සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ.
මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු දක්වයි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් වන අතර එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ. අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.
සමාධි බුදු පිළිමය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | අනුරාධපුර |
භූගෝලීය ඛණ්ඩාංක | 8°22′12″N 80°23′53″E / 8.36987°N 80.39817°E 80°23′53″E / 8.36987°N 80.39817°E |
අනුබැඳියාව | බෞද්ධ |
පළාත | උතුරු මැද පලාත |
රට | ශ්‍රී ලංකාව |
සමාධි බුදු පිළිම වහන්සේ 4 වන හෝ 5 වන සියවසේ අභයගිරි සමයට අයත් ලෙස සැලකෙන අතර එය කිනම් රජ කෙනෙකුගේ කාලයේදී නිර්මාණය කරන ලද්දේ දැයි නිශ්චිතව නොදනී. නමුත් මෙම පිළිමය එකල උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ට මුහුණ ලා පිහිටවූ එකිනෙකට සමාන පිළිම වහන්සේලා 4 නමකගෙන් එකක් ලෙස පිළිගත් මතයක් පවතී. මෙම පිළිමය දැනට පිහිටි ස්ථානයේදීම 1888 දී හමු වූ අතර ඒ වන විට පිළිමයේ නාසයට හානි සිදුවී තිබුණි. පිළිමය ආවරණය කරමින් තිබෙන උඩු වියන 1950/60 කාල සීමාවේදී පිහිටනු ලැබීය.
පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම සමාධි බුදු පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බවත් ඉන්දියාවෙන් අතික්‍රාන්තය නොවූවක් ලෙසත් අවධාරණය කර ඇත.
සමාධි බුද්ධ ප්‍රතිමාව බාහිර ලෝකය සමඟ බැඳිමක් හෝ විදැහීමක් නොමැතිව භාවනානුගෝගීව සිටින බුදු රජාණන් වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණය කරනු ලැබේ.
This article uses material from the Wikipedia සිංහල article සමාධි බුදු පිළිමය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.