ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳව විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර, බොහෝ පිරිස් ඒ පිළිබඳව විවිධාකාරවූ අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයන් ඉදිරිපත් කර ඇති විද්වතුන් ලෙස කැමිලා ඔර්ජුලා, නීරා වික්‍රමසිංහ, සාවිත්‍රි ගුණසේකර, රාධිකා කුමාරස්වාමි, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ජොනතන් ගුඩ්හෑන්ඩ් යන අය උදාහරණ වශයෙන් සඳහන් කළ හැක.
බොහෝ දුරට යටත් විජිත අත්දැකීම් සහ 20වන සියවසේ පළමු භාගයේ නූතන රාජ්‍යය ඇති වීම මඟින් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ හැඩය ගොඩනගන ලද බව සඳහන් කළ හැක. 1 පූර්ව යටත් විජිත කාලය තුළ පහළ මට්ටමේ නැතිනම් බිම් මට්ටමේ ප්‍රජාවන් පන්සල්වල සාමූහික ක්‍රියාකාරකම් සඳහා සහ වාරිමාර්ග කටයුතු සඳහා සංවිධානය විය. නමුත් යටත්විජිතකරණය විසින් නව සංවිධාන මෙරටට ගෙනඑන ලදි. බොහෝ ඒවා ක්‍රිස්තියානි මිෂනාරි ක්‍රියාකාරකම් සහ සමාජ ක්‍රියාකාරකම් වලින් අවාසියට ලක් වූ ජනගහනයට ප්‍රතිලාභ ලබාදීම සදහා ගෙනගිය ඒවායින් පැණනැගුණු සංවිධාන වේ.
උදාහරණ- බැප්ටිස්ට් මිෂන් (1802) සහ මුදවා ගැනීමේ හමුදාව ක්‍රිස්තියානි සංවිධාන වලට සමානව ප්‍රතිබිම්බිත වූ බෞද්ධ හින්දු සහ මුස්ලිම් සංවිධාන, උදාහරණ ( මුස්ලිම් අධ්‍යාපනික සමාජය (1890), මහාබෝධි සමාජය (1891) සහ යන්ග් මෙන්ස් බුඩ්ස්ට් ඇසෝසියේෂන් (1898) 20 වන සියවසේ පළමු භාගයේ කොළඔ රොටරි සංවිධානය සහ රතු කුරුස සමාජය ඇතිවිය. යටත් විජිත පාලනය මඟින් ගෙන එන ලද බැරෑරුම් සමාජ සහ ආර්ථික වෙනස් වීම්වලට ප්‍රතික්‍රියාවක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාර වර්ධනය වූ බව තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. කෙසේ නමුත්, බොහෝ ව්‍යාපාර ස්වදේශිකයන්ගේ ප්‍රතික්‍රියාවන්ගෙන් පමණක් ඇති වූවක් නොවේ. නමුත් බොහෝ දුරට ඒවා බටහිර සමාජ ව්‍යාපාර මඟින් පෙළඔවීමෙන් කරන ලද නැතිනම් පොළඔවන ලද සමාජ ව්‍යාපාර වශයෙන් සදහන් කළ හැක. අමද්‍යප ව්‍යාපාරය විසින් 20වන සියවසේ පළමු දශකය තුළ අතිශයින් වර්ධනය වූ බේබදුකම උත්සන්න වීම සහ මත්පැන් වලින් ඉපැයූ යටත්විජිත ආදායමට ප්‍රතිවිරුද්ධතාවය දක්වන ලදි. පළමු ග්‍රාමීය සංවර්ධන සංවිධානය වන ලංකා මහිලා සමිතිය 1930 දී පිහිටුවන ලදි. 1950 සහ 1960 කෙසේ වුවත් ප්‍රාදේශීය ආණ්ඩුකරණ ව්‍යුහය සහ සංවර්ධන ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීමට භාවිතා කළ ක්‍රමවේද සහ බිම් මට්ටමේ දේශපාලන ගැටලුවල බලපෑම සහ බලමුළු ගැන්වීම මඟින් සාමූහික ග්‍රාමීය සංවර්ධන සමාජ සහ පාසැල් සංවර්ධන සමිති ක්‍රියාවට නැංවීය.
ජයදේව උයන්ගොඩ තර්ක කරන ආකාරයට එම පොදු අවකාශය තුළ සංවිධානය වීම සහ ක්‍රියාකාරීවීම ආගමික සහ දේශපාලන අධිකාරීන් මඟින් පාලනය විය. එම නිසා අනගාරික ධර්මපාලගේ ජාතික ව්‍යාපාරය සහ බෞද්ධ ආගමික භක්තිය පණගන්වන ප්‍රබෝධයක් නිර්මාණය විය. ව්‍යාපාර සමග බෞද්ධ සිවිල් සමාජයේ නිදහස ආගමික අවකාශය තුළ ස්ථාපිත විය. 1920 දී මහජන සභා ප්‍රතිස්ථාපිත කළේය. එය ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ඡන්ද බලය සහ නීති සමිපාදක දේශපාලනය සදහා පිහිටාධාර විය. තරැණ සංගම් කාන්තා සංවිධාන අමද්‍යප සමාජ සහ ආන්තීකරණය වූ කුල සංගම් 1920 දී දියුණු විය.
මෙම ව්‍යාපාර විවෘතව උඩට පැමිණීම මඟින් කමිකරු ව්‍යාපාර සමාජ සහ දේශපාලන අවකාශය භාවිතාවට පැමිණීම සිදුවිය. එංගලන්තයේ සිට ආපසු පැමිණි සමාජවාදී අදහස් සහිත සිසුන්ගෙන් සහ බොහෝ විට මධ්‍යම පංතික වෘත්තීයවේදීන්ගෙන් කම්කරු ව්‍යාපාර ආරම්භ විය. ආගමික සහ නිදහස් අරගලයේ දේශපාලන උද්ඝෝෂණ සමඟ මෙම ව්‍යාපාර සහ එහි නායකත්වය සමීපව සම්බන්ධ වීම විශේෂ ලක්ෂණයක් විය. රාජ්‍යය උපකරණීවාදය සඳහා සිවිල් සමාජයේ දේශපාලනය වම ප්‍රතික්ෂේප කිරීමක් කළේය. 3 ප්‍රජා බලමුළු ගැන්වීම් සහ සංවිධාන බොහෝ වෙනස් මාර්ගයන් ඔස්සේ රැගෙන ගොස් ඇති බව මෙහිදී අපට දැකිය හැකිය. උදාහරණ වශයෙන් ඒවා තුළ අමද්‍යප,ග්‍රාමීය, කුල ,ප්‍රජාතාන්ත්‍රික, ආගමික සහ යටත්විජිත විරෝධී මෙන්ම සමාජවාදය අන්තර්ගත විය.
බොහෝ යටත්විජිත විරෝධී අරගලවල අරමුණ සියළු ස්වදේශීය භාෂා සහ සංස්කෘතිය හඳූනා ගැනීම දෙසට යොමු වූ නමුත් නිදහසින් පසුව ශ්‍රී ලංකාව සිංහලකරණය වීම මඟින් දමිළ ජාතිවාදයට විරුද්ධ වීමකට අනුගත විය. දේශපාලන සහ සිවිල් සමාජ පාත්‍රයන් යන දෙපිරිස මඟින් සිංහල දමිළ ජාතිවාදී අරගලවල සටන් සිදුවිය. උතුරු සහ නැගෙනහිර හමුදා නැගී සිටීම නැතිනම් වර්ධනය නිසා පූර්ව ව්‍යාපාර වන ගුරු සංගම්. ප්‍රගතිශීලී ලේඛකයින්ගේ සංගම්.ඒවගේම වෙළද සංගම් සහ වමේ ව්‍යාපාරය කෂය කිරීමක් සිදුවිය.
1970 දී රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ කොටසක් බවට පත්වූ අතර, 1980 දී පමණ විශාල ප්‍රමාණයෙන් විදේශීය රාජ්‍ය නොවන සංවිධාන රට තුළට ප්‍රවිශ්ට වීම සිදුවිය .
වර්තමානයේ ශ්‍රි ලංකාවේ ප්‍රජා මුලික සංවිධාන දහස්ගණන් පැතිරෙමින් තිබේ. මෙම සංඛ්‍යාවට අවමංගල්‍යාධාර සංගම්, සමාජ තරැණ සහ ක්‍රිඩා සමාජ, ග්‍රාමිය සංවර්ධන සමාජ සහා ආගමික සමාජ අන්තර්ගතවේ. මේවායේ නායකත්වය ගත්කළ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික පුරෑෂ කේන්ද්‍රිය ආකෘතියක් සහිත අන්‍යෝන්‍ය වයන් ධනවත් සහා අවුරැදු 45ට වැඩි කෙනෙක් වේ.
පුණ්‍යාධාර සංවිධාන ආබාධිත සහා ආනාථ දරුවෝ රැකබලා ගැනිම සඳහා වන අතර ප්‍රජා පූද්ගලයින් සහ කණ්ඩායම් මඟින් පිහිටුවා ගනු ලබයි. මෙම සංවිධාන පෞද්ගලික ආධාර මත යැපෙනවා ඵසේත් නැතිනම් ජාත්‍යන්තර ඵ්ජන්සි උදව් කරනු ලබයි. හින්දු ගම්මාන වල තිබෙන ආගමික සමාජ , සමාජ සහා සුභසාධන ක්‍රියාකාරකම් සමග සම්බන්ධවේ .මුස්ලිම් ගම්මාන වල මරක්කල ප්‍රජා නිරතුරැවම ශක්තිමත් නායකත්වයක් සපයා ගනු ලබන අතර පොදු ක්‍රියාකරකම් වල සම්බන්ධිකරණය සහා පෙර වෙනත් ප්‍රජා මුලික සංවිධාන ආරම්භ කළ ක්‍රියාකරකම්වලට අවසර ලබා දිමක් සිදුකරයි. බෞද්ධ ආගමික සමාජ හින්දු සමාජවලට සමාන කමක් දක්වයි. නමුත් බොහෝ විට බෞද්ධ භික්ෂුන් නායකයෝ සහ දේශපාලන පාත්‍රකයෝ ලෙස ශක්තිමත් භුමිකාවක් රැගෙන තිබෙනු දක්නට ලැබේ. වාර්තා වලට අනුව දහසක් පමණ ක්‍රියාකාරි වෙළද සංගම් බොහෝ දුරට දේශපාලන පක්ෂ සමග ශක්තිමත් ලෙස සම්බන්ධ වි ඇත. එක් මුලාශ්‍රයකට අනුව දක්වතොත් ආසන්න වශයෙන් සාමාජිකයන් 40000කින් පමණ සමන්විත වෘත්තිය සංගම් 40කින්ද සහා ආසන්න වශයෙන් 30000ක් පමණ පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ ව්‍යාපාර ඇතුළත් මණ්ඩල 40ක් ද රට තුළ ස්ථාපිතව පවති.
බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ විමත් සමග රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රි ලංකාව තුළ ඉදිරිපත් විම සිදුවිය. මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින රාජ්‍ය නොවන සංවිධානයන්ගේ වර්ගිකරණයක් ඉදිරිපත් කළහොත් එකි සංවිධානයන්ගේ විශේෂතා ලක්ෂණ 3ක් ඉදිරිපත් කළ හැකිය.
වලට මැදිහත් වි තිබේ.
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.