සිංහල න-ණ ල-ළ බේදය

සිංහල බසේ සංකීර්ණ අවස්ථාවකි.

රීති කීපයක් ඇතත් රීති වලට අනුගත නොවන අවස්ථාද ඇත.

න, ණ ලෙස නයනු ශබ්ද දෙකක් ඇති විට, මෙම දෙකෙහිම ශබ්දය පොදුවේ "න ශබ්දය" ලෙස හඳුන්වමු. අහවල් නයන්න යැයි විශේෂ කොට කියන විට "දන්තජ න" හෝ "මුර්ධජ න" (හෝ "මුර්ධජ ණ") ලෙස පවසමු. ල, ළ සම්බන්ධයෙන්ද එම සම්ප්‍රදාය සාමාන්‍යයෙන් යොදා ගන්නවා.

න-ණ භාවිතය

න යෙදීම

යම් නාමපදයක බහුවචනය ලිවීමට හෝ විශේෂණය ලිවීමට හල් කළ යුතු නම් දන්තජ න ලිවිය යුතුය.

බහුවචනය ලිවීමට

    නිදසුන්
  • අත්සන් විය යුතු නිසා අත්සන (මින් අදහස් කෙරෙන්නේ මෙයයි. ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා නම්, "අත්සන" යන්නෙහි අවසාන නයන්න න අකුරද ණ අකුරද විය යුත්තේ කියා, දක්වා ඇති ලෙසට අත්සන යන්නෙහි අවසාන අකුර හල් අකුරක් බවට පත් කර අත්සන් ලෙස සකස් කළ හැකිදැයි බලන්න. එසේ කළ හැකි නම්, එතැන අනිවාර්යෙන්ම තිබිය යුත්තේ දන්තජ න අකුරයි. එහෙත් එසේ අග අකුර හල් කිරීමට බැරි නම් ඉන් කියන්නෙ නැහැ අනිවාර්යෙන්ම දන්තජ න තිබිය යුතුයි කියා, නමුත් බොහෝවිට එතැන ඇත්තේ මුර්ධජ ණ අකුරයි.)
  • ගමන් විය යුතු නිසා ගමන
  • පියන් විය යුතු නිසා පියන
  • ගණන් විය යුතු නිසා ගණන

තොරණ යන්නෙහි අගට තිබෙන්නේ මුර්ධජ ණ අකුරයි. ඊට හේතුව තොරණ් ලෙස තොරණ හි බහුවචනයක් සකස් කළ නොහැකි නිසාය. (එහෙත් බොහෝ අය "තොරණ්" යනුවෙන් එහි බහුවචනය ශබ්ද කරනු දැන් දැන් පෙනේ. (පැරණි) ව්‍යාකරණ රීතීන් අනුව නම්, වර්තමාන සිංහල බසෙහි උරුමක්කරුවන් කරන්නේ බරපතල වැරැද්දක් වුවත්, බසෙහි උරුමක්කරුවන්ට කාලයත් සමග බස අවශ්‍ය පරිදි වෙනස් කිරීමට අත්‍යන්ත ශුද්ධ වූ අයිතියක්ද ඇති බව සිහි තබා ගත යුතුය.)

විශේෂණය ලිවීමට

    නිදසුන්
  • තුන් විශේෂණය නිසා තුන (තුන යන්නෙහි විශේෂණය ලෙස තුන් ලිවිය හැකියි; එනම් අග නයන්න හල් වේ. එනිසා මෙහි ඇත්තේ දන්තජ න අකුර විය යුතුයි.)

ශයන්නට පසුව යෙදෙන බැවින්

    නිදසුන්
  • ඊශාන
  • නිදර්ශන
  • ප්‍රකාශන
  • දේශන
  • ශානක

ක්‍රියාපදයක් ඇසුරින් සාදා ගන්නා නාම විශේෂණ (ඉංග්‍රිසියෙහි present participle වැනි)

    නිදසුන්
  • කරන (කරනවා යන ක්‍රියාවෙන් එය සාදා ගැනේ)
  • බලන
  • යන
  • මරන (මරනවා යන ක්‍රියාවෙන්)

මරණ යනුවෙන්ද වචනයක් තිබෙන අතර, එය මරනවා යන ක්‍රියාවෙන් සකස් කරගත් විශේෂණයක් නොව, නාමපදයකි.

ණය යන්න

බහු වචනයක් නැතිනම් හෝ/හෙවත් හල් නොකර බහු කරන විට හෝ/හෙවත් ණයන්නයෙන් අවසන්වන වන නාමපදයක්

    නිදසුන්
  • වෙනම බහු වචනයක් නැති බැවින් අණ
  • බහු වචවය බැවින් ඇණ
  • බහු වචනයක් නැති බැවින් උණ
  • බහු වචනයක් නැති බැවින් තිළිණ
  • බහු වචනයක් නැති බැවින් පමණ
  • හල් නොකර මූණවල් කියා බහු කරන බැවින් මූණ

ඩයන්නට පෙර තිබෙන විට

    නිදසුන්
  • දණ්ඩ
  • රණ්ඩුව

මෙම රීතිය බොහෝවිට පාලි හා සංස්කෘත භාෂාවෙන් සිංහල බසට පැමිණි වචනවලටයි බලපාන්නේ. ඉංග්‍රිසි, පෘතුග්‍රිසි, ලන්දේසි ආදී භාෂාවෙන්ගෙන් පැමිණි වචනවලට මෙම රීතිය යෙදෙන්නේ නැති තරම්ය.

    නිදසුන්
  • බන්ඩලය (bundle කියන ඉංග්‍රිසි වදනෙහි සිංහල උූෟරුවට කියන වචනයකි)

ල-ළ භේදය

යන්න

බහුවචනය ලිවීමට හෝ විශේෂණය ලිවීමට හල් කළ යුතු නම්

    නිදසුන්
  • උල් විය යුතු නිසා උල
  • ගල් විය යුතු නිසා ගල
  • මුල් විය යුතු නිසා මුල
  • අඟල් විය යුතු නිසා අඟල
  • පළල් විය යුතු නිසා පළල

යන්න

බහු වචනයම වේ නම් හෝ බහු වචනයක් නැතිනම් හෝ අල් නොකර බහු කරන විට

හල් නොකර බහු කරන පද

    නිදසුන්
  • ඇළවල් නිසා ඇළ
  • දොළවල් නිසා දොළ
  • වළවල් නිසා වළ
  • කඳුළු නිසා කඳුළ
  • කිරුළු නිසා කිරුළ
  • මදුළු නිසා මදුළ

බහු වචනය නිසා

  • කෝරළ

ක්‍රියාපදයකින් සාදා ගන්නා අතීතාර්ථයේ නාමවිශේෂණ (ඉංග්‍රිසියෙහි past participle වැනි)

    නිදසුන්
  • කළ (කරනවා යන ක්‍රියාපදයෙන්)
  • මළ (මරනවා යන ක්‍රියාපදයෙන්)

න-ණ ල-ළ විචාරය

අතීතයේ සිට මෙම භේදය පැවතියත්, හොඳින් විචාරයට ලක් කළ විට, මෙම භේදය කිසිසේත් අනවශ්‍ය බව පෙනේ. පදරුත් වෙන් කිරීමට නයනු දෙකක් හෝ ලයනු දෙකක් තිබිය යුතු යැයි පැවසීමම අවිද්‍යාත්මකය. ඊට හේතුව මෙයයි. තන යන ශබ්දය ඇසෙන විට එකවර එහි ඇත්තේ තන යන්නද තණ යන්නද කල්පනා කරනු ඇත. තන යනුවෙන් එය ගතහොත් එහි තේරුම කාන්තා පයෝධරය වන අතර, තණ යනු තණකොලයි. එනම්, පදරුත් වෙන් කොට ගැටලුවක් විසඳූ සේයාවක් මෙහි ඇත. එහෙත් මෙම සේයාව මායාවකි. තන යන ශබ්දය ඇසෙන විට, ඉන් තෘෂ්ණාව යන තේරුමත් තිබේ. එවිට, ඇසිය යුත්තේ දැන් තෘෂ්ණාව යන තේරුම සඳහා තන ලෙසද, තණ ලෙසද ලිවිය යුත්තේ කියා. මේ දෙකෙන් කුමක් ලිව්වත් එය තවත් තේරුමක් සමග ගැටෙනු ඇත. එවිට, පදරුත් වෙන් කිරීමට තබා ගත් න-ණ ල-ළ භේදය අනවශ්‍ය බව පෙනෙනවා. තවද, කථන ව්‍යවහාරයේදී න-ණ ල-ළ භේදයක් කිසිසේත්ම නැත. එහෙත් කථනයෙහි එම භේදය ගැටලු ඇති කරන්නේද නැත.

සිංහල න-ණ ල-ළ බේදය

සිංහල බසේ සංකීර්ණ අවස්ථාවකි.

http://tekcroach.blogspot.com/2015/07/blog-post_22.html

Tags:

සිංහල න-ණ ල-ළ බේදය න-ණ භාවිතයසිංහල න-ණ ල-ළ බේදය ල-ළ භේදයසිංහල න-ණ ල-ළ බේදය න-ණ ල-ළ විචාරයසිංහල න-ණ ල-ළ බේදය

🔥 Trending searches on Wiki සිංහල:

පරිසර දූෂණයවිටමින්ෆේස්බුක්අන්තර්පාදක ලිංගික චර්යාවගෞතම බුදුන්ගේ ධාතූන්පූජාවලියකන්‍යාභාවයත්‍රිලක්‍ෂණශාන්ත ජුසේ වාස් තුමාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිආදරයඋද්ධමනයපන්සියපනස් ජාතක පොතපෘථිවි වායුගෝලයදස මහා යෝධයෝදෙවන පරාක්‍රමබාහු රජකුණකටුවාහිරුරාවණා රජචෛත්‍යසෙනසුරු ග්‍රහලොවඋඩුනුවර ලංකාතිලක විහාරයඅශෝක අධිරාජයාපුස්තකාලමඩොල් දූවගල් විහාරයසේනක බිබිලේදෙවොල් මඩුවකප්පරවල්ලියලෝ වැඩ සඟරාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ බලකොටුසුනාමිසිංහල වර්ණ මාලාවනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවමානව අයිතිවාසිකම්රුහුණු කතරගම දේවාලයදර්ශනයඅනුරාධපුර යුගයකෝට්ටේ යුගයකොළඹ ජාතික කෞතුකාගාරයස්වයං වින්දනයසද්ධර්ම රත්නාවලියවෛද්‍යවරයාමොණර කුඩුම්බියශ්‍රී ලංකාවේ ආර්ථිකයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතඊශ්‍රායෙල - පලස්තීන ගැටුමචන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවදළදා පෙරහැරස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයමිහින්තලයකැලණියප්‍රථම සඳ තරණයආරුමුග නාවලර්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවගොංගාලේගොඩ බණ්ඩාදඹුල්ල රජමහා විහාරයමානව සැකිලි පද්ධතියඡනසංඛ්‍යා වර්ධනයශ්‍රී ලංකාවේ සර්පයෝසරම්පශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයප්‍රථමක සංඛ්‍යාශ්‍රී පාදස්ථානයසිංහල ව්‍යාකරණසුසන්තිකා ජයසිංහමෛත්‍රීපාල සිරිසේනසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්අෂ්ඨපානE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පරිණාමයනව අරහාදී බුදුගුණ🡆 More