සඳකඩපහණ

සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි.

එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ අඩ්ටචන්දපාසාන යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.

සඳකඩපහණ
ඉබ්බන්ගල විහාරය, සඳකඩ පහ​ණ​

අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර, දුක්ගැහැට, වලින් පිරී තිබෙන බවයි.

අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත. අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය.

පොළොන්නරු යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ශිව දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.සඳකඩ පහණ මැද ඇත්තෙ නෙලුම් මලක අර්දයක

සඳකඩපහණේ නිමිත්ත

  • එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.
  • සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරුවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද, කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා, සිංහයා, වෘෂභයා යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බියයි. ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.මෙම අර්ථකථනය නිර්මානාත්මක වූවද සංසාරය එතෙර වීම වැනි ශුද්ධ වූ අදහසක් නිරූපනය වන සදකඩපහණ ප‍යට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මතු වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඅශෝක අධිරාජයාඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ජපානයආර්ථික සංවර්ධනයශ්‍රී ලංකා ජාතික කොඩියබුදුගුණ අලංකාරයරාමසාන් උත්සවයතුන් සිංහලේයශෝදරාපාපන්දු ක්‍රීඩාවපොලිස් විමර්ශනස්වභාවික පරිසරයකුමාරතුංග මුනිදාසගැලලියෝ ගැලලීපහතරට නැටුම්ආප්තෝපදේශපැපොලමහවැලි ගඟවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසිංහල අක්ෂර වින්‍යාසයපන්සියපනස් ජාතක පොතපනාකඩුව තඹ සන්නසඩයලොග් ආසියාටාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඋපායශීලී සැලසුම්කරණයමුදල්ලෝක ජල දිනයවලිසිංහ හරිශ්චන්ද්‍රකළුතර බෝධියමුල් පිටුවසුද්ධෝදන රජජේතවනාරාමය, අනුරාධපුරඅයිසැක් නිව්ටන්රුසියානු විප්ලවයඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාව ආවේණික මසුන්හේන් ගොවිතැනඅමරදේවසීගිරි බිතු සිතුවම්හෙන්රි ස්ටීල් ඕල්කට්ඛනිජ තෙල්මහාද්වීපකිරි වෙහෙර, කතරගමබුදු දහමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඕස්ට්‍රේලියාවඑස් පහ (5S) ක්‍රමයකනදළ දේශීය නිෂ්පාදිතයකලා වැවනිරවි යුද්ධයනාගරීකරණයනව නළු රසසිද්ධි ලෙබ්බේඅභිප්‍රේරණයචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගඅඹගාල්ල දිස්ත්‍රික් පාසල් නාමාවලියපරිසර පද්ධතිරාවණා රජපළමුවන විජයබාහු රජසාම්ප්‍රදායික සිංහල විවාහගෞතම බුද්ධ පරිනිර්වාණයඅපද්‍රව්‍ය කළමනාකරණයආදරයපෘථිවියෙහි භ්‍රමණයඅටුවාශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයක්‍ෂීරපායි සත්තුසාමයබිලාවල් රාගයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාලෝ වැඩ සඟරාවමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ පළාත්🡆 More