ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, වයස අවුරුදු 18 ට වැඩි, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් සඳහා උසස් අධ්‍යාපන වරම් ලබාදීම සඳහා පිහිටුවා ඇති ආයතනයකි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 7 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 6353 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
පිහිටුවන ලද්දේ1978
වර්ගයපොදු
කුලපතිසෑම් විජේසිංහ
උපකුලපතිආචාර්ය විජිත නානායක්කාර
ශිෂ්‍යයන්24,697 [1]
පිහිටීමනාවල, නුගේගොඩ, ශ්‍රී ලංකාව
වෙබ් පිටුවhttp://www.ou.ac.lk/

ආරම්භය

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා ගේ අදහසක් අනුව 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය 1978 දි ආරම්භය කරන ලදි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාව තුල, විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ආයතන සඳහා ප්‍රතිපාදන සැපයීම, ඒවා සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී මධ්‍යගත ආයතනයක් ලෙස ක්‍රියා කිරීම, විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය කටයුතු නියමිත තත්වයෙහි පවත්වාගෙන යෑම අරභයා අදාල කටයුතු සැලසුම, සම්බන්ධීකරණය හා විමර්ෂනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඈ කටයුතු සිදුකෙරෙනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එමගින් පාලනය වන ජාතික විශ්වවිද්‍යාල අතරින් සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් බැහැරව ක්‍රියාත්මක වන එකම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයි .මෙහි අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ මූලිකවම දුරස්ථ හා විවෘත ආකෘතිය යටතේය. වර්තමානය (2008) වන විට දිවයින පූරා පිහිටුවා ඇති අධ්‍යයන මධ්‍යස්ථාන 22 ක් මූලික කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙහි ප්‍රධාන මණ්ඩපය නාවල-නුගේගොඩ පිහිටා ඇත.

පීඨ

1.ඉංජිනේරු තාක්ෂණ පීඨය

කෘෂි හා වැවිලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, විදුලි හා පරිඝණක ඉංජිනේරු, ගණිතය හා ඉංජිනේරු දර්ශනය, යාන්ත්‍රික ඉංජිනේරු, පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණය යන දෙපාර්තමේන්තු 06 කින් සමන්විතය.

2.ස්වභාවික විද්‍යා පීඨය

භෞතික විද්‍යා, ගණිත, රසායන විද්‍යා, උද්හිද විද්‍යා, සත්ව විද්‍යා, යනාදී දෙපාර්තමේන්තු වලින් සමන්විතය.

3.මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය

4.අධ්‍යාපන පීඨය

අංශ

1.අධ්‍යාපන තාක්ෂණ අංශය
2.ප්‍රාදේශීය අධ්‍යාපන සේවා අංශය
3.තොරතුරුතාක්ෂණ අංශය
4.පර්යේෂණ අංශය

ශිෂ්‍ය සංගමය

විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය පීඨ ශිෂ්‍ය සංගම් හතරකින් සමන්විත වන අතර විශ්වවිද්‍යාලය තුල සභාපති ඒ.එම් රිෆාත් සහෝදරයාගේ නායකත්වයෙන් ශිෂ්‍ය අයිතීන් හා ශිෂ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටියි. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ව්‍යාපාරයන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වෙයි.

මේවාද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආරම්භයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පීඨශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අංශශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ශිෂ්‍ය සංගමයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මේවාද බලන්නශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආශ්‍රිතශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය බාහිර සබැඳිශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

🔥 Trending searches on Wiki සිංහල:

මානව අයිතිවාසිකම්ආකල්පමහා මංගල සුත්‍රයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියකන්තලේ වැවජේසුස් වහන්සේපෘතුගීසි ලංකාවමානවම්ම රජජන සන්නිවේදනයඋද්ධමනයපණ්ඩුකාභය රජඔලිම්පික්නෙළුම් කුළුණඑක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජඇදුමආර්ථික සංවර්ධනයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)චලිතය පිළිබඳ නිව්ටන් නියමදර්ශනයඑස්‌. මහින්ද හිමිඋළුහාල්අධ්‍යාපන මනෝ විද්‍යාවඉතිහාසයශ්‍රී ලංකා නාවික හමුදාවසෞරග්‍රහ මණ්ඩලයයශෝදරාසමලිංගිකතාවදෙමළ භාෂාවස්වයං වින්දනයමාතලේචන්ද්‍රසේන හෙට්ටිආරච්චිහංස සන්දේශයදියවැඩියාවවල්ලිපුරම් රන් සන්නසශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියකොළඹ විශ්වවිද්‍යාලයමිනිසාශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවවෛද්‍යවරයාසන්දේශ කාව්‍යගූගල් පරිවර්තකයසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ සිනමාවඉස්සන් වගාවසඳකඩපහණසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රකුරුල්ලෝවෛරස් පිළිබඳ හැඳින්වීමක්සුදු බිංදුමනිල් මානෙල්කාලිංග මාඝ රජමඩු දේවස්ථානයවෘෂණ කෝෂයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයසිංහල භාෂාවලක්දිව රාජාවලියහෙන්රි ස්ටීල් ඕල්කට්ලේනාශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයමාධ්‍යවිකිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දහලාවතජැක්සන් ඇන්තනීහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්එක්සත් ජාතික පක්‍ෂයඩොනමෝර් ආණ්ඩුක්‍රමයසෞඛ්‍යයටයිටැනික් (නෞකාව)ලෝක ආහාර අර්බුදයසිංහල මිණුම් ඒකකදුන්හිඳ ඇල්ලශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන🡆 More