සිංහබාහු - 1961

සරච්චන්ද්‍ර මහතා 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය.

එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහුගේ හොඳම නිර්මාණය ලෙස සැලකෙන සිංහබාහු (1961) නාට්‍ය රචනා කරමින් ඔහු නාට්‍ය රචකයෙකු ලෙස සිය ගමන ආරම්භ කළේය

සිංහබාහු විජයගේ පියා වූ අතර සිංහපුර රජු විය.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛනයක් මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.

සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා සිංහයාගේ හදවත පසාරු කලේලු.එම "වීර" ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.

මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන wangu රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා - Sinhabahu

මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්‍ර ශූරීනාගේ සිංහබාහු වේදිකා නාට්‍යෙය් එන මෙම ගීතය සිංහයාගේ වැලපීම පිළිඹිඹු කරන ඉතා ජනප්‍රිය ගීතයකි. ගීතයේ නිර්මාණ කරුවන්ට අපගේ ගෞරවනීය උපහාරය පිරිණැමේ.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා

සිංහබා සිංහබා සිංහබා

මා සොදුර මා සොදුර මා සොදුර සිංහ සීවලී මා ප්‍රිය දියණිය ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා ගොසින් සැමදෙන නැතේ කිසිවෙක් මම දැන ගතිමි මම සැක කලෙමි සිංහබා සිංහබා සිංහබා

ලෙන තුල නොවෙති පෙරලා නොඑති මම දැන ගතිමි මම සැක කලෙමි සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය අහර පිසන්නිය සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය අහර පිසන්නිය

කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

ඈත් ගොසින්ය ඈත් ගොසින්ය ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ඩයලොග් ආසියාටාදෙහිහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවලන්දේසි ලංකාවවිවාහයමුඛ සංසර්ගයඅනුරාධපුර යුගයආරාමවිෂ්ණුමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකා ජාතික කොඩියඅපරාධශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවසිංහල වෙදකමස්වභාවික පරිසරයරාමායණයආගමික නීතියසුරතාන්තයභගමණියබටතොට ලෙනප්‍රංශයමොණරවිල කැප්පෙටිපොළරතන සූත්‍රයචන්ද්‍ර මාස ක්‍රමයපරාක්‍රම සමුද්‍රයශ්‍රී ලංකාවේ කැටයම් කලාවකෘමියෝකොහොඹා කංකාරියපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරපන්සියපනස් ජාතක පොතක්‍රිකට්නොබෙල් ත්‍යාගයමිනිසාඅශෝක අධිරාජයාඅටමස්ථානමාධ්‍ය නිදහසම්හිකත දිනයබුද්ධඝෝෂ හිමිපටිච්චසමුප්පාදයසීගිරියවිලියම් ෂේක්ස්පියර්කාව්‍යශේඛරයසමාජයපදවිය වැවපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවසීගිරි බිතු සිතුවම්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඅභයගිරි දාගැබශ්‍රී ලංකාවේ නීති පද්ධතියමානව ප්‍රජනන පද්ධතියමනමේසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවපොළොන්නරුව පෞරාණික නගරයපාස්කු උත්සවයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිද්ධි ලෙබ්බේකුමාර් සංගක්කාරහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සිකුරු ග්‍රහලොවපේශි පටකයශ්‍රී ලංකාවේ මැණික්පසළොස්වක පොහොය දොළහනව අරහාදී බුදුගුණබල්ලෝක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසනත් නිශාන්තඇල්ගීඋල්කා වර්ෂාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව🡆 More