1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් හදුන්වාදුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක.78 ව්‍යවස්ථාවේ නිර්මාතෘ වු ඡෙ:ආර්:ඡයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ඡෙ: ආර්: ඡයවර්ධන ප්‍රකාශ කළේ මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ.
"ඡනාධිපතිවරයෙක් වන්නේ ඔහු හෝ ඇය ආණ්ඩුවේ නායකයා,විධායකයේ ප්‍රධානියා,සන්නද්ධ සේවාවන්හි සේනා විධායකයා ද රාඡ්‍ය නායකයා ද වන්නේය" යන්න 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ව්‍යවස්ථාව මඟින් ඡනාධිපති යන්න අර්ථ ගන්වා ඇත.78 ව්‍යවස්ථාව මඟින් සුපිරි බලතල භුක්ති විඳිනු ලබන ඡනාධිපතිධුරයක් හදුන්වා දී ඇත.ලංකාව උදෙසා ප්‍රථම වරට ඡනාධිපති ධුරය හදුන්වා දුන්නේ 72 ව්‍යවස්ථාව තුළින්ය. එහෙත් ඒ නාමික විධායකයකි.නමුත් 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුර්ණ බලැති විධායකයක් හදුන්වා දෙන ලදි. 78 ව්‍යවස්ථාවට අනුව ඡනපතිගේ නිල කාලය වර්ෂ 06 කි.ඡනපති ඍඡු මහඡනඡන්දයෙන් ඡනාධිපතිවරණයකදී තෝරාපත් කර ගනු ලබයි.ඡනගති අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දී වැඩභාරගනු ලබයි.ඡනපති තම ධුර කාලය තුළ ඉවත් කළ හැකි එකම ක්‍රමවේදය වන්නේදෝෂාභියෝගයකිනි.නමුත් එයද අනම්‍ය ක්‍රියාවලියකි. විචාරකයින් පවසන ආකාරයට ලෝකයේ ව්‍යවස්ථානුකුලව බලවත්ම ඡනපති ලෙස පිළිගනු ලබන්නේ 78 ව්‍යවස්ථාව මඟින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ විධායක ඡනාධිපති ධුරයයි.
78 ව්‍යවස්ථාවට අනුව ඡනාධිපති පත් වන්නේ සමානුපාතික ක්‍රමයේ එන මාරු කල හැකි තනි ඡන්ද ක්‍රමයට හෙවත් stv ක්‍රමයටය.එහි දී ප්‍රකාශිත ඡන්ද වලින් 50% කට වඩා ඡන්ද ලබා ගන්නා අෂේක්‍ෂකයා ඡනාධිපති ධුරය උදෙසා තෝරා පත් කරලනු ලබයි.ඡනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස පිළිගනු ලබයි. ඡනපති අපේක්‍ෂකත්වය සඳහා පහත සඳහන් මුලික සුදුසුකම් සම්පූර්ණ කළ යූතුයි.
ඉහත සූදූසූකම් සපුරා ඇති පුද්ගලයෙකුට ඡනපති අපේක්‍ෂකත්වය ක්‍රම දෙකකට ලබා ගත හැක.
විධායක ඡනපති සතු බලතල ව්‍යවස්ථාදායක,විධායක,අධිකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කල හැක.
පාර්ලිමේන්තුව කැඳවීම,කල් තැබීම,විසුරැවා හරිනු ලබන්නේ ද ඡනාධිපති විසිනි.නමුත් ඡනාධිපතිට පාරිලිමේන්තුව විසුරැවා හැරිය නොහැකි අවස්ථාද ඇත,ඒ වර්ෂයකට දෙවරක්,අභිනව පාර්ලිමේන්තුව පත් වී මුල් වර්ෂය තුල හා දෝෂාභියෝගයක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති අවස්ථාවේ දීය.
78 ව්‍යවස්ථාවට අනුව අගමැති පත් කිරීමේ පූර්ණ බලතල භුක්ති විඳිනු ලබන්නේ ඡනිධිපතිවරයාය.පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගෙන ඇතැයි ඡනාධිපති සිතන්නේ කවරෙක් ද ඔහු හෝ ඇය අගමැති වශයෙන් පත් කළ යූතුය යන්න ව්‍යවස්ථාවේ දැක්වේ.එනම්,පාර්ලිමේන්තුවේ විශ්වාසවන්තයා නිගමනය කිරීමේ අවස්ථාව ඡනපති සතු වේ.මේ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස ආර්:ප්‍රේමදාස ඡනාධිපති විසින් පාර්ලිමේන්තුවේ පසුපෙළ ආසනයේ මන්ත්‍රීවරයෙකු වු ඩී:බී:විඡෙතුංග පත් කිරීම දැක්විය හැක.
උදා:1987 ඉන්දු ලංකා ගිවිසුම
මෙම බලතල වලට අමතරව ඡනපති ලංකාවේ ප්‍රථම පූරවැසියා වීම නිසාවෙන් ගෞරවනීය බලතල කිහිපයකට ද හිමිකම් කියනූ ලැබේ.ඒ,
78 ව්‍යවස්ථාවට අනුව ඡනපති නිලකාලය තුල ඉවත් කල හැකි එකම ක්‍රමවේදය වන්නේ දෝෂාභියෝගයක් පදනම් කරගෙනය.ඒ පිළිබඳ විධාවිධාන 78(38-2) ව්‍යවස්ථාව තුල අන්තර්ගත කර තිබේ.ඡනපතිට එරෙහිව සෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නම් පහත සඳහන් චෝදනා වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලටම ඡනපති වැරදිකරුවෙක් විය යුතු වේ.
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් හදුන්වාදුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක.78 ව්‍යවස්ථාවේ නිර්මාතෘ වු ඡෙ:ආර්:ඡයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු ඡෙ: ආර්: ඡයවර්ධන ප්‍රකාශ කළේ මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ.
This article uses material from the Wikipedia සිංහල article විධායක ඡනාධිපති, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.