සමෝධානිත පෞරුෂ සංවර්ධනයකින් හෙබි මිනිසෙකු බිහිකිරීමේ දි පාසලේ කාර්යභාරය වැදගත් බව බොහෝ අධ්‍යාපනඥයෝ පෙන්වා දී ඇත.
මෙම ලිපිය පහසු කියැවීමට හා සැරිසැරීමට බාධා වන තරම් විශාලත්වයකින් යුක්ත වීමට ඉඩ ඇත. (අගෝස්තු 2011) |
ඒ අනුව පූර්ණ විෂය මාලාව උපයුක්ත කර ගනු ලබති. පූර්ණ විෂය මාලාව යනු පන්ති කාමරයේ ඉගනීමට පදනම් වන සියලූම විෂයන් අතර තිරස් සම්බන්ධය අවබෝධ වන පරිදිත් ශිෂ්‍ය දක්ෂතා හා සමාජ කුසලතා වර්ධනය වන පරිදිත් ශිෂ්‍ය සහභාගීත්වය උපරිම මට්ටමට ගෙන ඒමටත් සැකසෙන ඉගෙනුම් අත්දැකීම්ය. මේ අනුව පාසල තුල ක්‍රියාත්මක වන ශාස්ත්‍රිය විෂය මාලාව මෙන්ම විෂය සමගාමි විෂය මාලාව ද එක ලෙස වැදගත්ය.
අධ්‍යාපනික වශයෙන් ලඟාකර ගැනිමට අපේක්ෂිත සාධනය උදෙසා විධිමත් විෂය මාලාවට අමතරව අත්දැකීම් ලබාදිමේදි ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක විෂය සමගාමි විෂය මාලාවේ වැදගත් කම විමසා බැලිය යුතුය. නිදහසින් පසු ලංකාවේ ක්‍රියාත්මක වූ අධ්‍යාපනය තුළ සරඹ හා ක්‍රීඩා හැරුණු කොට විෂය සමගාමී ක්‍රියාකාරකම් දැක්වූ වැදගත්කම අඩු මට්ටමක විය. කන්නන්ගර ප්‍රතිසංස්කරණ හරහා විෂය සමගාමී ක්‍රියාකාරකම් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළද දෙමාපිය ගුරුවරුන්ගේ පිළිගැනීම අවම මට්ටමක වීමෙන් නිසි ලෙස ක්‍රියාත්මක වීමක් නොවුණි. දැනුම පමණක් වර්ධනය කීරීම සිදුකෙරුණු අධ්‍යාපන ක්රමයේ දුර්වලතා ක්‍රමයෙන් මතු වූ අතර අසූව දශකයේ පැන නැගි තරුණ අසහනය කදිම නිදසුනකි.
ශිෂ්‍යයාට ශාස්ත්‍රීය දැනුම විනා සමාජයේ අභිමානවත් පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය පෞරුෂ සංවර්ධනයක් නොවීම තුළ ශිෂ්‍යයාට තමාට අයත් සමාජයට සේවය කිරීම, තම පෞද්ගලික, සහජ කුසලතා සංවර්ධනය කර ගැනීම ස්වකීය ගති ලක්ෂණ සංවර්ධනයට අවශ්‍ය ඉඩ ප්රස්ථා අධ්‍යාපන ක්‍රමයෙන් නොලැබීමද එයට බලපෑ බව පෙනේ.
අද වන විට පවතින අධි තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළ අන් සියලූම අරමුණු පසෙකලා විභාග කේන්ද්‍රීයව ශාස්ත්‍රීය විෂය මාලාවට පමණක් ප්‍රමුඛත්වය හිමිවී ඇත.අධ්‍යාපනය නිසා පොදු හික්මීමක්, තීරණ ගැනීමේ ශක්තියක් හා සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් ඇතිවිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සඳහන් කරයි. එනමුත් සමාජීය වගකීම්වලින් ඈත් වීමට අද බොහෝ දුරට පෙළඹී තිබේ. කුඩා දරුවන් ලාබාල වියේදී ම තියුණු තරඟකාරී ස්වභාවයකට ඇද දමා ඇත. ජාතික අනන්‍යතාව ආගමික ප්රවනතාවයෙන් හා පෞද්ගලික ආර්ථික දියුණුව වැනි උග්‍ර පෞද්ගලික ප්‍රශ්නවලින් යට නොවී සම්පූර්ණ ව්‍යූහය දෙස නිදහස්ව හා මධ්‍යස්ථව බැලීමට අවශ්‍ය ශක්තිය කෙනෙකුට අධ්‍යාපනයෙන් ලැබිය යුතුය.( ජාතික අධ්‍යාපන කොමිසන් සභා පළමු වාර්තාව, 1992:55-56 )
අධ්‍යාපනයේ ඵලය ලෙස ඉහළම විභාග සහතිකයක් ලබා ගැනිම කෙරෙහි දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම සිසුහුද උනන්දු වෙති. විභාග සමත් වීම යන අහියෝගයෙන් ජය ගනු ලබන්නේ සුළුතර පිරිසකි. එවිට අසමත්වන්නන් ලැබූ අධ්‍යාපනය ජාතියේ අවශ්‍යතාවයට නොගැලපෙන එකක් සේ පෙනේ. බොහොමයක් සිසුහු අධ්‍යාපනය කාර්යය තුළ දී මෙන්ම සමාජයට පිවිසි පසුවද අභියෝගයන්ට මුහුණ දීම, නිර්මාණශීලීත්වයෙන් තොර බව, සමාජ කුසලතා අවම මට්ටමක වන අතර විරැකියාවෙන්ද පෙළෙති. පාසල් අධ්‍යාපනය තුළින් අපේක්ෂිත පෞරුෂ සංවර්ධනයක් ඉටු නොවීම මීට බල පෑ ඇතැයි අධ්‍යාපන ක්ෂේත්රයේ නියැලෙන්නන් පෙන්වා දී ඇතත් තවමත් විෂය සමගාමී විෂය මාලාවක අවශ්‍ය වැදගත්කම පාසල් පද්ධතිය තූළ හිමිනොමැති බැව් පෙනේ. එබැවින් අද වන විටත් ශාස්ත්‍රීය විෂය මාලාවේ ප්රමුඛත්වයෙන් බිහිවන ඉගෙනුම් ඵල දැනුමෙන් සන්නද්ධ වුවන් පමණක් වීම අධ්‍යාපනය ක්ෂේත්රයේ පමණක් නොව ලාංකීය වශයෙන් සමාජ, අර්ථීක ගැටලූ නිර්මාණය වීමෙහිලා ද බල පෑ ඇති බව පැහැදිලි ය.
අධ්‍යාපන ධවල පත්‍රිකාව විෂය සමගාමී ක්‍රියාකාරකම් නිර්වචනය කරන්නේ මෙසේයි. "පාඨශාලාවල කෙරෙන වැඩ හා සබැඳී පවත්නා නමුදු විශේෂ විෂය නිර්දේශ ආදිය සපයා නැති වැදගත් කාර්ය රාශියකි"(1981:8). විෂය සමගාමී ක්‍රියාකාරකම් පාසලේ විෂයක් ලෙස නම් කරනු නොලැබූව ද ඒවා අධ්‍යාපනයේ වැදගත් අංශයකි. ඒවා පාසලේ වැඩසටහනක අත්‍යවශ්‍යයෙන්ම ඇතුළත් විය යුතුය.
විදුහල්පති අත්පොත විෂය සමගාමී ක්‍රියාකාරකම් නිර්වචනය කර ඇත්තේ මෙසේය. "විෂය සමගාමී ක්‍රියාකාරකම් වූ කලී විෂය මාලාව සමාජමය වශයෙන් අදාළ කරවන, තේරුමක් ඇති කරවන හා රසවිඳිය හැකි තත්ත්වයකට පත් කරවන උපකාරකයකි. එසේම විෂය සමගාමී කටයුතු ශිෂ්‍යයා තුළ යහපත් ආකල්ප වඩා ඵලදායී සමාජ අගයන් වන අභිමතාර්ථ ඇති කරවනසුලූය" (1986:30). මේ අනුව සමාජ සහ පෞද්ගලික සංවර්ධනය අරමුණු කරගෙන පාසල විසින් ක්‍රියාත්මක කරවනු ලබන කාර්යයන් විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෙස විස්තර කර ඇත.
සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය සමගාමී කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම හුවා දක්වමින් මෙසේ හඳුන්වා දෙයි. "ළමයාට තමාගේ අත්දැකීම් සාරවත් කර ගැනීමට තමාගේ දක්ෂතා මොනවාදැයි හඳුනා ගැනීමට අවස්ථා සපයා දීමත් පාඨශාලා විෂයයකින් කෙරෙන මෙහෙයට සමාන විශාල මෙහෙයක් කිරීම සඳහා ළමයින් විශාල සංඛ්‍යාවකට ඉඩ ප්රස්ථා සලසන ක්‍රියාකාරකම් වේ" (1997: 21). එබැවින් විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහන් පුළුල් වන අතරම ඒවා මනා ලෙස සංවිධානය කිරීම ද කළ යුතුය.
ඵලදායී පාසලක් නිර්මාණය කිරීමේ කාර්යයේදී විෂය සමගාමී ක්‍රියාකාරකම් සම්පාදනය පිළිබඳව ගිනිගේ මෙසේ හඳුන්වා දෙයි. "විෂය සමගාමී කටයුතු සිසුන්ගේ පූර්ණ පෞරුෂ වර්ධනයට ඍජුවම දායක වන සාධකයකි"(2006:41). සෑම විෂයකටම අනුබද්ධව ක්‍රියාත්මක විය යුතු මෙම ක්‍රියාකාරකම් ළමා පෞරුෂයේ විවිධ පැති සංවර්ධනය වන පරිදිත් ක්‍රමවත්ව සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ.
අවිධිමත් විෂය මාලාව විෂය සමගාමී විෂය මාලාව හා සැඟවුණු විෂය මාලාව වශයෙන් දෙකොටසකට ඛෙදා දක්වන බුත්පිටිය විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙසේ හඳුන්වයි. "විෂය සමගාමී අත්දැකීම් සහජ හැකියාවන් මතු කිරීමට උපයෝගී වන්නකි. නාට්‍ය, ක්‍රීඩා, බාලදකෂ, සාහිත්‍ය සමිති සහ වෙනත් සංගම්, චාරිකා ආදියත් නිර්මාණ, සඟරා ආදී ක්‍රියාකාරී අත්දැකීම් විෂය සමගාමී අත්දැකීම් ලෙස හැඳින්වේ "(බුත්පිටිය, 2008:114).ඉහත ලේඛන වාර්තා ඇසුරෙන් සාකච්ඡා කරන්නට යෙදුණු විවිධ නිර්වචන ඔස්සේ විෂය සමගාමී ක්‍රියාකාරකම් යනු කුමක්දැයි යන්න පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේ.
විෂය සමගාමී ක්‍රියාකාරකම් යනු කුමක්දැයි නිර්වචනයක යෙදෙන කාටර් (Carter) මෙසේ දක්වයි."විෂය සමගාමී ක්‍රියාකාරකම් යනු එක්තරා ප්‍රමාණයකට වෙනස් වූ පරිපාලන නැඹුරුවකින් හා සංවිධානාත්මක ස්වරූපයකින් යුත් පාසල මගින් ක්‍රියාත්මක කෙරෙන සියලූම ශිෂ්‍ය ක්‍රියාකාරකම්ය"(1959:8). සම්ප්‍රදායානුකූල පංතිකාමර ඉගැන්වීම් සඳහා නියමිත විෂය නිර්දේශ, ගුරු අත්පොත් සපයා තිබුණ ද විෂය සමගාමී ක්‍රියාකාරකම් එලෙස විෂය නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවේ. නමුත් මෙම විෂය සමගාමී ක්‍රියාකාරකම් පාසල් කළමනාකාරීත්වය විසින් සංවිධානය කළ යුතුය.
පේජ් (Page) විෂය සමගාමී ක්‍රියාකාරකම් මෙසේ නිර්වචනය කර ඇත. "විෂය සමගාමී ක්‍රියාකාරකම් යනු පාසල විසින් අනුග්‍රහය දක්වනු ලැබූ හෝ පිළිගනු ලැබූ ශාස්ත්‍රීය විෂය මාලාවේ කොටසක් නොවන, අධ්‍යාපනික ආයතනයක අත්‍යවශ්‍යයෙන්ම ඇතුළත් විය යුතු යැයි පිළිගනු ලබන ක්‍රියාකාරකම්ය" (1973:160). ශාස්ත්‍රීය විෂය මාලාව නිශ්චිත අරමුණු, විෂය කරුණු ඉගැන්වීමේ ක්‍රම හා ඇගයීම් ක්‍රියාවලියකින් සමන්විත වූවකි. එවැනි නිශ්චිත පිළිවෙළකට ක්‍රියාත්මක නොවූව ද ඒවා පාසල් පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒවා පාසලේ අරමුණු ඉටු කර ගැනීමට ආධාර කරයි.
විෂය සමගාමී ක්‍රියාකාරකම් වර්ග කිරීමේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සම්බන්ධ වාර්තා හා උපදෙස් සංග්‍රහ මගින් කෙරෙන විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ විදේශ රටවල් කිහිපයක පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.
පුද්ගලයා තුළ පූර්ණ වර්ධනයක් ඇති කිරීමේදී ප්රජානන, ආවේදන, මනෝචාලක යන ක්ෂේත්රයන්ට අදාළව විෂය මාලා අත්දැකීම් ලබාදීමේ වැදගත්කම විදුහල්පති උපදෙස් සංග්‍රහය (1990) අවධාරණය කරන අතර පහත දැක්වෙන පරිදි එම ක්‍රියාකාරකම් වර්ග කර ඇත.
විදුහල්පති අත්පොත (1986) ප්‍රධාන ක්ෂේත්‍ර 5 ක් යටතේ විෂය සමගාමී ක්‍රියාකාරකම් වර්ග කර ඇත.
අතුකෝරල (1996) විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන ආකාරය පදනම් කරගෙන ප්‍රධාන ක්ෂේත්‍ර 5 ක් යටතේ වර්ග කර දක්වයි.
මෙරට අධ්‍යාපනයට අදාළ ඉහත වාර්තා සහ විද්වතුන්ගේ ඉදිරිපත් කිරීම් අනුව විෂය සමගාමී ක්‍රියාකාරකම්, අත්දැකීම් බහුලව ලැබීමට හැකිවන අයුරින් පුළුල් ක්ෂේත්රයන් කරා පැතිර පවත්නා බව පැහැදිලි වේ.
ලංකාවේ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට වඩා වැඩි ක්ෂේත්‍ර ගණනාවක විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වේ. රුසියාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනයක යෙදෙන අතුකෝරළ (1996) රුසියානු ළමයින්ට එක්ව ක්‍රියාත්මක කරන දැවැන්ත විෂය සමගාමී ක්‍රියාවලියක් බව පෙන්වා දෙයි. ඔහු විසින් රුසියාවේ ක්‍රියාත්මක විෂය සමගාමී ක්‍රියාකාරකම් වර්ග කිහිපයක් යටතේ දක්වයි.
මේ අනුව රුසියානු අධ්‍යාපන ක්‍රමය පූර්ණ විෂය මාලාවක් ආවරණය කරමින් අත්දැකීම්වලින් පිරිපුන් පුද්ගලයන් සෑදීමට ප්රයත්න දරන බව පැහැදිලි වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳ අන්තර් ජාලයෙහි සඳහන් වන පරිදි නිර්මාණශීලී පරිකල්පන ශක්තියකින් යුතු නිදහස් ඇමරිකානුවකු බිහිකිරීම සඳහා විෂය සමගාමී විෂය මාලාව ද වැදගත්කමකින් ක්‍රියාත්මක වන අතර ඒවා පහත පරිදි දක්වා ක්ෂේත්‍ර අනුව දක්වා ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ පාසල් අධ්‍යාපනයෙහි පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට වඩා වැඩි කාලයක් විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා යොදවන අතර ඒ සඳහා ඉහළ පිළිගැනීමක් ද පවතියි. මේ අනුව ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් බොහෝ රටවල පුළුල් ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ.
ශාස්ත්‍රිය දක්ෂතාව අනුව ඵලය මැනෙන වත්මන් අධ්‍යාපන පද්ධතිය තුල ශිෂ්‍යයාගේ කුසලතාව අනුව පාසලක ඵලදායිතාවයද මැනෙන නිර්නායක ලෙස විභාග සමත්වීම පිළිගන්නා ප්‍රවණතාවක් පවතී. එහෙත් ඉගෙනීම යනු දැනුම් සම්භාරයකින් මනස පුරවා ගැනිම පමණක් නොව කායික, මානසික හා සමාජීය වශයෙන් සංවර්ධිත පුද්ගලයෙකු සමාජයට දයාද කිරිම බවට අධ්‍යාපන දාර්ශනිකයෝ එකඟ වෙති. ගාන්ධිතුමා විසින් හිස, අත, හදවත සංවර්ධනය කිරිම අධ්‍යාපනයෙන් ඉටුවිය යුතු බව පෙන්වා දී ඇති අතර රූසෝ විසින් දක්වන පරිදි සමාජානුයෝජනය නැතහොත් දරුවා සමාජ පරිසරයට හැඩගැස්වීම මෙන්ම ජීවත්වීමට අවශ්‍ය කුසලතා, සංස්කෘතික සමානුයෝජනය, කාර්යක්ෂම නිවෙස් සාමාජිකයෙකු වීමට සුදානම් වීම යනු ගුණාංග සංවර්ධනය කෙරෙන ක්‍රියාකාරි අවස්ථා සම්පාදනය ද සිදුවිය යුතු බව අධ්‍යාපනඥයින් පෙන්වා දේ.
මේ අනුව අධ්‍යාපනයේ අපේක්ෂිත අරමුණු කරා යාමේදි නිර්දේශිත ශාස්ත්‍රිය විෂය මාලාවෙන් ලබාදෙන දැනුම පිළිබද අත්දැකිම් සේම විෂය සමගාමි විෂය මාලාවෙන් ද ලබා දීමට උත්සහ කරන ආකල්ප හා කුසලතා පිළිබඳ අත්දැකීම් ලබාදිය හැකිය.
සමස්තයක් වශයෙන් ගත් කල ලංකාවේ පාසල්වල විෂය සමගාමි ක්‍රියාකාරකම් ක්‍රියාත්මකව පවති. එහෙත් ඒවයේ සෑහෙන පරස්පරතාවක් විද්‍යාමාන වේ. සමහර පාසල් විෂය සමගාමි ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන අතර තවත් සමහර පාසල්වල ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි. එසේම ඒවායේ ක්‍රියාත්මක මට්ටම්වල වෙනසක් දැකිය හැකිය. ලංකාවේ ද්විතිය අධ්‍යාපනය තුළ තරඟකාරීව දැනුම රුස්කරනවා හැර නිර්මාණාත්මකව, විශ්ලේෂණාත්මකව බුද්ධිමත්ව යමක් විග්රහ කිරිමේ අපහසුතාවයට බොහෝ දෙනෙක් පත්ව ඇත්තේ තරඟයට මුහුණ දීම වෙනුවට තරඟය පීඩනයක් පත්ව ඇති හෙයිනි. අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලබන පිරිස් වේ. එසේම විභාගයෙන් සමත්ව උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙන්නන් නිර්මාණශිලිත්වයෙන් තොරව දැනුම යාන්ත්‍රිකරණය කරන ලද පිරිසක් බව උසස් අධ්‍යාපන ආයතනවලින් අසන්නට ලැබේ. එබැවින් යුහුසුළුව නිර්මාණශිලී, සදාචාරාත්මක බුද්ධිමත් පුරවැසියන් බිහිකිරිමට අවශ්‍ය අධ්‍යාපන සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කිරිම ප්රඥාගෝචර වේ.
වෙනස්වන ලෝකයේ වෙනස්වීම් වලට මුහුණ දීමට අවශ්‍ය ශක්තීන් වර්ධනය කීරීමට නම් අධ්‍යාපනයෙන් කුසලතා පූර්ණ පුද්ගලයන් බිහිකළ යුතුය. ජගත්කරණය සමග ඉදිරියට යාමට නම් මානව ප්රාග්ධනයේ ගුණාත්මක බව ඉහල නැංවිය යුතුය. එහි අනිවාර්ය වගකීම අධ්‍යාපනයට පැවරෙන අතර පූර්ණ විෂයමාලාවක් තුලින් ක්‍රියාවට නැංවීමේ වගකීම පාසල වෙත පැවරේ. එබැවින් නිර්දේශිත ශාස්ත්‍රීය විෂය මාලාව සමග විෂය සමගාමී විෂය මාලාව වැදගත් ලෙස ක්‍රියාත්මක වීම වැදගත් වන අතර යහපත් පුරවැසියන් තැනීමට හා අධ්‍යාපන අරමුණු පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා ද විෂය සමගාමී ක්‍රියාකාරකම් වැදගත් වේ.
තරගකාරී විභාග ඉලක්ක කරගත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හේතුවෙන් පාසල් අධ්‍යාපනයෙන් අපේකෂිත ඉගෙනුම් ඵල බිහි නොවීම පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. මේ අනුව අනවශ්‍ය වටිනාකමක් විභාග සඳහා ඇති වී තිඛෙන වාතාවරණය තුළ ශිෂ්‍යයාගේ පෞරුෂය ගොඩනැංවීමේ වගකීම පාසල මගින් ක්‍රියාත්මක වීම ගැටලූකාරී තත්ත්වයක පවත්නා අතර වත්මන් පාසල් පද්ධතියෙහි විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැදගත්භාවය ඉස්මතු කිරීමට විද්වතුන් බොහෝ උත්සාහ දරන බව පෙනේ. ඒ පිළිබඳ විවිධ අධ්‍යාපනඥයින්ගේ වාර්තා, ප්‍රතිසංස්කරණ වාර්තා හා වෙනත් ලේඛන ඇසුරෙන් අධ්‍යයනය කිරීමට හැකි විය.
කාර්යක්ෂම අධ්‍යාපනික පරිසරයක් තුළින් පෞරුෂ සංවර්ධනයට අවස්ථා සම්පාදනය කළ යුතු බවත් එවැනි පසුතලයක් තුළ නිර්මාණය වන ශිෂ්‍යයා සමාජයේ ඉදිරියෙන් සිටින බව ද අධ්‍යාපනඥයින් පෙන්වා දෙන අතර තමා වෙත එල්ල වන ගැටලූවලට මුහුණ දීමේ හැකියාව ප්‍රගුණ වන බව ද සඳහන් කරයි.වෙනස් වන ලෝකයේ වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ ශක්තිය අධ්‍යාපනයෙන් ලබාදිය යුතුය. ඒ පිළිබඳව දිවි පැවැත්ම සඳහා ඉගෙනුම් වාර්තාව මෙලෙස දක්වා ඇත. "මේ යුගයේ කැපී පෙනෙන ලකෂණය වන්නේ වෙනස් වීමයි. මෙයට අනුරූපණය වීමට මානව වර්ගයා සූදානම් කරවීම අධ්‍යාපනයට අන්තිමට ඉටු කරන්නට තිඛෙන කාර්යභාරයයි" (1972:102). මේ අනුව නිර්මාණශීලීත්වයෙන් හා පරිකල්පන ශක්තියෙන් දැනුම ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කුසලතා පරිපූර්ණ කිරීමට හා ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමට සමත් විෂය සමගාමී ක්‍රියාකාරකම් පාසල තුළ සක්‍රීය කිරීම වැදගත් වන බව පෙන්වා දී ඇත.
තරුණයින් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනාගත අධ්‍යාපනය සඳහා විෂය මාලා සැලසුම් කළ යුතු ආකාරය මෙසේ ප්‍රකාශ කරයි."ශිෂ්‍යයින් සතු ආවේණික හැකියාවන් පූර්ණ තත්ත්වයෙන් සංවර්ධනය කර ගැනීමට හැකිවන පරිදි විෂයමාලා කටයුතු හා ඉන් බැහැර කටයුතු අතර දැනට වඩා ඒකාබද්ධතාවක් ඇතිවන පරිදි අනාගත විෂය මාලා සැලසුම් කළ යුතුය. "(1990:30).
දිවි පැවැත්මට අදාළ දැනුම් සම්භාරය, සදාචාර අගයන් හා විනිශ්චයන් පිළිබඳ අවබෝධයක් ලබාදීම සමබර අධ්‍යාපනයෙන් සිදුවිය යුතුය. මේ පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව (1992) පෙන්වා දෙන අතර විශේෂ දකෂතා හැකියා දියුණු කිරීම, ශරීර සෞඛ්‍යය දියුණු කෙරෙන ව්‍යායාම හා ශාරීරික වශයෙන් නොයෙක් දකෂතා වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාකාරකම් පාසල්වල සංවිධානය කළ යුතු බව අවධාරණය කරයි.
ළමා පෞරුෂ වර්ධනය තුළ අත්‍යවශ්‍ය පුද්ගලික හා සමාජ කුසලතා වර්ධනය කිරීමේදී විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැදගත්කම කුප්පුස්වාමි පෙන්වා දී ඇත.
"ළමා පෞරුෂය ගොඩනැෙඟමින් පවතින මෙම වකවානුවේදී විෂය බාහිර / විෂයානුබද්ධ කටයුතුවල යෙදීමට පෙළඹෙන බැවින් අවිවේකී ගතියක් පෙන්නුම් කරයි. ඒ සඳහා දක්වන උනන්දුව ළමා පෞරුෂ වර්ධනයේ මූලික ගති ලකෂණ පිළිබිඹු කිරීමක් වේ. එබැවින් ඔවුන්ගේ පුද්ගලික කුසලතා අපූර්ව ලෙස සංවිධානය වී පෞරුෂය හැඩගැසීමට ළමුන් රුචියක් දක්වන විෂය බාහිර කටයුතු හැකිතාක් සම්පාදනය කළ යුතු වේ." (කුප්පුස්වාමි, 1984:196)
පන්තියේ නිශ්ශබ්දව තබා විභාග සඳහා සූදානම් කිරීමට වඩා විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් ක්‍රියාත්මක වේගාත්මක සමාජයේ සාමාජිකයෙකු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීම කළ යුතු බවත් ඒ උදෙසා විෂය සමගාමී ක්‍රියාකාරකම් සම්පාදනය කිරීම වැදගත් බවත් ගිනිගේ පෙන්වා දෙයි.
"පාසල මගින් ක්‍රියාවට නැඟීමට අපේකෂිත විෂය සමගාමී කටයුතු සිසුන්ගේ පෞරුෂ වර්ධනයට ඍජුවම දායක වන ප්‍රබල සාධකයකි. සෑම විෂයකටම අනුබද්ධව ක්‍රියාත්මක විය යුතු මෙම ක්‍රියාකාරකම් ළමා පෞරුෂයේ විවිධ පැති සංවර්ධනය වන පරිදිත් වර්ෂයේ එක් කාලයකට සීමා නොවී වර්ෂය පුරා දිවෙන පරිදිත් ක්‍රමවත්ව සැලසුම් කිරීම කළ යුතුය. සෑම සිසුවකුම අඩු තරමින් විෂය සමගාමී කටයුතු කිහිපයකට සහභාගී කර ගැනීමට ගුරුවරු උනන්දු විය යුතුය" (ගිනිගේ, 2006:46).
ළමා ලෝකයේ ජීවත්වන ළමයාට උසස් පෞරුෂයක් සංවර්ධනය වෙන්නා වූ ලෙසට අධ්‍යාපනය සැපයීම සිදු කළ යුතු අතර චිත්තවේගික සංවර්ධනය අධ්‍යාපනයෙන් ඉටුවිය යුතු අතරම චිත්ත දමනයකුත් පුද්ගලයාගේ චරිත සංවර්ධනය ද එමඟින් ඇති කරයි. එබැවින් සමාජ ජීවිතයට හැඩගැසීමට ප්‍රයෝජනවත් වන්නා වූ සමිති සමාගම්, සමුපකාරය, ශ්‍රමදාන ව්‍යාපාර බාලදකෂ ව්‍යාපාර, නාට්‍ය උත්සව, අධ්‍යාපන චාරිකා යෑම ආදී ක්‍රියාකාරකම් පාසල් අධ්‍යාපනය තුළින් ලබාදිය යුතුව ඇත.
විභාග ප්‍රතිඵල ඉහළ වීම, දැනුම වර්ධනය පමණක් නොව කුසලතා නිර්මාණය, ශිෂ්‍ය කුසලතා වර්ධනය සඳහා අධ්‍යාපනය මෙහෙයවිය යුතු අතර ජීවත්වීමට වඩා වැදගත් වන අත්දැකීම් විෂය සමගාමී විෂය මාලාව ඔස්සේ සිසුන් තුළ ජනිත කෙරේ. විෂය මාලාව ශිෂ්‍යයින්ට වැඩට පුහුණු කිරීමට පමණක් සීමාකර ඇත්නම් පූර්ණ පෞරුෂ වර්ධනයට අවශ්‍ය කුසලතා සංවර්ධනය නොවේ.
සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්රවෘත්ති රාමුවක් සඳහා යෝජනා (2003) වලට අනුව අධ්‍යාපනයේ පොදු ජාතික අරමුණු අතරින් සුසමාහිත සමබර පෞරුෂයක් සඳහා වූ අංග ලකෂණ සංවර්ධනය කිරීමේ කාර්යයේදී විෂය සමගාමී අත්දැකීම් ලබාදීම මගින් ඊට අදාළ සංවර්ධනය කරා සිසුන් මෙහෙයවිය යුතුව ඇත.පෞරුෂ සංවර්ධනය අධ්‍යාපනයේ පරමාර්ථයක් ලෙස සැලකෙන විට පන්තියේ ඉගැන්වීමට වඩා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ඒ පරමාර්ථය නිසැකවම ඉෂ්ට වන බව ඉහත සියලූ ලේඛන, වාර්තා ඇසුරෙන් අනාවරණය වේ.
නිර්දේශිත ශාස්ත්‍රීය විෂය මාලාව අනුව පන්ති කාමරය තුළ ක්‍රියාත්මක කෙරෙන ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් අත්දැකීම් ලබා දීමට පදනම් වන සියලූ විෂයන්ගේ සමෝධානිත සම්බන්ධතාවය තහවුරුවන පරිදි ශිෂ්‍යයන්ගේ සහජ දක්ෂතා හා කුසලතා වර්ධනය වන පරිදි විෂය මාලාවන් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. එම විෂය මාලාව ශාස්තී‍්‍රය විෂය මාලාවට අනුකූල වන පරිදි එම සියලූ ක්‍රියා කාරකම් වලින් උපරිම ශිෂ්‍ය සහභාගීත්වයක් තුලින් අත්දැකීම් ලබා දීමට එනම් ප්‍රජනන, ආවේදන හා මනෝචාලක හැකියාවන් වර්ධනයට සමත් පූර්ණ විෂය මාලාවක් ක්‍රියාත්මක කළ යුතුය.
පාසල විභාගය සඳහා කට පාඩම් කරන තැනක් නොවිය යුතු අතර පොත පතින් බැහැරව ජීවිතය පිළිබඳ අවබෝධය මෙන්ම කුසලතා හා ආකල්පද ලබාදීම පිණිස අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වේ. විෂය ප්‍රතිඵල කුමක් වුවත් සමාජ හුරුකම ඇති රටවැසියන් පුහුණු කිරීම සඳහා පාසල ප්රයත්න දැරිය යුතුය. ශිෂ්‍යායාගේ සියලූ ශක්තීන් මතු කර ගැනීම හා වර්ධනය කිරීම අධ්‍යාපන ක්‍රියාදාමය තුළ පාසල හා ගුරුවරයා සතු කාර්යභාරයකි. අධ්‍යාපනඥයින් දක්වන පරිදි ජීවිත කාලය තුළ මිනිසා සතු විභව ශක්තියෙන් පුබුදුවා ගනු ලබන්නේ 15%-20% තරම් සුළු ප්රමාණයකි. මේ සියලූ ශක්තීන් විකසිත වන්නට අවශ්‍ය පෙළඹවීම් අවස්ථාවන් පාසල මගින් සම්පාදනය කළ යුතුය. එය අධ්‍යාපනය තුලින් අපේක්ෂා කරන පූර්ණ පෞරුෂ වර්ධනයක් සහිත පුද්ගලයන් බිහිවන්නට මග පෑදෙන අතරම එයින් ලබන අභිමානය තුළ ළමයාට අසීමිත දක්ෂතා සහිත කාර්යශූර පුද්ගලයෙකු වීමට හැකිය.
පාසල තුළ ක්‍රියාත්මක ශාස්ත්‍රීය විෂය මාලාව තුළින් හා පැය හයක අධ්‍යාපනයක් තුලින් සමෝධානිත පෞරුෂ සංවර්ධනයකට අවශ්‍ය සියලූ අත්දැකිම් ලබා දීම අසීරුය. ශාස්ත්‍රීය විෂය මාලාවෙන් ලබා දෙන දැනුම පිළිබඳ අත්දැකීම් මෙන්ම දැනුම ප්‍රයෝජනයට ගැනීම හා සමාජ අත්දැකීම් වර්ධනය කීරීමට සමත් ක්‍රීඩා, ශිෂ්‍ය සමිති ඇතුලත් විෂය සමගාමී විෂය මාලාවද එකසේ වැදගත් ලෙස ක්‍රියාත්මක කළ යුතු අතරම අත්දැකිම් වර්ධනයට අවශ්‍ය අවස්ථා සම්පාදනය කළ යුතුය.නමුත් ශාස්ත්‍රීය දක්ෂතාවය අනුව ඵලය මැනෙන වත්මන් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළින් සමෝධානිත පෞරුෂ සංවර්ධනයකින් යුතු පුද්ගලයෙකු බිහි කිරීම අභියෝගයක්ව පවතී. එය උදෙසා පාසල් පද්ධතිය තුළ පවත්නා ඉඩප්‍රස්තා ප්‍රමාණවත්ව තිබේයැයි සතුටුවිය නොහැකිය.
පෞරුෂත්වයේ සමබර සම්බන්ධතාවයක් නැති බව වර්තමාන සෑම අධ්‍යාපන අංශයකම දැකිය හැකිය. විෂයන් වලින්ද පටු අංශවලට යොමුවන අතර බුදධිමය, වින්දන හා චාලක හැකියවන් ද එකිනෙකින් වෙන්කර ඇත. මෙම තත්වය දුරු කර මිනිසාගේ පූර්ණ පෞර්ෂ වර්ධනයක් ඇති කිරීමට නම් සෑම ඉන්ද්රිය අංශයක්ම සමව වර්ධනය කළ යුතුය. කායික, මානසික, බුද්ධිමය, වින්දන, රසික හා සෞන්දර්ය අංශය සමව දියුණු කළ යුතුය. පූර්ණ මිනිසෙකු වන්නේ සෑම අංශයකින්ම පූර්ණ වර්ධනයක් ඇති කළ විටය.
යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම, සමාජ වෙනස් වීම් වලට හුරු වීම, සමාජයේ විවිධ පුද්ගලයන් පිළිබඳ අවබෝධය, සහකම්පනය, අන්‍යෝන්‍ය සුහදතාවයෙන් ජිවත් වීමේ කුසලතාව, චින්තන හැකියාවන් ආදී වශයෙන් සමෝධානිත පෞරුෂ සංවර්ධනයට අවශ්‍ය පෞද්ගලික, සමාජ හා චින්තන කුසලතා සිසුන්ට ලබා දීමේ අභියෝගයට පාසල මුහුණ දී සිටී.
ඉල්ලිච් (1975) පාසලින් තොර සමාජයක් යෝජනා කරමින් පවත්නා පාසල් අධ්‍යාපන ක්‍රමය විවේචනයට ලක් කරයි. ඒ කෙරෙහි ඉහතින් සඳහන් කළ පාසලෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවීම ද එක්තරා බලපෑමක් සිදු කර ඇත. පූර්ණ විෂය මාලාවක් ක්‍රියාත්මක කළ යුතු වුවද ශාස්ත්‍රීය විෂය මාලාව ප්රමුඛවීම තුළ ශිෂ්‍යයන්ගේ සමෝධානිත පෞරුෂ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි තත්වයක් උදා වී ඇත.
විෂය සමගාමී ක්‍රියාකාරකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් ආදී කවර නමකින් හඳුන්වනු ලැබුවද මෙම ක්‍රියාකාරකම් තුලින් අපේක්ෂා කරනුයේ පුද්ගලික කුසලතා, චින්තන කුසලතා, සමාජ කුසලතා ආදිය ශිෂ්‍යයා තුළ සංවර්ධනය කිරීමයි. එමෙන්ම සමාජයේ සංවර්ධනය, සමාජ සාරධර්ම සංවර්ධනය කිරීමේ අරමුණු සහිතව විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වේ.
එහෙත් අධ්‍යාපනයේ නිමැවුම් ඵල දෙස බැලීමේ දී එකී අරමුණු ලඟා වූ පිරිස් අවම බව පැහැදිලි වේ. සමස්තයක් ලෙස සැලකූ කල ලාංකීය පාසල් පද්ධතිය තුළ විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා පාසල් ක්ෂේත්රයේ ලැබී ඇති අඩු වැදගත්කම මෙන්ම ක්‍රියාත්මක වීමේ දුබලතාද හේතු වී ඇති බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි.
පාසල් පද්ධතිය තුළ අ.පො.ස. උසස් පෙළ මට්ටමේදී විෂය සමගාමී ක්‍රියාකාරකම්වල යෙදෙන ශිෂ්‍ය ප්‍රමාණය අඩුය. සිසුන් සාපේකෂව 10, 11 ශ්‍රේණිවලදී විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක නිරත වුවද 12 වන ශ්‍රේණියේදී විභාගය කෙරෙහි දක්වන දැඩි ව්‍යාකූල මානසිකත්වය හා ටියුෂන් පංතිවලට සහභාගී වීම ආදී හේතු බලපෑමෙන් උසස් පෙළ මට්ටමේදී සහභාගීත්වය අවම වීම සුවිශේෂ ගැටලුවකි.
එමෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැදගත්කම පිළිබඳව ගුරුවරුන් තුළ අඩු අවබෝධයක් පවතින අතර ඒ කෙරෙහි නොසැලකිලිමත් බවක් ද දක්වයි.ශිෂ්‍යයාගේ සමෝධානිත පෞරුෂ වර්ධනයට විෂය සමගාමී ක්‍රියාකාරකම් වැදගත් වන බවට ඇතැම් ගුරුවරුන් තුළ අවබෝධයක් නොමැත. ශාස්ත්‍රීය විෂය මාලාවට නියමිත විෂයයන් නියමිත කාලපරිච්ඡේදවලදී අවසන් කිරීමට ඔවුහු යුහුසුළු වෙති. ශිෂ්‍යයාට තම පුද්ගලික ජීවිතයට හා සමාජ ජීවිතයට අත්‍යවශ්‍ය අත්දැකීම් වඩා සාර්ථකව ලබාදිය හැක්කේ පාසල තුළින් බවත් ඒ සඳහා විෂය සමගාමී විෂය මාලාව වඩාත් උපයුක්ත වන බවත් ඔවුහු අමතක කර දමා ඇත. ක්‍රීඩා උත්සව, විවිධ ප්‍රසංග ආදිය මෙන්ම උසස් පෙළට නියමිත දිවි පැවැත්ම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘති ද විභාග සමත්වීමට අත්‍යවශ්‍ය නොවන බවත් කාලය අපතේ යැවීමක් බවත් බොහෝ ගුරුවරු විශ්වාස කිරීමද ක්ෂේත්රයේ පවත්නා ගැටලුකාරී තත්වයකි.
ඇතැම් ගුරුවරු පරිපූර්ණ ශිෂ්‍යයකු තැනීම උදෙසා විෂය සමගාමී විෂය මාලාව ද එක සේ වැදගත් බව පිළිගන්නා නමුත් බාහිර අධීකෂකවරුන් මගින් නිරන්තර ඇගයීමට ලක්කරන බැවින් ශාස්ත්‍රීය විෂය මාලාවට ප්‍රමුඛත්වය ලබාදෙති. එසේම විෂය සමගාමී විෂය මාලාව ගුණාත්මක අන්දමින් ක්‍රියාවට නැංවීමට සහාය දැක්වුවද ඒ පිළිබඳව ගුරුවරුන් නිසි ඇගයීමකට ලක් නොවීම ද මේ තත්ත්වය සඳහා හේතු වී ඇත.
විෂය සමගාමී ක්‍රියාකාරකම් අපේකෂිත ගුණාත්මක අන්දමින් සිදු නොවීම කෙරෙහි පාසල් කළමනාකාරීත්වයේ දුර්වලතා බලපාන බව පෙනේ.පාසල්වල විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක් නාමිකව පවතියි. පාසල් කාර්යාලයේ වාර්ෂිකව ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් සැලැස්මක් බොහෝ විට ප්‍රදර්ශනය කර ඇති නමුත් ඒ සියල්ල අපේකෂිත අන්දමින් ඉටුවේදැයි විදුහල්පතිවරයා විසින් සොයා බැලීම අද වන විට පාසල් පද්ධතියේ අවම මට්ටමක පවතියි. විෂය සමගාමී ක්‍රියාකාරකම් සැලසුම් සහගතව සංවිධානය නොවන බැවින් වගකීම් දැරීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ. වාර්ෂික ක්‍රීඩා උත්සව, සමිති සමාගම් වැනි ක්ෂේත්රයන් සියලූ ශිෂ්‍යයන් සහභාගී කරවාගෙන ක්‍රියාත්මක කළ ද සත්‍ය ලෙසම ඒ ඒක්ෂේත්රය සඳහා දක්ෂතාව දක්වන සුළු පිරිසක් පමණක් සක්‍රීයව දායක වේ. බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවකට අපේක්ෂිත කුසලතා කරා ළඟාවීමට නොහැකි වී ඇත.
විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් අපේකෂිත පෞරුෂ සංවර්ධනයට දායක වන පුද්ගලයන් තැනීම කෙරෙහි අභිමතාර්ථ විදුහල්පතිවරුන් තුළ සුලභ නොවන අතර ක්‍රියාත්මක කළ යුතු බැවින් ක්‍රියාවට නඟන තත්ත්වයක් දැකිය හැක. එබැවින් විදුහල්පතිවරයාගේ නිසි කළමනාකරණයට ලක් නොවීමෙන් ඒවා සක්‍රීය අන්දමින් ක්‍රියාත්මක නොවේ.
විෂය සමගාමී ක්‍රියාකාරකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, භෞතික හා මානව සම්පත් අවශ්‍ය ලෙස සම්පාදනය කර ගැනීමට පාසල් පද්ධතිය තවමත් අපොහොසත්ව ඇත.දෙමව්පිය, ආදි ශිෂ්‍ය ආදී ප්‍රජාවගේ සහායෙන් පාසලට අවශ්‍ය සම්පත් සම්පාදනය කර ගැනීමට උත්සාහ දරතත් තවමත් අපේකෂිත සම්පත් ළඟා කර ගැනීමට අපොහොසත්ව ඇත.
මෙවැනි සුවිශේෂ ගැටලුකාරී තත්වයන් රාශියක් මෙම ක්ෂේත්රය සම්බන්ධයෙන් පාසල් පද්ධතිය තුළ දක්නට ලැබුනත් තවමත් බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වීමද අවම මට්ටමක පවතී.
වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික වගකීම එම කමිටුවට පැවරිය යුතු අතර විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා උපරිම ශිෂ්‍ය සහභාගීත්වය ලබාගැනීම සඳහා සිසුන්ගේ හැකියා, දකෂතා හා වයස් මට්ටමට ගැළපෙන සේ විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානය කළ යුතුය.
සිසුන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය අඩපණ විය හැකිය යනුවෙන් පවත්නා වැරදි අදහස් තුරන් කරලීමට සිසුන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් ද දැනුවත් කළ යුතුය. අධ්‍යාපන අරමුණු ඉටුකර ගැනීමේදී විෂය සමගාමී ක්‍රියාවල සිසුන් නිරත විය යුතු බවට හා ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනයට දායක වන ආකාරය, පුද්ගලික හා සමාජ ජීවිතයට වැදගත් වන ආකාරය පිළිබඳව දැනුවත් කළ යුතුය.
සමෝධානිත පෞරුෂ සංවර්ධනයකින් යුත් පුද්ගලයන් බිහිකිරීම අධ්‍යාපනයෙන් අපේකෂා කළ ද ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂය මාලා ක්‍රියාත්මක නොවන්නේ නම් එකී අරමුණු ඉටු නොවේ. ශාස්ත්‍රීය විෂය මාලාවෙන් ලබාදෙන අත්දැකීම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් තහවුරු කර ගැනීමට අවස්ථා සම්පාදනය කළ යුතුය. අධ්‍යයනයේදී හෙළි වූ පරිදි එවැනි අවස්ථා ක්‍රියාත්මක කිරීම සඳහා විෂය සමගාමී ක්ෂේත්‍ර පිළිබඳ ළැදියාවක් ඇති මෙන්ම වැදගත්කම පිළිබඳව අවබෝධයක් ඇති ගුරුවරුන් යෙදවිය යුතුය. ඒ සඳහා ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමේ අවස්ථා සම්පාදනය කළ යුතුය.
වර්තමානයේ තොරතුරු තාකෂණය, ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව සඳහා වැඩි සමාජ ප්‍රවණතාවක් ඇති අතර ඒ උදෙසා වන අවශ්‍යතාව ද දැඩිය. ජාත්‍යන්තර සමාජය දක්වා ගමන් කිරීමට පමණක් නොව රැකියා අවස්ථා සඳහා මූලික සුදුසුකමක් ද එමගින් සම්පාදනය වේ. ශීඝ්‍රයෙන් වෙනස්වීමට ලක්වන මුළු මහත් ලෝකයම අද විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත.
සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකම් සම්බන්ධ විවිධ ඇගයීම් ක්‍රම සහ නිර්ණායක යොදාගැනීමෙන් සිසුන්ගේ හැකියා වර්ධනයට පෙළඹවීමක් ඇති කළ හැක. එසේ හඳුන්වා දිය හැකි ඇගයීම් ක්‍රම කිහිපයක් මෙසේය.
මෙවැනි ඇගයීම් ක්‍රම පන්ති මට්ටමෙන්, ශ්‍රේණි මට්ටමෙන් හෝ පාසල මට්ටමෙන් ක්‍රියාත්මක කළ යුතුය.
ශාස්ත්‍රීය විෂය මාලාවේ ඒ ඒ විෂයන්ට අදාළ අරමුණු ඉටුකර ගැනීමේදී විෂය සමගාමී විෂය මාලාවේ කටයුතු ද ඒ හා සම්බන්ධ කළ යුතුය. එවිට ශාස්ත්‍රීය විෂය මාලාවට ප්‍රමුඛත්වය ලැඛෙන පසුබිමක් තුළ වුවද ඊට සමාන්තරව විෂය සමගාමී විෂය මාලාවේ අරමුණු ද ඉටුකර ගැනීමට හැකිය. ඒ ඔස්සේ සිසුන්ගේ විශේෂ හැකියා වර්ධනයට අවස්ථා සම්පාදනය කළ හැකි වේ.
ඉහත සඳහන් කරන්නට යෙදුණු විසඳුම් යෝජනා පාසල් පද්ධතිය තුළ සුදුසු ලෙස ක්‍රියාවට නංවන්නේ නම් විෂය සමගාමී ක්‍රියාකාරකම් ගුණාත්මකව ක්‍රියාවට නැංවිය හැකි සේම ශිෂ්‍යයන්ගේ සමෝධානිත පෞරුෂ සංවර්ධනයට ද මඟපෑදෙනු ඇත.
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.