෙෙල වාදය, මතායස් ජේකොබ් ශ්ලයිඩන් සහ තියඩෝර් ශ්වාන් විසින් දියුණු කොට, සියළුම ජීවීන් සමන්විත වන්නේ තනි සෙෙලයකින් හෝ සෙෙල විශාල ගණනකින් බවත්, එම සෙෙල ඇතිවන්නේ පෙර පැවති සෙෙල වලින් බවත්, ජීවියෙකුගේ ජෙෙවීය ක්‍රියාවලීන් සෙෙල තුල සිදුවන බවත්, සියළුම සෙෙල තුල එහිලා වූ කෘත්‍යයන් පාලනය කිරීම සඳහා සහ තොරතුරු ඊලඟ පරම්පරාවේ සෙෙල වෙත සම්ප්‍රේෂණය කිරීමට අදාල ප්‍රවේණික තොරතුරු අන්තර්ගත වන බවත් ප්‍රකාශ කරන ලදී. මීට වසර බිලියන 3.5 කට පමණ පොරාතුව, පෘතුවිය මත මුල්ම සෙෙලය ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවා නම්, ප්‍රාග්න්‍යෂ්ටිකයින් (ප්‍රෝකැරියෝටා) හා සූන්‍යෂ්ටිකයින් (යූකැරියෝටා) වේ. සූ න්‍යෂ්ටිකයින් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව එවැන්නක් නොමැත. ප්‍රාග් න්‍යෂ්ටිකයින් සාමාන්‍යයෙන් ඒක සෙෙලික ජීවීන් වේ. සූ න්‍යෂ්ටිකයින්, ඒක සෙෙලික හෝ බහු සෙෙලික ජීවීන් යන දෙයාකාරයෙන්ම දැකගත හැකි වේ.
ප්‍රාග්න්‍යෂ්ටිකයින් | සූන්‍යෂ්ටිකයින් | |
---|---|---|
දර්ශීය ජීවීන් | බැක්ටීරියාවන්, ආකියාවන් | ප්‍රොටිස්ටාවන්, දිලීර, ශාක, සතුන් |
දර්ශීය ප්‍රමාණය | ~ 1–5 මයික්‍රොමීටර | ~ 10–100 මයික්‍රොමීටර |
න්‍යෂ්ටියේ ආකාරය | න්‍යෂ්ටික කලාපයක් පවතී; සංවිධානය වූ සත්‍ය න්‍යෂ්ටියක් නැත. | ද්විත්ව පටලමය සංවිධානය වූ සත්‍ය න්‍යෂ්ටියක් පවතී |
DNA | චක්‍රීයයි (සාමාන්‍යයෙන්) | රේඛීය අණුවකි. (වර්ණදේහ) හිස්ටෝන ප්‍රෝටීනද පවතී. |
RNA/ප්‍රෝටීන සංස්ලේෂණය | සෙෙල ප්ලාස්මය තුල සිදුවේ. | RNA සංස්ලේෂණය න්‍යෂ්ටිය තුලත්, ප්‍රෝටීන සංස්ලේෂණය සෙෙල ප්ලාස්මය තුලත් සිදුවේ. |
රයිබොසෝම | 70S | 80S |
සෙෙල ප්ලාස්මීය ව්‍යුහය | ඉතා කුඩා ව්‍යුහ ප්‍රමාණයක් පවතී. | සෙෙල සැකිල්ලකින් හා පටලමය ව්‍යුහ රැසකින් සමන්විත වේ. |
සෙෙල චලනය | කෂිකා හරහා සිදුවේ. (තැනෙන්නේ ෆ්ලැජලින් වලිනි) | කෂිකා සහ පක්ෂ්ම හරහා සිදුවේ. (තැනෙන්නේ ක්ෂුද්‍රනාලිකා; lamellipodia සහ filopodia ඇක්ටින් අන්තර්ගතය) |
මයිටොකොන්ඩ්‍රියා | නැත | ඇත |
හරිතලව | නැත | ඇල්ගී සහ ශාක |
සංවිධානය | ඒක සෙෙලික | ඒක සෙෙලික, ඝනාවාස, විශේෂණය වූ සෙෙල සහිත බහු සෙෙලික |
සෙෙල විභාජනය | ද්වි ඛණ්ඩනය (සරල විභාජනය) | අනූනනය (විඛණ්ඩනය හෝ අංකුරණය) ඌනනය |
වර්ණදේහ | තනි වර්ණදේහය | වර්ණදේහ එකකට වඩා පවතී |
පටලය | නැත | පටලමය ඉන්ද්‍රයිකා ඇත |
මිහිතලය මත සම්භවය වූ ප්‍රථම ජීවී ආකාරය ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල වේ. ඔවුන් සූන්‍යෂ්ටිකයින්ට සාපේක්ෂව සරල හා කුඩා වන අතර, න්‍යෂ්ටියක් වැනි පටලමය ඉන්ද්‍රයිකා නොදරයි. ප්‍රාග්න්‍යෂ්ටිකයින් වර්ග දෙකකි. ඒවා නම් බැක්ටීරියා සහ ආකියා වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල අන්තර්ගත වන DNA, එක් වර්ණදේහයක් තුල අඩංගු වන අතර එය සෙෙල ප්ලාස්මය හා සෘජුවම සම්බන්ධ වී පවතී. සෙෙල ප්ලාස්මයේ වූ න්‍යෂ්ටික කලාපය, නියුක්ලොයිඩය ලෙස හැඳින්වේ. සියළුම ජීවීන් අතුරින් බොහොමයක් ප්‍රාග්න්‍යෂ්ටිකයින් කුඩාතම වේ. ඔවුන්ගේ විශාලත්වය 0.5 සිට 2.0 µm දක්වා පමණ වෙයි.
ප්‍රාග්න්‍යෂ්ටික සෙෙලයක දැකගත හැකි ප්‍රධාන ව්‍යුහාංග 3 කි:
ශාක, සතුන්, දිලීර, ප්‍රෝටසෝවාවන්, සහ ඇල්ගාවන් සියළුදෙනාම සූන්‍යෂ්ටිකයෝ වේ. සූන්‍යෂ්ටික සෙෙල, ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල පළල මෙන් පහලොස් ගුණයක් පමණ විශාල වන අතර, පරිමාව සැළකීමේදී දහස්වාරයක් පමණ විශාල විය හැකිවේ. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල සමග සසඳන විට සූන්‍යෂ්ටික සෙෙල වල දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, සූන්‍යෂ්ටික සෙෙලය පටල මගින් තවත් කොටස් වලට බෙදී ඒවා තුල විශේෂිත පරිවෘත්තීය ක්‍රියාවන් සිදුවීමයි. ඒ අතුරින් සූන්‍යෂ්ටික සෙෙලයක් තුල DNA ගබඩා කොට පවත්වා ගන්නා සෙෙල න්‍යෂ්ටිය විශේෂ කොට දැක්විය හැකිවේ.
සෛල පටල පිලිබද පැහැදිලි කරන්නා වූ නිවරදිම ආකෘතිය තරල විචිත්‍ර ආකෘතියයි.මෙය ඉදිරිපත් කරන ලද්දේ සිංගර් හා නිකල්සන් විසිනි.සෛල ප්ලාස්ම පටලය යනු, සෛලයක් වෙනත් සෛලයකින් හෝ බාහිර පරිසරයෙන් වෙන් කරන බාහිරයේ පවතින ක්‍රියාකාරී පටලය හෙවත් බාහිර ආවරණය වේ. ගනකම මයික්‍රෝ මීටර් 0.1කි. ඉලෙක්ට්රෝන අන්වීක්ෂයෙන් බැලූ විට තද පැහැති කලාපයට අතර මැදිව ලා පැහැති කලාපයක් ලෙස පවතී. සෛල පටල ප්‍රධාන ද්‍රව්‍ය තුනකින් සෑදී ඇත.එනම්:
2.වාහක ප්‍රෝටීන 3.පර්යන්ත ප්‍රෝටීන ප්‍රෝටීන අණුවලටද ජලකාමී සහ ජල භීතික කොටස් පවතී.
ප්ලාස්ම පටලයේ බාහිර පෘෂ්ඨයේ අතු බෙදුනු කෙටි පොලිසැකරයිඩ දාම ලෙස පවතී. වැඩිපුරම පවතින්නේ ග්ලයිකෝප්‍රෝටීන යම් පොලිසැකරයිඩ දාම කිහිපයක් සමග සම්බන්ධවයි.සෛල ප්ලාස්ම පටලයේ බාහිර පෘෂ්ඨයේ පවතින කාබෝහයිඩ්‍රේට අණු සියලේ එකතුව ග්ලයිකො කැලික්සය වේ. මෙය අර්ධ පාරගමය නොහොත් වරනීය පාරගමය පටලයකි ( සෛල පටලය හරහා තෝරාගත් ද්‍රව්‍ය වලට පමනක් ගමන් කිරිමට හැක)
කාර්යයන්:
වසර බිලියන 3.8 කට පෙර
වසර බිලියන 1.5 කට පෙර
This article uses material from the Wikipedia සිංහල article සෛලය (ජීව විද්‍යාව), which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.