ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය

රෙදිපිළි හා ඇඟලුම් නිපැයුම් නිර්මාණය, නිෂ්පාදනය සහ අපනයන ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තයන් ගෙන් එකක් මෙන්ම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය, රටේ ශ්‍රම බලකායෙන් 15% ක් පමණ වු තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙන අතර, රටේ සමස්ත අපනයනයෙන් භාගයක් පමණ වේ. ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිපදවන රටවල් අතර එහි ජනගහනයට සාපේක්ෂව බලන විට ශ්‍රී ලංකාව එහි ප්‍රධාන ස්ථානයක් ගනී.

සංවර්ධනය

ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම වෙලඳාම හා ආයෝජන හිතකාමී පරිසරය හේතුවෙන් ඉන්දියාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා විකල්පයක් ලෙස 1980 දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සැලකිය යුතු වර්ධනය වීමට පටන් ගත්තේය. ඇමරිකානු විලාසිතා අංශය සඳහා “speed sourcing " සංවර්ධනය ප්‍රමුඛයෙකු වන මාටින් ට්‍රස්ට් 1985 දී, ශ්‍රී ලංකා රෙදිපිළි සහ ඇඟලුම් සමාගම් සමග වැඩ ආරම්භ කළේය. 1986 සහ 1987 දී ඔහු Omar සහ Amalean සමූහය සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් පිහිටුවන ලදී. 

2010 වන විට, බ්‍රැන්ඩික්ස් (Brandix), Hirdaramani & Jay Jay Mills යන සමාගම් තුන එක්සත් ජනපදය සදහා ඇඟලුම් නිෂ්පාදන අපනයන කරන ප්‍රධාන සමාගම් බවට පත් විය.

ආර්ථික වර්ධනය

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය 
එක්සත් ජනපදය සදහා ඇඟලුම් අපනයන කරන ප්‍රධාන පෙළේ ඇඟළුම් - නිෂ්පාදන රටවල් 1989–2009.

ඉදිරි දශක කිහිපය දි, ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදනය බවට වර්ධනය විය හැක. 1996 ,1997 වර්ශයන් හීදී ඇඟලුම් කර්මාන්තයෙන් ලැබූ ආදායමේ 38 % ක වර්ධනයක්ද, ඇමරිකානු ඩොලර් බිලියන 2.18 ආදායමක් ලබා ගන්නා ලදී. 1998 දී ශ්‍රී ලංකාව තුළ නව රෙදිපිළි කර්මාන්තශාලා 50 ක් ආරම්භ කරන ලද අතර ඇඟළුම් කර්මාන්තය කර්මාන්ත ශාලා 800 දී සේවක සේවිකාවන් 300,000 ක් සේවය කරන ලදි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා 85% ක හිමිකරුවන් ශ්‍රී ලංකිකයන් වන අතර විශාල කර්මාන්ත ශාලා ඒකාබද්ධ ව්‍යාපාර හෝ විදේශ අයත් ජාතිකයන්ට අයත් විය. 

2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමත් සමග රටේ ඇඟලුම් කර්මාන්තය සදහා තිබූ බාධක ලිහිල් විය. ඉන්පසු බ්‍රැන්ඩික්ස් (Brandix) සමාගම විසින් අපනයන දෙගුණ කිරීමේ අදහසින් සේවකයන් 25,000 ක් සහිතව පුන්නායි හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පිහිටවන ලදි. පසුව එම වසරේදි ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවන්, විලාසිතා භාණ්ඩ ඉස්මතු කිරීමේ අරමුණින් හා නිර්මාණ හා නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් විශාලතම නිර්මාණ උළෙලක් ශ්‍රී ලංකාවේදි පැවැත්විණ.

2010 දී සමුළුව හා ප්‍රදර්ශනය කළමනාකරණ සේවා කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමත් සමග තවත් ප්‍රදර්ශන සදහා අවස්ථාව ලැබිණි. එසේ කිරීමෙන්, ගෝලීය සමාගමක් විසින් ජාත්‍යන්තර රෙදිපිළි ප්‍රදර්ශන තුනක් ශ්‍රී ලංකාවේ දී පවත්වන ලදි. එමගින් දේශීය රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ විවිධ අංශ ඉස්මතු කිරීමට, දේශපාලන අස්ථාවරත්වය ගැන බිය පහ කිරීම කිරීමට හා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය වෙළෙඳපොළ සමග තරග කළ හැකි බව පෙන්වීමට හැකි විය.

2000 දශකය අග වන විට, ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය රටේ කාර්මික නිෂ්පාදනයට 39% ක දායකත්වයක් හා රටේ මුළු අපනයන් 43% ක් නියෝජනය කරයි. 1970 සිට දි සිට වර්ධනය වන ඇඟලුම් කර්මාන්තය අද වන විට මෙරට විශාලතම අපනයන ආදායම ලබන කර්මාන්තය බවට පත් වී ඇත.  

වෙළඳ සහයෝගීතාවය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් ආනයනකරු, එක්සත් ජනපදය වන අතර එය ලංකාවේ මුළු අපනයන් 76% ක් පමණ වේ. 2009 වන විට එක්සත් ජනපදය සදහා ඇඟලුම් අපනයන කරන අපනයනකරුවන් අතර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත් විය. 

2000 දී එක්සත් ජනපදයේ ප්‍රධාන වරායන්හි භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවා, ශ්‍රී ලාංකාවෙන් භාණ්ඩ ආනයනය පහසු කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකාවේ සබදතා වර්ධනය විය. 2004 ආරම්භයේ දී, ශ්‍රී ලාංකික නිලධාරීන් උතුරු කැරොලිනා හා ඇඟළුම් කර්මාන්තයේ විශාලතම කේන්ද්‍රය වන ඇමරිකානු රාජ්‍යය සමග රෙදි පිළි ගනුදෙනු වර්ධනය කිරීමට උත්සාහ කරන ලදී.

සමාජ වගකීම

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය 
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයේ නිරත කාන්තාවන්.

Daily Mirror හි සදහන් පරිදි "හෘදය සාක්ෂියට එකඟව ඇඟලුම් නිෂ්පාදනය" යන පාඨය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බොහෝ ආයෝජනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මගින් ළමා ශ්‍රමය භාවිතයට සිය විරුද්ධත්වය ඇතුළුව සදාචාරාත්මක බැඳීමක ඇති වටිනාකම, ශ්‍රී ලංකා කර්මාන්ත වෙළඳ සංගමයේ අවධානයට කැඳවා ඇත. 

ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම් අතර, 16,000 ක පමණ සේවකයන් සේවය කරන සමාගමකි, මාස් සමාගම (MAS). මෑත වසර කිහිපය තුළ දී, මාස් සමාගම (MAS) ආයතනික සමාජ වගකීම මත ශක්තිමත් අවධානයක් යොමුකර ඇති අතර ඒ සඳහා 2007 දී CIMA මූල්‍ය කළමනාකරණ සම්මානය පාත්‍ර කර ඇත.

ශ්‍රම බලකාය තුළ කාන්තාවන් හා සුළු ජාතීන්

ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ශ්‍රමයෙන් විශාල කොටසක් කාන්තාවන් විසින් ලබා දී ඇත. 2010 වන විට කාන්තාවෝ 350,000 රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා 850 ක සේවය කරති. මෙය ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රම බලකායෙන් 85% ක් පමණ වේ. සුළු ජාතීන්ද ඇඟලුම් නිෂ්පාදනය සදහා සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් සමාගම් දෙකක් වන මාස් (MAS) සහ බ්‍රැන්ඩික්ස් (Brandix), සුළු ජාතීන්ට අයිති පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් බෞද්ධ රටකි. බ්‍රැන්ඩික්ස් (Brandix) සමගමේ හිමිකම මුස්ලිම් පවුල් සතු වන අතර මාස් (MAS) සමගමේ හිමිකම හින්දු පවුල් සතු වේ. කෙසේ වෙතත් මෙම සමාගම් වල නායකත්වය දරණ සාමාජිකයන් බහුතරයක් බෞද්ධයන් වේ.  

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් සමාගම් 

  • Emjay International & Penguin Sports Wear (Pvt) LTD.
  • MAS Holdings
  • Brandix Lanka Limited
  • Smart Shirt (lanka) Ltd
  • Hirdaramani Group
  • Maliban Textiles
  • Timex and Fergasam Group
  • Vogue Tex Group

මේවාද බලන්න

ආශ්‍රිත

බාහිර සබැදි

Tags:

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය සංවර්ධනයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ආර්ථික වර්ධනයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය වෙළඳ සහයෝගීතාවයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය සමාජ වගකීමශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් සමාගම් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය මේවාද බලන්නශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිතශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය බාහිර සබැදිශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

අනුර බණ්ඩාරනායකබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාකොමියුනිස්ට්වාදයනෙළුම් කුළුණබුද්ධදාස රජුරසායනික සූත්‍රශාන්ත ජුසේ වාස් තුමාබුද්ධ චරිතයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලපුනරුදයඋඩරට නැටුම්නිල වෙදකමසිංහල වර්ණ මාලාවඇල්ලAdvaith Vinodඕස්ට්‍රේලියාවදරු නැලවිලි ගීලිංගික ඊර්ෂ්‍යාවවිභීෂණ රජශ්‍රී ලංකා මහ බැංකුවචාමර වීරසිංහරංගනය හා සංගීතයමනෝවිද්‍යාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසෞරග්‍රහ මණ්ඩලයමහා මංගල සුත්‍රයගෞතම බුදුරජාණන් වහන්සේෆ්‍රැන්සිස් පාප්වහන්සේජයලත් මනෝරත්නසිද්ධාර්ථ කුමරුවිජය රජසිංහයාදේවානම්පිය තිස්ස රජබොරතෙල්ආයුර්වේදයඅට විසි බුදුවරුනව අරහාදී බුදුගුණශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයමාඕ සේතුංමුල් පිටුවමුඛ සංසර්ගයඑච්.ආර්. ජෝතිපාලශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපයිතගරස් ප්‍රමේයයමැක්ස් වෙබර්තුන් සිංහලේආකල්පදෙමළ ජනතාවපාරමිතාකොස්සිංහබාහුආචාර්ය එස්‌. පනීභාරතසරත් ඍතුවසාමයපංච නීවරණදිවුල්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්මිහින්තලයසිඟාලෝවාද සූත්‍රයමහාවංශයසිකුරු ග්‍රහලොවඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවකැනඩාවරතන සූත්‍රයඅභයගිරි දාගැබසංස්කෘතියශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවදෙවන පරාක්‍රමබාහු රජඋපාලි විජේවර්ධනඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඑල්ලේආතර් සී. ක්ලාක්කාව්‍යශේඛරයඅඟහරු ග්‍රහලොවප්‍රථමක සංඛ්‍යාසාපේක්ෂතාවාදය🡆 More