සිද්ධි ලෙබ්බේ

ඇම් .සී .

සිද්ධි ලෙබ්බෙ මහතා ගැන විස්තර සියල්ලsiddi

පරපුර

1838 ජුනි 11 දින මහනුවර දිස්ත්‍රික්කයේ දී උපත ලැබූ මුහම්මද් කාසිම් සිද්ධි ලෙබ්බේ මහතා කීර්තිමත් නීතිඥවරයෙක්, අධ්‍යාපනඥයෙක්, විද්වතෙක්, සමාජ සේවකයෙක් මෙන් ම මුස්ලිම් ප්‍රජා නායකයෙක්ද විය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් ජාතික නීතිඥවරයාද විය.

සිද්ධි ලෙබ්බේතුමන්ගේ මුතුන් මිත්තන් තමිල්නාඩුවේ පදිංචි වී සිට පසු ව මහනුවර දිස්ත්‍රික්කයට සංක්‍රමණය වූ අරාබි ජාතිකයන් විය. ඔහුගේ පියා වූ මුහම්මද් සිද්ධි ලෙබ්බේද ශ්‍රී ලංකාවේ මුල් ම නීතිඥවරුන්ගෙන් (proctor) අයෙක් විය.

මුල් අවධිය

අරාබියානු අධ්‍යාපනයක් ලබා තිබූ මුහම්මද් ලෙබ්බේ නම් සිය වැඩිමල් සොයුරා වෙතින් හෙතෙම දමිළ සහ ඉංග්‍රීසි භාෂාවන් මෙන් ම කුරාණය පාරායනා කිරීමටද උගත්තේ ය. පසුව ඔහු පාසලට ඇතුල් වී මූලික අධ්‍යාපනය ලැබුවේ ය.

සමාජ සහ අධ්‍යාපනික සේවය

  • 1884දී හෙතෙම පළමු ඉංග්‍රීසි භාෂා මුස්ලිම් පාඨශාලාව ඔරබි පාෂා සහ වපිචි මරික්කාර් සහාය ඇති ව කොළඹදී අරඹන ලදී.
  • 1882දී කොළඹ, මරදානේ මද්රසතුල් සහිරාව අරඹමින් මද්රාසා ක්‍රමය හදුන්වා දුන්නේ ය. පසු ව 1892 දී එය සහිරා විදුහලබවට පත් විය.
  • මහනුවර, ගම්පොළ, පොල්ගහවෙල යන නගරවල තවත් විද්‍යාල කීපයක් අරඹන ලදී.
  • මහනුවර ගැහැනු ළමුන් උදෙසා ද විද්‍යාලයක්ද ආරම්භ කළේය.
  • පාසල් පෙළපොත් මුද්‍රණය කර ඒවා නොමිලයේ සිසුන් අතර බෙදා දීමට කටයුතු කරන ලදී.
  • මහනුවර සිද්ධි ලෙබ්බේ මහා විද්‍යාලය අරඹන ලදී.


ඔහු විසින් දියත් කළ මුස්ලිම් දරුවන් ගේ,. අධ්‍යාපනය නගා සිටුවීමේ පුළුල් සැලැස්ම මරදානේ සහිරා විද්‍යාල සමග උපත ලැබී ය. වපිචි මරික්කාර්ගේ නොමසුරු දායකත්වයන් හේතුවෙන් සහිරා විදුහල මුස්ලිම් ප්‍රජාවේ විශිෂ්ට ක්‍රියාධරයන්ගේ අනුග්‍රහය ලැබීමට සමත් විය. මධ්‍යම පලාතේ තවත් දමිල අරාබි පාසල් රැසක් ම බිහිකළ ඔහු ඉන් කිහිපයක් ම කළමණාකරණය කිරීම සහ මූල්‍යාධාර සැපයීම සිදුකරන ලදී. ඔහු විසින් මහනුවර පිහිටුවන ලද කාන්තා පාසලක විද්‍යාලාධිපතිත්වය දරනු ලැබුවේ ඔහුගේ සොයුරිය විසිනි.

අරාබි භාෂාව මැනවින් ප්‍රගුණ කර සිටි ඔහු ඉස්ලාමීය න්‍යාධරයන් විසින් රචිත සම්භාවනීය කෘති කෙතරම් පරිශීලනය කර තිබුණේද යත් කාලීන සමාජයේ සාමාන්‍ය උලමාවරයකු අභිබවනසුලු ආගමික දැනුමක් ඔහුට විය.

ශ්‍රී ලංකාවේ මුල් ම දමිල පුබන්ධ කතාව වන අසන්බේ සරිත්තිරම් (අසම්බේ සිරිත) ඔහු විසින් රචනා කෙරුණකි. මෙය පළවූයේ ලොව මුල් ම දෙමල නවකතා ලෙස සැලකෙන පද්මාවතී සරිත්තිරම් සහ කමලාම්බාල් සරිත්තිරම් කෘති ඉන්දියාවේ පළවීමට පෙර ය.

ආශ්‍රිත නාමාවලිය

Tags:

සිද්ධි ලෙබ්බේ පරපුරසිද්ධි ලෙබ්බේ සමාජ සහ අධ්‍යාපනික සේවයසිද්ධි ලෙබ්බේ ආශ්‍රිත නාමාවලියසිද්ධි ලෙබ්බේ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවසනත් නිශාන්තඊශ්‍රායලයසඳකඩපහ‍ණේ විකාසනයමඩුවන්වෙල වලව්වපිළිකාමහාසේන රජශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකා පොලිස් සේවයඕමිඇල්බර්ට් එලිස්මාලිමාවරාමසාන් උත්සවයක‍ඩොලානග්‍රීක දර්ශනවාදීන්ඒ.ටී. ආරියරත්නලියනාඩෝ ඩා වින්සිබුලත් හපයාශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයරුධිර සංසරණ පද්ධතිය (මානව)ඉංග්‍රීසි භාෂාවබිලාවල් රාගයජාතික ගීය - ශ්‍රී ලංකාසීලදඹුල්ල රජමහා විහාරයචාමර වීරසිංහතිස්සමහාරාම රජ මහා විහාරයආසියාවසිංහල සාහිත්‍යයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්අපරාධරතන සූත්‍රයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාලාදුරුලංකාවේ වාරි කර්මාන්තයසෝඩියම්වැදි භාෂාවනිරවි යුද්ධයසොක්‍රටීස්1000000000000 (number)E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවචන්ද්‍ර මාස ක්‍රමයවෛරසතුන් සිංහලේමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමද්දුම බණ්ඩාරමුල්කිරිගල රජ මහා විහාරයසමාජානුයෝජනයස්නායු පද්ධතියශාක විවිධත්වය - ශ්‍රී ලංකාදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියවටදාගෙයදෙවොල් මඩුවහෙළ ගණන් ක්‍රමයබළලාඊශ්‍රායෙල - පලස්තීන ගැටුමබුදු දහමශ්‍රී ලංකාවේ වල් පැලැටිනැනෝ තාක්‍ෂණයරාමායණයබ්‍රිතාන්‍ය ලංකාවරසායනික සූත්‍රතාරුණ්‍යය හා විවේකයසාම්ප්‍රදායික සිංහල අහාරවෙසක් උත්සවය🡆 More