දත්ත සම්ප්‍රේෂණය

දත්ත සම්ප්‍රේෂණය, සංඛ්‍යාංක සම්ප්‍රේෂණය, හෝ සංඛ්‍යාංක සන්නිවේදනය යනු ලක්ෂ්‍යයෙන්-ලක්ෂ්‍යයට හෝ ලක්ෂ්‍යයෙන්-බහු ලක්ෂ්‍යයන්ට සන්නිවේදනය සිදුකරන නාලිකාවක් ඔස්සේ භෞතික වශයෙන් දත්ත ( සංඛ්‍යාංක දත්ත ප්‍රවාහයක්) මාරුවකි.

එවැනි නාලිකා පිළිබඳ නිදසුන් වශයෙන් දැක්විය හැක්කේ තඹ කම්බි, ප්‍රකාශ තන්තු, නොරැහැන් සන්නිවේදන නාලිකා, සහ ආචයන මාධ්‍ය වෙති. මෙම දත්ත නිරූපණය කෙරුමට විද්‍යුත් වෝල්ටීයතාවයක්, රේඩියෝ තරංගයක්, සුක්ෂ්ම තරංගයක්, හෝ අධෝරක්ත සංඥාවක් වැනි විද්‍යුත් චුම්බක සංඥාවක් භාවිත කළ හැක.

ප්‍රතිසම සන්නිවේදනයේදී සිදුවන්නේ අඛණ්ඩව වෙනස්වන තොරතුරු සංඥාවක් සමර්පණය කිරීම වන අතර, සංඛ්‍යාංක සන්නිවේදනයේදී සිදුවන්නේ වියුත පණිවුඩ සමර්පණයයි. මෙම පණිවුඩ නිරූපණය කෙරුම සඳහා එක්කෝ මඟ කේතයක් අනුසාරයෙන් ස්පන්දන අනුක්‍රමයක් (පාදම් කලාප සන්නිවේදනය) හෝ, සංඛ්‍යාංක මූර්ජන ක්‍රමයක් භාවිතා කරමින් නිමැවෙන අඛණ්ඩව වෙනස්වන තරංග හැඩයන් සීමිත ගොන්නක් (ගිලිහුම් කලාප සන්නිවේදනය) හෝ භාවිතා කල හැක. ගිලිහුම් කලාප මූර්ජනය හා අනුරූප විමූර්ජනය (අනනාවරණය ලෙසින්ද හැඳින්වේ) සිදුකෙරෙන්නේ මෝඩම උපකරණ අනුසාරයෙනි. සංඛ්‍යාංක සංඥාවක වඩාත්ම සුලභ අර්ථදැක්වීම අනුව, බීටු-ප්‍රවාහ නිරූපණය කරන පාදම් කලාප සහ ගිලිහුම් කලාප සංඥා දෙවගයම සංඛ්‍යාංක සන්නිවේදනය ලෙසින් සැලකෙන අතර, විකල්ප අර්ථදැක්වීමක් ප්‍රකාර පාදම් කලාපය පමණක් සංඛ්‍යාංක ලෙසින් සැලකෙන අතර සංඛාංක දත්තයන්හී ගිලිහුම් කලාප සම්ප්‍රේෂණය සැලකෙන්නේ සංඛ්‍යාංක සිට ප්‍රතිසම පරිවර්තනයෙහි ආකාරයක් ලෙසිනි.

සම්ප්‍රේෂණය කෙරෙන දත්ත, නිදසුනක් ලෙසින් පරිගණකයකින් හෝ යතුරුපුවරුවකින් වැනි දත්ත මූලාශ්‍රයකින් උපදවෙන සංඛ්‍යාංක පණිවුඩයක් විය හැක. එලෙසම එය නිදසුනක් ලෙසින් ස්පන්ද-කේත මූර්ජනය (PCM) භාවිතයෙන් හෝ වඩාත් ප්‍රගත ප්‍රභව කේතකරණය (ප්‍රතිසම-සිට-සංඛ්‍යාංක පරිවර්තනය සහ දත්ත සම්පීඩනය) පරිපාටීන් අනුසාරයෙන් හෝ දත්ත ප්‍රවාහයක් බවට සංඛ්‍යාංකකරණය කල දුරකතන ඇමතුමක් හෝ සදෘශ්‍ය සංඥාවක් හෝ වැනි ප්‍රතිසම සංඥාවක් වුව හෝ විය හැක. මෙම ප්‍රභව කේතකරණය සහ විසංකේතීකරණය සිදුකෙරෙන්නේ කොඩෙක් උපකරණ විසිනි.

මූලාශ්‍ර

Tags:

අධෝරක්තදත්තදත්ත ප්‍රවාහයසංඛ්‍යාංකසංඥාව (ඉලෙක්ට්‍රොනික විද්‍යාව)

🔥 Trending searches on Wiki සිංහල:

සුද්ධෝදන රජකාවන්තිස්ස රජපෘතුගීසි ලංකාවකළු කුහරළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාකුට්ටම් පොකුණනව යොවුන්වියශ්‍රී මහා බෝධිය, අනුරාධපුරතාරකා විද්‍යාවසමනලයාඑළාර රජශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයලංකාරාමයබුද්ධ ප්‍රතිමාශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්පරාක්‍රම සමුද්‍රයඇරිස්ටෝටල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයනීතිය - හැඳින්වීමමින්නේරිය වැවශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවශ්‍රී ලංකාවේ ශිලා ලිපිබිලාවල් රාගයබෞද්ධ කොඩියසීගිරි බිතු සිතුවම්පසළොස්වක පොහොය දොළහඡායාරූප ශිල්පීසෙනසුරු ග්‍රහලොවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවදියවැඩියාවඋද්ධමනයකෝළම්රඹුටන්සිංහල ප්‍රස්ථාව පිරුළුනිකොලස් කොපර්නිකස්කුසල් සහ අකුසල්ධම්මික පෙරේරාමුඛ සංසර්ගයරතන සූත්‍රයකුරුණෑගලමහා මංගල සුත්‍රයවිර පුරන් අප්පුමෝටර් රථවට්ස්ඇප්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමාතලේ කැරැල්ලකළුතර බෝධියසුගතපාල ද සිල්වාඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්මැලේරියාවකාබෝහයිඩ්‍රේටබුද්ධාගමලෝකයේ රටවල්සාපේක්ෂතාවාදයසොළොස් මහා ජනපදමානව ලිංගිකත්වයසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමඅන්වීක්ෂයඋපත් පාලන කොපුනෙල්ලිවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුළඟජෛව ගෝලයශ්‍රී ලංකාවේ ආදි වාසීන්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකුමාරතුංග මුනිදාසශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියඉත්තෑවාඑක්සත් ජාතීන්ගේ සංවිධානයමහත්මා ගාන්ධිමහාද්වීපසැළලිහිණි සන්දේශය🡆 More