ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය

1961 දී මුවර්මන් හා පානබොක්කේ ලංකාවේ පාංශු වර්ගීකරණය මුලින්ම ඉදිරිපත් කළ අතර මහා පරමාණ පාංශු ඝණ 14ක් හදුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණය

මෙරට පාංශු වර්ගීකරණයේදී ප්‍රධානතම සාධකයක් ලෙස දේශගුනය සළකා ඇති අතර පස් වර්ග හඳුනා ගැනීමේදී වියළි කලාපයට ආවේණික පස් සහ තෙත් කලාපයට ආවේණික පස් ලෙස වෙන වෙනම හදුනාගෙන ඇත.

තෙත් කලාපයයේ දක්නට ලැබෙන පස් වර්ග

(1)රතු කහ පොඩ්සොලික් පස

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය 3000mm ට වැඩි කදුකර ප්‍රදේශයන්හි ව්‍යාප්තව පවතී. නුවරඑළිය, මහනුවර, මාතලේ ප්‍රදේශයන් වල බහුලවම දක්නට ලැබේ. හොදින් ජලවහනය සිදුවන අතර සියුම් වයණයකින් යුක්ත වේ.එමෙන්ම අම්ල ගතියද අධිකය. බහුලවම තේ වගාව සිදුකරනු ලබන්නේ මෙවැනි පසක් සහිත බිම් වලය. වන වගාව සඳහාද යෝග්‍ය වේ.

(2)රතු දුඹුරු ලැටසෝල් පස

මෙම පස මාතලේ, මහනුවර යන ප්‍රදේශ වල බහුලවම දක්නට ලැබෙන පස් වර්ගයකි. ඊට අමතරව කඳු සහ රැළි භූ දර්ශනයක් සහිත ප්‍රදේශ වල නිම්නයන්හි ද මෙම පස් වර්ගය දැක ගැනීමට හැකිය. මධ්‍යස්ථ ජල වහනයකින් යුක්ත මෙම පස රතු දුඹුරු වර්ණයෙන් යුක්තය. මෙම පසෙහිද වයණය සියුම්ය. විවිධ බෝග වගා කරයි.

(3)නොමේරූ දුඹුරු පස්

කඳුකර හා රැළිබිම වල බහුල ලෙස ඛාදනයට ලක්වූ බෑවුම් වල මෙම පස දක්නට ලැබේ. දුඹුරු හා කහ වර්ණයෙන් යුක්තය. නොගැඹුරු ජල වහණයකින් යුක්තය. වයණය මධ්‍යස්ථ වේ. අම්ල ගතිය අවමය. බහුල ලෙස මෙම පසින් යුත් බිමි භාවිතා කරනුයේ වන වගාව සඳහාය. වාරි ජල සම්පාදනයෙන් එළවලු වගාවද සිදු කිරීමට හැකිය.

(4)හැල් හා අර්ධ හැල් පස

වෙරළබඩ හා කොළඹ, ගම්පහ, කලුතර, යන දිස්ත්‍රික්කයන් හි බහුල ලෙස දක්නට ලැබේ. තද දුඹුරු හා කාල වර්ණයෙන් යුක්තය. ඵෛන්ර්‍ර්‍ද්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහලය. පහත් බිමි වල බහුල ලෙස ව්‍යාප්ත වී ඇත.

(5) රෙගසෝල් පස

තෙත් කලාපයේ වෙරළ තීරයේ දක්නය ලැබෙන පස් වර්ගයකි. මීටර් 3කට වඩා ගණකමකින් යුක්ත වේ. වැලි කැට වලින් සමන්විත වී ඇත. වර්ණය සුදු පැහැයයි. ජලවහණය අධිකය. පොල් හා කජු වහාවට මෙම පස සුදුසු වේ. (මෙම පස වියළ කලාපයේ මුලතිවු, ත්‍රි'මලය, මඩකලපුව, පොතුවිල්, කල්මුනේ, ප්‍රදේශ වලද දක්නට ලැබේ)

(6)දියළු පස

ලංකාවේ සෑම ගංඟා නිම්නයකම දියළු පස දක්නට ලැබේ. ජල වහනය වෙනස්වන සුලුය. දුඹුරු අළු, කලු පැහැයෙන් යුක්තය. වයණය වැලි හා මැටි වලින් සමන්විතය. වී වගාව පිණිසත් කර්මාන්ත සඳහා මැටි ලබා ගැනීමටත් යොදා ගනී. (වියළි කලාපයේ ගංඟා නිම්න වලින් මෙම පස් වර්ගය දක්නට ලැබේ.)

වියලි කලාපයේ දක්නට ලැබෙන පස් වර්ග

(1) රතු දුඹුරු පස

වියලි කලාපය පුරාම බහුලව දක්නට ඇත. වාර්ෂික වර්ෂාපතනය 1500mm ට වැඩි ප්‍රදේශ වල මෙම පස් වර්ගය හමු වේ. පසේ වයණය ම්‍ධ්‍යස්ථ ස්වභා‍වයෙන් යුක්තය. අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මොණරාගල, හම්බන්තොට වැනි ප්‍රදේශ වල මෙම පස ප්‍රධාන ව‍ශයෙන් ව්‍යාප්ත වී ඇත. වියළ සදාහරිත වනාන්තර හා වාරි ජල සම්පාදනයෙන් විවිධ ආහාර බෝග වගාවට යොදා ගත හැක.

(2)රතු කහ ලැටසෝල් පස

මන්නාරමට දකුණින් පිහිටි පුත්තලම ප්‍රදේශයට ආසන්න වෙරළාසන්න බිම් වල රතු කහ ලැටසෝල් පස් දක්නට ලැබේ. ජලවහණය ඉතා හොද අතර වයණය මධස්ථ වේ. වාරි ජල‍ය යොදාගෙන ගොවිතැන් කටයුතු සදහා යොදා ගැනීමට හැක.

(3)කැල්සියම් සහිත රතු කහ ලැටසොල් පස

යාපනය අර්ධද්වීපය ප්‍රදේශයේ මෙම පස් වර්ගය දක්නට ලැබේ. හුණුගල් මත නිර්මාණය වූ පස් වර්ගයකි. රතු කහ ලැටසෝල් පසට සමානය. වාරි ජලය භාවිතා කර ආහාර බෝග වගා කරයි.

(4)කැල්සියම් සහිත රතු දුඹුරු පස

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ රතු දුඹුරු පස් දක්නට ලැබේ. මනා ජලවහණයකින් යුක්ත වන අතර වයණය මධස්ථය. වාරිජලය යොදාගෙන වී වගාව සහ එළවලු වගාව සිදුකරනු ලැබේ.

(5)මැටි පස

මන්නාරම‍ට උතුරු දෙසින් තිබෙන පස් වර්ගයකි. ග්‍රැමසෝල්ස් ලෙසද හදුන්වනු ලබයි. ජලවහණය ඉතා දුර්වලය. තද අලු පැහැයේ සිට කලු වර්ණය දක්වා පැහැය වෙනස් වේ. වාරි ජල සම්පාදනයෙන් වී වගාව ඉතා හොදින් සිදුකළ හැක.

(6) සෙලඩයිට් සහ සොලනේට්ස්

වියළි කලාපයේ වෙරළාසන්නව මඩකලපුව, කල්මුනේ, මන්නාරම යන ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. රලු වයණයකින් යුක්තය. දුඹුරු පැහැ වේ. අම්ල ගතියෙන් යුක්තය. තෘණ වගාව සඳහා වඩා සුඳුසුය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

චාමර වීරසිංහමහින්ද තෙරණුවෝපැස්බරාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයශ්‍රී ලංකාවේ ජාතික සංකේතපිදුරුතලාගලඉසුරුමුණියලෝකයේ රටවල්තෙත් කලාපයේ ශාක විවිධත්වයක්‍රිස්තු වර්ෂ ක්‍රමයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිංහල පදකෝමාරිකාලිංගික සංසර්ගික ඉරියව්චතුරස්‍රයස්ත්‍රී පුරුෂ භාවයලංකා ඉතිහාසය-මහාවංශය යනුආර්ථික විද්‍යාවසෙම්ප්‍රතිශ්‍යාවකඩොලාන පරිසර පද්ධතියවසා පද්ධතියභාෂාවේ සම්භවයශ්‍රී ලංකා පොලිස් සේවයඇසපුස්තකාලහජ්ත්‍යාග (නීතිය)මහියංගනය රජ මහා විහාරයක්‍ෂීරපායි සත්තුවායුගෝලීය දූෂණයකටුස්සාවළගම්බා රජභූචලනඉන්දියානු ජාතික කොංග්‍රසයවාමන ග්‍රහලෝකසබරගමුව පළාතදෙමලිච්ච්චාසත්ව හිංසනයවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයලෝක ජල දිනයසරත් ගුණපාලමහා සිකුරාදාජයන්ති කුරු උතුම්පාලවී බිස්සභික්ෂු සාසනයඋසස් පෙළ දේශපාලන විද්‍යාවඇල්බට් බණ්ඩුරාජේසුස් වහන්සේගේ උප්පත්තියරිච්මන්ඩ් විද්‍යාලයසමනල කන්දප්‍රස්තාව පිරුළු යනුබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාසතර සතිපට්ඨානයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශ්‍රී ලංකාවේ ආර්ථිකයආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රී ලංකාවේ සර්පයෝනැනෝ තාක්‍ෂණයකුඩාපොළ හිමිසංචාරක කර්මාන්තයරූපවාහිනියේ සාමාජීය බලපෑමරාජ්‍ය නොවන සංවිධානඅමාවතුරඑස්. පණීභාරතදිවාලිරසායනික මූලද්‍රව්‍යටී.බී. ජයාමහවැලි ගඟශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරසිංහල වෙදකමරාග (සංගීතය)කොහොඹා කංකාරියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගබ්සාවපාරමිතා🡆 More