සීගිරියේ ඉතිහාසය: සීගිරිය ඉතිහාසය

සීගිරිය ප්‍රාග් ඵෙතිහාසික යුගය තුළ ද ජනාවාස වී තිබෙන්නට ඇත.

සැදැහැවතුන් විසින් සකස් කිරීමෙන් පසු බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කරන ලද ගල් ලෙන් සහිත එම ලෙන් ආරාම ක්‍රි.පූ 5 වැනි සියවසේ සිට පරිහරණය කර තිබේ. උද්‍යානයන් සහ මාළිගය තැනවූයේ කාශ්‍යප රජු විසිනි. කාශ්‍යපයන්ගේ මරණයෙන් පසු 14 වැනි සියවස දක්වා ඵය ආරාම සංකීර්ණයක් ලෙස පැවතුන අතර ඉන් පසු පාළුවට ගියේය. බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයෙකු වූ ජෝන් ස්ටිල් නැමැත්තා මෙහි නටබුන් අනාවරණය කළේ ය. සීගිරියෙහි වූ කුරුටු ගී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා විසින් කියවූ පසුව කාණ්ඩ 2 ක් ලෙස ඔක්ස්ෆර්ඩ් ආයතනය විසින් 'සීගිරි කුරුටු ගී' නමින් ප්‍රකාශයට පත් කරන ලදී. පරණවිතාන විසින්ම (Story of Sigiriya) සීගීරියේ කතාන්දරය නැමැති කෘතියද කරන ලද්දේ ය.

සිගීරියේ මූලාරම්භය පිළිබඳ පුරා කථා

ශ්‍රී ලංකාවේ පුරාණ ඵෙතිහාසික වංශ කතාවක් වූ මහා වංශ‍යෙහි කාශ්‍යප විස්තර වන්නේ ධාතුසේන රජුගේ පුත්‍රයා වශයෙනි. කාශ්‍යප තම පියා ධාතුසේන රජු පණ පිටින් බිත්තියකට බැඳ ජීවිතක්ෂයට පත් කොට තම සහෝදරයා වූ මොග්ගල්ලානට උරුමව තිබූ රජකම පැහැර ගත්තේ ය. මොග්ගල්ලාන යනු රජුගේ අග බිසවගේ පුත්‍රයා ය. මොග්ගල්ලාන ඉන්දියාවට පලා ගියේ තම සහෝදරයා වූ කාශ්‍යප විසින් ඝාතනය කරනු ලැබේය යන බියෙනි. ඵහෙත් කාශ්‍යපගෙන් පලි ගන්නා බවට ඔහු ශපත කළේ ය. ඔහු ආපසු ලංකාවට පැමිණ තමනට උරුම රාජ්‍යය ලබා ගන්නෙමැයි අදහසින් ඉන්දියාවේ සිට සේනා සංවිධානය කළේ ය.

මොග්ගල්ලානගේ ආපසු පැමිණීම නියත වශයෙන්ම සිදු වන බව සිතූ කාශ්‍යප සීගිරිය බලකොටුවක් වශයෙන් තෝරා ගෙන ඵහි මතුයෙහි මාළිගාවක් ද ඉදි කළේය. මොග්ගල්ලාන ආපසු පැමිණ යුද්ධ ප්‍රකාශ කළේය. යුද්ධය කෙරීගෙන යන අතරතුරේ දී කාශ්‍යපගේ හමුදාව ඔහු තනි කළේ ය. කාශ්‍යප තම කඩුව මත ඇද වැටී සිය දිවි හානි කර ගත්තේ ය. පුරාවෘත්තවල සහ ජනප්‍රවාදවල සඳහන් වන අන්දමට ඵ් පුවත මෙසේය "කාශ්‍යප තම යුද හස්තියා සටන් කිරීමට සුදුසු ස්ථානයක් සොයා වෙනත් තැනකට මෙහෙය වූ විට ඔහුගේ හමුදාව ඵය වරදවා තේරුම් ගත්තේ කාශ්‍යප පැරදී පසු බසින ලෙසිනි" ඉන් පසු ඔහුගේ හමුදාව කාශ්‍යප සම්පූර්ණයෙන් ම තනි කොට පලා ගියහ. මොග්ගල්ලාන තම අගනුවර ලෙස අනුරාධපුරය තෝරා ගත්තේ ය. සීගිරිය ආරාම සංකීර්ණයක් බවට පත් විය.

වෙනත් කතාන්දරවලින් කියවෙන්නේ සීගිරියේ මුල් නිමැවුම්කරු ධාතුසේන රජු බවත් තම පිය රජු සිහිවීම පිණිස කාශ්‍යප එහි වැඩ කටයුතු නිම කළ බවත් ය. කාශ්‍යප රජු විනෝදකාමියෙකු මෙන්ම සීගිරිය විනෝද මාළිගාවක් ලෙස ඉදි වූ බවත් වෙනත් කතාන්දරයකින් කියවෙයි. කාශ්‍යපගේ අවසාන ඉරණම පිළිබඳව තිබෙන තොරතුරු අස්ථීර ය. සමහර ප්‍රවාදවල කියවෙන්නේ කාශ්‍යපගේ අනියම් බිරියක විසින් වස දීමෙන් ඔහු ඝාතනය වූ බවයි. ඔහුගේ අවසාන සටනේදී ඔහුගේ හමුදාව විසින් තනි කිරීම නිසා තම අසිපතින් ගෙල සිඳ ගෙන කාශ්‍යප දිවි තොර කර ගත් බව තවත් කතන්දරයකින් කියැවේ. සීගිරිය නිර්මාණය බෞද්ධ ප්‍රජාවගේ කාර්යයක් වූ බවත් ඊට හමුදා සහභාගිත්වයක් කිසිසේත් නො වුණු බවත් තවදුරටත් විස්තර කරන අර්ථකථනයන් ද තිබේ. පුරාණ ලංකාවේ මහායාන හා ථෙරවාද දෙපාර්ශවය අතර පැවති තරඟයේදී සීගිරි පරිශ්‍රය වැදගත් ස්ථානයක් ඉසිලූ බව ද කියැවේ.මේ

පිහිටීම

සීගිරිය පිහිටා තිබෙන්නේ (උ. 7.5700) (නැ.80) මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය තුළයි.

http://en.wikipedia.org/wiki/Sigiriya#History


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අකුණුනාලන්දා විද්‍යාලය, කොළඹකන්තලේ වැවඋසස් පෙළ දේශපාලන විද්‍යාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමජයලත් මනෝරත්නමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියජල චක්‍රයපණීභාරතශ්‍රී ලංකාවේ කම්කරු නීතියරන්මසු උයනඩෝසන් කුළුණප්‍රෝටීන්ෆේස්බුක්සිංහල ප්‍රස්ථාව පිරුළුබදුලු ටැම් ලිපියපරිගණකයඅනුරාධපුර යුගයසිංහල ක්‍රියා පදබෝධි ඝරප්‍රඥ්ඥාව (බුදු දහම)මනෝ විශ්ලේෂණවාදයපරිගණක දෘඩාංගපරිණාමයසිංහල වෙදකමසංජානනයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියමිනිස් මොළයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවකෝමාරිකාහබන් කුකුළාගිරවුසනත් ජයසූරියචෙස්ස්වභාවික වෘක්‍ෂලතාස්ත්‍රී ස්වයං වින්දනයපැබ්ලෝ පිකාසෝවළි කුකුළාසිංහල අකාරාදි අනුපිලිවෙලශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසිංහල හින්දු අලුත් අවුරුද්දමහවැලි සංවර්ධන වැඩසටහනනයිජීරියාවකුමාරතුංග මුනිදාසකුප්පමේනියසිංහල නිපාත පදගැලලියෝ ගැලලීE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඉසුරුමුණි කැටයම්වෙරළුමුදු කරවලාදුන්හිඳ ඇල්ලපැපොලමන්නාරම බයෝබැබ් ගසයුද්ධකෘමියෝසිඟාලෝවාද සූත්‍රයගබ්සාවවිකිබුදු දහමපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසන්දේශ කාව්‍යගේ කුරුල්ලාඋල්කාපාතරුධිර සංසරණ පද්ධතිය (මානව)තිරසාර සංවර්ධනයඇදුමශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයග්‍රහලෝකකුසල් සහ අකුසල්පූජාවලියසිංහල ජනකවිවාමන ග්‍රහලෝකපංච මහා වාදවෘත්තීය අධ්‍යාපනය🡆 More