බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාරයෙන් පෝෂණය වී ඇත.
ඒ අනුව,
පවුල් නීති |
විවාහයට ඇතුලත් වීම |
විවාහ පොරොන්දුව විවාහය Common-law marriage සමලිංගික විවාහය |
විවාහයට සමාන නෛතික තත්ත්ව |
Cohabitation · Civil union Domestic partnership Registered partnership Putative marriage |
විවාහය අවසාන වීම |
Annulment · දික්කසාදය · Alimony |
ළමුන්ට බලපාන කාරණා |
පිතෘත්වය · Legitimacy Adoption · Legal guardian Ward · Emancipation of minors Foster care Child Protective Services Parental responsibility(United States) Contact (including visitation) Residence in English law Custody · Child support |
Related areas |
Spousal abuse · ළමා අපයෝජනය Child abduction · Child marriage Adultery · Bigamy · Incest |
Conflict of laws |
Marriage · Nullity · Divorce |
ආදී තත්වයන් යටතේ විවාහය බලාත්මක වන ආකාරය මෙමගින් විස්තර කෙරේ.
විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් මෙම විවාහය නම් වූ ආයතනය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිවන නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය.
එම නෛතික අයිතිවාසිකම් ලෙස එකිනෙකා අතර ඔවුන්ගේ පෞද්ගලික දේපල, ලිංගිකත්වය හා අන්‍යෝන්‍ය අනන්‍යතාවයන් හා අයිතිවාසිකම් තීරණගැනීම් ආදිය පොදුවේ තබාගැනීමේ අයිතිය හා දරුවන් සඳහා උරුමකම් නිතැතින් ලබාදීම නීත්‍යානුකූල වේ. එක් අයකුගේ මරනින් පසු ඒ අයගේ නිශ්චල හා චංචල දේපල වලින් අඩක් සඳහා උරුමය අනෙකා වෙත ලැබේ. වියපත්වීම හෝ පසුව ඇතිවන රෝගාබාධ බෙලහීන තත්වයක් මත අනෙකා පෝෂනය නොකිරීම නීත්‍යානුකූල නොවන්නේය. තවද අනෙකාගේ අවසරයකින් තොරව අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්මයකට බඳුන්වීම,දේපල විකිනීම, යම් වෘත්තියක නිරතවීම, වෙනත් අයකු හා ලිංගික කාර්ය්‍යයක නිරතවීම, ලියාපදිංචි නිවසින් පිටත වෙනත් තැනක නේවාසික වීම, ද්වේශ සහගතලෙස අනෙකා පෝෂනය ප්‍රතික්ෂේප කිරීම හෝ විදේශගතවීම අතිශයින්ම තහනම් වන අතර නීතියෙන් දඬුවම් ලැබියහැකිවේ.
මේ සඳහා බලපවත්වන්නේ 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.
සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් වේ. නමුත් 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාවයට පටහැනි විවාහ (බාල වයස්කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.
"විවාහයක පාර්ශවකරුවන් දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇත්නම් මිස, මේ වගන්තිය (එනම් මුල් ප්‍රඥප්තියේ 15 වන වගන්තිය) බලාත්මකව ආරම්භ වීමෙන් පසු සිදු කරන ලද කිසිම විවාහයක් වලංගු නොවිය යුතුය"
ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 16 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී.සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වගන්තියේ මේ බව දක්වයි.
ඉහත කරුණු වලට අමතරව දෙපාර්ශවයේම කැමැත්ත අවශ්‍ය වේ.ඉහත අවශ්‍යතා සපුරාලන අයෙකුට නීතිය පිළිගන්නා වලංගු විවාහයක් සිදුකර ගත හැකිය.
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය.විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ටාර්වරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි.
(ලියාපදිංචිය සිදු කරන්නේ විවාහ රෙජිස්ටාර් වරයාද ක්‍රිස්තියානි පූජක වරයාද යන්න මත අනුගමනය කරන කාර්යය පටිපාටිය වෙනස් වේ.)
උඩරට නීතිය පාලනය වන්නේ 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟිනි. උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.
විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමයි (පනතේ 4 වගන්තිය). නමුත් සාමාන්‍ය නීතියට වඩා වෙනස් තත්ත්වයක් උඩරට නීතිය යටතේ දක්නට ලැබේ.එනම් පනතේ 4 (2) වගන්තිය දක්වන අවශ්‍යතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වේ.
උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිලිගනී.පනතේ පස්වන වගන්තිය යටතේ මේ පිළිබද ප්‍රතිපාදන දක්වා ඇත.එය සාමාන්‍ය විවාහ ආඥාපනතේ දැක්වෙන ප්‍රතිපාදන හා සමාන වේ.
උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ව විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැක.මීට අමතරව,
උඩරට විවාහ නීතිය යටතේ විවාහය සිදු කිරීමේ කාර්යය පටිපාටියද සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ කාර්යය පටිපාටියට සමාන වේ.මීට අමතරව
1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යටතේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.
මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යටතේ විවාහ ලේකම්වරුන් නොවේ.ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති.පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි.මුස්ලිම් විවාහ නීතිය යටතේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලි වරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය).නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).
සියවස් ගණනාවක සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ නීති පද්ධති තුනක් යටතේ විවාහය යන්න පෝෂණය වී ඇති ආකාරය මෙහිදී සැකෙවින් සඳහන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විවාහයට බලපාන නීති පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය උපකාරී වනු ඇත.
LawNet වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2001-05-01 at the Wayback Machine
This article uses material from the Wikipedia සිංහල article විවාහ නීතිය - ශ්‍රී ලංකා, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.