වියුණු සටහන

වියුණු සටහන හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි.

බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.

බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ . මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.

මූලාශ්‍ර

සිංහල භාෂාවෙන් ලියවෙන වියුනු සටහන්

Tags:

විකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ බලකොටුකුඹුක්සෙනසුරු ග්‍රහලොවගෞතම බුදුරජාණන් වහන්සේආවර්තිතා වගුවදේවානම්පිය තිස්ස රජපැපොලපරිගණක දෘඩාංගබුලත් හපයාසීෂෙල්ස්රතන සූත්‍රයවිවාහ නීතිය - ශ්‍රී ලංකාඩෝසන් කුළුණමහනුවරශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපහතරට නැටුම්හින්නෝන්මාදයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්රනිල් වික්‍රමසිංහතනි වචන (සිංහල භාෂාව)ධර්ම සංගායනානයිජීරියාවේ ඉතිහාසයහරිතාගාර ආචරණයසිංහබාහුනිදිකුම්බාසතර සෘධිපාදශ්‍රී ලංකාවේ ඉතිහාසයමුදල්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවකාල් මාක්ස්ජෝන් ලොගී බෙයාඩ්නුවර වැවආර්ථික විද්‍යාවනායකත්වයසිංහල සාහිත්‍යයමල්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාසුරතාන්තයඅනුරාධපුර පෞරාණික නගරයසිද්ධාර්ථ කුමරුදියවැඩියාවදඹුල්ල රජමහා විහාරයඅෂ්ඨපානඉත්තෑවාඕ‍සෝන් වියනශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවිවාහයසාම්ප්‍රදායික සිංහල අහාරසමුපකාරයදිළිඳුබවරුධිර සංසරණ පද්ධතිය (මානව)පෘථිවි වායුගෝලයබීටීඑස්ශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකාවේ කම්කරු නීතියගුණදාස කපුගේකාමාවචර ලෝකඅශෝක අධිරාජයාහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයකන්‍යා පටලයනිල් මානෙල්කර්ම (බුදු දහම අනුව)ශ්‍රී වික්‍රම රාජසිංහ රජකෙසෙල්ඩන්කන් වයිට්කොහාශ්‍රී ලංකාවේ පළාත් මල්හැරී පොටර්අභයගිරි දාගැබඅංගම්පොර සටන් කලාවසොරබොර වැවසඳකඩපහණචලිතය පිළිබඳ නිව්ටන් නියමතාරුණ්‍යය හා විවේකයස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකා කොටියා🡆 More