සතර අගති

පාලකයා කවර කරුණකදී වුව අන්තගාමී වනුයේනම් එවැනි රටක/රාජ්‍යයක සාධාරණය, යුක්තිය ඉෂ්ට නොවේ.

අනිසා ජනතා සුබ සිද්ධිය උදෙසා පාලකයා සතර අගතියෙන් වැළැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලසේක.

සතර අගති

ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං අතිවත්තතී

නිහීයති තස්ස යසෝ කාල පක්ඛේව චන්දිමා

ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාති වෘකති

ආපුරති තස්ස යසො සුක්ඛ පකෙඡව චන්දිමා

ජන්දය – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.

දෝස - යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.

භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.

මෝහ - මෝඩකමෙන් අගතියට යෑම.

සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සඳහන් යටකී පළමු ගාථාවෙන් ප්‍රකාශ වන්නේ මෙම කරුණු සතරින් යමෙක් අගතියට පත්ව කටයුතු කරන්නේ නම්, අව පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ඔහුගේ යසස පිරිහෙන බව යි. එසේ අගතියට නොයන තැනැත්තාගේ යසස පුර පක්‍ෂයේ චන්ද්‍රයා මෙන් ක්‍රමයෙන් වර්ධනය වන බව දෙවැනි ගාථවෙන් අර්ථවත් වෙයි.

  1. ඡන්දය
  2. ද්වේශය
  3. භය
  4. මෝහය

ඡන්ද

මින් අදහස් වන්නේ යම් යම් දෑ ගැන ඇති පුද්ගල කැමැත්ත යි. ස්වතන්ත්‍රව ගන්නා තීරණ හා කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ ගන්නා තීරණ මීට අදාල ය. එබැවින් පාලකයා යුක්තිය, සර්ව සාධාරණත්වය ඉටුවන පරිදි නිවැරැදි තීරණ ගැනීම අගතියෙන් වෙන් වීමෙකි.

ද්වේශය

යුතුකම්, සුදුසුකම් හා සාරධර්ම පිළිබඳ යථාවබෝධය නොමැතිව සමගිය හා සාමදානය පිටුදැක කටයුතු කිරීම ‍ද්වේශය යි. රටවැසියා හෝ නිලධාරීනට දඬුවම් කිරීම ඔවුනගේ අභිවෘඬිය උදෙසා ම සිදුකළ යුතුවේ. එසේ නොමැතිව පාලකයා දැඩි අන්තවාදී දූෂිත මනෝභාවයකින් හෙබි නම් හේ තුළ මධ්‍යස්ථ සිතුවිලි ඇති නොවේ. යහ පාලනයක් උදෙසා ද්වේශය පිටුදැකිය යුතුබව බුදුදහම අවධාරණය කරයි.

භය

මෙහිදී පාලකයා සෑමවිට ම මැති ඇමතීන්, සෙසු නිලධාරීන් හා ‍අන් පාලකයන් පිළිබඳ මහත් භීතියකින් පසුවීම භය නම් වේ. එහෙත් විශිෂ්ට චරිතයක් ඇති පාලකයා කිසිදු විටෙක බිය නොවේ. හෙතෙම බුද්ධිමත්ව ක්‍රියා කරයි. භය ඉස්මතු වනුයේ ආත්මාර්ථය නිසා ය. එබැවින් බියෙන් පෙලෙන පාලකයා ජනතාව ද නිලධාරීන් ද අයථා ලෙස පෙළීමට පත් කරන හෙයින් බුදුදහම භය අගතියක් ලෙස උගන්වයි.

මෝහය

මෝහය යනු මුළාව යි. රාජ්‍ය පාලනයේදී පාලකයාට තීක්‍ෂණ බුඬියක් තිබීම අත්‍යාවශ්‍ය ය. එබැවින් හේ මෝහය මුලිනුපුටා දැමිය යුතුය. එය සියළු වැරැදි ක්‍රියාවලට මුල්වන අකුසල මූලයක් හෙයින් එය අගතියක් ලෙස බුදුදහම උගන්වයි. පාලකයා බුඬිහීන, අඥාන මෝඩයකු නම් ඔහුට යහ පාලනයක් ගෙනයාම ඉතාමත් අපහසු ය. යුක්තිය, සාධාරණත්‍වය වටහා ගැනීමට පාලකයකු මුළාවෙන් තොරවිය යුතු ය. ඉන් අගතිගාමී නොවිය යුතු ය.

Tags:

සතර අගති සතර අගති

🔥 Trending searches on Wiki සිංහල:

මිනිස් ලිංගික ක්‍රියාසංයුක්ත තැටියමොනරාශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජඅභයගිරි විහාරයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවකතරගමසඳකඩපහණතුර්කියස්ත්‍රීවාදයශ්‍රී ලංකාවේ සිනමාවරනිල් වික්‍රමසිංහමාතලේ පරිපාලන දිස්ත්‍රික්කයගෝලීයකරණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසමාජානුයෝජනයත්‍රිවිද්‍යාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවමහා මංගල සුත්‍රයමායා (ත්‍රිමාන චිත්‍රපටිය)එදිරිවීර සරච්චන්ද්‍රකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ වල් පැලැටිඇම්බැක්කේ දේවාලයසාර ධර්මහේන් ගොවිතැනශ්‍රී ලංකා පොලිස් සේවයපින්නවල අලි අනාථාගාරයඡායාරූප ශිල්පීවාමන ග්‍රහලෝකනීල් ආම්ස්ට්‍රෝන්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාභීතිකා ලැයිස්තුවනුවරඑළියදෙවන පරාක්‍රමබාහු රජකුර්ආන්සන්නාහ යුද්ධ රථජන සන්නිවේදනයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයසියදිවි නසාගැනීමවියපත් වීමඅළු කෑදැත්තාවිධායක ඡනාධිපතිකෘමියෝසිංහල හෝඩිඅහිකුණ්ඨකලක්දිව රාජාවලියනුවර වැවසිංහල ජනයාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දතුන්වන පරාක්‍රමබාහු රජදියවැඩියාවෙහි රෝග ලක්ෂණනන්දා මාලනීසූත්‍ර පිටකයසිරිමාවෝ බණ්ඩාරනායකග්ලිරිසීඩියා සේපියම්රන්ජන් රාමනායකමානව විද්‍යාවනාගදීප පුරාණ විහාරයජයන්ති කුරු උතුම්පාලඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගූගල්මහත්මා ගාන්ධිමහා පත්තිනි දේවාලය, නවගමුවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාජලයරූපවාහිනියථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයබෞද්ධ ධර්ම සංගායනාපංච කල්‍යාණමානව සැකිලි පද්ධතියසෞඛ්‍යයද්විතීය අධ්‍යාපනයසැළලිහිණි සන්දේශයගාලු කොටුවපොන්නම්බලම් අරුණාචලම්🡆 More