ස්වයං වින්දනය: කාන්තා

ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය හෝ උපකරණ භාවිතයෙන් (බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා) උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ.

ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී.

ස්වයං වින්දනය: හැඳින්වීමට භාවිත යෙදුම්, භාවිත වන ක්‍රම, අනෝන්‍ය ස්වං වින්දනය
ස්වයං වින්දනය - පිරිමි

සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

පිරිමි ස්වයං වින්දනය= "අතේ ගැසීම " නමද භාවිතා කරයි

කාන්තා ස්වයං වින්දනය = "අගිල්ල ගැසීම " නමද භාවිතා කරයි.

හැඳින්වීමට භාවිත යෙදුම්

ස්වයං වින්දනය: හැඳින්වීමට භාවිත යෙදුම්, භාවිත වන ක්‍රම, අනෝන්‍ය ස්වං වින්දනය 
ඇඟිලි වලින් පිරිමදිමින් ස්ත්‍රීන් ස්වයං වින්දනයේ යෙදීම.

ස්වයං වින්දනය යන්න Masturbation යන ඉංගිරිසි වදනේ සිංහලයට අනුරූප වචනය යයි සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉංගිරිසි Masturbation යන වචනයට ලිංගික එක් වීමකින් තොරව ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම (Non-penetrative sex) යන අරුත ද පවතී.

භාවිත වන ක්‍රම

කිසියම් තැනැත්තෙකු සිය ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීම, මිරිකීම, ඇතිල්ලීම හෝ සම්බාහනය කිරීම හෝ කොට්ටයක් වැනි යම්කිසි වස්තුවක් මත තෙරපීමෙන් ඒ සිදු කිරීමත් ගුදය තුළට හෝ යෝනිය තුළට ඇඟිළි හෝ යම්කිසි වස්තුවක් ඇතුළු කිරීම සහ ශිෂ්ණය හෝ භගය හෙවත් යෝනි මුව (vulva) විද්‍යුත් ස්ථන්දකයක් (electric vibrator) ආධාරයෙන් උද්දීපනය කිරීමත් (මෙය යෝනිය තුළට හෝ ගුදය තුළටද ඇතුල් කළ හැකිය.) ස්වයං වින්දනය සඳහා භාවිත වන ක්‍රමවේද ලෙස හඳුනාගත හැකිය. එමෙන් ම ස්වයං වින්දනය අතරතුර තනපුඩු හෝ වෙනත් ශෘංගාරෝද්දීපක කලාපයන් ස්පර්ශ කිරීම, ඇතිල්ලීම හෝ කෙනිත්තීම ද සිදු විය හැකි ය. ගැහැනු පිරිමි දෙපිරිස ම සංවේදනය වැඩිදියුණු කිරීම සඳහා ලිහිසි ද්‍රව්‍යයන් ද භාවිතා කරති.

කාමෝද්දීපක ප්‍රකාශන නැරඹීමේ දී හෝ කියවීමේ දීත්, ලිංගිකමය මෙනෙහි කිරීම් හෝ පරිකල්පනයන් නිසාත්, වෙන යම් ශෘංගාරාත්මක උත්තේජනයනුත් විසින් ඇතිකරන ලිංගික ආවේගයන් මුදාහැරීම පිණිස ස්වයං වින්දනයට යොමු විය හැකි ය.

සමහරු මූත්‍ර මාර්ගයට urethral sounds වැනි උපකරණ ඇතුළු කර ගැනීමෙන් ද ලිංගික වින්දනය අත් කරගනිති. අනතුරුදායක ක්‍රියාවක් වුවත් ඇතැම් විට බෝල් පොයින්ට් පෑන් සහ උණකටු ද භාවිත කළ හැකි ය. ලිංගික සංසර්ගය සමරූපණය කරන (ව්‍යාජ/මනහ්කල්පිත සංසර්ගයකට ඉඩ සලසන) යාන්ත්‍රික මෙවලම් ද ඇතැම් අය විසින් භාවිතා කරති. 

පුරුෂයන්

ශිෂ්ණය ලිහිල් ව මිටින් ගෙන අත ඉහළ පහළ යැවීම පිරිමින් අතර වඩාත් ම ප්‍රචලිත ස්වයං වින්දන උපක්‍රමයයි. මෙයාකාරයෙන් උත්තේජනය කිරීමෙන් බොහෝවිට සුරතාන්තයත් ශුක්‍ර මෝචනයත් ළඟාකරගත හැකි ය. ශුක්‍ර මෝචනයට ආසන්න වත් ම හස්ත චලනයේ වේගය වැඩිවීම සහ ශුක්‍ර මෝචනයේ දී මෝචනය හේතුවෙන් ම වේගය බාල වීම සාමාන්‍යයෙන් සිදුවුවත් හස්ත චලනයේ වේගය විවිධ විය හැකි ය.


චර්මඡේදනය කර තිබීම හෝ නොතිබීම මත පිරිමින්ගේ ස්වයං වින්දන උපක්‍රම එකිනෙකාගෙන් වෙනස් විය හැකි ය. එකකුගේ උපක්‍රමයේ යෙදීම තවකකුට දුෂ්කර වීමට හෝ සුවපහසුවෙන් තොර වූවක් වීමටත් පුළුවන. චර්මඡේදනයට ලක් නොවූ පිරිමින්ගේ ශිෂ්ණය බොහෝවිට උත්තේජනය වන්නේ පෙරසම දිවවීමෙනි (pumping). එනම් ශිෂ්ණ මුණ්ඩය ක්ෂණික ව පෙරසමින් වැසීයාම සහ යළි නිරාවරණය වීම සිදුවන පරිදි පෙරසම ශිෂ්ණ මුණ්ඩය දිගේ අතින් ඉහළ පහළ යැවීම ය. පෙරසමේ දිග ප්‍රමාණය මත ශිෂ්ණ මුණ්ඩය මුළුමනින් ම හෝ අඩ වශයෙන් වැසී යාම සිදු විය හැකි ය. 

ස්වයං වින්දනය: හැඳින්වීමට භාවිත යෙදුම්, භාවිත වන ක්‍රම, අනෝන්‍ය ස්වං වින්දනය 
ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් පිරිමින් ස්වයං වින්දනයේ යෙදීම.

ස්ත්‍රීන්

දබරැඟිල්ල සහ මැදැඟිල්ල හෝ ඉන් එක් ඇඟිල්ලක් යොදාගනිමින් ගැහැනියක විසින් සිය බාහිර ලිංගික ප්‍රදේශය (විශේෂයෙන් ම ඇයගේ භගමණිය) සෙමෙන් පිරිමැදීම හෝ දැඩි ව ඇතිල්ලීම ස්ත්‍රී ස්වයං වින්දනයට අයත් වේ. ජී-ලපය පිහිටා තිබෙන යෝනියේ ඉදිරිපස බිත්තිය පිරිමැදීම පිණිස ඇඟිල්ලක් හෝ කිහිපයක් යෝනියට ඇතුල් කිරීම ද ඇතැම්විට දැකිය හැකි ය. ස්ඵන්දකයන්, ඩිල්ඩෝවන් හෝ Ben Wa balls වැනි ස්වයං වින්දන මෙවලම් ද යෝනිය සහ භගමණිය උත්තේජනය කිරීමට දායක කර ගත හැකි ය. බොහෝ ස්ත්‍රීන් ස්වයං වින්දනය අතරතුර සිය නිදහස් අතින් පියයුරු සුරතල් කිරීම හෝ තනපුඩුවක් උත්තේජනය කරගැනීම සේ ම සමහරු ගුදීය  උත්තේජනය තුළින් ආස්වාදනයට පත්වීම ද දැකිය හැකි ය.

ඇතැම්විට ස්වයං වින්දනයේ දී (වෙසෙසින් ම අන්තර්ග්‍රාහනයක් සිදුවන විට) ලිහිසි ද්‍රව්‍යයන්/ස්නේහකයන් භාවිත වේ. නමුත් මෙය සැමට පොදු නොවන අතර බොහෝ ස්ත්‍රීන්ට සිය ස්වාභාවික ස්‍රාවයන් ප්‍රමාණවත් වෙයි.

උඩුකුරු ව හෝ යටිකුරු ව දිගාවීම,  හිඳගැනීම, උක්කුටික ව සිටීම, දනින් වැටී සිටීම හෝ සිටගෙන සිටීම සාමාන්‍යයෙන් දැකිය හැකි ඉරියව් වෙයි. ස්නානය කිරීමේ දී ගැහැනුන් කරාමයෙන් හෝ ෂවරයෙන් නික්මෙන දියපහර සිය භගමණිය සහ බාහිර ලිංගික ප්‍රදේශය වෙතට විද ගනිති. යටිකුරු ව දිගා වී හිඳිමින් ස්වයං වින්දනයේ යෙදීමේ දී ඇතැම් අය කලවා අතර දෑත් ඔබා ගැනීම, කොට්ටයක් සිරකර ගැනීම, ඇඳෙහි මිට්ටමකට තදකිරීම, සහකරුවකුගේ පයක් හෝ ගුලිකරගත් රෙදි පොට්ටනියක් ඔබාගැනීමත් බාහිර ලිංගික ප්‍රදේශය සහ භගමණිය ඒ මත තෙරපීමෙන් සහ ඇතිල්ලීමෙන් ලිංගික වින්දනය ලබාගැනීමත් (Dry humping) සිදුකරති.

සිටගෙන සිටින අතරතුර ස්වයං වින්දනයේ යෙදීමේ දී පුටුවක්, ගෘහ භාණ්ඩයක කෙළවරක්, හෝ රෙදි සෝදන යන්ත්‍රයක් පවා භගමණිය උත්තේජනය කිරීමට යොදාගත හැකිය. සමහරු භගමණිය එක එල්ලේ ම ස්පර්ශ කිරීමෙන් වැළකී ඒ මතට පීඩනයක් යෙදීමෙන් ද ස්වයං වින්දනයේ යෙදෙති. නිදසුනක් ලෙස යටඇඳුම මත අත්ල තෙරපීම දැක්විය හැකි ය.

එවක මැහුම්කාරියන් පයින් පාගන මහන මැෂින් ක්‍රියාකරවන අතරතුර මහන යන්ත්‍රයට ආසන්න වන පරිදි සිය පුටුවල අද්දරින්  අසුන්ගනිමින් සුරතාන්තය ළඟාකරගත් බව හැව්ලොක් එලිස් 1920දී සඳහන් කළේය.

සිය දෙපා එකිනෙක තදින් පටලවා ගැනීමත් ලිංගික ප්‍රදේශයන් පීඩනයට ලක් වන පරිදි දෙපාවල මාංශ පේශී මිරිකීමට ලක්කිරීමත් තුළින් ගැහැනුන්ට ඒ සඳහා විශේෂයෙන් යොමුවීමකින් තොර ව ලිංගික ව උත්තේජනය විය හැකි ය. මෙමගින් අවට සිටින අයට නොපෙනෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානක දී වුව ද ඔවුනට ස්වයං වින්දනය ලැබිය හැකිය.

සිතුවිලි, විචිත්‍ර චින්තාවන් සහ පසුගිය අත්දැකීම් පිළිබඳ මතකයන් විසින් ලිංගික උද්දීපනයන් ඇතිවිය හැකි ය. සමහරු සිය අභිමතයකින් තොර ව හිටිවන ම සුරතාන්තයට පත්වුවත් ශාරීරික වශයෙන් උත්තේජනය කරගැනීමක් සිදු නොවන බැවින් මෙය ස්වයං වින්දනයක් ලෙස සැලකීම යුතු නැත.

අනෝන්‍ය ස්වං වින්දනය

ස්වයං වින්දනය: හැඳින්වීමට භාවිත යෙදුම්, භාවිත වන ක්‍රම, අනෝන්‍ය ස්වං වින්දනය 
අනෝන්‍ය ස්වං වින්දනය.ස්ත්‍රියක් විසින් පුරුෂයෙකුගේ ශිශ්නය පිරිමැදීමෙන් උත්තේජනය ලබාදීම.

අනෝන්‍ය ස්වං වින්දනය යනු පුද්ගලයින් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක්වී තම අත්වලින් අනෙකාගේ ලිංගික අවයව උත්තේජනය කිරීමයි.මෙය විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර හෝ විරුද්ධ ලිංගිකයන් පිරිසක් අතර මෙන්ම සමලිංගික දෙදෙනකු හෝ පිරිසක් අතර වුවද සිදුවිය හැක.ඇතැම්විට එකිනෙකා සම්මුඛයේ එහෙත් එකිනෙකා ස්පර්ශ කිරීමකින් තොරව ස්වං විදනය කිරීම ද මෙයට අයත්ය.ස්ත්‍රියක හා පුරුෂයෙකු එකිනෙකාට සම්මුඛව හිදිමින් ස්වං වින්දනය සිදුකල හැකිය.කන්‍යාභාවය ආරක්ෂා කරගැනීම,ගැබ්ගැනීම් වළක්වා ගැනීම හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකී සිටීමේ අරමුණින් බොහෝ විට මෙසේ එකිනෙකා ස්පර්ශයෙන් තොරව අනොන්‍ය ස්වං වින්දනයේ යෙදෙයි.කෙසේ වෙතත් එකිනෙකා ස්පර්ශ කරගනිමින් සිදුකරන ස්වං වින්දනයෙන් පවා කන්‍යාභාවයට ගර්භනීවීමකට හෝ ලිංගික රෝග ව්‍යාප්තියකට ඍජුව බලපාන්නේ නැත.මෙය ආරක්ෂාකාරී ලිංගික චර්‍යාවකි.


ආගමික පසුබිම

බුදුදහම

ස්වයං වින්දනය පවක් ලෙස නොසැලකේ. නමුත් උපසම්පදා භික්ෂූන්ට එය ඇවතක් වශයෙන් දක්වා ඇත.

ක්‍රිස්තියානි ආගම

ස්වයං වින්දනය පවක් වශයෙන් හැදින්වේ.[තහවුරු කර නොමැත]

මුස්ලිම් ආගම්

ෂියා ඉස්ලාම් නිකායට අනුව ස්වයං වින්දනය හරාම් (අකැප) ය. සුන්නි ඉස්ලාම් දහමේ, මේ පිළිබඳව නොයෙක් මත පවතී. ඉමාම් මලික්ට අනුව එය සුන්නි දහමේ ද හරාම් ය. නමුත් අනෙක් ඉමාම්වරු තිදෙනාට අනුව ස්වයං වින්දනය, කාම මිථ්‍යාචාරයෙන් වැළකීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරන්නේ නම් කැප ය​. කවරාකාරී හෝ ශුක්‍ර විමෝචනයකින් පසු ස්නානය අනිවාර් ය වේ.

හින්දු ආගම

හින්දු දහමට අනුව ගිහි සැප සෙවීම, මනුෂ්‍ය ජිවීතයේ ප්‍රධාන අරමුණු සතරෙන් එකකි.

කාම සූත්‍රය කිසි සේත්ම ස්වයං වින්දනය හෙළා දැක නොමැති අතර එය ස්වයං වින්දනයේ යෙදිය හැකි උපක්‍රම විස්තර කරයි.

සෞඛ්‍යමය බලපෑම

වෙෙද්‍යමය පොදු එකඟතාව නම් ස්වයං වින්දනය යනු වෙෙද්‍ය විද්‍යාත්මකව සෞඛ්‍යමත් සහ මනෝවිද්‍යාත්මකව සාමාන්‍ය හැසිරීම් රටාවක් වේ. මර්ක් මැනුවල් ඔෆ් ඩයනොසිස් ඇන්ඩ් තෙරපි (Merck Manual of Diagnosis and Therapy) වෙෙද්‍ය ග්‍රන්ථයට අනූව, "partner-oriented හැසිරීම නිෂේදනය කිරීම, ප්‍රසිද්ධියේ සිදුකිරීම, හෝ පීඩාවට හේතුවන තරම් අත්හල නොහැකි භාවය, ස්වයං වින්දනයේ අසාමාන්‍ය තත්වයන් ලෙස සැලකේ."

ස්වයං වින්දනය මගින් නොමේරූ ශුක්‍රාණු නිපදවීම සිදු නොකරයි.

එක්සත් ජනපද, අමෙරිකානු මනෝ චිකිත්සක සංගමයේ ඩයනොස්ටික් ඇන්ඩ් ස්ටැටිස්ටිකල් මැනුවල් ඔෆ් මෙන්ටල් ඩිසෝඩර්ස් (Diagnostic and Statistical Manual of Mental Disorders (DSM)) II (1968) යන ප්‍රකාශනය තෙක්, ස්වයං වින්දනය චිකිත්සාවට ලක් කල හැකි මානසික තත්වයක් විය. 1972 වර්ෂයේදී අමෙරිකානු වෙෙද්‍ය සංගමය විසින් ස්වයං වින්දනය කිරීම සාමාන්‍ය කරුණක් ලෙස ඒකමතිකව ප්‍රකාශයට පත්කරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර​

සටහන්

වැඩිදුර පරිශීලනය​

අඩවියෙන් බැහැර පිටු

Tags:

ස්වයං වින්දනය හැඳින්වීමට භාවිත යෙදුම්ස්වයං වින්දනය භාවිත වන ක්‍රමස්වයං වින්දනය අනෝන්‍ය ස්වං වින්දනයස්වයං වින්දනය ආගමික පසුබිමස්වයං වින්දනය සෞඛ්‍යමය බලපෑමස්වයං වින්දනය මේවාද බලන්නස්වයං වින්දනය මූලාශ්‍ර​ස්වයං වින්දනය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝඋම්මග්ග ජාතකයමාතලේ අළුවිහාරයසිංහල ව්‍යාකරණකුඹල් කර්මාන්තයවිහාරමහා දේවියපර්යේෂණශ්‍රී ලංකා නාවික හමුදාවමොණර කුඩුම්බියතාරුණ්‍යය හා විවේකයසඳකඩපහ‍ණේ විකාසනයජපමාලයබුද්ධාගමපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයසිංහල මිණුම් ඒකකසිඟාලෝවාද සූත්‍රයසන්දේශ කාව්‍යමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ ජාතික සංකේතකුවේණි කුමරියලාඕසයඑස් පහ (5S) ක්‍රමයමහාභාරතයක්‍රිකට්මහින්දාගමනයසමාධි බුදු පිළිමයනන්දා මාලනීදියවැඩියා රෝගයරුසියානු-යුක්‍රේන යුද්ධයවැදි සාහිත්‍යයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමපාස්කු උත්සවයලිංගාශ්‍රිත රෝගමිහින්තලයභාවනාපවුලරාග (සංගීතය)මානව අයිතිවාසිකම්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලයශෝදරාසංවර්ධනය වෙමින් පවතින රටවල්මාධ්‍ය නිදහසනාමල් උඩුගමමුනිදාස කුමාරතුංගකර්ම (බුදු දහම අනුව)හෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්උද්ධමනයපොළොන්නරුව පෞරාණික නගරයබ්‍රිතාන්‍ය ලංකාවමහාවංශයපෘථිවි දිනයසීගිරියමහාසේන රජමහියංගනය රජ මහා විහාරයසීගිරි බිතු සිතුවම්සන්නිවේදනයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවවිලියම් ෂේක්ස්පියර්ලෝ වැඩ සඟරාවකරපිංචාපාපන්දු ක්‍රීඩාවඉංග්‍රීසි භාෂාවඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවලව්වකෝට්ටේ යුගයසාර ධර්මකමතක්ෂණික මෝචනයවළගම්බා රජඕස්ට්‍රේලියාවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසත්තුආර්ථික විද්‍යාවක්‍රීඩාපොන්නම්බලම් රාමනාදන්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියයාපනය🡆 More