වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි.

මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල[තහවුරු කර නොමැත] වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට (මෙගාවොට් 210) දායකත්වය සපයයි[තහවුරු කර නොමැත]. 1978 දී ඉදිකිරීම් කටයුතු ඇරඹූ මෙය 1985 අප්‍රේල් මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

වික්ටෝරියා වේල්ල
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව
වික්ටෝරියා වේල්ල (2011 දී)
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව is located in Sri Lanka
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව
වික්ටෝරියා වේල්ල Sri Lanka තුල පිහිටීම
රටශ්‍රී ලංකාව
තත්වයක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ1978 අගෝස්තු 14
වේල්ල සහ වාන් දොරටු
වාන් දොරටු ධාරිතාවය8,200 m3/s (289,580 cu ft/s)


ඉතිහාසය

වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි. කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය. 1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් දි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනි‍ටුහන් කෙරිණි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය.

වේල්ල සහ විදුලි බලාගාරය

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙන අතර, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ.

වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙයි. මෙම වාන් දොර‍ටු ජල මට්ටම ඉහළ යාමේදී ස්වයංක්‍රීයව විවෘත වේ. මෙම වාන් දොර‍ටු නිර්මාණය (වැසීම සඳහා පමණක් බලය යොදවන) සිවිල් ඉංජිනේරුවන්ගේ ආයතනය වෙතින් නව්‍ය සිවිල් ඉංජිනේරු නිර්මාණය යන සම්මානය දිනා ගන්නා ලදී. වාන් දොර‍ටු 8 හි සම්පුර්ණ සඵල පළල මීටර 100ක් වන අතර එය ඝනමීටර 8200ක උපරිම ජලය මුදා හැරීමකට සහය දක්වයි. මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පදනමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරයි.

වික්ටෝරියා වේල්ල සහ ජලාශයේ හාත්පස දර්ශනයක්.

ගැලරිය

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව ඉතිහාසයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව වේල්ල සහ විදුලි බලාගාරයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව ගැලරියවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව ආශ්‍රිත ලිපිවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව මූලාශ්‍රවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවජල සම්පාදනයජේ.ආර්. ජයවර්ධනතෙල්දෙණියදෙආරුක්කු වේල්ලමහවැලි ගඟවික්ටෝරියා ජලාශයවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිලෝක ආහාර අර්බුදයගූගල්පංච කල්‍යාණනුවර වැවසාම්ප්‍රදායික සිංහල විවාහආනාපාන සති භාවනාවසෛලය (ජීව විද්‍යාව)ඩෝසන් කුළුණගබ්සාවප්ලේටෝසමාජයපින්නවල අලි අනාථාගාරයපංච නීවරණශාකසමලිංගිකතාවජෛව ගෝලයශ්‍රී ලංකාවේ පුරාවස්තුකොහොඹසිරිමාවෝ බණ්ඩාරනායකමුඛ සංසර්ගයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයනයිජීරියාවක්‍ෂීරපායි සත්තුපද්මසිරි ත්‍රීමා විතාරණලාඕසයසිංහල අක්ෂර වින්‍යාසයබෝධිපාක්‍ෂික ධර්මචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයආසියාවබෞද්ධ භාවනාසිඟාලෝවාද සූත්‍රය2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයශ්‍රී ලංකා පොලිස් සේවයතෝමස් අල්වා එඩිසන්අට විසි බුදුවරුසේනක බිබිලේනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමිනිස් මොළයඅවුකන බුදු පිළිමයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයආදිවාසීන්ගෝලීයකරණයවැස්සජැක්සන් ඇන්තනීක්ෂණික මෝචනයරසායනික මූලද්‍රව්‍යකුරුල්ලෝඅළු කෑදැත්තාහේන් ගොවිතැනයාල ජාතික වනෝද්‍යානයපොල්විර පුරන් අප්පුහෙළ ගණන් ක්‍රමයපරිගණක මෘදුකාංගජයන්ති කුරු උතුම්පාලඅවුරුදු කුමරිය තේරීමගණිකාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයලසිත් මාලිංගදියවැඩියාවවෛරස් පිළිබඳ හැඳින්වීමක්මුල්ලේරියා සංග්‍රාමයනිදන්ගත වකුගඩු රෝගයනන්දා මාලනීනියුමෝනියාවශ්‍රී ලංකා‍ අලියාභගමණියහත්කෝරළේමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමැලේරියාවහෙන්රි ජයසේනමුල් ළමාවියේ සංවර්ධනයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමයිනා🡆 More