සන්දේශ කාව්‍ය

පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය නමින් ‍හැඳින්වේ.

ලෝක සාහිත්‍යයෙහි හමු වන පළමු දූත කාව්‍යය සංස්කෘත මහා කවි කාලිදාස ලියූ මේඝ දූතය යි. සන්දේශ කාව්‍ය ලක්‍ෂණ වශයෙන්, සංස්කෘත පඬුවෝ කරුණු නවයක් දැක්වූ හ​.

  1. ප්‍රසිද්ධ පුරුෂයකු හෝ ස්ත්‍රියක කතා නායකයා කිරීම​.
  2. දූතයා වංශාදියෙන් සුන්දරයෙකු වීම​.
  3. ඉතිහාස කතාවක් හෝ ආශිර්වාදයක් හෝ පූර්ව වීම​.
  4. කුශල ප්‍රශ්නය මුල් කොට ගෙන දූතයා වැනීම​.
  5. යා යුතු තැන් කීම​.
  6. මාර්ග දේශාදි වර්ණනා කිරීම​.
  7. දේශ නගරී නායකයනට ස්තූතිය​
  8. වෘතාන්තය කීම​
  9. දූතාශීර්වාදය​

මින් ඉතිහාස කතා පූර්ව කොට ගෙන සඳේශ රචනා නො කෙරිණි. ඉතිරි රීති අනුගමනය කරන ලදි.

සිංහල සන්දේශ කාව්‍යාවලිය​

මයුර සන්දේශය​

මෙය ලංකාදීපයේ පැරණිතම කාව්‍ය සංදේශයයි.[තහවුරු කර නොමැත] කවීශ්වර නම්, ගුරුළුගෝමී ගේ මුණුපුරකු විසින් රචිත ය​. පද්‍ය සංඛ්‍යාව 163කි. පස් වන බුවනෙකබාහු රජු හා යටත් ජනයා රැක ගැනීමට අයැද, දෙවිනුවර කිහිරෙළි උපුල්වන් දෙවියන් වෙත යවනු පිණිස ලියන ලද්දකි. සාහිත්‍යික අගයෙන් දෙ වැනි වනුයේ සැළලිහිණි සන්දේශයට පමණි ලංකාවේ ඉපැරණි සම්භාව්‍ය ගනයේ සන්දේශ කාව්‍ය කි දෙව්න්දර පැරණි ගණදෙවි කෝවිල ගැන සදහන් වේ

තිසර සංදේශය​

ගම්පොළ යුගයේ රචනා වී ඇත. දැතිගම්පුර පස් වන පැරකුම්බා සහ ඔහුගේ ඇමති මණ්ඩලය ද, මවු ද, ආරක්‍ෂා කරන ලෙස උපුල් දෙවියන් අයැදීම පරමාර්ථ කොට ගෙන රචිත ය​. පද්‍ය සංඛ්‍යාව 187කි. කර්තෘ අවිනිශ්චිත ය​. කර්තෘ, දෙවිනුවර මහා විහාරයේ ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ බවට සාක්‍ෂ්‍ය පවතී යයි, කුමාරතුංග මුණිදාස අදහස් දක්වා ඇත​.

කෝකිල (කොවුල්) සන්දේශය​

සපුමල් කුමාරයා කතා නායකයා වන අතර, මෙය පිළිගන්වනු ලබන්න්නේ ඔහුට ය​. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය​. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය​, දීර්ඝත ම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය ගත්, සපුමල් කුමාරයාට හා ඔහු ගේ ඇමති ගණයා ඇතුළු සෙනගට ද, සන්හස් බෝදිනයිනා කැමිදුනට ද, ආරක්‍ෂාව සලසා දෙන ලෙස ඉල්ලීම උපුල්වන් දෙවියන්ගෙන් යැදීම මෙහි පරමාර්ථය යි.

ගිරා සන්දේශය​

කෝට්ටේ යුගයේ රචනා වී ඇත. කර්තෘ සදහන් නොවේ. පද්‍ය සංඛ්‍යාව 254කි. කාව්‍යයෙහි පරමාර්ථය වූයේ පරාක්‍රමබාහු රජුට නාථ දෙවිඳු ගේ පිහිට ලබා දීම ය​. නමුත් අස්න යැවෙන්නේ නාථ දෙවිඳුට නොව සිරි රහල් හිමිට ය.

හංස සන්දේශය​

15 වන සියවසේ දී රචිත ය​. පිරිත් දෙසා, දෙවියනට පින් දී, පැරකුම් බා රජුන් රකින ලෙස දෙවියන් අයැදින ලෙස කවියා කෑරගල වනරතන හිමියන් ගෙන් ඉල්ලයි.මෙය වීදාගම හිමියන් ලියන ලදි.

කහ කුරුළු සන්දේශය​

15 වන සියවස අග දී රජ පැමිණි, වීර පරාක්‍රමබාහු රජ දවස​, දික්වැල්ලේ කඳවුරු කුලයට අයත් වූ සාමණේර නමක් විසින් රචිත​, ගලගම සිට කතරගමට යැවෙන සන්දේශයකි.

සැවුල් සන්දේශය​

සීතාවක රාජසිංහ රජු හා ඔහු ගේ සේනාව ආරක්‍ෂා කර දෙන ලෙස, සපරගමුවේ සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලමින්, අලගියවන්න මොහොට්ටාල විසින් රචිත ය. අමනාපව සිටින රජු සතුටු කොට​, නැවත ඔහු ගේ ප්‍රසාදය බලාපොරොත්තුව මෙය ලීවේ යැයි සිතීමට තුඩු දෙන රජ වැනුම් රාශියකි.

මග සලකුණ

17 වන සියවස මුල දී රචිත ය​. සන්දේශ කාව්‍ය ලක්‍ෂණ ඇතත්, දූත වැනුම් හෝ හසුනක් ඇතුළත් නො වන මෙය​, බදුල්ලේ සිට මහනුවර දළදා මාළිගයට එන මග වනමින් රචිත වර්ණනා මාලාවකි.

නීලකොබෝ සන් දේශය​

අසනීපයෙන් සිටින තමාව සුව පත් කරන මෙන් ඉල්ලා, බරණ ගණිතාචාර්ය විසින් රචිත ය​.

19 වන හා 20වන සියවස​

19 වන සියවස මුල් අවධියේ රචනා වූ නාරි සංදේශය ට අමතරව විසි වන සියවස අවධියේ දී, බහුල වශයෙන් සන්දේශ කාව්‍ය ලියැවී ඇත්තේ, සමාජයේ දුබල තැන් උපහාසයට ලක් කරමින් ය​.

මූලාශ්‍ර​

  • සිංහල සාහිත්‍ය ප්‍රවේශය (1964), ආනන්ද​ W.P. ගුරුගේ

Tags:

සන්දේශ කාව්‍ය සිංහල ාවලිය​සන්දේශ කාව්‍ය 19 වන හා 20වන සියවස​සන්දේශ කාව්‍ය මූලාශ්‍ර​සන්දේශ කාව්‍යකාලිදාස

🔥 Trending searches on Wiki සිංහල:

ලිංගික ඉන්ද්‍රියන්සමාජානුයෝජනයහංස සන්දේශයමාධ්‍ය නිදහසදෙහිවල ජාතික සත්වෝද්‍යානයසාර ධර්මත්‍රිකුණාමලයඇසත්‍යාග (නීතිය)චතුරාර්ය සත්‍යයකන්ද උඩරට ඉතිහාසයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලබිතු සිතුවම්කුමාර් සංගක්කාරජපමාලයනෙප්චූන්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඅන්තර්ජාලයදූරියන්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමුඛ සංසර්ගයක‍ඩොලානශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගලෝකයේ රටවල්සෝඩියම්ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණරුහුණු කතරගම දේවාලයජපානයගොංගාලේගොඩ බණ්ඩාශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයජනමාධ්‍යයභෛරවී රාගයබුලත් හපයාශ්‍රී ලංකාවේ විදේශ සබඳතාගෞතම බුද්ධ පරිනිර්වාණයදැල්පන්දුරුවන්වැලිසෑයටී.බී. ජයාවිර පුරන් අප්පුසිංහල ටීකා සීපදගුත්තිල කාව්‍යයප්ලේටෝජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයග්‍රීක දර්ශනවාදීන්නිරවි යුද්ධයකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාආනන්ද විද්‍යාලය, කොළඹඅනගාරික ධර්මපාලලක්‍ෂ්මී (දෙවඟන)රසායනික මූලද්‍රව්‍යභගමණියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයව්‍යාපෘති කළමනාකරණයසසුන සුරැකි සංගායනාපොහොරරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවපියයුරු සංසර්ගයගැට බෙරයඊශ්‍රායලයබෝඹුරු ඇල්ලසිංහල අක්ෂර වින්‍යාසයදඹදෙණිය යුගයපෘතුගීසි ලංකාවප්‍රජානන මනෝ විද්‍යාවමුරගලඑල්ලේධනවාදයආඩියාගලකෙසෙල්සත්මහල් ප්‍රාසාදයපරිගණකයථූපාරාමයPickMeසුළඟ2022 ශ්‍රී ලංකාවේ විරෝධතානිදි මාපිලාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකා‍වේ බුදු පිළිම🡆 More