ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය: අකිත

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය (සිංහල: Sri Lanka බාලදක්ෂ සංගමය Sri Lanka Baladaksha Sangamaya; දෙමළ: இலங்கைச் சாரணர் சங்கம்), යනු ලංකා බාලදක්ෂ කවුන්සිලය මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංවිධානයකි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය
Headquartersකොළඹ
Countryශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Founded1912
Membership10,0000
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයාරනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපති
සභාපතිබ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජේ.පී. ඒ ජයවර්ධන
ප්‍රධාන කොමසාරිස්ජනප්‍රිත් ප්‍රනාන්දු
AffiliationWorld Organization of the Scout Movement
Website
www.scout.lk
ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහය, ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු
ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහය, ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු
ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහය, ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු
ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහය, ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු
ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහය, ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු Scouting portal

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය 1953 දී ලෝක බාලදක්ෂ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනු ලැබීය. ලංකා බාලදක්ෂ කවුන්සිලය 1957 අංක 13 දරණ පනත මගින් පිහිටුවන ලද සංගමයකි.[1] පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 1957දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ලංකා බාලදක්ෂ පනත Ceylon Scout Council Act (No. 13 of 1957) [2] පසු කාලීනව යාවත් කාලීන කෙරුණු අතර එහි සඳහන් ආකාරයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව නව නිලධාරී මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වීම සිදුවේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාව

සෑම වර්ෂයක් සඳහා ම විවෘත ඡන්ද ක්‍රමය යටතේ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාව පත් කෙරෙන අතර 2022/2023 සඳහා සංගමයේ සභාපති ලෙස ශ්‍රීනාත් ගුණරත්න මහතා තේරීපත්විය. නිල බලයෙන් ප්‍රධාන කොමසාරිස් විසින් විධායක සභාව නියෝජනය කරන අතර කමල්නාත් ජිනදාස මහතා, මල්ලිකා ගුණරත්න මිය, ඩේමියන් සිල්වා මහතා, පූජ්‍ය. කේ.එච්. කුමාරසිංහ පෙරේරා සහෝදර තුමා උප සභාපතිවරු ලෙස ද කාරක සභාව සභාපති ලෙස රන්සිරි පෙරේරා මහතා ද ගරු. ලේකම් එම්.ජේ.සාදික් අමීන් මහතා ද ගරු. භාණ්ඩාගාරික ඩී.නිරෝෂන් මානවඩු මහතා ද නියෝජ්ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහතා, ජාතික පුහුණු කොමසාරිස් කර්නල් (විශ්‍රාමික) පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහතා, ජාත්‍යන්තර කොමසාරිස් ආචාර්ය වෛද්‍ය රජීව ආර්. පීරිස් මහතා නියෝජනය කරනු ලැබේ. කමිටු සාමාජිකයින් එච්.එල්.කපිල ප්‍රියන්ත මහතා, ජී.ආර්. රෝවන්.කේ. ආරියරත්න, ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා, ආර්.එම් තිලක් ජයසිරි මහතා, ඩබ්ලිව්.කේ. සනත් රෝහණ වික්‍රමසිංහ, ඊ.කේ. දිලුම් දුමින්ද, සරත් කුමාරසිංහ මහතා, ඇන්ටන් සෙත් පෙරේරා මහතා, උපුල් මනිල් රණසිංහ මහතා, දීපාල් ගුණවර්ධන මහතා, ජේ.රියාල් ඩීන් මහතා, කේ.එම්.එස්. වීරසූරිය මහතා, ජේ.ඒ. පුලස්ති බුද්ධික ජයතුංග මහතා, ජෙරොම් ලක්ෂාන් පෙරේරා මහතා කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු

මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියෙහි ඉම්පීරියල් මූලස්ථානය යටතේ 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් සාමාජිකත්වය ලබා දෙනු ලැබූ අතර සියලු 'වුඩ් බැජ්' නම් පාඨමාලා ලී පදක්කම් පුහුණු කටයුතු ගිල්වෙල් කදවුර ආශ්‍රිය කොට සිදු කෙරිණ. [3] ලංකාවේ පළමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව 1924දී ආරම්භ වන තෙක්ම මෙම පුහුණුව සිදුවිය.[4]

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලැබෙන මුදල් නිසි මූල්‍ය රෙගුලාසි අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ නිසි අනුමැතිය සහිතව වියදම් කර වාර්ෂිකව මූල්‍ය වාර්තා වරලත් ගණකාධිකාරි ආයතනයක් මඟින් විගණනයකර වාර්ෂික මහා සභාවේ අනුමැතිය මත සිදුකෙරේ. ප්‍රධාන කොමසාරිස් සී.පී.ජයවර්ධන මහතාගේ යුගයේදී රුපියලේ වැඩ සතිය නමින් 1950දී ආරම්භ කල ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන අරමුදල් සම්පාදන වැඩ සටහන ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය ලෙස වර්තමානයේදී ද ක්‍රියාත්මක කරනු ලැබේ. [5] බාලදක්ෂ වැඩ සතියෙන් උපයන මුදලින් 20%ක මුදලක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලැබෙන අතර තව 20%ක ප්‍රමාණයක් දිසා බාලදක්ෂ සංගමයට ලැබෙන අතර ඉතිරි 60%ක මුදල බාලදක්ෂ කටයුතු කරන බාලදක්ෂ කණ්ඩායමට ලැබේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ කමිටු සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් සිදුකල නොහැකි අතර සියලු මූල්‍ය වාර්තා වරලත් ගණකාධිකාරි ආයතනයක් මඟින් විගණනය කර වාර්ෂික මහා සභාවේ අනුමැතිය ට යොමුකරනු ලැබේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පූර්ණ වී ඇති අතර ලෝකයේ ජාතික බාලදක්ෂ සංගම්‌ 172 ක්‌ නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ මිලියන 57 කින්‌ සමන්විත ලෝක බාලදක්ෂ සංවිධානයේ සාමාජිකයෙකි. සිඟිති, පෝතක, බාලදක්ෂ භා මානවක බාලදක්ෂයින්‌ භා නායකයින්‌ වාර්ෂිකව ලෝක බාලදක්ෂ සංවිධානයේ ලියාපදිංචි කිරීම එමඟින් සිදුකරනු ලැබේ. අදාල වර්ෂයේ සාමාජිකත්වය අලුත් කරන සියලු දෙනා වෙත සංගණන පදක්කම් නිකුත් කිරීම ඒ අනුව සිදු වේ. සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවකයින්‌ ඛාලදක්ෂ නායකයින්‌, කොමසාරිස්වරුන්‌ හා ගිහි සාමාජිකයින්‌ සඳහා වාර්ෂික සංගණන ගාස්තුව රු. 50.00 කි. 2023 වාර්ෂික සංගණන සංඛ්‍යා ලේඛන අනුව මුළු බාලදක්ෂ සාමාජික සංඛ්‍යාව 93,639ක් පමණ වේ.

වර්තමානය වන විට දිසා බාලදක්ෂ සංගම්‌ 37ක් යටතේ පරිපාලන කටයුතු සිදුකෙරෙන අතර නිල ඇඳුම් නොඅඳින විධායක කමිටුවක් මඟින් දිසා සංගම් පරිපාලනය කෙරේ.

බෝඹුරු ඇල්ල ජලාශය අසල පිහිටා ඇති පීඩෲ [6] බාලදක්ෂ කඳවුරු භූමිය [7] සහ මීරිගම ලී දසනායක පුහුණු කඳවුරු භූමිය පවත්වාගෙන යාමත් ජාතික බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල නඩත්තු කිරීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සිදු කරනු ලැබේ.

ලෝක බාලදක්ෂ සංගමය

ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රිආටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය.

“ට්‍රම්බිජ් වේල්ස්හි රොස්හිල්” පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලද B.P වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත්විය. ඔහු ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවීය. කුඩාකළ සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැගීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයෙකු ලෙස පාසලේදී පාපන්දූ ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයෙකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බලකායට බැඳී ඉන්දියාවට ගියේය.පසුව අප්‍රිකාවට ගිය ඔහු අප්‍රිකාවේ සූළුවරුන්,නපුරු අෂාන්ති ගෝත්‍රිකයින්,වනචාරී මැට බෙල්ලන්ට විරුද්ධව සටන් මෙහෙය විය.

මෙහිදී ඔහුට "ඉම්පිසා" එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව "කැන්ටැන්කි" යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා "දිනිසූළු" අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් 1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි. එතුමන් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය බවට පත්විය.

බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු විශ්‍රාම ලබා මුළු ජීවිත කාලයම බාලදක්ෂ කටයුතු සඳහා කැප කළේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොමෙන්ස්” මෙනවිය සමඟ විවාහ විය.

1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජම්බෝරිය පැවැත් විය. මෙහිදී B.P තුමා ලෝක බාලදක්ෂ නායකයා බවට පත් විය. 1929 දී V වන ජෝර්ජ් රජු ඔහුට "ගිල්වෙල්හි බේඩන් පවෙල්" යන වංශාධිපති පදවියකින් ගෞරව කරන ලදී. 84 වන ඡන්ම දිනයට ආසන්නව තිබියදී 1941 ජනවාරි 08 වන දින B.P පරලොව සැපත් විය.

මෙලෙස පියවරෙන් පියවර පැමිණි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයන් ලෙස ප්‍රචලිත වී ඇත. වර්තමානය වන විට ලොව පුරා රටවල් 216කට අධික ප්‍රමාණයක් සාමාජිකයන් මිලියන 28කට වැඩි පිරිසක් ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ලියාපදිංචි වී සිටිති. බාලදක්‍ෂ ආදර්ශපාඨය වන්නේ "සූදානම්ව සිටිනු" යන්නය. මෙයින් අදහස් වන්නේ බාලදක්‍ෂයා සැම විටම කයින් හා මනසින් තම යුතුකම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි.


බාලදක්‍ෂ නීතිය

•බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි. •A Scout Is Trustworthy.

•බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි. •A Scout Is Loyal.

•බාලදක්ෂයා හි‌තෛශිය කාරුනික අයෙකි. •A Scout Is Friendly And Considerate.

•බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි. •A Scout Is A Brother To Every Other Scout.

•බාලදක්ෂයා ‌ධෛර්යය සම්පන්න අයෙකි. •A Scout Is Courteous.

•බාලදක්ෂයා සත්ත්ව කරුණාව ඇති අයෙකි. •A Scout Is Kind to Animals.

•බාලදක්ෂයා සහයෝගයෙන් ක්‍රියා කරන්නෙකි •A Scout Is Cooperative.

•බාලදක්ෂයා සොම්නස් සහගත අයෙකි. •A Scout Is Cheerful.

•බාලදක්ෂයා සකසුරුවම් අයෙකි. •A Scout Is Thrifty.

•බාලදක්ෂයා සිත, කය හා වචනයෙන් පිරිසිදු අයෙකි. •A Scout Is Clean In Thought, Word And Deed.


බාලදක්‍ෂ පොරොන්දුව

මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද,

සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද,

බාලදක්ෂ නීතියට කීකරු වීමට ද,

මාගේ අවංක විශ්වාසය උඩ මාෙග් සම්පූර්ණ උත්සාහය යෙදීමට

ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි.

On My Honour I Promise To Do My Best To Do My Duty To My Religion And My Country To Help Other People At All Times To Obey To The Scout Law.


ලෝක බාලදක්‍ෂ පදක්කම

•තරු කොන් දහය - බාලදක්ෂ නීති දහය. •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන. •ඊ හිස - නිවැරදි දිශාව හා උසස් වීම පෙන්නුම් කරයි. •වෘත්තාකාර ලණුව - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/සහෝදරත්වය/එකට බැඳී සිටින බව •පිරිමි ගැටය - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/එකට එකතුවුණූ සහෝදරත්වය/අනුන්ට උපකාර කිරීමට බැඳී සිටින බව.

ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනය

1912 වකවානුවේදී ආරම්භක අවධිය වන විට මෙරට බාලදක්ෂයන් සඳහා නිල ඇදුමක් හෝ විශේෂ පදක්කම් බාවිතයක් නොතිබුණු අතර ක්‍රමයෙන් බාලදක්ෂ කටයුතු සංවර්ධනය වීමත් සමග එංගලන්තයේ පවත්වාගෙන ආ ක්‍රියාකාරකම් පොතපත ඇසුරින් අධ්‍යයනය කරමින් ශිල්පීය කොටස් එකතු කිරීමත් නවක පෙළ "Tenderfoot badge" සිට පළමු පෙළ දක්වා පදක්කම් ක්‍රමයට අනුගත කෙරිණ. 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදු වීමෙන් අනතුරුව එංගලන්ත බාලදක්ෂයන් භාවිත කල ලෝකඩ පදක්කම මධ්‍යයෙහි CEYLON නැමති අකුරු සහිත ලෝකබාලදක්ෂ පදක්කම සාමාජික පදක්කම වීමෙන් අනතුරුව හඳුන්වාදෙනු ලැබිණ. මෙම වකවානුවෙහිදී එංගලන්තයෙන් ලෝකඩ පදක්කම්, ඉනපටි, විසිල්, හිස්වැසුම්, කාර්යක්ෂමතා ප්‍රසාදන ගෙන්වීම අධික මිලක් වැයවීම හේතුවෙන් පදක්කම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තරමක් අසීරු විය.

ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව ශ්‍රී ලංකා ස්කවුටින් සඟරාව විසින් පළමු වරට වාර්තා කරන ලද්දේය. දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා තිබේ.

ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනයේ අර්ථය

•කඩුවක් සුරතින් ගත් සිංහයා - ශ්‍රී ලංකේය අනන්‍යතාව •තරුකොන් දහය - බාලදක්ෂ නීති දහය •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන •කොළ පාට - සොබා දහමට ඇති ලැදි බව / එළිමහන් දිවිය •ලා රෝස පාට - නිහතමානී බව / සමානාත්මතාව / උපේක්ෂශීලී බව •පලා පෙති දහසය - දේශීය සංස්කෘතික ලක්ෂණ

ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ ව්‍යාපාරය

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය.

මෙය ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 112 වන වසරයි. ලෝක බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248කි.1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඒ මහතා සේවය කළ සෑම පළාතකම බාලදක්ෂ කටයුතු ආරම්භ කළේය. එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.

1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු අතර පසුව මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ හෙයින් F.G පියර්ස් මහතා බාලදක්ෂ කටයුතු භාරව ක්‍රියා කළේය. එතුමාද ඉන්දියාවේ සේවයට ගිය අතර සර් එඩ්වඩ් ඩෙන්හැම්, J.H ද සේරම්, වර්නන් ග්‍රේනියර් යන ත්‍රිත්වය බාලදක්ෂ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්හ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය.

1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ.

ලෝක බාලදක්ෂ නායකතුමාගේ ලංකා සංචාරය

  • 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ රැළියක් පැවැත්විය.
  • 1934 බී.පී. තුමා තම මෙනෙවිය සමග දෙවන වරටත් ලංකාවට පැමිණීම.

ලංකා පළමු බාලදක්ෂ කණ්ඩායම්

එෆ්.ජී.ස්ටීවන්ස් මහතා මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1912 දී 1වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය ද, 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද 1916දී 1st Jaffna කණ්ඩායම ද, බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය ආණ්ඩුකාරතුමා උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ.  [8]

  • 1 වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය - 1912
  • 1 වන මහනුවර ධර්මරාජ විද්‍යාලය - 1913
  • 1 වන කොළඹ අග්‍රාණ්ඩුකාරතුමාගේ කණ්ඩායම - 1914
  • 1 වන යාපනය කණ්ඩායම - 1916
  • 1 වන ගාල්ල මහින්ද විද්‍යාලය - 1914

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත් සිදුවීම්

  • 1915 - මුල්ම බාලදක්ෂ සංගණනය. (බාලදක්ෂයින් / නායකයින් 248)
  • 1916 - පෝතක බාලදක්ෂ අංශය ආරම්භ වීම.
  • 1917 - පළමු බාලදක්ෂ රැළිය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වීම.
  • 1917 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම.
  • දෙවන වතාවටත් 1918 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම.
  • 1918 - මුහුදු බාලදක්ෂ අංශය ආරම්භ වීම.
  • 1919 - තෙවන වරටත් රජුගේ ධජය දිනා ගැනීම
  • 1920 - පළමු බාලදක්ෂ ජම්බෝරියට තේනුවර මහතා සහභාගි වීම.
  • 1921- B.P තුමා හා ආර්යාව පළමු වරට ලංකාවට පැමිණීම.
  • 1924 - පළමුවන ලී පදක්කම් පාඨමාලාව මෝදරදි පැවැත්වීම.
  • 1931 - කළුතර ද සේරම් බාලදක්ෂ ජනපදය ඇරඹීම.
  • 1934 - B.P තුමන් දෙවන වර ලංකාවට පැමිණීම.
  • 1945 - රුපියලේ වැඩ ව්‍යාපාරය ආරම්භ වීම.
  • 1952 - පළමු ජාතික ජම්බෝරිය පැවැත්වීම
  • 1955 - ශ්‍රී ලංකාව ලෝක බාලදක්ෂ සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගැනීම.
  • 1957 - ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නීතිගත කිරීම.
  • 1962 - පළමු බාලදක්ෂ මුද්දරය නිකුත් වීම.
  • 1975 - පළමු ජාතික කබෝරිය පැවැත්වීම.
  • 1990 - පළමු සාක් ජම්බෝරිය පැවැත්වීම.
  • 1991 - ප්‍රථම ජාතික ඉන්ඩාබා සමුළුව පැවැත්වීම.
  • 2001 - ශ්‍රී ලංකා රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදය ඇරඹීම.

සමස්ත ලංකා බාලදක්ෂ රැලි All Ceylon Rally

  • 1917 - පළමුවන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පිටිය, කොළඹ,
  • 1918 - 2 වන සමස්ත ලංකා රැලිය, බැරැක්ක, මහනුවර,
  • 1919 - 3 වන සමස්ත ලංකා රැලිය, මහනුවර,
  • 1921 - 4 වන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පිටිය, කොළඹ, (බී.පී.තුමාගේ පැමිණීම)
  • 1922 - 5 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, (වේල්ස් කුමරුගේ නැගෙනහිර සංචාරය 23 මාර්තු 1922)
  • 1924 - 6 වන සමස්ත ලංකා රැලිය, කොළඹ, (බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් මැනිංගේ උතුමාණන්ගේ සමුගැනීමේ උත්සවය)

ජාතික බාලදක්ෂ ජම්බෝරි

  • 1952 - පළමු ජාතික ජම්බෝරිය - කොළඹ
  • 1962 - දෙවන ජාතික ජම්බෝරිය - කොළඹ
  • 1985 - තෙවන ජාතික ජම්බෝරිය - අනුරාධපුරය
  • 1992 - සිව්වන ජාතික ජම්බෝරිය - කුරුණෑගල
  • 1998 - පස්වන ජාතික ජම්බෝරිය - මහනුවර
  • 2002 - සයවන ජාතික ජම්බෝරිය - ගාල්ල
  • 2006 - හත්වන ජාතික ජම්බෝරිය - නුවරඑළිය
  • 2010 - අටවන ජාතික ජම්බෝරිය - හම්බන්තොට
  • 2016 - නමවන ජාතික ජම්බෝරිය - යාපනය
  • 2024 - දසවන ජාතික ජම්බෝරිය - ත්‍රිකුණාමලය

ජාතික බාලදක්ෂ කබෝරි

  • 1975 - පළමු ජාතික කබෝරිය - ගාල්ල
  • 1984 - දෙවන ජාතික කබෝරිය - කොළඹ
  • 1986 - තෙවන ජාතික කබෝරිය - ගාල්ල
  • 1995 - සිව්වන ජාතික කබෝරිය - කළුතර
  • 1996 - පස්වන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල
  • 2000 - සයවන ජාතික කබෝරිය - මීගමුව
  • 2004 - හත්වන ජාතික කබෝරිය - මහනුවර
  • 2007 - අටවන ජාතික කබෝරිය - ගාල්ල
  • 2010 - නමවන ජාතික කබෝරිය - අඟුණුකොලපැලැස්ස
  • 2013 - දසවන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල
  • 2016 - එකළොස්වන ජාතික කබෝරිය - ගාල්ල

ශ්‍රී ලංකාවේ පැවති සාක් ජම්බෝරි

දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත.

  • 1990 - පළමු සාක් ජම්බෝරිය - කොළඹ
  • 2000 - දෙවන සාක් ජම්බෝරිය - නුවරඑළිය

ශ්‍රී ලංකාවේ පැවති ආසියා පැසිපික් කලාපීය ජම්බෝරි

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ් වෙනුවෙන් සියවස ජම්බෝරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ කණ්ඩලම ඩී.එස්.සේනානායක පිටියේ දී පැවැත් විය. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වූහ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා අැත.

  • 2012 - 29වන කලාපීය ජම්බෝරිය - දඹුල්ල

ජාත්‍යන්තර ජම්බෝරි

ලෝක බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජම්බෝරි කීපයක් ද අැත.

  • ගුවන් ජම්බෝරිය jamboree on the air ( JOTA)
  • අන්තර්ජාල ජම්බෝරිය jamboree on the internet (JOTI)
  • කෙටිපණිවිඩ ජම්බෝරිය jamboree on the sms (JOTS)

ලෝක බාලදක්ෂ ජම්බෝරි

ලෝකයේම බාලදක්ෂයින් වෙන්වෙන් පැවැත් වූ පළමු ජම්බොරිය වන්නේ බී.පී.තුමාගේ ප්‍රධානත්වයෙන් 1920දී ලන්ඩන් නුවර ඔලිම්පියාහි පැවැත් වූ පළමු ජම්බෝරියට ලෝකයේ රටවල් 34කින් බාලදක්ෂයින් 8,000ක් සහභාගී වූහ.

23 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2015දී ජපානයේ යමගුචිහිදී පැවැත්විය. ඒ සඳහා රටවල් 216ක් නියෝජනය කරමින් ලොව පුරා බාලදක්ෂයින් 32000ක් ජම්බොරියට එක්වූහ.

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2019දී උතුරු අමරිකාවේ බටහිර වර්ජනියාවේ සමිට්හි අක්කර 14000කින් යුතු බෙක්ටෙල් රක්ෂිතයේ දී පැවැත්විය. ලෝකයේ රටවල් 153ක බාලදක්ෂ දක්ෂිකාවන් 45000ක් දෙනා එක්වූහ. මේ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂයින් 150ක කණ්ඩායමක් ද සහභාගි විය.

25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 1 වන දා සිට 12 වන දා දක්වා ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ Saemangeumහිදී පැවැත්විය. මේ සඳහා 177 දෙනෙකුනේ සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය

සිඟිති අංශය

  1. සාමාජික පදක්කම
  2. සතුට
  3. දිනුම

පෝතක අංශය

  1. සාමාජික පදක්කම්
  2. ලෝකඩතරු පදක්කම්
  3. රිදීතරු පදක්කම්
  4. රන්තරු පදක්කම්

බාලදක්‍ෂ අංශය

  1. ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම.
  2. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය.
  3. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය.
  4. දිසා කොමසාරිස් ප්‍රදානය.
  5. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ

මූලාශ්‍ර

Tags:

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංගමයේ ව්‍යුහයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ විධායක සභාවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතුශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ලෝක බාලදක්ෂ සංගමයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ ව්‍යාපාරයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ලෝක බාලදක්ෂ නායකතුමාගේ ලංකා සංචාරයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ලංකා පළමු බාලදක්ෂ කණ්ඩායම්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත් සිදුවීම්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය සමස්ත ලංකා බාලදක්ෂ රැලි All Ceylon Rallyශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ජාතික බාලදක්ෂ ජම්බෝරිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ජාතික බාලදක්ෂ කබෝරිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකාවේ පැවති සාක් ජම්බෝරිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකාවේ පැවති ආසියා පැසිපික් කලාපීය ජම්බෝරිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ජාත්‍යන්තර ජම්බෝරිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ලෝක බාලදක්ෂ ජම්බෝරිශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය මූලාශ්‍රශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය

🔥 Trending searches on Wiki සිංහල:

චලිතය පිළිබඳ නිව්ටන් නියමපහතරට නැටුම්ඊශ්‍රායලයමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවබැක්ටීරියාසියඹලාසිංහල වෙදකමනුවරඑළියඉසුරුමුණියදාගැබ්ස්වයං වින්දනයස්ත්‍රී ස්වයං වින්දනයඅවුකන බුදු පිළිමයදේශගුණයකාංසා අක්‍රමතාවයජලගැල්මස්තූපසිදත් සඟරාවෆේස්බුක්අභය වැවකාල් මාක්ස්උභය ජීවීන්ප්‍රංශ විප්ලවයඉත්තෑවාආනන්ද රහතන්වහන්සේඋම්මග්ග ජාතකයඑස්‌. මහින්ද හිමිවර්ණ සබැඳි සිද්ධාන්තශ්‍රී ලංකාවේ අපරාධයු‍රේනස්සරදියෙල්උපසර්ගඅධ්‍යාපනයසෞරග්‍රහ මණ්ඩලයජපානයදස මහා යෝධයෝශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසිද්ධි අධ්‍යයනයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළබලශක්ති සංරක්‍ෂණයහෙන්රි ජයසේනසිංහල ජනකවිශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියම්හිකත දිනයපොළොන්නරුව පෞරාණික නගරයඋෂ්ණත්වයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියමාතලේ අළුවිහාරයඌව වෙල්ලස්ස කැරැල්ලකළමනාකරණයඑක්සත් ජනපදයඡායාරූපයශාකශ්‍රී ලංකාවේ ආදිවාසීන්රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවලෝක ජනගහනයපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ ඉතිහාසයමුවාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝගෞතම බුදුන්ගේ ධාතූන්ප‍්‍රාථමික අධ්‍යාපනයපයිතගරස් ප්‍රමේයයපරිගණක දෘඩාංගමහියංගනය රජ මහා විහාරයපාලිත තෙවරප්පෙරුමඅභයගිරි විහාරයදෙවන ලෝක යුද්ධයහිරුසුදු කොඩි නඩුවපොල්ශ්‍රී ලංකා කලු වදුරාමහා මංගල සුත්‍රයහෙළ ගණන් ක්‍රමයපේශි පටකය🡆 More