ශ්‍රී ලංකාවේ දික්කසාද නීති

No

Scales of justice
පවුල් නීති
 
විවාහයට ඇතුලත් වීම
විවාහ පොරොන්දුව
විවාහය
Common-law marriage
සමලිංගික විවාහය
විවාහයට සමාන
නෛතික තත්ත්ව
Cohabitation · Civil union
Domestic partnership
Registered partnership
Putative marriage
විවාහය අවසාන වීම
Annulment · දික්කසාදය · Alimony
ළමුන්ට බලපාන කාරණා
පිතෘත්වය · Legitimacy
Adoption · Legal guardian
Ward · Emancipation of minors
Foster care
Child Protective Services
(United States)
Parental responsibility
Contact (including visitation)
Residence in English law
Custody · Child support
Related areas
Spousal abuse · ළමා අපයෝජනය
Child abduction · Child marriage
Adultery · Bigamy · Incest
Conflict of laws
Marriage · Nullity · Divorce

ශ්‍රී ලංකීය නීතිය තුල ක්‍රියාත්මක නීත්‍යානුකූල විවාහ ක්‍රම

ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත්දික්කසාද වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම් ,

  • සාමාන්‍ය (රෝම-ලන්දේසි)
  • [උඩරට නීතිය]
  • [මුස්ලිම් නීතිය]

මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය.

දික්කසාදය ලබා දෙන පදනම්

රෝම ලන්දේසි විවාහ (සාමාන්‍ය විවාහ)

  • වෛවාහක වරද (matrimonial fault)
  • විවාහය බිඳවැටීම (breakdown of marriage) ලෙස කොටස් දෙකකි

අප නීතියේ පදනම වන්නේ වෛවාහක වරදයි.ඒහිදී 1907/19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 13වන වගන්තිය යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා ඔප්පු කර පෙන්විය යුතු අවස්ථා 3කි.

  1. අනාචාරය (Adultery)
  2. ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion)
  3. සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව (Incurable impotence)

අනාචාරය

කාලාත්‍රයන් ස්වෙච්චඡාවෙන් වෙනත් පාර්ශවයක් සමඟ කැමැත්තෙන් ලිංගිකව හැසිරීමයි. (පෙම් සබඳතා , සමලිංගික ආශ්‍රයන් මීට අයත් නැත) මෙය ඔප්පු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව තුල මුල් කාලීනව තීරණය වී තබූ තත්වය වුයේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය යන්නයි. තීරණය වූ නඩුවක් වන "පුෂ්පකුමාර එ. ටාර්මෙටි සහ අනෙක් අය" දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ "ශක්‍යතා වැඩි බර මත" යන පදනම අදාල බවයි.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ "598" වගන්තිය ප්‍රකාරව අනාචාරයට අදාල අනියම් පුරුෂයා /කාන්තාවද වගඋත්තරකරුවකු විය යුතුය. නමුත් මේ සඳහා ව්‍යාතිරේඛී අවස්ථා තුනක් පවතී.

  1. විත්තිකාර පාර්ශවය ගණිකා වෘත්තියේ යෙදීම.
  2. නිසි අවධානය යෙදුවද වගඋත්තරකරුගේ නම සොයා ගත නොහැකි වීම.
  3. තුන්වන පාර්ශවය මියගොස් ඇත්නම්.

ද්වේශ සහගත අතහැර යාම

එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය යම් කාලයක් ඇතුලත ,නැවත පැමිනී‍මේ හෝ ඉටුකිරීමේ චේතනාවක් නොමැතිව ඉටුවිය යුතුකම් ඉටුනොකර සිටීමයි.මෙහිදී

  • මානසික අංගය හා
  • ශාරීරික අංගය ඔප්පු කළයුතු අතර මේ දෙක අතර සම්බන්ධයක් තිබිය යුතුය.

අනෙක් පාර්ශවයට වෛවාහක නිවස අතහැරයාමට වන පරිදි කටයුතු කිරීම තුලින් එෂේ කරන පුද්ගලයා අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට මුල් වේ. උදාහරනයක් වශයෙන් බබුන් නෝනා එ. ඇල්බන් කෙම්පස් දී අනාචාරයේ යෙදුනු සැමියාට විත්තිකාර බිරිඳ පහරදී ‍රෝහල් ගතකළමුත්,ඇය එසේ කළේ සැමියාගේ චරිතය අයහපත් වූ හෙයින් නිසා එය අනුමිත ද්වේශ සහගත අතහැරයාමක් ලෙස සැළකුණි.

ලිංගික බෙලහීනතාව

විවාහ වන අවස්ථාවේ පවා තිබිය යුතු සුවකළ නොහැකි ලිංගික බෙළහීනතාව මෙයින් අදහස් වේ. බෙළහීනතාව වරදක් වන්නේ ඒ බව දැනගෙන විවාහ වු විටය. මේ කරුණු මත සාමාන්‍ය නීතියේ දික්කසාදය සාකච්ඡා වේ.දික්කසාදය සිවිල් වරදක් වන නිසාවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව , දිසා අධිකරණයේ , එදිරිවාදී නඩු පටිපාටිය අනුව ක්‍රියාත්මක වේ. එසේම ඉහත කරුණු වලට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහයේ "608"ට, 1970 ගෙනා සංශෝධනය ප්‍රකාරව , අවුරුදු 7ක් වෙන්ව සිටියදී හෝ අවුරුදු 2ක අධිකරණමය වෙන්වීමක් වී තිබේ නම් ලඝුකාර්‍ය පටිපාටියෙන් දික්කසාදය ගත හැක.(නමුත් කාර්‍ය පටිපාටියට වූ මෙම වෙනස්කම , හරයාත්මක නීතියට හඳුන්වා නොදීම නිසා ප්‍රායෝගිකව මෙම තත්වය ක්‍රියාත්මක නොවේ.)

උඩරට (සිංහල) විවාහ

පහත සඳහන් කාරණා මත උඩරට විවාහයක් දික්කසාද කළ හැකිය.

  1. විවාහ වීමෙන් පසු බිරිඳ අනාචාරයෙහි යෙදීම
  2. බිරිඳ විසින් අවුරුදු දෙකක් තිස්සේ සැමියා අතහැර දමා සිටීම.
  3. සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම
   යන කාරණාවලින් එකක් හෝ සියල්ලම මත පුරුෂ පක්ෂය විසින්ද, 


  1. සැමියා විසින් අනාචාරයෙහි යෙදීම
  2. සැමියා විසින් අවුරුදු දෙකක් තිස්සේ බිරිඳ අතහැර දමා සිටීම.
  3. සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම
  යන කාරණාවලින් එකක් හෝ සියල්ලම මත ස්ත්‍රී පක්ෂය විසින්ද තම විවාහය අවලංගු කර හෝ දික්කසාද තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක. 

දෙදෙනාගේම කැමැත්තෙන් හා අන්‍යේන්‍ය එකඟතාවය මත නම් දෙදෙනා එකතුව ඉල්ලීම් කළ හැකිය.

මේ අඩවිත් බලන්න

අඩවියෙන් බැහැර පිටු

Tags:

ශ්‍රී ලංකාවේ දික්කසාද නීති ශ්‍රී ලංකීය නීතිය තුල ක්‍රියාත්මක නීත්‍යානුකූල විවාහ ක්‍රමශ්‍රී ලංකාවේ දික්කසාද නීති දික්කසාදය ලබා දෙන පදනම්ශ්‍රී ලංකාවේ දික්කසාද නීති මේ අඩවිත් බලන්නශ්‍රී ලංකාවේ දික්කසාද නීති අඩවියෙන් බැහැර පිටුශ්‍රී ලංකාවේ දික්කසාද නීති

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයපන්සිල්ඉත්තෑවාආසියාවශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියවෛරසසිංහල ව්‍යාකරණපයිතගරස් ප්‍රමේයයනේටෝපණිභාරතඑදිරිවීර සරච්චන්ද්‍රවෛද්‍යවරයාවෛරස් පිළිබඳ හැඳින්වීමක්ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයනන්දා මාලනීආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවයතුංමං හංදිය (චිත්‍රපටිය)උෂ්ණත්වයනීල් ආම්ස්ට්‍රෝන්මානව විද්‍යාවසිංහල පදශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලරොහාන් පෙරේරාඋඩරට නැටුම්ලෝක ජනගහනයශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමතෙරේසා මවුතුමියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සුසන්තිකා ජයසිංහසරම්පමනෝ විශ්ලේෂණවාදයත්‍යාග (නීතිය)මානව ලිංගිකත්වයඑච්.ආර්. ජෝතිපාලඅනුරාධපුර යුගයරත්න ශ්‍රී විජේසිංහජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයසිංහල හෝඩිස්වාභාවික උපද්‍රවලිංගික ඉන්ද්‍රියන්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්අනුරාධපුර රාජධානියගඩලාදෙණිය විහාරයසංයුක්ත තැටියසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්වැව්කොළඹපටිච්චසමුප්පාදයධවල පත්‍රිකාවඉසුරුමුණියහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවශාන්තිකර්මමහ පොළොවශ්‍රී දළදා මාළිගාවබ්‍රහස්පති ග්‍රහයාජනතා විමුක්ති පෙරමුණහෙළ ගණන් ක්‍රමයකැහිබෙල්ලාමඩු දේවස්ථානයග්‍රාම නිලධාරීආදරයඉස්සන් වගාවඅඹනාට්‍ය කලාවදුන්හිඳ ඇල්ලකාමෝද්දීපන චිත්‍රපටමයිකල් ජැක්සන්තෝමස් අල්වා එඩිසන්ගල් විහාරයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඔලිම්පික්2024ලාඕසයමාර්ටින් වික්‍රමසිංහඅනුරාධපුර ජේතවනාරාමයදෙවොල් මඩුවකතරගම🡆 More