ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව

ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ.

දිවයිනෙන් වාර්තාවන සම්පූර්ණ පක්ෂි විශේෂ සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් විශේස 219ක් අභිජනන නේවාසිකයින් වේ. BirdLife International ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ ආවේණික පක්ෂි කලාප (EBA) අතුරින් එකක් ලෙස හඳුනාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව බොහෝ වරක් සංශෝධනයට ලක්වී ඇත. මෙය බොහෝදුරට "සමීප වර්ගීකරණ ප්‍රතිශෝධනයන්" නිසා සිදු විය. ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 20ක් අවමයේ සිට 47ක උපරිමයක් දක්වා වරින්වර උච්චාවචනය වී ඇත. 1977 සිට මෙම අගය 21 අවට විචලනය විය. 1990දී නව විශේෂ දෙකක් එකතු කිරීමත් සමග එම අගය 23 තෙක් ඉහළ ගියේ ය. එතැන් සිට විවිධ අධිකාරීන් විසින් මෙම සංඛ්‍යාව අනුමත කොට ඇත. 1994දී විජේසිංහ විසින් ප්‍රකාශයට පත්කළ A checklist of the birds of Sri Lanka තුළින් අමතර විශේෂ තුනක් ඇතුළත් කෙරිණි. නමුත් මෙම සංශෝධනය පුළුල් පිළිගැනීමකට ලක්නොවූ‍යේ එහි තාර්කිකභාවය දැඩි වර්ගීකරණ පිළිවෙත සමග නොසැසඳීම හේතුවෙනි. නමුත් අනුතරුව ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ පක්ෂි සංහතිය පිළිබඳ වාර්තාවල මෙම පක්ෂීන් තිදෙනා ආවේණිකයන් ලෙස ඇතුළත් කොට නොමැත. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් කවයන් විසින් විජේසිංහගේ යෝජිත ආවේණිකයන් අනුමත කළ හැකි බව පවසා ඇත. මේ ඇතැම් විට රටේ ආවේණිකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිවන සතුට හෝ වානිජමය පක්ෂීන් නැරඹීම කෙරෙහි වාසිදායක හෙයින් පිළිගන්නට ඇත.

2001දී, වරකාගොඩ සහ රැස්මුසන් විසින් පඬුවන් කන්බස්සා Otus thilohofmanni නැමැති නව ආවේණික පක්ෂි විශේෂයක් සොයාගන්නා ලදී. 1868දී ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා (Myophonus blighi) හඳනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශී ලංකාවෙන් සොයාගැනුණු පළමු නව පක්ෂි විශේෂයයි. විශේෂයන්ගේ මට්ටමේ වර්ගීකරණ ප්‍රතිශෝධන සඳහා ඇතැම් යෝජනා පවතියි. මෙය ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ තත්ත්වය කෙරෙහි ද බලපානු ඇත. රටේ උපසර්ගයක් වන "ශ්‍රී ලංකා" යන්න පොදු නම් තුළට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් ආවේණික විශේෂවල පමණක් සිදු කෙරේ. කෙසේනමුත්, කොටගම සහ පිරිස (2006), සිබ්ලි සහ මොන්රෝ (1990) විසින් විශේෂවල පොදු නම් සඳහා "Ceylon" යන්න භාවිතා කර තිබීම සම්බන්ධයෙන් එකඟ නොවේ. ඔවුන් යෝජනා කරන්නේ දිවයිනේ නිල ඉංග්‍රීසි නාමය සිලෝන් සිට ශ්‍රී ලංකා සිට වෙනස්වීම එයින් ද නිරූපණය විය යුතු බවයි. සිබ්ලි සහ මොන්රෝගේ තර්කය වන්නේ "සිලෝන්" යන භූගෝල විදයාත්මක ඒකකය බවත්, "ශ්‍රී ලංකා" යනු එම දිවයින අයත් රාජ්‍යය බවත් ය. පක්ෂීන්ගේ ව්‍යාප්තිය සඳහා සාමාන්‍යයෙන් භූගෝලීය නාමය යොදා ගැනේ. උදාහරණයක් වශයෙන් මැඩගස්කර් යන්න එහි ජාතික නාමය වන මැලගසි ජනරජය වෙනුවට භාවිතා කිරීම දැක්විය හැක.

ආවේණිකයන් සංඛ්‍යාවේ වෙනස්වීම්

වර්ෂය විශේෂ සංඛ්‍යාව ආශ්‍රේයය සටහන
1872 37 හෝල්ඩ්ස්වර්ත් – Catalogue of Birds found in Ceylon
1880 47 ලෙග් – A history of birds of Ceylon වර්තමාන ලැයිස්තුවේ වන විශේෂ 17ක් ඇතුළ්ත කළේ ය.
1931 25 වේට් – Manual of Birds of Ceylon වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි.
1944 22 විස්ට්ලර් – Avifaunal survey of Ceylon
1946 20 රිප්ලි – Comments to Endemic Birds of Ceylon අළු කෑඳැත්තා, රතු දෙමලිච්චා සහ වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි.
1952 21 ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon වතරතු මල්කොහා සහ ශ්‍රී ලංකා සැලළිහිණියා ඇතුළත් කෙරිණි.
1975 20 ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon කළු ඉසැසි කොණ්ඩයා ඇතුළ්ත නොකෙරිණි.
1977 21 ෆ්ලෙමිං – Notes on endemic birds of Ceylon රතු දෙමලිච්චා ඇතුළත් කොට ඇත.
1978 21 ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon
1990 23+1 සිබ්ලි සහ මොන්රෝ – Distribution and Taxonomy of Birds of the World රත්මූණත් කොට්ටෝරුවා ආවේණික යැයි යෝජනා කොට ඇත.
1994 23+1 කොටගම සහ ප්‍රනාන්දු – A field guide to the Birds of Sri Lanka සිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි.
1994 23+3 විජේසිංහ – A checklist of the birds of Sri Lanka විශේෂ 3ක් ආවේණික යැයි යෝජනා කොට ඇත.
1996 23+3 ඉන්ස්කිප් සහ පිරිසAn Annotated Checklist of the Birds of the Oriental Region සිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි. විජේසිංහ ආශ්‍රේය වශයේන දක්වා ඇත.
1998 23 ග්‍රමට් සහ පිරිසBirds of the Indian Subcontinent
1999 23 හැරිසන් – A Field Guide to the Birds of Sri Lanka
2013 26 කොටගම – A field guide to the Birds of Sri Lanka (revised) රත්මූණත් කොට්ටෝරුවා, පොම්පදෝරු බටගොයා සහ කළු ඉසැසි කොණ්ඩයා ඇතුළත් කෙරිණි.

ප්‍රභවය: කොටගම සහ පිරිස, 2013

ආවේණික විශේෂ

වලංගු ලෙස ප්‍රකාශිත විශේෂ නිසැක ආවේණික විශේෂ ලෙස හැඳින්වේ.

අඩු අවදානම් තර්ජනයට ලක් වූ
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
අඩු අවධානයක් යොමු වූ
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
තර්ජනයට ලක් වීමට ආසන්න
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
අවදානමට ලක් වූ
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
අන්තරායට ලක් වූ
පොදු නාමය ද්වීපද නාමය කුලය වාසස්ථාන, බහුලතාව, ව්‍යාප්තිය තත්ත්වය
ගෝත්‍රය Galliformes
ශ්‍රී ලංනා හබන්-කුකුළා
Sri Lanka spurfowl

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Galloperdix bicalcarata
(ෆෝර්ස්ටර්, 1781)
Phasianidae තෙත් වනාන්තර. සුලබයි. උතුරු ප්‍රදේශයේ හැර සියලු කලාපවල හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා වලි කුකුළා
Sri Lanka junglefowl

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Gallus lafayetii
(ලෙසන්, 1831)
Phasianidae වනාන්තර, ලඳු කැළෑ. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Columbiformes
ශ්‍රී ලංකා මයිල ‍පරෙවියා (මයිලගොයා)
Sri Lanka wood pigeon

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Columba torringtoni
(බ්ලිත් සහ කෙලාර්ට්, 1853)
Columbidae වනාන්තර, ගෙවතු. සීමිත ව්‍යාප්තියකි. කඳුරට. ඵලදරන කාලසීමාවල දී පහතරට තෙත් කලාපයට විපැමිණේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා බටගොයා
Sri Lanka green pigeon

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Treron pompadora Columbidae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
‍ගෝත්‍රය Psittaciformes
ශ්‍රී ලංකා ගිරාමලිත්තා
Sri Lanka hanging parrot

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Loriculus beryllinus
(ෆෝර්ස්ටර්, 1781)
Psittacidae වනාන්තර, ගෙවතු. සුලබයි. සියලු කලාපවල හමුවේ. තෙත් කලාපයේ වඩාත් සුලබ ය.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා අළු ගිරවා
Layard's parakeet

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Psittacula calthrapae
(බ්ලිත්, 1849)
Psittacidae වනාන්තර, ගෙවතු. සුලබයි. තෙත් කලාපය සහ වියළි කලාපයේ ගංගාශ්‍රිත වනාන්තර.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Cuculiformes
ශ්‍රී ලංකා වතරතු මල්කොහා
Red-Faced Malkoha

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Phaenicophaeus pyrrhocephalus
(පෙනන්ට්, 1769)
Cuculidae වනාන්තර. තෙත් කලාපයේ නොඳුල් වනාන්තර සහ වියළි කලාපයේ ගඟබඩ කැළෑවලට සීමා වී ඇත. සීමිත ව්‍යාප්තියකි. සියලු කලාපවල හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා
Green-billed Coucal

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Centropus chlororhynchos
(බ්ලිත්, 1849)
Cuculidae නොඉඳුල් වනාන්තර. උණ සහ බට මණ්ඩිවල ගැවසේ. සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය සහ තෙත් කඳුගැට.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Strigiformes
ශ්‍රී ලංකා පඬුවන් කන්බස්සා
Sri Lanka Serendib scops-owl ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
Otus thilohoffmanni
(වරකාගොඩ සහ රැස්මුසන්, 2004)
Strigidae සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා පිටතඹල උපබස්සා
Sri Lanka chestnut-backed owlet

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Glaucidium castanotum
(බ්ලිත්, 1846)
Strigidae වනාන්තර, ලඳ කැළෑ, වගාබිම්. සීමිත ව්‍යාප්තියකි. තෙත් කලාපය සහ කඳු රට.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Bucerotiformes
ශ්‍රී ලංකා අළු කෑඳැත්තා
Sri Lanka grey hornbill
Ocyceros gingalensis
(ෂෝව්, 1811)
Bucerotidae වනාන්තර, ‍ගෙවතු. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ. වියළි කලාපයේ වඩාත් බහුල ය.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Piciformes
ශ්‍රී ලංකා රන්මූණත් කොට්ටෝරුවා
Yellow-fronted Barbet

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Megalaima flavifrons
(කූවියර්, 1816)
Megalaimidae වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. කඳුරට වඩාත් සුලබයි.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
රත් මූණත් කොට්ටෝරුවා
Crimson-fronted barbet

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Megalaima rubricapillus Megalaimidae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Passeriformes
උපගෝත්‍රය Passeri
ශ්‍රී ලංකා කැහිබෙල්ලා

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Urocissa ornata
(වැග්ලර්, 1829)
Corvidae නොඉඳුල් වනාන්තර. සීමිත ළුයාප්තිය. තෙත් කලාපය.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
කළු ඉසැසි කොණ්ඩයා
Black-capped bulbul
Pycnonotus melanicterus Pycnonotidae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා
Sri Lanka yellow-eared bulbul

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Pycnonotus penicillatus
බ්ලිත්, 1851
Pycnonotidae වනාන්තර, වනාන්තර ආශ්‍රිත ගෙවතු, සුලබයි. කඳුරට.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා වනරැවියා
Sri Lanka bush-warbler

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Bradypterus palliseri
(බ්ලිත්, 1851)
Sylviidae වනාන්තර යටිවගාව. සීමිත ව්‍යාප්තියකි. කඳුරට.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා බොරග දෙමලිච්චා
Sri Lanka brown-capped babbler

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Pellorneum fuscocapillus
(බ්ලිත්, 1849)
Timaliidae වනාන්තර. ලඳු කැළෑ. බිම් මට්ටම‍. සුලබයි. සියලු කලාපවල හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා ‍දෑ-දෙමලිච්චා
Sri Lanka scimitar-babbler

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Pomatorhinus melanurus
බ්ලිත්, 1847
Timaliidae වනාන්තර යටිගොන්න‍. සුලබයි. සියලු කලාපවල හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා රතු දෙමලිච්චා
Sri Lanka orange-billed babbler

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Turdoides rufescens
(බ්ලිත්, 1847)
Timaliidae වනාන්තර. සුලබයි. තෙත් කලාපය. කඳුරටේ අඩු ය.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා
Sri Lanka ashy-headed laughingthrush

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Garrulax cinereifrons
බ්ලිත්, 1851
Timaliidae වනාන්තර, ප්‍රධාන වශයෙන්ම යටි ගොන්නේ සහ ‍බිම් ප්‍රදේශයේ. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා සිතැසියා
Sri Lanka white-eye

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Zosterops ceylonensis
හෝල්ඩ්ස්වර්ත්, 1872
Zosteropidae වනාන්තර, ගෙවතු, වගාබිම්වල‍. ඉතා සුලබයි. කඳුරට.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා සැලළිහිණියා
Sri Lanka myna

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Gracula ptilogenys
බ්ලිත්, 1846
Sturnidae වනාන්තර. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා
Sri Lanka white-faced starling

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Sturnus albofrontatus
(ලෙයාර්ඩ්, 1854)
Sturnidae වනාන්තර. සීමාවූ ව්‍යාප්තිය. තෙත් කලාපය. කඳුරට අඩුවෙන් පැතිරේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා
Sri Lanka whistling-thrush

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Myophonus blighi
(හෝල්ඩ්ස්වර්ත්, 1872)
Turdidae නොඉඳුල් කඳකර වනාන්තර, දිය පහරවල් අසල‍. සීමා වූ ව්‍යාප්තිය. කඳුරට.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා
Sri Lanka Spot-winged Thrush

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Zoothera spiloptera
(බ්ලිත්, 1847)
Turdidae තෙත් වනාන්තර යටිවගාය. සුලබයි. සියලු කලාපවල. තෙත් කලාපයේ වඩාත් සුලබයි.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා
Sri Lanka scaly thrush

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Zoothera imbricata
ලෙයාර්ඩ්, 1854
Turdidae වනාන්තර යටිවගාව. සුලබයි. කඳුරට සහ පහතරට තෙත් කලාපයේ ඇතැම් ස්ථානවලින් හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා නිලන-මැසිමාරා
Sri Lanka dull-blue flycatcher

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Eumyias sordida
(වොල්ඩන්, 1870)
Muscicapidae වනාන්තර, ගෙවතු, මනා වන වැස්මක් සහිත වදුලු. කඳුරට. පහතරට තෙත් කලාපයේ තෙත් ස්ථානවල ද හමුවේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ශ්‍රී ලංකා පිළලිච්චා
Sri Lanka white-throated flowerpecker

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Dicaeum vincens
(ස්කැල්ටර්, 1872)
Dicaeidae වනාන්තර. සුලබ ය. පහතරට තෙත් කලාපයේ සහ පහත කඳුරට ප්‍රදේශවල පැතිරේ.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

ප්‍රභවය: කොටගම, 2013

යෝජිත ආවේණිකයන්

රැස්මුසන් සහ ඇන්ඩර්ටන් (2005) විසින් විශේෂ භේදන ගණනාවක්ම යෝජනාකොට ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂ නිර්මාණය වන අතර, එම විශේෂ‍ ඒවායේ වර්තමාන තක්සෝනය සමග පහත දක්වා ඇත.

වර්තමාන විශේෂය ද්වීපද නාමය යෝජිත භේදනය යෝජිත ද්වීපද නාමය කුලය ත්ත්තවය
ගෝත්‍රය Piciformes
ලේපිට මහ-කෑරලා
Greater flameback

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Chrysocolaptes lucidus රත්පිට මහ-කෑරලා
Crimson-backed flameback
Chrysocolaptes stricklandi Picidae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
ගෝත්‍රය Passeriformes
උපගෝත්‍රය Passeri
පොදු වන-සැරටිත්තා
Common woodshrike

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Tephrodornis pondicerianus ශ්‍රී ලංකා වන-සැරටිත්තා
Sri Lanka woodshrike
Tephrodornis affinis Prionopidae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
මහ කවුඩා
Greater racket-tailed drongo

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Dicrurus paradiseus ශ්‍රී ලංකා සිළු මහ කවුඩා
Sri Lanka crested drongo
Dicrurus lophorinus Dicruridae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 
නිතඹ රතු වැහිළිහිණියා
Red-rumped swallow

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

Hirundo daurica ශ්‍රී ලංකා වැහිලිහිණියා
Sri Lanka swallow
Hirundo hyperythra Hirundinidae
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව 

ප්‍රභවය: කළුතොට සහ කොටගම, 2009

ආශ්‍රේයයන්

උපන්‍යාස කෘති

  • Kotagama, Sarath (2006). Common, Endemic & Threatened Birds in Sri Lanka. Field Ornithology Group of Sri Lanka. p. 125. ISBN 955-8576-19-0.

Tags:

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව ආවේණිකයන් සංඛ්‍යාවේ වෙනස්වීම්ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව ආවේණික විශේෂශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව යෝජිත ආවේණිකයන්ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව ආශ්‍රේයයන්ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවආවේණිකභාවයකුරුල්ලෝවර්ගීකරණය (ජීව විද්‍යාව)

🔥 Trending searches on Wiki සිංහල:

නාලන්දා විද්‍යාලය, කොළඹසීලශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවනිශ්ශංක මල්ල රජසොරබොර වැවදකුණු කොරියාවරාවණා රජකොහොඹා කංකාරියශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩයශෝදරාවිජය කුමාරණතුංගඅලිප‍්‍රාථමික අධ්‍යාපනයසාංචියනාමල් උයනශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහයාලංකා බැංකුවලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකා ජාතික කොඩියඋණශ්‍රී ලංකාවේ වල් පැලැටිසිංහල සාහිත්‍යයපෘථිවියෙහි භ්‍රමණයහින්දු ධර්මයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ඒබ්‍රහම් ලින්කන්වර්ණ සබැඳි සිද්ධාන්තඋඩරට ගිවිසුමමොණරා සහ සෙබඩමාළුනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ආරුමුග නාවලර්අඟහරු ග්‍රහලොවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාහිරුදේවානම්පිය තිස්ස රජශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)මඩොල් දූවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිරුවන්වැලිසෑයප්‍රේමසිරි කේමදාසකෘමියෝහොරගැලලියෝ ගැලලීපෝෂක පදාර්ථසිබිල් වෙත්තසිංහඡයාරූපකරණයමන්නාරම බයෝබැබ් ගසසිංහල ජනකවිශ්‍රී ලංකාවේ ආදි වාසීන්පොළොන්නරුව පෞරාණික නගරයබට ඇටි කුකුළාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාපහතරට නැටුම්ජල චක්‍රයමද්දුම බණ්ඩාරමයිනාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසංස්කෘතියසුනාමිඋඩුනුවර ලංකාතිලක විහාරයහයිඩ්‍රොකාබනවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමශ්‍රී ලංකාවේ සංස්කෘතියලෝවැඩ සඟරාවඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකසාර ධර්මශ්‍රී ලංකාවේ පළාත් මල්අපරාධසිංහල ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාතුන් සිංහලේශ්‍රී ලංකාවේ නීති පද්ධතියමෛත්‍රී බුදුරජාණන් වහන්සේ🡆 More