විහාරමහා දේවිය

විහාරමහා දේවිය යනු ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජවරයෙකු වූ දුටුගැමුණු රජතුමාගේ සහ සද්ධාතිස්ස රජතුමාගේ මෑණියන් වේ.

ඇය කාවන්තිස්ස රජුගේ අගබිසවයි.

විහාරමහා දේවිය
විහාරමහා දේවිය
විහාරමහා දේවියගේ ප්‍රතිමාවක්
නිල කාලයක්‍රි.පූ. 205 - ක්‍රි.පූ. 161
වල්ලභයාකාවන්තිස්ස රජ
දරුවන්ගාමිණි අභය රජ (දුටුගැමුණු රජ)
පියාකැලණිතිස්ස රජු

මහාවංශ කතාව

විහාරමහා දේවිය, කැළණිය රජකම් කල කැළණිතිස්ස රජුගේ දියණිය වූවාය. සිදුකරන ලද වරදවා තේරුම් ගැනීමක් නිසා වරක් කැළණිතිස්ස රජු විසින්, නිදොස් භික්ෂූණ් වහන්සේ නමක් කැකෑරෙන තෙල් කටාරමක් තුල බහා ජීවිතක්ෂයට පත් කරවන ලදී. මේ පාපකාරී සිද්ධිය නිසා කෝපයට පත්වූ දෙවියන්, මහ මුහුද ගොඩබිම වෙත කළඹා එවූ බවත්, රජුගේ ශාස්ත්‍රකරුවන්ගේ කීම පරිදි එම විනාශය වළක්වනු වස් රජුගේ දියණියක මුහුදට බිලි කිරීම කල යුතු වූ බවත් පැවසෙයි. ඒ අනුව විහාරමහා දේවිය, සිය පියා විසින් සිදුකල පාපකාරී ක්‍රියාවට සහ ජන්ම භූමියෙහි සුරක්ෂාව වෙනුවෙන් ඇගේ ජීවිතය පුද දීමට ඉදිරිපත් වූ අතර, රජවරයෙකුගේ දියණියකි යන්න සටහන් කෙරූ අලංකාරවත්ව සරසන ලද කුඩා නැවක් තුල විහාරමහා දේවිය මුහුදේ පා කර හැරි බව ඉතිහාසයේ සඳහන් වෙයි.

විහාරමහා දේවිය මුහුදේ පා කර හැරීමෙන් අනතුරුව මහ මුහුද නැවතත් සංසුන් ස්වරූපයට පත්විය. කෙසේ නමුදු සිය දියණිය මුහුදට බිලි දීමට සිදුවීම ගැන රජු ඉතා කණස්සල්ලට පත් වූ අතර, රජුගේ මෙහෙසිය ඇතුළු රටවැසියෝද සිය නිර්භීත කුමරිය අහිමි වීම ගැන දුකට පත්වූහ. මෙවැනි දෙයක් සිදුවීම සම්බන්ධව ඔවුන් සියළු දෙනාම රජු වෙත සිය දෝෂාරෝපණ එල්ල කළහ.

මේ අතරතුර, තරුණ කුමරිය (විහාරමහා දේවිය) සහිත නෞකාව ආපදාවකින් තොරව දිවයිනෙහි දකුණු දිග (රෝහණ/රුහුණ) කිරින්ද ප්‍රදේශයේ වෙරළක් වෙත සේන්දු වූ අතර, එකල්හී එම ප්‍රදේශය කාවන්තිස්ස රජු විසින් පාලනය කරමින් තුබූ සස්‍රීක ප්‍රදේශයක් බව පැවසෙයි. කුමරිය සහිත නෞකාව දුටු ධීවරයෝ මේ පිළිබඳව රජ මැදුර වෙත දන්වා සිටින ලදී. ථූපවංසයට අනූව කුමරිය සහිත නෞකාව දුටු පක්ෂීහූ රෑනක් රජු වෙත මුලින්ම මේ පිළිබඳව සැළකර සිටි බව සඳහන් වෙයි.

පෙරහැරක් මගින් කුමරිය කැඳවාගෙන ආ කාවන්තිස්ස රජු, ඇය විසින් සිය ජන්ම භූමිය වෙනුවෙන් දේශමාමකව හා නිර්භීතව සිදු කල කැපවීම කෙරේ සිත් ඇතිව, ඇයව විවාහ කර ගැනීමට තීරණය කරන ලදී. ඉතිහාසයට අනූව නෞකාවෙන් ඇය ගොඩබට ස්ථානය ආසන්නයේ ලංකා විහාරය පිහිටා තිබීම නිසා ඇය එතැන් පටන් විහාරමහා දේවිය ලෙස හැඳින්වූ බව සඳහන් වෙයි.

කාවන්තිස්ස රජුට දාව, ලාංකීය ඉතිහාසයේ පසුකාලීනව අග්‍රගණ්‍ය රජවරුන් බවට පත් වූ දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරුන් බිහි කල විහාරමහා දේවිය, මෙරට වීරවරියක ලෙස හැඳින්වෙයි.

මේවාද බලන්න

බාහිර සබැඳි

Tags:

කාවන්තිස්ස රජදුටුගැමුණු රජසද්ධාතිස්ස රජ

🔥 Trending searches on Wiki සිංහල:

ඩයලොග් ආසියාටාසත්ත්ව ප්‍රඡාව වඳවී යාමආවර්තිතා වගුවපෝෂක පදාර්ථමානව බහිස්ස්‍රාවී පද්ධතියදිළිඳුබවතාප රසායනයමනෝ විශ්ලේෂණවාදයසාම්ප්‍රදායික සිංහල විවාහසද්ධර්ම රත්නාවලියසෞඛ්‍යයමවු පුවරුවනේටෝවිවාහ නීතිය - ශ්‍රී ලංකාජන කවිදෙවොල් මඩුවධම්මපදයගබ්සාවනාගදීප පුරාණ විහාරයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමමහවැලි සංවර්ධන වැඩසටහනපණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමකළු කුහරරසායනික මූලද්‍රව්‍යශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඅඟහරු ග්‍රහලොවනෙප්චූන්දහඅට සන්නියආර්ය අෂ්ඨාංගික මාර්ගයමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කලිංගාශ්‍රිත රෝගබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවළමා අපයෝජනයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාපෘතුගීසි ලංකාවදඬුලේනාහයිඩ්‍රොකාබනශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයක්‍ෂය රෝගයඋද්ධමනයසියඹලාමුදල්ශ්‍රී ලංකාවේ අපරාධපැපොලසිරිල් පොන්නම්පෙරුමසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රසීතාවක රාජධානියශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඅන්වීක්ෂයසිද්ධි ලෙබ්බේරාජ්‍ය නොවන සංවිධානශ්‍රී ලංකා‍වේ බුදු පිළිමආකිමිඩීස්බෙලිලෙනචෛත්‍යපන්සිල්පළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවබුදු දහමපොල්පලාසූත්‍ර පිටකයප්‍රේමසිරි කේමදාසදිලීරලෝවැඩ සඟරාවයෝනි මාර්ගයජර්මනියසොරබොර වැවඅළු කෑදැත්තාසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලාංකීය සංස්කෘතියතාරුණ්‍යය හා විවේකය🡆 More