ශ්‍රී ලාංකීය සංස්කෘතිය

පුරාතන යුගයේ ශ්‍රි ලාංකීය සංස්කෘතිය විවිධ වු අංශයන්ගේ ආභාෂය ලැබ වෙනස්වීම්වලට ලක් විය.

බොහොමයක් වෙනස්වීම් සඳහා හේතු පාදක වී ඇත්තේ ආගමික හා ලන්දේසි,පෘතුග්‍රීසි මෙන්ම ඉංග්‍රීසි ආක්‍රමණයන්ය

සිංහල හින්දු අලුත් අවුරුද්ද

ගොනුව:කැවිලි.jpg
ශ්‍රී ලාංකීය කැවිලි

සිංහල හින්දු අලුත් අවුරුද්ද(සිංහලෙන් "අලුත් අවුරුද්ද"ලෙසද දෙමලෙන්"පුත්තාන්ඩු"ලෙසද හැඳින්වේ)ලංකාව තුල පවත්වන්නා වු මහා සංස්කෘතික මංගල්‍යයකි. මෙය අප්‍රේල් මසයේ එනම් බක් මස, සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදා වීම සිදු වේ. එක් වසරක අවසානයත් සමඟම නව වසර උදා වීම සිදුවන නමුත් එය මධ්‍යම රාත්‍රිය මුල් කරගෙන නොව නක්ෂ්‍යස්ත්‍රකරුවන් විසින් ලබා දෙන සංක්‍රමණ වේලව අනුව සිදු වේ. මෙම කාල සීමව නොනගතය නමින් හැඳින්වෙන අතර එම කාලය තුලදී සියලු වැඩ අත්හැර ආගමික හා සම්ප්‍රදායික ක්‍රියකරකම් සඳහා මුල්තැන දීම සිදු වේ.අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය.අලුත් අවුරුදු ක්‍රීඩා ඒ අතර මුල්තැනක් ගනී.

ගෝලීයකරණය

ශ්‍රී ලාංකීය සංස්කෘතිය 
ගෝලීයකරණය
  • පසුගිය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාව ඉතා විශාල වශයෙන් විවිධ බලපෑම් වලට නතු විය. ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරයක් ස්වකීය පරිභෝජනය සඳහා සම්ප්‍රදායික ආහාර යොදා ගනු ලැබේ. නමුත් ධනාත්මක ලෙස ගෝලීයකරණයට මුහුණ දීමේ උත්සාහයේදී දියුණු රටවල ආර්ථික සංවර්ධනය හා තියුණු තරඟය නිසා විදෙස් සමාගම් දියුණු වෙමින් පවතින රටවල් කරා යොමු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ප්‍රබල ලෙස අයුතු බලපෑම් වලට නතු වී ඇත. බටහිර සංස්කෘතියේ බලපෑම හේතුවෙන් McDonalds, Pizza Hut සහ Kentucky Fried Chicken වැනි ක්ෂණික ආහාර වෙළඳ නාම ප්‍රචාරණ ආයතන මෙන්ම ඇඳුම් වර්ග ලෙස Levi සහා Bench වැනි නවීන දෑ ප්‍රධාන නගර ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති බව දැකිය හැක .

ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය

ශ්‍රී ලාංකීය සංස්කෘතිය 
රුවන්වැලි මහාසෑය

ශ්‍රී ලංකීය සංස්කෘතිය ආගම හා බැදී පවතී. ශ්‍රී ලංකාව තුල විවිධ ආගම් නියෝජනයක් පවතී. බෞද්ධ බැතිමතුන් පොහොය දිනයන් සමරන අතර හින්දු හා මුස්ලිම් භක්තිකයන් ඔවුන්ට වැදගත් වන දිනයන් සමරනු ලැබේ. ශ්‍රී ලාංකිකයන් දැඩි ආගම් භක්තිකයන්ය. මක් නිසද යත් පුරතන යුගයේ පටන් විවිධ ආගමික ඇදහිලි සඳහා මුල් තැන ලබා දී ඇති නිසාය. ශ්‍රී ලංකාව පුරා බොහෝ පන්සල් මෙන්ම මුස්ලිම් පල්ලි, හින්දු දේවස්ථාන පැතිර පවතී. ලංකවේ ප්‍රාදේශීයව පවතින ආගමික සිද්ධස්ථාන දෙස බැලීමෙන්ම ආගමික නැඹුරුව තීරණය කළ හැක. ශ්‍රී ලංකවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බොහෝ හින්දු දේවාල සහ මුස්ලිම් පල්ලි දැක ගත හැකි වන්නේ එම ප්‍රදෙශයන්හි දෙමළ හා ජනගහනයක් ව්‍යප්තව ඇති බැවිනි. රෝමානු කතෝලික හා පොතෙස්තන්ත්‍ර ආගම් අදහන්නන් බොහොමයක් දකුණු මුහුදු තීරයේ ව්‍යාප්තව ඇති බැවින් බොහෝ පල්ලි දැක ගත හැක. ශ්‍රී ලංකවේ ප්‍රධාන ආගම බුද්ධාගම වීම බැවින් දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දීප ව්‍යාප්තව බෞද්ධ ආගමිකයන් විසිරී පැතිරී ඇත.

ක්‍රීඩා කෞශල්‍යය

ශ්‍රී ලාංකීය සංස්කෘතිය 
අත්පන්දු ක්‍රීඩාව

ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුල විවිධ වූ ක්‍රීඩා සඳහා මූලික තැනක් හිමි වේ. එයට හේතුව සමාජයීය වශයෙන් ඉතා දිළිඳු වීම නිසා අඩු වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ පරිහරණය කිරීමට සිදු වීමයි. ශ්‍රී ලාංකාවේ ජාතික ක්‍රීඩාව අත්පන්දු ක්‍රීඩාවය.නමුත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව වඩා ප්‍රචලිත වී ඇත.ශ්‍රී ලංකවේ සෑම ළමයෙකුටම ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ මනා දැනුමක් ඇත. ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද ක්‍රිකට් ක්‍රීඩවේ නියැලීම සඳහා දිවයින පුරා ක්‍රීඩා පිටි විශාල ප්‍රමානයක් විසිරී පැතිරී ඇත. ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බහුතරය ස්වකීය විනෝදාංශය ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය කරන අතර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා නැරඹීමට ඔවුන් බොහෝ ඇලුම් කරති. මෙවන් වූ විශාල ක්‍රිකට් තරගාවලි විකාශය කිරීම මඟින් රටේ වෙළඳ ආර්ථිකය සඳහාද වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කිරීමට සමත් වේ. කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ඕස්ට්‍රේලියව පරදවා ලෝක කුසලානය දිනා ගැනීමට හැකි විය. මෙම ජයග්‍රහණය හේතුවෙන් ලාංකීය නාමය ලෝකය පුරා ගෙනයාමට ඉවහල් විය.

සංගීතය

ශ්‍රී ලාංකීය සංස්කෘතිය 
බටනලා

ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි මූලික වශයෙන් බලපා ඇත්තේ බුදුදහම සහ පෘතුග්‍රීසි යටත් විජිතවාදීන්ය.ශ්‍රී ලංකා ද්වීපයට ක්‍රිස්තු පූර්ව 300 දී මහින්දාගමනයත් සමඟ බුදුදහම ස්ථාපිත විය. ඉන් අනතුරුව 15 වන සියවසෙහිදී පෘතුග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟ මෙරට සංගීතය විශාල වශයෙන් වෙනස් වීම් වලට ලක් විය. එයට හේතු වූයේ පෘතුග්‍රීසි ජනයාට ආවේනික වූ සංගීත භාණ්ඩ සහ ඔවුන්ගේ සංගීත විධි ක්‍රම මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමයි. පෘතුග්‍රීසින් සමඟ අප්‍රිකානු වහල්ලු විශේෂයක්ද මෙරටට රැගෙන එන ලදී. මොවුන් කපිරිඤ්ඤා නමින් හැඳින්වේ. ඔවුන්ගේ නර්තන නිර්මාණයන් බයිලා නමින් හැඳින්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බයිලා ගීත කලාව ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල මුල් බැස ගත්තේය. සම්ප්‍රදායික සංගීත ක්ෂේත්‍රය තුල උඩරට බෙරය විශේෂ ස්ථානයක් ගනී. මෙම බෙර බොහෝ විට බෞද්ධ හා හින්දු සිද්ධස්ථාන මුල් කර ගෙන වාදනය කිරීම සිදු කෙරේ....

චිත්‍ර හා කලා ශිල්ප

ගොනුව:SIGIRI2.jpg
සීගිරි බිතුසිතුවම්

ශ්‍රී ලංකවේ විවිධාකරයෙන් වූ චිත්‍ර හා කලා ශිල්ප, ආභාසය ලබා ඇත්තේ බොහෝ ප්‍රදේශීය හා දේශීය සම්ප්‍රදායන් උකහා ගත් හා පිළිගත් රටේ බොහෝ කාලයක් පුරා පවතින බෞද්ධ සංස්කෘතියෙනි. බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලාංකීය කලාවන් බිහි වී ඇත්තේ ආගමික විශ්වාස මත පදනම්ව වන අතර සිතුවම්, මූර්ති ශිල්පය හා ගෘහ නිර්මාණ වැනි කලාවන් තුලින් ඒවා නියෝජනය කෙරේ. ශ්‍රී ලාංකීය කලාවන්හි වැදගත් අංගයක් වන්නේ ලෙන් හා විහාරවල ඇඳි ආගමික සිතුවම්ය. උදාහරණ වශයෙන් සීගිරි බිතු සිතුවම්, දඹුල්ල හා නුවර ප්‍රදේශවල විහාරයන්හි ඇති සිතුවම් දැක්විය හැක. අනෙකුත් ජනප්‍රිය කලාවන් ආභාසය ලබා ඇත්තේ විදේශීය මෙන්ම ස්වදේශීය ජනපදිකයන්ගෙනි. උදාහරණ ලෙස ලී කැටයම්, මැටි වළං කර්මාන්තය ආදිය උඩරට ප්‍රදේශ ආශ්‍රිතව දැකගත හැක. තවත් විශිෂ්ඨ කලාවන් වන රේන්ද කලාව පෘතුග්‍රීසි අභාසයෙන්ද බතික් කර්මාන්තය ඉන්දුනීසියානු ආභසයෙන්ද ඇති විය.

ශ්‍රී ලංකාවේ තේ

ගොනුව:තේ31.jpg
තේ වතු යායක්

ලෝකයේ විශාල වශයෙන් තේ නිපදවන්නන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාව තේ පානය කිරීම සම්බන්ධයෙන්ද අනෙකුත් රටවල් අභිබවා සිටියි. බොහොමයක් ශ්‍රී ලාංකිකයන් දිනකට අවම වශයෙන් උණු තේ කෝප්ප තුනකවත් රස බැලීමට අමතක නොකරති. ශ්‍රී ලංකාව ලෝකයේ උසස්ම තත්වයේ තේ නිපදවන රටවල් අතරින් එකක් වීම විශෙෂත්වයකි. එක්සත් රාජධානියේ රාජකීය පවුල පවා ස්වකීය පානයන් අතරට ලාංකීය තේ සඳහා ද මුල් තැනක් ලබා දීම තුලින් ලාංකීය තේ සඳහා ලෝකයේ ඇති ඉල්ලුම මොනවට පසක් වේ. නිවසට අමුත්තෙකු පමිණි අවස්ථාවකදී, උත්සව අවස්ථාවලදී මෙන්ම උදෑසන ආහාරයක් ලෙසද තේ පිලිගැන්වීමට හැක.

ආහාර නිෂ්පාපදනය

ශ්‍රී ලාංකීය සංස්කෘතිය 
බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද මස්

දේශීය ආහාර නිෂ්පාදනයේ ආකර්ශණය සඳහා බහුල වශයෙන් ඉන්දීය, යටත් විජිත මෙන්ම විදේශීය වාණිජ කටයුතු යන අංශයන්ගේ බලපෑම සෘජු ලෙස ලැබී ඇති බව අපවිසින් වටහා ගත යුතුය. සාමාන්‍යයෙන් දෛනික පරිභෝජනය සඳහා එකතු කර ගන්නා බත් ඕනෑම දිවා සහ රාත්‍රී විශේෂ උත්සව අවස්ථාවන් සඳහා රසවත් ව්‍යාංජන කිහිපයක් සමඟ පිළිගැන්විය හැක. ඉතා ප්‍රචලිත මධ්‍යසාර පානයන් වන රා සහ අරක්කු නිෂ්පාදනය සඳහා කිතුල්, පොල් වැනි තාල වර්ගයේ ගස්වල මලෙහි සාරය ගනු ලැබේ. ශ්‍රී ලාංකීය කෑම වේලෙහි බත් සහ ව්‍යංජන සුලබ දසුනකි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් ආප්ප සඳහාද දැඩි රුචිකත්වයක් දක්වති. නමුත් වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ක්ෂණික ආහාර කෙරෙහි යොමු වීමක් දැකිය හැක. උදාහරණ ලෙස hamburgers, hot dogs, Chinese rolls, patties සහ pastries ගත හැක. බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ තවත් රසවත් ආහාරයක් වන්නේ කිරිබත්ය. සාමාන්‍යයෙන් ව්‍යාංජන පිළියෙල කිරීමේදි මස් සහ මාළු ලෙස සීමා කීරීමක් නොකරන අතර ඒ සඳහා විවිධ එළවළු වර්ගද එකතු කර ගනු ලැබේ. ඇතැම් විට මුං, පරිප්පු වැනි දෑ ද යොදා ගැනේ.තවද අච්චාරු, චට්නි සහ සම්බෝල වැනි කටට සැර ආහාර වර්ගද ඇත.මෙහිදී ඉතා ප්‍රචලිත ආහාරයක් වන පොල් සම්බෝල පිළියෙල කිරීම සඳහා ගා ගත් පොල් සමඟ මිශ්‍ර කරගත් වියළි මිරිස්, ලුනු, උම්බලකඩ සහ දෙහි යුෂ යොදා ගැනේ. මෙය ව්‍යාංජනයක් ලෙස බත් සමඟ ආහාරයට ගැනීමෙන් නිතැතින්ම කෑම රුචිය වර්ධනය වේ. සම්බෝල වලට අමතරව විවිධ මැල්ලුම් වර්ගද ආහාරයට ගැනේ.මේවා පලා වර්ග කපා පොල් සහ ලූණු සමඟ මිශ්‍ර කර පිළියෙල කෙරේ. ශ්‍රී ලාංකීය කෑම වර්ගයන්හි රසය ඉස්මතු වී ඇත්තේ පොල් කිරි යොදා පිලියෙල කරන බැවිනි. ඉහත පෙර සඳහන් කළ පරිදි නාගරිකව වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාව ඇමෙරිකානු ක්ෂණික ආහාර නිෂ්පාදන සමාගම් සමඟ ඒකාබද්ධව ක්‍රියා කරන අතර බොහොමයක් වූ ලාංකීය තරුණ පරපුර මෙම ක්‍රියාවලිය අනුමත කරමින් ක්ෂණික ආහාර රටාවට හුරු වී ඇති බව ඉතා පැහැදිලිව දැකිය හැක. එසේ වුවද විශේෂයෙන් සමාජයේ වෙසෙන වැඩිහිටි පිරිස් මේ තත්වය ඉතා පිළිකුල් සහගතව හෙළා දැක ඇති බව පෙනේ.

කුළුබඩු නිෂ්පාදනය

ගොනුව:BN2856 02-FB.jpg
ශ‍්‍රී ලංකාවේ කුළු බඩු

ශ්‍රී ලංකාව ඉතා දීර්ඝ කාලයක සිට කුළුබඩු නිෂ්පාදනය සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් උසුලා සිටියි. 15 වන සහ 16 වන සියවස්වලදී ලෝකයේ නන් දෙසින් පැමිණි වෙළඳ නැව් ඔවුන්ගේ දේශීය ආහාර මෙරටට රැගෙන එන ලදී. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ විවිධ ආහාර විධි ක්‍රම සහ ශිල්පීය ඥානය මෙරට ස්ථාපිත වීමයි. ලන්දේසි සහ පෘතුග්‍රීසි රසකැවිලි වර්ගද ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමට පටන් ගත්තේය. බ්‍රිතාන්‍ය ආභාසය ලබා බදින ලද විවිධ මස් වර්ග ආහාර රටාවට එක් විය. එමෙන්ම ඉන්දීය ඉවුම් පිහුම් ක්‍රම හා විවිධ කෑම වර්ගද ශ්‍රී ලාංකීය ආහර රටාව තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් දේශීය ඉවුම් පිහුම් සඳහා විවිධ කුළුබඩු වර්ග එක් කර ගන්නා අතර ඒ සඳහා නියම වූ කෑම වට්ටෝරු භාවිතයක් නොමැත. මේ නිසා සෑම කෑම වර්ගයක්ම විවිධ රසයෙන් යුක්ත වේ. එපමණක්ද නොව ප්‍රාදේශීය වශයෙන් ගත් කල ජනතාව (උදාහරණ ලෙස උඩරට වැසියන්, වෙරළබඩ වැසියන් ගත හැක.) වෙනස් වූ ඉවුම් පිහුම් ක්‍රම අනුගමනය කරනු දැකිය හැක. ශ්‍රී ලාංකීය කුළුබඩු ලොව අන් සියලු කුළුබඩු අභිබවා ඉදිරියෙන් සිටියි. මෙහිදී ලාංකිකයන් බහුල වශයෙන් විවිධ වර්ගයේ වූ මිරිස් වර්ග අතරින් අමු මිරිස්, කොච්චි මිරිස්, මාලු මිරිස් මෙන්ම දෙමළ ජනතාව "මිලාකායි" යනාදිය යොදා ගනියි. සාමාන්‍යයෙන් සංචාරකයින් මිරිස් අවම වශයෙන් යෙදූ කෑම වැඩි වශයෙන් ප්‍රිය කරන අතර ඔවුන් සඳහා කෑම පිලියෙල කිරීමේදි බටහිර සංස්කෘතියට ගැළපෙන ලෙස පිළිගැන්වීම සිදු කරනු ලබයි. තවද උත්සව අවස්ථාවන් සඳහා කෑම පිළියෙල කිරිමේදී ද දෛනික ඉවුම් පිහුම් රටාවෙන් මිදී මිරිස් අවම ලෙස භාවිතා කරනු ලැබේ. මෙහිදි එක් එක් පුද්ගලයාගේ රස අනුව කෑම අභිරුචිය වර්ධනය වීම සිදු වේ.

සබැඳි පිටු

අඩවියෙන් බැහැර පිටු

Tags:

ශ්‍රී ලාංකීය සංස්කෘතිය සිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලාංකීය සංස්කෘතිය ගෝලීයකරණයශ්‍රී ලාංකීය සංස්කෘතිය ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වයශ්‍රී ලාංකීය සංස්කෘතිය ක්‍රීඩා කෞශල්‍යයශ්‍රී ලාංකීය සංස්කෘතිය සංගීතයශ්‍රී ලාංකීය සංස්කෘතිය චිත්‍ර හා කලා ශිල්පශ්‍රී ලාංකීය සංස්කෘතිය ශ්‍රී ලංකාවේ තේශ්‍රී ලාංකීය සංස්කෘතිය ආහාර නිෂ්පාපදනයශ්‍රී ලාංකීය සංස්කෘතිය කුළුබඩු නිෂ්පාදනයශ්‍රී ලාංකීය සංස්කෘතිය සබැඳි පිටුශ්‍රී ලාංකීය සංස්කෘතිය අඩවියෙන් බැහැර පිටුශ්‍රී ලාංකීය සංස්කෘතිය

🔥 Trending searches on Wiki සිංහල:

කලාව යනුඑක්සත් ජාතික පක්‍ෂයවිර පුරන් අප්පුස්වයං වින්දනයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසියදිවි නසාගැනීමරෝසවළගම්බා රජවිනය පිටකයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඕස්ට්‍රේලියාවදෙමළ භාෂාවජේසුස් වහන්සේඅමරදේවයූටියුබ්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඅහිකුණ්ඨකමිනිස් මොළයගුණදාස කපුගේශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවදෙවන පරාක්‍රමබාහු රජලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ ඉතිහාසයවටදාගෙයමූල්‍ය ප්‍රකාශනයලිංගික සංසර්ගික ඉරියව්උප‍දේශන මනෝ විද්‍යාවතෝමස් අල්වා එඩිසන්ලිංගිකත්ව අධ්‍යාපනයමරු සිටින දිශාවතෛපොංගල්කළමනාකරණයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුශ්‍රී ලංකා පොදුජන පෙරමුණඋම්මග්ග ජාතකයමොනරාගෝලයශ්‍රී ලංකාවේ වී ගොවිතැනසෙංකඩගල රාජධානියදුටුගැමුණු රජපළමුවන විජයබාහු රජපුරාතන ග්‍රීසියශ්‍රී ලංකාවේ දාගැබ්ණය පත්ඇල්ලරනිල් වික්‍රමසිංහකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාමිනිස් ලිංගික ක්‍රියාක්ෂුද්‍ර ජීවීන්අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහැරී පොටර්පවුලකිරි වෙහෙර, කතරගමජාතික ගීය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණටී.බී. ජයාඅන්තර්ජාලයතාත්තාස්ත්‍රී ස්වයං වින්දනයසිංහල ටීකා සීපදජපන් සංස්කෘතියවර්ණ සබැඳි සිද්ධාන්තශ්‍රී ලංකා කොටියාළමා අපයෝජනයසිංහල හින්දු අලුත් අවුරුද්දමිශ්‍ර සිංහල හෝඩියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයඅපෝස්තුළුවර ජුඩ්ජාත්‍යන්තර මූල්‍ය අරමුදලසිංහල ප්‍රස්ථාව පිරුළුවිවාහ නීතිය - ශ්‍රී ලංකානිල් අවරියහතරවන පරාක්‍රමබාහු රජ🡆 More