ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 108 ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 106 න් විශේෂ 40 ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 22 ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 15ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 68 ක් විෂ රහිත සර්පයන් වේ.
ආවෙනික සර්ප විශේෂ 50ක්වේ . සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්‍යාව 80000-140000 ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්‍යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ පොළොන් තෙලිස්සා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.
ශී ලංකාවට ආවේණික සතුන්
== හුරු නාමය තෙල් කරවලා / මග මරුවා ==
Indian krait (Bungarus caeruleus)
ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.මොහු සර්පයන් ආහාරයට ගනී.
(Naja naja)
පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්‍ෂණයකි.දිවා කාලයේ ඉතා ක්‍රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.තම ශරීරයෙන් 3 න් 2 ක් පමණ එසවිය හැක .
ත්‍රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්‍රධාන වශයෙන්ම හමු වේ.රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්‍රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.නමුත් ශ්‍රී ලංකාවේ වැලි පොළගාගෙන් සැළකිය යුතු තරම් මරණ වාර්තා නොවේ. විශ තත්වය උග්‍ර විශ වුවද ශ්‍රීලංකාවේ වෛද්‍ය සංගමය විසින් වැළි පොළගා මද විශ (තුරිත විශ) යටතේ වර්ග කරයි
දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙක් සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්‍රියේදී ක්‍රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්‍යාවක් බිහි කරයි.
බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්‍රියට ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්‍යාවක් බිහි කරයි.මද විශ සහිත සර්පයකු ලෙස සැලකුවද මෑත කාලීනව කුණ කටුවාගේ දෂ්ඨනය නිසා මරණ කිහිපයක් සිදුවීම හේතුවෙන් කුණ කටුවාද විශ සහිත සර්පයින් ගනයට ඇතුලත් කොට ඇත.
ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්‍යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්‍රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.මොහු ඉතා ලජ්ජාශීලි සර්පයෙකි .
ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්‍රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්‍යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගත හැකිය. විදේශ වලින් වාර්තා වන මෙම වර්ගයේ සර්පයින් උග්‍ර විශ වන අතර ලංකාවේ සිටින දෙපත් කලුවා පිළිබද විශ තත්ත්වය විධිමත්ව පර්යේෂණය කර නැත. දෂ්ටන කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සුලු විශ ලෙස ලැයිස්තු ගත කර ඇත. මෙහි උප විශේෂයක් වන ලංකාවට ආවේණික බඩ රතු දෙපත් කලුවාද සුලු විශ ලෙස සලකයි. ප්‍රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.
සර්පයා | ව්‍යාප්තව සිටින කලාපය |
---|---|
මගමරුවා / තෙල් කරවලා | වියළි හා ශුෂ්ක කලාප |
නාගයා | මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්‍රදේශයකම |
වැලි පොළඟා | වියළි කලාපයේ වෙරළබඩ තීරය |
තිත් පොළඟා | උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම |
පොළොන් තෙලිස්සා | සෑම ප්‍රදේශයකම |
මුදු කරවලා | තෙත් කලාපය |
දෙපත් කළුවා | වියළි කලාපය |
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ සර්පයෝ, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.