සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වයිරස මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයක් වන අතර ප්‍රධාන වශයෙන් නාසයට බලපාන්නක් වේ.

කැස්ස, උගුරේ අමාරුව,සොටු දියර ගැලීම, කිවිසුම් යාම, සහ දින 7 ත් 10 ත් අතර පවතින උණ ප්‍රධාන වශයෙන් පවතින්නාවූ රෝග ලක්ෂණ වේ. සමහර ලක්ෂණ සති 3 ක් පමණ පැවතීමට ඉඩ ඇත. වර්ග 200 කට අධික වයිරස ගණනාවක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන අතර ඒ අතුරින් බහුලවම rhinovirus දැකිය හැක. මෙම රෝගය නාසා ග්‍රසනිකතාව (nasopharyngitis), ඝ්‍රාණ රුහිතය ( rhinopharyngitis), උග්‍ර ස්‍රැතිය (acute coryza) , හිසරදය අදී නම් වලින්ද හඳුන්වනු ලැබේ.

සෙම්ප්‍රතිශ්‍යාව
වර්ගීකරණය සහ බාහිර සම්පත්
සෙම්ප්‍රතිශ්‍යාව
මිනිස් සිරුරේ ඇති Rhinovirus ප්‍රභේදයක මතුපිට පෙනුම
ICD-10J00.{{{3}}}
ICD-9460
DiseasesDB31088
MedlinePlus000678
eMedicinemed/2339
MeSHD003139

පෙන්නුම් කරන්නාවූ රෝග ලක්ෂණ

ඉහළ ශ්වසන කාර්ෂයේ ආසදන ඒවා බලපානු ලබන ප්‍රදේශ අනුව වර්ගීකරණය කල විට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ප්‍රධාන වශයෙන් නාසය, උගුර (ග්‍රසනිකා ප්‍රදාහය), කෝටරක (කෝටරක ප්‍රදාහය) සහ කලාතුරකින් ඇතැම් විට ඇස් (අක්ෂි පටල ප්‍රදාහය හේතුවෙන්) යන ප්‍රදේශයන්ට බලපාන බව සොයගෙන ඇත.රෝග ලක්ෂණ බොහෝ විට ඇති වන්නේ වයිරසයන් මගින් සිදු කරනු ලබන පටක විනාශ කිරීමේ ක්‍රියවලිය නිසා නොව ආසාදන වලට එරෙහිව ශරීරයේ සිදුවන ප්‍රතිශක්තීකරණ ක්‍රියවලිය හේතුවෙනි. දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පහල වූ විට මුහුනු ආවරණ පැලදීම මගින් ප්‍රාරම්භක වශයෙන් රෝගය වළක්වා ගත හැක. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම්විට නියුමෝනියාව (වයිරසයන් මගින් ඇති වන නියුමෝනියාව සහ බැක්ටීරියාවන් මගින් ඇති වන නියුමෝනියාව ) දක්වා වර්ධනය විය හැක.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකර්මයක් නොමැති වුවත් ඉන් ඇතිවන රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකර කිරීමේ හැකියාව ඇත.සෙම්ප්‍රතිශ්‍යාව යනු බෝවන රෝග අතරින් නිතර නිතර ඇති වන්නා වූ රෝගයක් වන අතර දළ වශයෙන් වැඩිහිටි පුද්ගලයෙක් වසරකට 2 - 3 වතාවක් ද කුඩා දරුවෙක් වසරකට 6 - 12 වතාවක් ද මෙයට ගොදුරු වීමේ ඉඩක් ඇත.පුරාතන කාලයේ පටන් මෙම ආසාදනයට මිනිසුන් ගොදුරුව ඇත.


සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික රෝග ලක්ෂණ ලෙස කැස්ස, සොටු දියර ගැලීම, නාසික අවහිරය, උගුරේ අමාරුව ද ඇතැම්විට මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ කෑම අරුචිය ද පෙන්නුම් කරයි. සෙම්ප්‍රතිශ්‍යාව සෑදුනු අවස්ථා ගත් විට ඉන් 40% කම උගුරේ අමාරුව ද 50% කම කැස්ස ද ඉතිරියෙන් අඩකම මාංශ පේශි වේදනාවද පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් මෙම රෝගයේදි වැඩිහිටියන්ගෙන් උණ අමාරුවක් දක්නට නොලැබෙන නමුත් ළදරුවන් හා කුඩා දරුවන් තුලින් එවැන්නක් පෙන්නුම් කෙරේ. ඉන්ෆ්ලුවෙන්සා සමඟ සැසඳීමේදී මෘදු කැස්සක් පවතී. වැඩිහිටි පුද්ගලයෙකුට කැස්ස සමඟ උණ පෙන්නුම් කෙරේ නම් එය ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් වීමේ සම්භාවිතාව වැඩිය.

ප්‍රගමනය

සෙම්ප්‍රතිශ්‍යාවේ මුල් අවදියේදී රෝගියාට තෙහෙට්ටුව, සීතල ,හිසරදය, කිවිසුම් යාම සහ දින 2 ක් පමණ පවතින කැස්ස සහ සොටු දියර ගැලීම දක්නට ලැබේ. රෝගය අනාවරණයෙන් පැය 16 ක් ඇතුලත රෝග ලක්ෂණ මතු වීම ඇරඹේ. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ දවස් 7 ක් පමණ ගතවන විට නැති වී යන නමුත් ඇතැම් ඒවා සති 3 ක් පමණ ද පැවතිමේ හැකියාව ඇත. කැස්ස පවතින සාමාන්‍ය කාල පරාසය දින 18 ක් වන අතර සමහර අවස්ථාවන්හිදී සෙම්ප්‍රතිශ්‍යාව නිමා වී සති 8 ක් පමණ වන තෙක් කැස්ස පැවතිමේ හැකියාව ඇත. (post-viral cough) කුඩා ළමුන් රෝගයට ගොදුරු වන අවස්ථාවන්ගෙන් 35-40% කදීම කැස්ස දින 10 කට වඩා පවතින අතර අවස්ථාවන්ගෙන් 10% කම කැස්ස දින 25 කට වඩා පවතී.

හේතුකාරක

සෙම්ප්‍රතිශ්‍යාව 
Coronaviruses යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට බලපානු ලබන වයිරස කාණ්ඩයක් ලෙස හඳින්වේ. ඔවුන්ට ඔටුන්නක් වැනි වූ රැස් වළල්ලක් ඇති අතර එය ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය ආධාරයෙන් දැක ගත හැක.

විද්‍යාත්මක වෛරස අධ්‍යයනය

සෙම්ප්‍රතිශ්‍යාව යනු වයිරසයක් මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයකි. රයිනොවයිරස්(30-80%) යනු picornavirus ගණයේ හඳුනාගත් serotypes 99 කගෙන් සමන්විත සෙම්ප්‍රතිශ්‍යාවට බහුලවම හේතු වන වයිරසය යි. human coronavirus (~15%),influenza viruses (10-15%),adenoviruses(5%), human parainfluenza viruses , human respiratory syncytial virus, enteroviruses සහ metapneumovirus අනෙකුත් වයිරසයන් වේ. සෑමවිටම එක් වයිරසයකට වඩා හට ගනී. මුළු එකතුවක් ලෙස ගත් විට 200 කට වැඩි විවිධ වයිරස ගණනක් සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වේ.

සම්ප්‍රේෂණය

කුඩා වාත අංශු මාර්ගයෙන්, ආසාදිත නාසික ස්‍රාවයන් ඍජු ස්පර්ශයෙන් හෝ රෝග වාහක ඕනෑම වස්තුවක් (fomites) ස්පර්ශයෙන් වයිරස මූලිකවම සම්ප්‍රේෂණය් වේ. වාත අංශු මාර්ගයෙන් රෝගය පැතිරීමට වඩා ස්පර්ශයෙන් රෝගය පැතිරීමේ ප්‍රවණතාවක් ඇත. මෙම වයිරසයන් යම්කිසි කාල පරාසයක් පරිසරයේ නොනැසී පවතින අතර (Rhinovirus පැය 18 කට වැඩි කාලයක් ) මිනිස් අත් වල තැවරී ඇස් හෝ නාස් ප්‍රදේශයට යෑමේ හැකියාවක් ඇත. මෙම ආසාදනයන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද බෝ වීමේ වැඩි ඉඩකඩක් ඇත. ළමුන් වැඩි පිරිසක් එකට ගැවසීම හා දුර්වල ස්වස්ථතාව හේතුවෙන් පාසැල් හා ළමුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයන්හිදී සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි වේ. ඉන්පසු ඔවුන්ගේ නිවෙස් වල අනෙකුත් සාමාජිකයන්ටද රෝගය සම්ප්‍රේෂණය විය හැක.

කාළගුණය

සාම්ප්‍රදායික ගැමි මතයට අනුව වැස්ස හෝ ශීත ඍතුව වැනි සීතල කාළගුණික තත්වයන්ට නිරාවරණය වීම සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන ප්‍රධානම හේතුවයි. සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන සමහර වයිරස ඍතුමය වශයෙන් හට ගන්නා අතර සීතල කාළගුණික තත්වයන්හිදී බහුල වේ. නමුත් ඍතුමය වශයෙන් හට ගැනීමට හේතුව නිශ්චිතවම සොයා ගෙන නැත. ඇතැම් විට සීත කාලයේ ශ්වසන පද්ධතියේ ඇති වන වෙනස්කම් , ප්‍රතිශක්තීකරණ දුර්වලතා , අඩු ආර්ද්‍රතාවය හේතුවෙන් වැඩි වන වයිරස සම්ප්‍රේෂණ සීග්‍රතාව සහ වියළි වාතය කුඩා වයිරස අංශු වල අපකිරණ හැකියාව වැඩි කිරීමෙන් ඒවාට වැඩි දුරකට සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාව ඍතුමය බලපෑමට හේතු විය හැක. වැඩි කාල වේලාවක් ගොඩනැඟිලි තුල සිටීම, ආසාදිත රෝගියෙක් අසල සිටීම ( විශෙෂයෙන්ම පාසැල් ළමුන් ), වැනි සමාජ සාධක මත ද රෝගය වැළඳීමට හැක. අඩු ශරීර උෂ්ණත්වය සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන අවදානම් සාධකයක් ද යන්න පිළිබඳව මත්භේදයක් පවතී. බහුතර මතය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව ආසාදනය වීමේ නැඹුරුතාවට අඩු ශරීර උෂ්ණත්වය බලපාන බවයි.

අනෙකුත්

පෙර අවස්ථාවන්හිදී සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වී තිබේ නම් වයිරසය පැතිරීමේ ප්‍රවණතාව අඩු වේ. මේ හේතුවෙන් ළාබාල ළමුන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වී මේ ප්‍රවණතාව වැඩිය. රෝගය වැළඳීමේ අවදානම් සාධකයක් ලෙස දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියකින් යුතු වීමද පෙන්වා දිය හැක. අඩු නින්ද, මන්දපෝෂණය හේතුවෙන් ප්‍රතිශක්තීකරණ කාර්යය දුර්වල වන අතර වයිරසය වර්ධනය වීමේ සීග්‍රතාවය වැඩි වේ. මව්කිරි දීම මගින් තදබල මධ්‍ය ශ්‍රෝත්‍රදාහය හා පහළ ශ්වසන කාර්ෂයේ ආසාදන අවම කර ගත හැකිය. ළදරුවෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට මව්කිරි දීම සුපුරුදු ලෙස සිදු කරන ලෙස නිර්දේශ කර ඇත.එසේ වුවද සංවර්ධිත ලෝකයේ මව්කිරි දීම මඟින් පමණක් සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගත නොහැක.

ව්‍යාධි කායික විද්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව 
සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වයිරස මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයකි .

සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියට මූලිකවම සම්බන්ධ වන බව විශ්වාස කෙරේ. ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ යාන්ත්‍රණය එක් එක් වයිරසය සඳහා විශේෂිත වේ. නිදසුනක් ලෙස රයිනොවයිරස් ඍජු ස්පර්ශය තුළින් පැතිරේ; එය මිනිස් ICAM-1 ප්‍රතිග්‍රාහක සමඟ බැඳී දැවිල්ල ඇති කරනු ලබන ප්‍රතික්‍රියාවන් ආරම්භ කරනු ලැබේ. මෙම මූලික ප්‍රතිශක්තීකරණ ප්‍රතික්‍රියා රෝග ලක්ෂණ ඇති කරලීමට හේතු වේ. සාමාන්‍යයෙන් එය නාසික අපිචජයට හානියක් නොකරයි. තවද ශ්වසන සංසෛල වයිරස(RSV) ඍජු ස්පර්ශයෙන් මෙන්ම කුඩා වාත අංශු මඟින්ද පැතිරේ. ඉන්පසු එය පහළ ශ්වසන කාර්ෂයට පැතිරීමට ප්‍රථමව නාසයට හා උගුරට ව්‍යාප්ත වේ. RSV අපිචජයන්ට හානි පමුණුවයි. මිනිස් පැරා ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ප්‍රධාන ලෙස නාසික, උගුරු හා ශ්වාසනාල ශාඛා (bronchi) ප්‍රදාහයන් ඇති කරයි. කුඩා ළමුන්ට සෑදුනු විට එය ශ්වාසනාලයට බලපාන අතර ශ්වසන මාර්ගය කුඩා වීම හේතුවෙන් වියළි කැස්ස සහිත රෝග ලක්ෂණ (croup) පෙන්නුම් කරයි.

රෝග විනිශ්චය

එකිනෙකට වෙනස් ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදන වල ප්‍රධාන වෙනස වනුයේ ඒවා රෝග ලක්ෂණ ඇති වන ප්‍රදේශ මත පදනම් වීම හා සෙම්ප්‍රතිශ්‍යාව නාසික ප්‍රදාහය, ග්‍රසනිකා ප්‍රදාහය සහ පෙනහළු වල බ්‍රොන්ක්‍රයිටිස් රෝගය ඇති කිරීමයි. කෙසේ වෙතත් සැලකිය යුතු සමානකම් ද තිබිය හැක. සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ විට නාසික ප්‍රදාහයට හේතු වන්නක් ලෙස සලකන අතර උගුර ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයද යම් ප්‍රමාණයකින් ඇති විය හැක. සෙම්ප්‍රතිශ්‍යාවේදී තමන් විසින්ම රෝග විනිශ්චය කර ගැනීම බහුලව සිදු වේ.සැබෑ වයිරස කාරකය විසංගමය වීම ඉතා කලාතුරකින් සිදු වන අතර රෝග ලක්ෂණ තුළින් වයිරසයේ වර්ගය සොයා ගැනීම කල නොහැකි වේ.

තුරන් කිරීම

සෙම්ප්‍රතිශ්‍යාව ව්‍යාප්තිය අඩු කිරීමට දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම, රෝග ලක්ෂණ පහල වූ විට මුහුනු ආවරණ පැලදීම සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි දී අත් වැසුම් පරිහරණය වැනි ක්‍රියාමාර්ගයන් වැදගත් වේ. සෙම්ප්‍රතිශ්‍යාව යනු සියල්ලම පාහේ දන්නා රෝගයක් බැවිනුත් එහි රෝග ලක්ෂණ විශේෂී නොවීම හේතුවෙනුත් හුදෙකලාව සිටීම කළ නොහැක්ක කි. උදා : කොරන්ටීන් (quarantine) . සෙම්ප්‍රතිශ්‍යාවට එකිනෙකට වෙනස් වයිරස විශාල ප්‍රමාණයක් හේතු වන නිසාත් එම වයිරසයන් ඉතා වේගයෙන් වෙනස් වීම් වලට භාජනය වන බැවිනුත් එන්නත් කිරීම අමාරු කාර්යයක් බව සොයා ගෙන ඇත. සියල්ලන්ට ගැළපෙන අයුරින් වඩා ඵලදායී එන්නතක් නිෂ්පාදනය ඉතා අපහසු වේ. නිතිපතා දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම මඟින් විශේෂයෙන්ම කුඩා දරුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාවට සම්ප්‍රේෂණය වීම අවම කර ගත හැක. ප්‍රතිවයිරසයන් හා ප්‍රතිබැක්ටීරියාවන් දෑත් සේදුම් දියරයන්ට එකතු කර ගැනීමෙන් විශේෂ වාසියක් අත් වේද යන්න තවමත් සොයා ගෙන නොමැත. ආසාදිත පිරිස් සමඟ ගැවසෙන විට මුහුනු ආවරණ පැළැඳීම යහපත්ය.කෙසේ වුවද සමාජ ආශ්‍රයෙන් බොහෝ ඈත් වීම අනවශ්‍යය. සින්ක් පරිපූරක(zink) මඟින් සෙම්ප්‍රතිශ්‍යාව ව්‍යාප්ත වීම අඩු කර ගත හැක. විටමින් C පරිපූරක සෙම්ප්‍රතිශ්‍යාවේ දරුණුකම අඩු නොකළත් එය පවතින කාල සීමාව අඩු කරයි.

කළමණාකරණය

සෙම්ප්‍රතිශ්‍යාව 
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගැනීමට "වෛද්‍යවරයා හමුවන්න" ලෙස ප්‍රදර්ශනය කරන්නා වූ පෝස්ටරයක දර්ශනයක්.

ආසාදිත කාල සීමාව අඩු කිරීම සඳහා බෙහෙත් හෝ ඖෂධීය ප්‍රතිකාර නිශ්චිතවම හඳුනාගෙන නැත. ප්‍රතිකාර මඟින් රෝග ලක්ෂණ අඩු කරයි. අවශ්‍ය තරම් විවේක ගැනීම,විජලනය වළක්වා ගැනීමට දියර පානය කිරීම සහ උණුසුම් ලුණු වතුරෙන් උගුර සේදීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව යම් තරමකට අවම කර ගත හැක. ඖෂධීය ප්‍රතිකාරයන්ගේ සාර්ථකත්වයට පෙර සඳහන් කරන ලද ක්‍රියාමාර්ග හේතු වේ. [ placebo effect ]

රෝග නිමිති

රෝග ලක්ෂණ තුරන් කිරීමට උපකාරී වන ප්‍රතිකාර වල නිර්වේදක හා ibuprofen ,acetaminophen/paracetamol වැනි ප්‍රතිජ්වරක අඩංගු වේ. කැස්ස සඳහා වූ බෙහෙත් නිර්වේද වලට වඩා ප්‍රතිඵල දායක බවට සාක්ෂි නොපවතින අතර ඒවයේ පවතින හානිදායක බව හේතුවෙන් කුඩා ළමුන්ට දීම සඳහා නිර්දේශ නොකරයි. 2009 දී කැනඩාව ඕවර්-ද-ක්වුන්ට් බෙහෙත අවු: 6 හා ඊට අඩු ළමුන් සඳහා තහනම් කරන ලද්දේ එහි ඇති අවදානම් බව සහ භාවිතයෙන් යහපත් ප්‍රතිඵල නොලැබුණු බැවිනි. dextromethorphan (කැස්සට ගන්නා වූ බෙහෙත ) වැරදි ලෙස භාවිතයෙන් රටවල් ගණනාවක් විසින් තහනම් කරන ලදී. වැඩිහිටියන්ගේ සොටු දියර ගැලීමේ රෝග ලක්ෂණය , ආසාදිත බලපෑම් නිෂ්ක්‍රිය කිරීමට යොද ගන්නා ඖෂධ විශේෂයක් වූ first-generation antihistamines මඟින් අඩු කර ගත හැක. ඇතැම් අවස්ථාවන්හිදී නිදිමත වැනි අහිතකර බලපෑම්ද ඇති වේ.

අනෙකුත් pseudoephedrine වැනි නාසය හිර වීම අඩු කරන ඖෂධ (decongestants) වැඩිහිටියන්ට යහපත් ප්‍රතිඵල ලබා දේ. Ipratropium නාසික ඉසිනය සොටු දියර ගැලීම අඩු කළද නාසය පිරවීම/හිර කිරීම වැනි ගැටළු ඇති කළ හැකිය. Second-generation antihistamines එතරම් ප්‍රතිඵල දායක නොවේ. වැඩි වූ තරල චූෂණය රෝග ලක්ෂණ වැඩි කරන බව හෝ ශ්වසන දුර්වලතා අඩු කරන බව තවමත් අධ්‍යයන මඟින් සොයා ගෙන නැත.එක් අධ්‍යයනයක් මඟින් සොයා ගෙන ඇති පරිදි chest vapor rub මඟින් රාත්‍රී කාලයේ ඇති වෙන කැස්සෙන්, අවහිරයන්ගෙන් හා නිදා ගැනීමේ අපහසුතාවන්ගෙන් සහනයක් ලබා ගත හැක.

ප්‍රතිජීවක හා ප්‍රතිවයිරස

වයිරස ආසාදනයන්ට ප්‍රතිජීවක මඟින් බලපෑමක් නොමැත. එනිසා සෙම්ප්‍රතිශ්‍යාව සාදන වයිරසවලට එරෙහිව කිසිදු බලපෑමක් නොමැත. ප්‍රතිජීවක වල අතුරු ආබාධ හේතුවෙන් ඒවා සමස්ථ ලෙස හානි පමුණුවන නමුත් දැනටත් ඒවා නිර්දේශ කරනු ලැබේ. බොහෝ විට ප්‍රතිජීවක නිර්දේශ කරනු ලැබීමට හේතුව වන්නේ මිනිසුන් ප්‍රතිජීවක පිළිබඳ තබා ඇති විශ්වාසය, වෛද්‍යවරුන්ගේ කැමැත්ත සහ ප්‍රතිජීවක මඟින් සුව වන අවස්ථා බැහැර කිරීමේ අපහසුතාව යි. සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිඵලදායී ප්‍රතිවයිරස බෙහෙත් නොමැති නමුත් සමහර මූලික ගවේෂණ මඟින් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.

විකල්ප ඔසු

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා බොහෝ විකල්ප ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබුවත්, ඒවායින් බොහොමයක් සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැත. 2010 දී පවා මීපැණි හෝ නාසික නිස්සේචනය නිර්දේශ කිරීමට හෝ ඊට විරුද්ධ වීමට ප්‍රමණවත් සාක්ෂි නොවීය. සින්ක් රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැණිනි.අධ්‍යයන වලට අනුව රෝග ලක්ෂණ ඇතිවී පැය 24 ක් ඇතුළත සින්ක් ගැනීමෙන් ,සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාල පරාසය හා එහි දරුණුතාවය අඩු කර ගත හැකිය.අධ්‍යයන වල පවතින පුළුල් වෙනස්කම් හේතුවෙන් සින්ක් වල ඵලදායිතාවය කුමන වේලාවේදී,කුමන ආකාරයකට යන්න තීරණය කිරීමට තවදුරටත් ගවේෂණය කිරීම අවශ්‍ය වේ. එනමුදු සින්ක් ලොසින්ජර අතුරු ආබාධ ඇති කරයි. වෛද්‍යවරුන් විසින් සින්ක් නිර්දේශ කිරීම සඳහා එක් දුර්වල තාර්කිකයක් පවතී. විටමින් C මඟින් ඇති කළ හැකි බලපෑම ඉතා අඩු බව පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. (සමහර අවස්ථාවන්හි හැර ). Echinacea නිෂ්පාදන මඟින් යහපත් ප්‍රතිඵල ගෙන දෙන බවට ස්ථීර සාක්ෂියක් නොමැත. විටමින් D සඳහා එක් වරක් පරීක්ෂණයක් පැවැත් වූ අතර එයින් වාසියක් ඇති බව සොයා ගෙන නොමැත. සුදුළුණු සෙම්ප්‍රතිශ්‍යාව අඩු කිරීමට සුදුසු ද යන්න සොයා ගෙන නොමැත.

රෝග විග්‍රහය

සෙම්ප්‍රතිශ්‍යාව යනු සාමාන්‍යයෙන් මෘදු ස්වයං-සීමාකාරී රෝගයක්වන අතර එහි බොහෝ රෝග ලක්ෂණ සතියකින් පමණ වර්ධනය වේ. ඉන් භාගයක් පමණ දින 10 කින් පමණ නැති වී යන අතර දින 15 කදී 90% ක් පමණ නැති වී යයි. ඉතා මහළු, ඉත ලාබාල හෝ ප්‍රතිශක්ති මර්දිත පුද්ගලයන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඉතා උග්‍ර ලෙස බලපෑ හැක. අතුරු බැක්ටීරියා ආසාදන හේතුවෙන් නාසාරන්ද්‍ර ඉදිමීම, ග්‍රසනිකා ප්‍රදාහය හා කන් ආශ්‍රිත ආසාදන ඇති විය හැක. සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු අවස්ථාවන්ගෙන් 8% කට නාසාරන්ද්‍ර ඉදිමීම ද 30% කට කන් ආශ්‍රිත ආසාදන හට ගෙන ඇති බව තක්සේරු කර ඇත.

වසංගත අධ්‍යයනය

සෙම්ප්‍රතිශ්‍යාව යනු මිනිසුන් අතර පොදුවේ දක්නට ලැබෙන රෝගයකි. එයට මුළු ලෝක වාසීන්ම ගොදුරු වේ. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට වාර්ෂිකව 2-5 අතර ආසාදන සංඛ්‍යාවක්ද කුඩා දරුවන්ට 6-10 වාර ගණනක්ද (පාසැල් දරුවන්ට වසරකට 12 වතාවක් පමණද ) සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩාත් නරක අතට ගෙන යමින් ආසාදනයන් වර්ධනය වේ. ස්වදේශීය ඇමරිකානුවන් හා එස්කිමෝවරුන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි අතර මධ්‍ය ශ්‍රොත්‍රදාහය වැනි ගැටළුකාරී තත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය යුරෝපීයයන්ට වඩා වැඩිය.

ඉතිහාසය

සෙම්ප්‍රතිශ්‍යාව 
සෙම්ප්‍රතිශ්‍යාවෙන් සිදු වන අලාභය විස්තර කරන්නා වූ දෙවන ලෝක යුද්ධයේදී ගැණුනු බ්‍රිතාන්‍ය පෝස්ටරයකි.

සෙම්ප්‍රතිශ්‍යාවට බලපෑ හේතුව 1950 දී සොයා ගත් නමුදු එය පුරාතන කාලයේ පටන් පැවති රෝගයකි. එහි රෝග ලක්ෂණ හා ප්‍රතිකාර පිළිඳව පැරණි මිසර පැපිරීස් (ඉතාමත් පැරණි වෛද්‍යමය සටහන් වන අතර 16 වැනි ශත වර්ෂයට පෙර ලියා ඇත. )වල විස්තර කර ඇත. ඉංග්‍රීසි බසින් සෙම්ප්‍රතිශ්‍යාවට Cold යන්න භවිතා කරන අතර එය භාවිතයට පැමිණ ඇත්තේ 16 වැනි සියවසේ ය. සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ හා සීතල දේශගුණයට නිරාවරණයෙන් ද රෝගය ඇති විය හැකි බැවින් එයට මෙම නම ලැබී ඇත. එක්සත් රාජධානියේ වෛද්‍ය ගවේෂණ මණ්ඩලය මඟින් සෙම්ප්‍රතිශ්‍යා ඒකකයක් පිහිටවනු ලැබුයේ 1946 වන අතර රයිනොවයිරස් හඳුනා ගනු ලැබුයේ 1956 දීය. 1997 දී CCU පෙන්වා දෙන ලද්දේ රයිනොවයිරස් ආසාදනයකට විවෘත වූ පසු මුල් රෝග ලක්ෂණ ඇති වීම අතරතුර කාලයේදී interferon ප්‍රතිකාරය මඟින් රෝගයට එරෙහිව යම් ආරක්ෂාවක් සැපයෙන බවයි. නමුත් ඒ සඳහා කිසිදු ප්‍රායෝගික ප්‍රතිකාරයක් දියුණු කළ නොහැකි විය. සින්ක් ග්ලුකොනේට් ලොසින්ජර ( zinc gluconate lozenges) පිළිබඳ ගවේෂණය අවසන් කිරීමෙන් වසර 2 කට පසු එම ඒකකය 1989 දී වසා දැමීය.

සමාජ හා සංස්කෘතික

සෙම්ප්‍රතිශ්‍යාව නිසා වූ ආර්ථික බලපෑම පිළිබඳව ලෝකයේ එතරම් උනන්දුවක් නැත. ඇමරිකානු එක්සත් ජනපදයේ සෙම්ප්‍රතිශ්‍යාව නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 75-100 අතර වෛද්‍යවරුන් හමුවීම් සංඛ්‍යාවක්ද වාර්ෂිකව ඩොලර් බිලියන 7.7 පමණ වූ වියදමක් ද යන බව තක්සේරු කර ඇත. ඇමරිකානුවන් ඩොලර් බිලියන 2.9 ක් over-the-counter බෙහෙත් සඳහා ද තවත් ඩොලර් මිලියන 400 ක් නිර්දේශ කරනු ලබන අනෙකුත් බෙහෙත් සඳහා ද වැය කරනු ලබයි. වෛද්‍යවරුන් හමු වන පිරිසෙන් තුනෙන් එකකටම වඩා පිරිසක් ප්‍රතිජීවක නිර්දේශයන් ලබා ගනී. ඇස්තමේන්තු වලට අනුව මිලියන 22-189 පමණ පාසල් දින නැති වී යෑම් වාර්ෂිකව සිදු වේ. මේ හේතුවෙන් ලෙඩ වූ තම දරුවන් බලා ගැනීම සඳහා නිවසේ නතර වීමෙන් දෙමව්පියන්ගේ වැඩ කරන දින මිලියන 126 ක් පමණ නැති වී යයි. සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් සේවක වැඩ කරන දින මිලියන 150 ක් පමණ නැති වී යන අතර සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇති වන මුළු ආර්ථික බලපෑම වාර්ෂිකව ඩොලර් බිලියන 20 ඉක්මවයි. ඇමරිකානු එක්සත් ජනපදයේ වැඩ කරන කාලයෙන් 40% ක් පමණ අඩු වන බව ගණන් බලා ඇත.

ගවේෂණ උපදේශනය

ප්‍රතිවයිරස විශාල සංඛ්‍යාවක් ප්‍රථිඵල දායී බව දැන ගැනීම සඳහා පරීක්ෂණ වලට භාජනය කර ඇත. කෙසේ නමුත් 2009 වන විට කිසිවක් ප්‍රථිඵල දායී බව සොයාගෙන නොතිබූ අතර භාවිතය සඳහා ලියාපදිංචි කර නොතිබිණි. picornaviruses වලට එරෙහිව පූර්වනිමිති පළ කළ pleconaril ප්‍රතිවයිරසය පිළිබඳව හා BTA-798 සම්බන්ධව අත්හදා බැලීම් ඉදිරියට සිදු කරගෙන යයි. pleconaril හි වාචික ආකාරය පිළිබඳව ආරක්ෂිත ගැටලු පැන නඟින නමුත් ඉතා කුඩා අංශු වායුවක විසිර තිබීමේ ක්‍රමය පිළිබඳව අධ්‍යනය කරමින් පවතී.

Massachusetts Institute of Technology මඟින් දියුණු කරන ලද DRACO , පුළුල් වර්ණාවලී ප්‍රතිවයිරස රෝග චිකිත්සාව රයිනොවයිරස්වලට හා අනෙකුත් ආසාදිත වයිරස ගණනාවකට ප්‍රතිකාර කිරීමේ සාර්ථකත්වය ප්‍රාථමික වශයෙන් පෙන්නුම් කර ඇත. බෝල්ටිමෝ නගරයේ පිහිටි University of Maryland School of Medicine සරසවියේ හා University of Wisconsin–Madison සරසවියේ ගවේෂකයන් විසින් සියළු රයිනොවයිරස් වර්ගයන්හි ජානමය ද්‍රවය අනුපිළිවෙලකට සකස් කරනු ලැබීය.

මූලාශ්‍ර

වැඩිදුර කියවීමට

  • රොනල්ඩ් එකල්ස්, ඕල්ෆ් වෙබ්ලර් (eds). සෙම්ප්‍රතිශ්‍යාව. Basel: Birkhäuser. ISBN 978-3-7643-9894-1. ;

බාහිර යොමු

Tags:

සෙම්ප්‍රතිශ්‍යාව පෙන්නුම් කරන්නාවූ රෝග ලක්ෂණසෙම්ප්‍රතිශ්‍යාව හේතුකාරකසෙම්ප්‍රතිශ්‍යාව ව්‍යාධි කායික විද්‍යාවසෙම්ප්‍රතිශ්‍යාව රෝග විනිශ්චයසෙම්ප්‍රතිශ්‍යාව තුරන් කිරීමසෙම්ප්‍රතිශ්‍යාව කළමණාකරණයසෙම්ප්‍රතිශ්‍යාව රෝග විග්‍රහයසෙම්ප්‍රතිශ්‍යාව වසංගත අධ්‍යයනයසෙම්ප්‍රතිශ්‍යාව ඉතිහාසයසෙම්ප්‍රතිශ්‍යාව සමාජ හා සංස්කෘතිකසෙම්ප්‍රතිශ්‍යාව ගවේෂණ උපදේශනයසෙම්ප්‍රතිශ්‍යාව මූලාශ්‍රසෙම්ප්‍රතිශ්‍යාව වැඩිදුර කියවීමටසෙම්ප්‍රතිශ්‍යාව බාහිර යොමුසෙම්ප්‍රතිශ්‍යාවකැස්ස

🔥 Trending searches on Wiki සිංහල:

කැහිබෙල්ලාසිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියවෙසක් උත්සවයත්‍රිවිද්‍යාශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවනෙළුම්ශිශ්නයනිල් අවරියසුරතාන්තයසීගිරියකොළඹ විශ්වවිද්‍යාලයධනවාදයදහඅට සන්නියප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මූල්‍ය ප්‍රකාශනයසිංහල භාෂාවමුල් පිටුවකොළඹ බස් මාර්ගශාන්තිකර්මයශෝදරාලූනුග්‍රීක දර්ශනවාදීන්කෘමියෝසිංහල අලුත් අවුරුද්දආනන්ද සමරකෝන්ක්ෂුද්‍ර ජීවීන්අනගාරික ධර්මපාලරබින්ද්‍රනාත් තාගෝර්නීතියමෛත්‍රී බුදුරජාණන් වහන්සේදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකාවේ පළාත් මල්බයිබලයටී.ආර්. ආරියරත්නඔහියශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියහෙන්රි ස්ටීල් ඕල්කට්වසසිංහල සාහිත්‍යයසමනලයාවන්නම්සොක්‍රටීස්අපද්‍රව්‍ය කළමනාකරණයසුළඟයාපනයඅධ්‍යාපන මනෝ විද්‍යාවදෙමෝදර ආරුක්කු නමයේ පාලමමහත්මා ගාන්ධිසිංහරාජ වනාන්තරයදෙවන ලෝක යුද්ධයව්‍යාපෘති කළමනාකරණයණය පත්නියුමෝනියාවමල්කළුතරශ්‍රී ලංකාවේ කම්කරු නීතියපොළොන්නරුව පෞරාණික නගරයප්‍රවෘත්ති - රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයවිශේෂ කාර්ය බලකායපියයුරු සංසර්ගයභාෂාවසංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසෝඩියම්ශ්‍රී ලංකාවේ පළාත්සිංහබාහුශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයආගම්ජංගම දුරකථනයේ උපතභගමණියශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමාරි කියුරිශ්‍රී ලංකා ජාතික ගීයනොබැඳි ජාතීන්ගේ සංවිධානය🡆 More