ශ්‍රී ලංකාවේ අධිකරණය

ශ්‍රී ලංකාවේ අධිකරණය යනු ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා වගකිව යුතු සිවිල් උසාවි සහ අපරාධ උසාවිවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උසාවි නිර්වචනය කර ඇත්තේ සාම්ප්‍රදාය තුල ස්වාධීන ආයතන ලෙස ය. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉංග්‍රීසි සාමාන්‍ය නීතිය, රෝම-ලන්දේසි සිවිල් නීතිය සහ චාරිත්‍රානුකූල නීතියේ එකතුවක් වන ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 1978 අංක 02 දරන අධිකරණ පනත යටතේ ස්ථාපිත කර ඇත. 1978 ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය.

ශ්‍රී ලංකාවේ අධිකරණය
Balance justice


1978 ව්‍යවස්ථාවට අනුව , මෙරට අධිකරණය ආයතන තුනකින් සමන්විත විය

  1. ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය හෙවත් සුප්‍රීම් උසාවිය
  2. ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය
  3. ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය සහ පාර්ලිමේන්තුව විසින් කලින් කලට පිහිටුවාගත හැකි වෙනත් විනිශ්චය අධිකාරී ඇති ආයතන (සමත මණ්ඩලය වැනි)

නීති පැනවීම සහ නීති සම්බන්ධ තීරණ ගැනීමේ දී පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරගත යුතුය.

ඉතිහාසය

සෝල්බරි ආණ්ඩුක්‍රමයට අනුව පිහිටුවනු ලැබූ අධිකරණ ක්‍රමය බ්‍රිතාන්‍ය ක්‍රමයට සමාන විය. මෙහිදී ඇමති මණ්ඩලයේ උපදෙස් පරිදි අග්‍රාන්ඩුකාර තුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන් පත්කළයුතුය. පහල උසාවි වල විනිශ්චයකාර වරුන් පත් කරන්නේ අධිකරණ සේවා කොමිසන් සභාව විසිනි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස් අධිකරණ ඇමති වශයෙන් දේශපාලන කටයුතු වල නොයෙදුන නීතිවේදියෙකු පත්කරගනියි. මොහු බොහෝදුරට සෙනෙට් මන්ත්‍රී වරයෙකි. නමුත් 1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීම නිසා අධිකරණ ඇමති ජාතික රාජ්‍ය සභාවෙන් ද 1978 ට පසු පාර්ලිමේන්තුවෙන් ද පත්කරන ලදී.

1973 දී අහියාචනා උසාවිය සහ ගම්සභා උසාවි අහෝසි කරන ලදී. නමුත් 1978 දී නැවතත් අභියාචනා උසාවි පිහිටුවිය. මේ අනුව 1978 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ ඉහලම උසාවිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නම් කරන ලද අතර අපරාධ අධිකරණ බලතල ක්‍රියා කිරීම සඳහා මහා අධිකරණයක් ද පිහිටුවනු ලැබීය. මෙරට උසස්ම අධිකරණ දෙකට එම අධිකරණ වලදී හෝ පිටස්තර තැනකදී අපහස කළහොත් එම තැනැත්තා බන්ධනාගාර ගත කලහැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් ඉවත් කිරීමේ බලතල ජනාධිපති තුමාට හෝ ඔහුගේ අනුමැතිය නැතිව වුවත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය සහිතව කල හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය ප්රධානියා

ශ්‍රී ලංකාවේ උසස්ම සහ උත්තරීතරම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙහි විනිශ්චයකරවරුන් හයකට නොඅඩු සහ දහයකට නොවැඩි සංඛ්‍යාවක් ඇති අතර ඔවුන් පත් කරන්නේ ජනාධිපති තුමා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරුපනය කිරීමේ පුර්ණ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ. ජනාධිපති වරයෙකුට එරෙහිව ඉදිරිපත්වන දෝෂාභියෝගයක් සම්බන්ධ පරීක්ෂා කිරීමේ අයිතියද ශ්‍රේෂ්ඨාධිකරණය සතු වූ නමුත් විධායක ජනාධිපති බලතල යටතේ පසුව එය අහෝසි විය.

බලතල

  1. මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
  2. පනත්කෙටුම්පත් වල ව්‍යවස්ථානුකුලත්වය තහවුරු කිරීම
  3. අවසාන අභියාචනාධිකරණ බලතල
  4. උපදේශක අධිකරණ බලය
  5. ජන්ද පෙත්සම් නඩු සම්බන්ධ අධිකරණ බලය
  6. පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ බලය
  7. පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්මක කිරීම

අභියාචනාධිකරණය

පහල උසාවි වල නඩු තීන්දු වලට විරුද්ධව ඉදිරිපත් කරන නැවත සමීක්ෂණ නඩු විභාග කිරීම මෙහි ප්‍රධානතම ක්‍රියාවයි. අභියාචනාධිකරණ නඩු තීන්දු වලට විරුද්ධව යා හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. මෙහි විනිශ්චය කාරවරුන් හයකට නොඅඩු සහ එකොළහකට නොවැඩි ප්‍රමාණයක් ඇති අතර ඔවුන් පත්කිරීමේ බලය ජනාධිපති සතුය. මෙම අධිකරණය මගින් නියෝග නිකුත් කිරීම කළහැකි වන අතර පහල උසාවියක් විසින් දෙනු ලබන තීන්දුවක් වෙනස් කල හැකියි.

මහ උසාවි (මහාධිකරණ)

ආරම්භයේදී අධිකරණය ලෙස සලකු මෙම ආයතනය මගින් අපරාධ අධිකරණ බලතලද සහිතව මහාධිකරණය ලෙස ක්‍රියාත්මක වෙයි.

මුල් අවස්ථා උසාවි

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යුක්තිය පසිඳලීම සඳහා මුල් අවස්ථා උසාවි පහක් පිහිටුවන ලදී.

  1. මහාධිකරණය
  2. දිසා උසාවි
  3. පවුල් උසාවි
  4. මහේස්ත්‍රාත් උසාවි
  5. ප්‍රාථමික උසාවි

ශ්‍රී ලංකාව තුල කර තිබෙන වරදක් හෝ මෙරට ගුවන් තලයේ හෝ ජල තීරය තුල කරතිබෙන වරදවල් මහා අධිකරණය විසින් විභාග කොට තීරණය කල යුතුය.

මුලාශ්‍ර

දණ්ඩ නීති සංග්‍රහය

නන්ද රණවීර, විසිවන ශත වර්ෂයේ මෙරට ආණ්ඩු ක්‍රමය (1900-1994), එම්.ඩී. ගුණසේන සහ සමාගම 1995, ISBN 955-21-0714-8

Tags:

ශ්‍රී ලංකාවේ අධිකරණය ඉතිහාසයශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය ප්රධානියාශ්‍රී ලංකාවේ අධිකරණය අභියාචනාධිකරණයශ්‍රී ලංකාවේ අධිකරණය මහ උසාවි (මහාධිකරණ)ශ්‍රී ලංකාවේ අධිකරණය මුල් අවස්ථා උසාවිශ්‍රී ලංකාවේ අධිකරණය මුලාශ්‍රශ්‍රී ලංකාවේ අධිකරණයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා‍ අලියාඅනුර කුමාර දිසානායකආගම්සන්නිවේදනයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුශ්‍රී ලංකාවේ දාගැබ්ප්‍රජාතන්ත්‍රවාදයඒබ්‍රහම් ලින්කන්කුසල් සහ අකුසල්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයඅභයගිරි දාගැබඉන්දියාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ මහනගර සභාමහා මංගල සුත්‍රයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවබළලාපියයුරු සංසර්ගයසිංහයාපිළිකාකෙසෙල්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)රාජ්‍ය නොවන සංවිධානධර්ම සංගායනාසිංහල මිණුම් ඒකකබාලදක්ෂ ව්‍යාපාරයකැලණියමනමේප්‍රස්තාව පිරුළුකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාවළි කුකුලාගොටුකොලඉතාලියශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමුන්නේශ්වරම් කෝවිලඅළු බදාදාමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයJalani premadasaපෘෂ්ඨවංශීන්රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මහින්ද රාජපක්ෂවිද්‍යාත්මක ක්‍රමයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිවිධ හින්දු ආගමික දෙවියන්ගේ සංකේතසිංහල නාඩගම්රුසියානු-යුක්‍රේන යුද්ධයවන්නම්මහින්ද තෙරණුවෝත්‍රිවිද්‍යාසිංහල නිපාත පදශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමී ගසශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලරාග (සංගීතය)ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයදඹුල්ල රජමහා විහාරයඕස්ට්‍රේලියාවදෙවන ලෝක යුද්ධයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයපේර ශාකයමානව බහිස්ස්‍රාවී පද්ධතියඇසසත්ත්ව වංශක්ෂණික මෝචනයඉසුරුමුණියනියඟයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසිද්ධි ලෙබ්බේශ්‍රී ලාංකීය සංස්කෘතියදළ දේශීය නිෂ්පාදනයඅහිකුණ්ඨකකෘෂි කර්මාන්තයසිංහල පදගුත්තිල කාව්‍යයක්‍ෂුද්‍ර ජීවීන්අනුරාධපුර යුගයඅභිප්‍රේරණයශ්‍රී ලංකාවේ මැණික්🡆 More