සූර්ය ග්‍රහණ

සූර්ය ග්‍රහණය ඇති වනුයේ සූර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සුර්යයාම වැසී යන පරිද්දෙන් සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි.

සූර්ය ග්‍රහණයක් අමාවක දිනකදී සිදුවේ.මෙය සිදු විය හැක්කේ නව සඳ පවතින දිනෙක පමණි. එවන් දිනක පෘථිවියේ සිට බලන කළ සූර්යයා සහ චන්ද්‍රයා එක එල්ලේ පිහිටයි. වසරකට සූර්ය ග්‍රහණ 4 ක් පමණ සිදු වන නමුත් සඳෙහි සෙවනැල්ලට ඇතුළත් වන කුඩා ප්‍රදේශයක් තුළ පමණක් සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන හෙයින් ඕනෑම ප්‍රදේශයක් සඳහා පූර්ණ සූර්ය ග්‍රහණ ඉතා දුලබ අවස්ථාවන් වේ.

සූර්ය ග්‍රහණ
සූර්යග්‍රහණය අැතිවෙන අාකාරය
tiny globe
සූර්ය ග්‍රහණය ජ්‍යාමිතිය ලෙස දක්වමින්

පූර්ණ සුර්යග්‍රහණයක් ඉතා විශේෂ ස්වභාවික සංසිද්ධියක් වන අතර බොහෝ දෙනා එවැන්නක් දැක බලා ගැනීම සඳහා ඉතා ඈත ප්‍රදේශවලට පවා ගමන් කරති. 1999 වසරේ දී යුරෝපයට දර්ශනය වූ පූර්ණ සූර්ය ග්‍රහණය මේ සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවති අවධානය ඉහළ නැංවීමට සමත් විය. මේ බව 2005 වසරේ හට ගත් අර්ධ සූර්ය ග්‍රහණය සහ 2006 වසරේ හටගත් පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීම සඳහාම ගමන් කළ පුද්ගලයන් සංඛ්‍යාව අනුව පැහැදිලි වේ. මීළඟ සූර්ය ග්‍රහණය 2008 වසරේ අගෝස්තු 1 වැනි දින දැකගත හැකි වූ අතර එය පූර්ණ සූර්යග්‍රහණයකි.

අතීත සංස්කෘතීන් තුළ සහ ඇතැම් වර්තමාන සංස්කෘතීන් තුළ සූර්ය ග්‍රහණ සඳහා ආශ්චර්යමත් හේතූන් බලපාන බවට මතයක් විය. පූර්ණ සූර්යග්‍රහණයක් එවැන්නක තාරකා විද්‍යාත්මක පැහැදලි කිරීම පිළිබඳ නොදත් පුද්ගලයෙකුට බිය ජනක අත්දැකීමක් විය හැකිය. හදිසියේම දහවල් කාලයේ විනාඩි කිහිපයක් තුළ සූර්යයා අතුරුදන්ව ආකාශය අඳුරු පැහැ ගැනීම ඊට හේතුවයි.

Tags:

පෘථිවියසඳසූර්ය ග්‍රහණයසූර්යයා

🔥 Trending searches on Wiki සිංහල:

කොහොඹප්‍රභාසංශ්ලේෂණයක්‍ෂුද්‍රජීව විද්‍යාවලංකා ඉතිහාසය-මහාවංශය යනුශ්‍රී ලංකාවසිංහල ජනයාජාත්‍යන්තර නීතියදෙමළ ජනතාවපරිසර දූෂණයස්වාභාවික උපද්‍රවඉසුරුමුණි කැටයම්රසායනික බන්ධනපෘතුගීසි ලංකාවසිවිල් නීතිය සහ පොදු නීතියසරත් ගුණපාලරාමසාන් උත්සවයහොරසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසනත් ජයසූරියදෙමළ භාෂාවසිංහල ජන නාටකදුක්ඛනිරෝධ ආර්ය සත්‍යයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිපෘෂ්ඨවංශීන්ධර්ම සංගායනාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමහගම සේකරඋසස් බාලිකා විදුහල, මහනුවරමාර්ටින් වික්‍රමසිංහසියඹලාමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවරාජ්‍ය නොවන සංවිධානනෙළුම්විහාරමහා දේවියගණිතයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශ්‍රී ලංකාවේ සිනමාවඇසශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුගොංගාලේගොඩ බණ්ඩාපුරාණ ශ්‍රී ලංකාවේ මුදල්ලෝක ආහාර අර්බුදයවිකිශ්‍රී ලංකා ගිරාමලිත්තාක්ලියෝපැට්රාශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවදෙවි දේවතාවියෝකොහොඹා කංකාරියදෙමළ අක්ෂර මාලාවඅපරාධශ්‍රී වික්‍රම රාජසිංහ රජහික්කඩුවමධ්‍යම ප්‍රතිපදාවඅශෝක අධිරාජයාක්‍ෂීරපායි සත්තුජේතවනාරාමය, අනුරාධපුරචලිතය පිළිබඳ නිව්ටන් නියමනීතියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)පොළොන්නරුව (බහුරුත්හරණය)බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්භෛරවී රාගයමහ පොළොවආතර් වී. දියෙස්ස්ත්‍රී පුරුෂ භාවයමිනිස් ඇසඑල්ලේ ක්‍රීඩාවේ රීතිමානව සම්පත් කළමනාකරණයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)පංච කල්‍යාණදුන්හිඳ ඇල්ලභූපාලි රාගයකාලස් පුයිජ්දෙමොන්වෛද්‍ය විද්‍යාව🡆 More