සාක්‍ෂි

නඩු කටයුත්තක් ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත්ම දෙය වන්නේ සාක්‍ෂියයි.

ප්‍රශ්නගත කරුණු සම්බන්ධව එය විසඳීමට විවිධ කරුණු ඉදිරිපත් වේ. මෙයින් නඩු කටයුත්තට අදාළ කරගත හැකි දේවල් සාක්‍ෂි ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් ලංකා නීතිය තුළ 1895 අංක 14 දරණ සාක්‍ෂි ආඥා පනත වැදගත් වේ.

සාක්‍ෂි

සාමාන්‍ය වර්ගීකරණය

ලිඛිත සාක්‍ෂි

අධිකරණයේ විභාගය සඳහා ඉදිරිපත් කරන සියළුම ලේඛන වේ.

වාචික සාක්‍ෂි

සාක්‍ෂි ඉදිරිපත් කරන ආකාරය අනුව එය සාමාන්‍ය ව්‍යවහාරයේදීද ලිඛිත හා වාචික සාක්‍ෂි ලෙස වර්ග කරයි. නීතිය තුළද එය ඒ ආකාරයෙන් වර්ගීකරණයට ලක්වෙනු දක්නට ලැබේ. සාක්‍ෂි ආඥා පනතේ අර්ථ නිරූපණ වගන්තිය වන තෙවන වගන්තිය දක්වන පරිදි සාක්‍ෂි යන්නට කථිත සාක්‍ෂි මෙන්ම ලේඛනගත සාක්‍ෂිද අදාළ වන බව දක්වයි.කථිත සාක්‍ෂි යනු පරීක්‍ෂණයට විෂය වන කරුණු සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන් විසින් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි අධිකරණය නියම කරන හෝ ඉදිරිපත් කිරීමට ඉඩ දෙන ප්‍රකාශ වේ. අධිකරණ පරීක්‍ෂණයට ඉදිරිපත් කරන සියලු ලේඛන ලේඛනගත සාක්‍ෂි වේ.

සාක්‍ෂි වර්ගීකරණය

සාක්‍ෂි වල වටිනාකම අනුවද අපට ඒවා වර්ගීකරණයට ලක් කළ හැකිය. එනම් ,

හොඳම සාක්‍ෂි හා අප්‍රධාන සාක්‍ෂි

මුල් සාක්‍ෂි හා ප්‍රවාදක සාක්‍ෂි

ඇස දුටු සාක්‍ෂි හා පරිවේශනීය සාක්‍ෂි

කථිත , ලේඛනගත හා ද්‍රව්‍යමය සාක්‍ෂි

පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි හා තීරණාත්මක සාක්‍ෂි

ප්‍රාථමික හා ද්විතියික සාක්‍ෂි

සාමාන්‍ය සාක්‍ෂි හා විශේෂ සාක්‍ෂි වශයෙනි.

01.හොඳම සාක්‍ෂි හා අප්‍රධාන සාක්‍ෂි.

හොඳම සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් වන වැදගත්ම සාක්‍ෂියයි. එනම් වඩාත් යෝග්‍යතම සාක්‍ෂියයි. උදාහරණ ලෙස විවාහයක් ප්‍රශ්නගත වන විට විවාහය පැවති බවට වන හොඳම සාක්‍ෂිය වන්නේ " විවාහ සහතිකය " යි. උපතක් සම්බන්ධයෙන් නම් උප්පැන්න සහතිකයයි.

හොඳම සාක්‍ෂියට යටත්ව ප්‍රශ්නයට අදාළ කරගත හැකි සාක්‍ෂි අප්‍රධාන සාක්‍ෂි වේ.ඉහත උදාහරණයේදීම " විවාහ සහතිකය " හොඳම සාක්‍ෂිය වන විට විවාහ උත්සවය සංවිධානය කිරීම පිළිබඳ සාක්‍ෂි අප්‍රධාන සාක්‍ෂි ලෙස ඉදිරිපත් විය හැකිය.

මෙකී වර්ගීකරණය තුළින් අප්‍රධාන සාක්‍ෂි වල කිසිඳු වැදගත්කමක් නොමැති බවක් දක්වන්නේ නැත.නමුත් හොඳම සාක්‍ෂි නිසා අප්‍රධාන සාක්‍ෂි වල වටිනාකම අඩු වේ. ලේඛනගත සාක්‍ෂියක් හා කථිත සාක්‍ෂියක් වන විට හොඳම සාක්‍ෂිය වන්නේ ලේඛනගත සාක්‍ෂියයි. මෙලෙස හොඳම සාක්‍ෂිය තීරණය වන්නේ සිද්ධිමය සාධක මත හා ඉසව්ගත කරුණු අනුවය.

02.මුල් සාක්‍ෂි හා ප්‍රවාදක සාක්‍ෂි

මුල් සාක්‍ෂි යනු තමන් ලද අත්දැකීමක් තුළින්ම යමෙක් ඉදිරිපත් කරන සාක්‍ෂිය. එය දෑසින් දැකීමෙන් , ශ්‍රවනයෙන් , ස්පර්ශයෙන් , රසයෙන් , හෝ ගන්ධයෙන් ලද අත්දැකීමක් විය හැකිය.

ප්‍රවාදක සාක්‍ෂි යනු තමන්ගේ ඉන්ද්‍රිය මඟින් නොව වෙනත් අයෙකු එසේ අවබෝධ කරගත් දේවල් අසා දැනගෙන ඉදිරිපත් කරන සාක්‍ෂිය.සරලවම කිවහොත් තවත් අයෙකු කියන ලද දෙයක් වෙනත් අයෙකු විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම ප්‍රවාදක සාක්‍ෂි ඉදිරිපත් කිරීමකි.

මෙම සාක්‍ෂි වර්ග දෙකෙන් වැඩි වටිනාකම හිමිවන්නේ මුල් සාක්‍ෂි වලටය. බොහෝ විට අධිකරණය ප්‍රවාදක සාක්‍ෂි පිළිගන්නේ නැත.නමුත් එයට ව්‍යතිරේඛ පවතී.

03.ඇස දුටු සාක්‍ෂි හා පරිවේශනීය සාක්‍ෂි

ඇස දුටු සාක්‍ෂි යනු නඩුවේ සිද්ධියට අදාළව යමෙක් ප්‍රකාශ කරන සාක්‍ෂිය.එනම් ප්‍රශ්නගත සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව කරන ප්‍රකාශයන්ය. උදාහරණ ලෙස Y නම් පුද්ගලයා Z නම් පුද්ගලයාට වෙඩි තබනු තමන් දුටු බවට X පවසයි නම් එය Y විසින් Z ගේ මරණය කළ බවට ඉදිරිපත් වන ඇස දුටු සාක්‍ෂියකි.

පරිවේශනීය සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණු පිළිබඳව යම් යම් නිගමනයන්ට එළඹීමට උපකාරීවන කරුණු පිළිබඳව වන සාක්‍ෂි වේ. මේවා විමර්ශනය මඟින් නිගමනයන්ට එළඹීමක් සිදු වේ.

බොහෝ විට මිනීමැරුමක් වැනි අපරාධයකදී ඇස දුටු සාක්‍ෂි ඉදිරිපත් වන අවස්ථා විරලය. එවන් විටෙක පරිවේශනීය සාක්‍ෂි මඟින් නඩුව විසඳීමට උත්සාහ දරනු ලැබේ.පරිවේශනීය සාක්‍ෂි වලට උදාහරණ ලෙස මිනීමැරුමකදී කාලයක් පුරා දෙපාර්ශවය අතර අමනාපයක් පැවති බව , අදාළ ස්ථානයේ ඔහු සිටි බවට වන සාක්‍ෂි අදාළ කරගත හැකිය. ඒ අනුව ඇස දුටු සාක්‍ෂි නැති විටෙක හෝ ඇස දුටු සාක්‍ෂි ප්‍රමාණවත් නොවන විටෙක පරිවේශනීය සාක්‍ෂි උපයෝගී කර ගනී.

04.කථිත , ලේඛනගත හා ද්‍රව්‍ය සාක්‍ෂි

කථිත සාක්‍ෂි යනු යම් කරුණක් සම්බන්ධව කරනු ලබන ප්‍රකාශයන්ය. සාක්‍ෂි ආඥා පනතේ 59 - 60 දක්වා වගන්ති වල කථිත සාක්‍ෂි පිළිබඳව දක්වයි. 59 වගන්තිය දක්වන පරිදි ලේඛනවල අඩංගු කරුණු හැර අන් සියලු කරුණු කථිතව ඔප්පු කළ හැකිය.

ලේඛනගත සාක්‍ෂි යනු ලිඛිතව ඉදිරිපත් කරන සාක්‍ෂිය.

ද්‍රව්‍යමය සාක්‍ෂි යනු ප්‍රශ්නගත සිද්ධියට අදාළ කරුණු වල පවතින යම් ද්‍රව්‍යයක් සම්බන්ධව ඉදිරිපත් කරන සාක්‍ෂිය. උදාහරණ ලෙස සොරකමකදී නම් සොරාගත් භාණ්ඩ , මිනීමැරුමකදී නම් යොදාගත් ආයුධය , කූඨ ලේඛන සම්බන්ධව නම් අත් අකුරු සාම්පල මෙලෙස ද්‍රව්‍යමය සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය.

මෙකී වර්ගීකරණයෙන් වැඩි වටිනාකම ලිඛිත හා ද්‍රව්‍යමය සාක්‍ෂි වලට හිමි වේ. ලේඛනගත සාක්‍ෂි පවතින විට කථිත සාක්‍ෂි ප්‍රතික්ෂේප වේ. නමුත් ද්‍රව්‍යමය සාක්‍ෂි කිසිඳු විටෙක ප්‍රතික්ෂේප නොවේ.

05.පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි හා තීරණාත්මක සාක්‍ෂි

පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි යනු යම් කරුණක් බැලූ බැල්මට ඔප්පු කිරීමට භාවිතා කරන සාක්‍ෂිය. මේවා අත්‍යවශ්‍යයෙන්ම පිළිගත යුතු සාක්‍ෂි නොවේ. මේවා බිඳ හෙළිය හැකි සාක්‍ෂි වේ.

නමුත් තීරණාත්මක සාක්‍ෂි එලෙස බිඳ හෙළිය නොහැකිය. මෙයට උදාහරණ ලෙස බිඳ හෙළිය නොහැකි පූර්ව නිගමන දැක්විය හැකිය.

06.ප්‍රාථමික හා ද්විතියික සාක්‍ෂි

ප්‍රාථමික සාක්‍ෂි වලදී ඇති හොඳම සාක්‍ෂිය ලෙස සලකන්නේ ප්‍රාථමික සාක්‍ෂියයි. නමුත් ද්විතියික සාක්‍ෂි වලදී එයට වඩා හොඳ සාක්‍ෂි පැවතිය හැකිය.

ලේඛනගත සාක්‍ෂි වලදී ප්‍රාථමික සාක්‍ෂිය වන්නේ මුල් ලේඛනයයි. එහි පිටපතක් ද්විතියික වේ.නමුත් මුල් ලේඛනයේම සහතික කළ පිටපතක් ප්‍රාථමික සාක්‍ෂි වේ. ලේඛනගත සාක්‍ෂියක් ඉදිරියේ කථිත සාක්‍ෂිය ද්විතියික වේ. සාක්‍ෂියක ප්‍රාථමික හෝ ද්විතියික බව අදාළ සිද්ධිමය සාධක මත තීරණය වේ.

නීතිපති එරෙහිව ජේමිස් නම් නඩුවේදී අතින් ලියූ ලේඛනයක කාබන් පිටපතක් ප්‍රාථමික සාක්‍ෂියක් ලෙස පිළිගන්නා ලදී. එයට හේතුව එය මුල් ලේඛනයේම කාබන් පිටපතක් වීම නිසාය.

07.සාමාන්‍ය සාක්‍ෂි හා විශේෂ සාක්‍ෂි

සාමාන්‍ය සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණ ඔප්පු කිරීමට හෝ අනුමානයකට පැමිණීමට හැකි සාක්‍ෂිය. උදාහරණ ලෙස සෙනඟ පිරුණු ස්ථානයක මිනීමැරුමක් වූ විට එය දැකීමෙන් ඉදිරිපත් කරන සාක්‍ෂි සාමාන්‍ය සාක්‍ෂි වේ.

නමුත් යම් දෙයක් පිළිබඳව විශේෂඥයෙක් ඉදිරිපත් කරන සාක්‍ෂි විශේෂ සාක්‍ෂි වේ. උදාහරණ ලෙස ගබ්සාවක් සම්බන්ධව ප්‍රශ්නගත වන විට එවැන්නක් කළේද යන්න සම්බන්ධව එහි විශේෂඥයෙකු , වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරන සාක්‍ෂි විශේෂ සාක්‍ෂි වේ.

මේ අනුව උසාවියක ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි වලට ඒවායේ වටිනාකම අනුව , වැදගත්කම අනුව හිමිවන ස්ථානයන් වෙනස් වේ.ඒවා විවිධ වර්ගීකරණයන්ට යටත් වන බව මෙයින් වටහාගත හැකිය.

මූලාශ්‍ර

සාක්‍ෂි නීතිය (මහාචාර්ය ජී . එල් . පීරිස් )

මේ අඩවිත් බලන්න

නීතිය

Tags:

සාක්‍ෂි සාමාන්‍ය වර්ගීකරණයසාක්‍ෂි වර්ගීකරණයසාක්‍ෂි මූලාශ්‍රසාක්‍ෂි මේ අඩවිත් බලන්නසාක්‍ෂි

🔥 Trending searches on Wiki සිංහල:

පිදුරුතලාගලටී.බී. ජයාරුධිර සංසරණ පද්ධතිය (මානව)ශිශ්නයගැට බෙරයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගජල චක්‍රයගෝලීයකරණයශ්‍රී ලංකා කලු වදුරාකළුතර බෝධියහරිතාගාර ආචරණයඩෙංගුමහාවංශයශ්‍රී ලංකා‍ අලියාසිංහබාහුපොන්නම්බලම් රාමනාදන්බුදු පිළිමය හා මුද්‍රාජලයනව යොවුන්වියලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්බොරතෙල්හෙද සේවයෙහි ඉතිහාසයදුටුගැමුණු රජසිංහල අක්ෂර මාලාවකොහාලිංගික සංසර්ගයවළගම්බා රජතෙරේසා මවුතුමියලේ ගැලීමශ්‍රී ලංකා‍වේ බුදු පිළිමමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපවුල් සෞඛ්‍ය කාර්යාංශයඅංගම්පොර සටන් කලාවසාර ධර්මපතොක්දාගැබ්පණිභාරතශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ දාගැබ්නොබැඳි ජාතීන්ගේ සංවිධානයරන්මසු උයනසුගතපාල ද සිල්වාලංකා විශ්වවිද්‍යාලයලක්දිව රාජාවලියමානව සම්පත් කළමනාකරණයපාසල්ත්‍රිවිද්‍යාආර්ථික විද්‍යාවමහා ප්‍රජාපතී ගෝතමීදෙවොල් මඩුවඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්මොණරවිල කැප්පෙටිපොළවෛද්‍යවරයාලිංගික අප්‍රාණිකත්වයමෛත්‍රී බුදුරජාණන් වහන්සේඡනසංඛ්‍යා වර්ධනයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගයු‍රේනස්ගම්පහශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාවිටමින්මඩොල් දූවඅඟහරු ග්‍රහලොවඕ‍සෝන් වියනස්තූපසන්නිවේදනයමහින්ද රාජපක්ෂශ්‍රී ලංකා යුද්ධ හමුදාවවිකිමීඩියා පදනමදඬුලේනාවළි කුකුළාරතු දත්ත පොතසතර සතිපට්ඨානයසිංහල වෙදකම🡆 More