සමාජය

සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි.

බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක. එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි. දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍රියාවලියක් අවශ්‍යය කෙරේ. එහිලා විවාහය හා පවුල වැදගත් වන අතර අඹු දරැවන්ගේ ආරක්ෂාව සපයා ගැනිමේ හැකියාව මේ යටතේදැක්විය හැකිය. තෙවැන්න ලෙස සංස්කෘතිය යන සාධකය හඳුනා ගත හැකිය. සංස්කෘතිය අවශ්‍යය වනුයේ මිනිසුනට පරමිපර‍වෙලින් පරමිපරාවට හුරැපුරැදු කරගත යුතු හැසිරිමි රටාවක් ධර්මතා පද්ධතියක් අවශ්‍යය නිසාය. දේශපාලන ස්වාධිනත්වය ද තවත් කරැණක් ලෙස දැක්විය හැකිය. මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි.

සමාජය
සමාජය
සමාජය
සමාජය
Left to right: a family in Savannakhet, Laos; a school of fish near Fiji; a military parade on a Spanish national holiday; a crowd shopping in Maharashtra, India.

සමාජය ගොඩනැගීම පිළිබඳ වැදගත් වන මෙම මුලික කාරණා බලන විට පෙනී යන්නේ පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය. මෙම සමාජ සමිබන්ධතා අධ්‍යනය තුළින් සමාජය තේරැමි ගැනීමට පහසු වන බව පෙනේ.සමාජ සමිබන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවධානය යොමු කළ විට මිනිසුන් තම හැසිරිමේදී තමා අවට සිටින අන්‍යයන්ගේ හැසිරිමි රටාවන් කෙරේ සැලකිමත් වේ. එනමි පුද්ගල සමිබන්ධතා කරැණු දෙකක් ඔස්සේ හඳුනා ගත හැකිය.

  • තමා විසින් කරන ක්‍රියාවන් පිළිබඳ තමා විසින්ම තනි තීරණ වලට එළඹිම.
  • එම තීරණ අන්‍යයන් සමග එකතු වී ක්‍රියාත්මක කිරීම.


             තමා විසින්ම තීරණ ගනී නමි එය පුද්ගල ක්‍රියාවක් වන අතර අන්‍යයන්ගේ සහභාගීත්වය තුළින් එම ක්‍රියාවක් සමාජ ක්‍රියාවක් වේ. පුද්ගලයන් තුළ ගොඩ නැගෙන්නා වු මෙම සමාජ සමිබන්ධතාවලට යමි රටාවක්‍ හෙවත් පිළිවෙලක් පවතින බව සමාජ විද්‍යාඥයයින්ගේ පිළිගැනිමයි. සමාජානුයෝජනය හරහා ගොඩ නැගුණා වු පොදු හැසිරිමි රටාවන් සමාජයන් තුළ දැකිය හැකිය. මෙම හැසිරිමි වෙනස් නොවි දිගු කාලයක් තිස්සේ සමාජය තුළ පවතී. පුද්ගලයා ගත් විට ඔහුට සමාජය තුළ විවිධ තත්වයන් හා කාර්යභාර්යන් හිමි වේ. එකම පුද්ගලයා විවිධ අවස්ථාවල එකිනෙකින් වෙනස් වු භූමීකාවන් රඟ දක්වයි. පවුල තුළ පියෙකු සැමියෙකු පුතෙකු සොහොයුරෙකු ලෙස ද සමාජයේ දී මිත්‍රයෙකු ඥාතියෙකු ආදී වු විවිධ භූමිකා තුළ ක්‍රියාත්මක වේ.              සමාජය තුළ පුද්ගලයාගේ තත්වය ගත්විට ආරෝපිත තත්වය ලෙස හඳුනා ගත හැකිය. ආරෝපිත තත්වය පුද්ගලයාට උපතින්ම හිමි වේ.එමෙන්ම මෙය පුද්ගල කැමැත්ත අනුව වෙනස් කිරිමට ද නොහැකිය. සාධිත තත්වය පුද්ගලයා විසින්ම ලගා කරගනී. අධ්‍යාපනය ධනය බලය රැකියාව ආදීය සාධිත තත්වයන් ලෙස හඳුන්වයි.ඕනෑම සමාජයක සහජිවනය හා සහසමිබන්දතාවය යන කරැණු ද ශ්‍රම විභජනය නොහොත් වැඩ කටයුතු බෙදා ගැනීමක් ඔස්සේ ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස පවුල තුළ ස්වාමි පුරුෂයා භාර්යාව හා දරැවන් අතර ශ්‍රම විභේදනය ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලිය හැකිය.බොහො විට බිරිඳ විසින් දරැවන් බලා ගැනිම හා ආහාරපාන පිළියෙල කිරිම ආදි වැඩ කටයුතුවල නිරත වන අතර ආහාර පාන සැපයිම දර සපයාදිම ආරක්ෂාව ලබාදිම ආදි කටයුතු ස්වාමි පුරුෂයා විසින් සිදු කරයි. ශ්‍රමය බෙදා හදා ගැනිම පිළිබඳ එකමුතු බව හෝ සහජිවනයක් හෝ ඇති වන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් කළයුතු හා නොකළයුතු කාර්යයන් පිළිබඳ පොදු පිළිගැනීමක් පදනමි කොට ගෙනය.

ආශ්‍රිත ලිපි

  • Civil society
  • Club (organization)
  • Consumer society
  • Community (outline)
  • Culture (outline)
  • Eusociality
  • Family
  • High society (group)
  • Mass society
  • Open society
  • Outline of society
  • Presociality
  • Professional society
  • Religion (outline)
  • Scientific society
  • Secret societies
  • Sociology
  • Sociobiology
  • Social actions
  • Social capital
  • Social cohesion
  • Societal collapse
  • Social contract
  • Social disintegration
  • Social order
  • Social solidarity
  • Social structure
  • Social system
  • Social work
  • Structure and agency

මූලාශ්‍ර

උපහරණ

Tags:

පරිසරය

🔥 Trending searches on Wiki සිංහල:

ජෛව ගෝලයඉසුරුමුණියශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයබුද්ධ ප්‍රතිමාවිහාරමහා දේවියදුටුගැමුණුගේ පාලනය සමයතොරතුරු තාක්‍ෂණයලිංගික සංසර්ගයගිරවුඩුබායිපාස්කු උත්සවයප්‍රජාපතී ගෝතමීකමතගෞතම බුද්ධ පරිනිර්වාණයසුරතාන්තයහෙන්රි ස්ටීල් ඕල්කට්දිවාලිසොළොස්මස්ථානස්වභාවික පරිසරයඋඩරට ගිවිසුමගාලු කොටුවනොබෙල් ත්‍යාගයකේතුවපසළොස්වක පොහොය දොළහයෝනි මුඛයතෝමස් අල්වා එඩිසන්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තනිකොලස් කොපර්නිකස්සර්වෝදයමහාවංශයසොරබොර වැවජලයතිසා වැවසුද්ධෝදන රජවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගමෛත්‍රී බුදුරජාණන් වහන්සේබඹරකන්ද ඇල්ලඑස් පහ (5S) ක්‍රමය1000000000000 (number)හිඳගල රජමහා විහාරයස්ත්‍රී ස්වයං වින්දනයසන්නිවේදනයසොලොස්මස්ථානක‍ඩොලානජෝන් ලොගී බෙයාඩ්හික්කඩුවේ සුමංගල තෙරණුවෝපොරොන්දම්එක්සත් රාජධානියරාජ්‍ය නොවන සංවිධානසී.ඩබ්.ඩබ්. කන්නන්ගරජී‍.බී. සේනානායකහතරවන පරාක්‍රමබාහු රජචතුරස්‍රයඅපද්‍රව්‍ය කළමනාකරණයඅපරාධ නීතියශ්‍රී පාදස්ථානයසිංහල සාහිත්‍යයස්ත්‍රීවාදයඅන්තර්ජාලයවිටමින්බුධබෝවන රෝගශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමත්ද්‍රව්‍යඉස්ලාම් යනුඇල්බර්ට් එලිස්හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයලෝක ජනගහනයවැදි භාෂාවශ්‍රී වික්‍රම රාජසිංහ රජපොන්නම්බලම් රාමනාදන්විවාහයමඩොල් දූවවිධායක ඡනාධිපතිජේතවනාරාමය, අනුරාධපුරසිංහල ව්‍යාකරණකැලණිය රජ මහා විහාරය🡆 More