ශ්‍රී ලංකාවේ අපරාධ

අපරාධ ශ්‍රී ලංකාව තුළ නේකවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වේ.

අපරාධ පුළුල් වර්ගීකරණයන් දෙකකට ලක් කරයි: ඒ ඉතා බරපතල අපරාධ (නඩු පැවරිය හැකි අධිචෝදනීය අපරාධ) හා සුළු අපරාධ (අධිචෝදනීය නො වන) ලෙස යි. අපරාධවලට වගකීමට සිදු නො වීම බලාත්කාරකම, උන්මාදය, සුරාමදය, ඇවැසියාව හා පුද්ගල ආත්මාරක්‍ෂාව යටතේ සළකා බැලේ. අපරාධයකට දඬුවම් දීමේ දී විකල්ප කිහිපයක් ම ඇත: ඒවා සමාජ සේවය, දඩය, දේපල අයිතිය අහිමි කිරීම, සිරගත කිරීම, සංස්ථායික පිළියම, පරිවාස භාරය, අත්හිටවූ සිරදඞුවම, කසපහර දීම හා මරණ දණ්ඩණය වෙති; මරණ දණ්ඩණය රටෙහි පැනවීමට හැකිමුත්, 1976සිට සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වන්නේ නැත.

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ව වන අපරාධ

ශ්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාර ක්‍රියාත්මක වන අතර, මෙම වෙළඳාමේ ප්‍රධාන පාරිභෝගිකයෝ විදේශික සංචාරකයෝ ය. කෙසේ නමුත්, ගණිකා ජාවාරම හා සැපයීම වැනි ගණිකා වෘත්තියට සම්බන්ධ ක්‍රියා නීති විරෝධී ලෙස සැළකේ. අසල්වැසි රටවලට සාපේක්‍ෂ ව ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාවේ එතරම් ම බරපතල ගැටලුවක් බවට පත් වී නොමැත.

ළමා හා ළදරු ජාවාරම ශ්‍රී ලංකාවේ පවතී. මෙම ජාවාරමට ලක්වන බොහොමයක් දරුවන් හට අසාධාරණ හා අමානුෂික ලෙස සළකා අසැබි චිත්‍ර්‍රපට නළුවන් හා ලිංගික වහලුන් බවට පත් කරගනු ලැබේ. දරුවන්ට එරෙහි ව සිදුකරන ලිංගික අපරාධ වලට විදේශිකයන් සිරගත නො කෙරේ.

දූෂණය හා වංචාව

දූෂණය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත ව පවතී. Lanka Standardහි ලක්‍ෂ්මන් ඉන්‍ද්‍රනාත් කීර්තිසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව "ලෝකයේ දූෂිත ම/වංචනික ම රටක්" බව පවසා ඇත. වරදකරුවන්ගේ අපරාධ නඩු අත්හැර දැමීම සඳහා නීතිය බලාත්මක කරන්නන් විසින් අල්ලස් ගත් අවස්ථා තිබේ. දූෂිතබව අඩු කිරීමට රජය විසින් යම් යම් උත්සාහයන් දරන අතර දූෂිත වංචනිකයන්ගෙන් අතලොස්සක් අත්අඩංගුවට ගෙන නිසි අයුරින් චෝදනා නිකුත් කර ඇත.

අල්ලස් හා දූෂණ ශ්‍රී ලංකා රජයට අති විශාල වියදමක් ලෙස සළකනු ලැබේ. එය විදේශීය ආයෝජන වලට දැඩි ලෙස බලපෑමක් ඇති කරන බව නො පෙනුණ ද, රේගු අනුමතිය හා යම් පාරිභෝගික භාණ්ඩ හොරෙන් ගෙන යාම යන සිද්ධින්ට අළලා දූෂිත ස්වභාවය දැඩි ලෙස ගැටලු සහගත තත්ත්වයකට පත් ව ඇත.

විමර්‍ශනය

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්‍තමේන්තුවේ අපරාධ අංශය සතු ව ශාඛා කිහිපයක් ඇත. එහි මූලික ම පරමාර්ථය වන්නේ සියලු ආකාර අපරාධයන්ගෙන් රට ආරක්‍ෂා කර ගැනීම යි. එමඟින් සිවිල් හා හමුදා බලකායයන් හා එක් වී අපරාධකරුවන් නීතියට හසු කර ගැනීමට හා පශ්චාත් අපරාධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට හැකියාව ඇත. මෙම දෙපාර්‍තමේන්තුවට 2002දී ස්ථාපිත කළ පොලිස් මානව හිමිකම් අංශය ද අයත් වන අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්‍ශනයට හා වැළැක්වීමට විධිනියෝගයක් පනවා ඇත.

මේවාත් බලන්න

ශ්‍රී ලංකාවෙ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල අවසන් අදියරෙහිදී මානව හිමිකම් කඩකල බවට චෝදනාකිරීම

යොමු

Tags:

ශ්‍රී ලංකාවේ අපරාධ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ව වන අපරාධශ්‍රී ලංකාවේ අපරාධ දූෂණය හා වංචාවශ්‍රී ලංකාවේ අපරාධ විමර්‍ශනයශ්‍රී ලංකාවේ අපරාධ මේවාත් බලන්නශ්‍රී ලංකාවේ අපරාධ යොමුශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

සීතාවක රාජධානියසුගතපාල ද සිල්වාදෙවි දේවතාවියෝදඬුලේනාපණිභාරතමුඛ සංසර්ගයමහ පොළොවආනන්ද සමරකෝන්අභය වැවෆේස්බුක්දීඝ නිකායපේර ශාකයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවහෘදයකාවන්තිස්ස රජනොබෙල් ත්‍යාගයජනතා විමුක්ති පෙරමුණඉල්ලුම සහ සැපයුමසමනල කන්දකෘත්‍රීම බුද්ධියජලගැල්මසිංහබාහුරාජ්‍ය නොවන සංවිධානසීගිරියපාස්කුවරසායනික සූත්‍රශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවත්‍රිපිටකයස්වාභාවික උපද්‍රවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.අනුරාධපුර රාජධානියශ්‍රී ලංකා පොලිස් සේවයදිවාලිමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයපෙර පාසල්බ්‍රිතාන්‍ය ලංකාවනිකොලස් කොපර්නිකස්ජලයආවර්තිතා වගුවසංවර්ධිත රටවල්එස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තපාසල්ශ්‍රී පාදස්ථානයත්‍යාග (නීතිය)අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඅඹඅන්තර්පාදක ලිංගික චර්යාවබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළමහින්දාගමනයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයදස පණතකොළඹ පාසල් නාමාවලියසිංහල වෙදකමබුලත් හපයාඩෙංගුනව අරහාදී බුදුගුණආර්ථික විද්‍යාවයාපනයස්තූපකැවුම්මෛත්‍රී බුදුරජාණන් වහන්සේපතොක්න්‍යෂ්ටික අවිරත්න ශ්‍රී විජේසිංහදෙවොල් මඩුවශ්‍රී ලංකා නිදහස් පක්ෂයජල චක්‍රයජෛව ගෝලයබුදුගුණ අලංකාරයයූටියුබ්පේශි පටකයගම්පහප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)අහිකුණ්ඨකසිද්ධි ලෙබ්බේශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව🡆 More