වළි කුකුළා

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි.

වළි කුකුළා
(Sri Lanka Junglefowl)
වළි කුකුළා
Male in Yala National Park, Sri Lanka
වළි කුකුළා
අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
කුලය: Phasianidae
ගණය: 'Gallus'
විශේෂය: G. lafayetii
ද්වීපද නාමය
Gallus lafayetii
Lesson, 1831
වළි කුකුළා
Range
වළි කුකුළා
වළි කුකුළා
වළි කුකුළා
Gallus lafayettii

දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නෙලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නෙලු මෙන් වසර කිහිපයකට වතාවකි.

වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.මෙය තුල බිත්තර තුනක් හතරක් පමණ දමයි. සර්වභක්ෂක වේ.

අඩවියෙන් බැහැර පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අනුර කුමාර දිසානායකස්නායු පද්ධතියනෙප්චූන්ප්‍රථමාධාරසමුපකාරයකළමනාකරණයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝආදරයලෝවාමහාපායක්‍ෂීරපායි සත්තුසිද්ධාර්ථ කුමරුමඩු දේවස්ථානය1000000000000 (number)මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකා රුපියලකෝමාරිකාගෞතම බුද්ධ පරිනිර්වාණයඋප‍දේශන මනෝ විද්‍යාවකොහොඹගණිකාවඇඩොල්ෆ් හිට්ලර්ශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඅඟහරු ග්‍රහලොවමාපිල් ගණයපරිසර දූෂණයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවබුද්ධි ගලනයශිශ්නයඉංග්‍රීසි භාෂාවඅයිස් හොකීපියයුරු සංසර්ගයපරිගණකයගොංගාලේගොඩ බණ්ඩාසිංහල පදPickMeකජුබුද්ධ චරිතයමුස්ලිම්තෙරේසා මවුතුමියශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසෙංකඩගල පෙරහැර මංගල්‍යයමානව ප්‍රජනන පද්ධතියමිරිසවැටියනව අරහාදී බුදුගුණකාලස් පුයිජ්දෙමොන්සෝමාවතිය විහාරයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසමනලයාදෙවොල් මඩුවසිංහල මිණුම් ඒකකමනෝ විශ්ලේෂණවාදයනොබෙල් ත්‍යාගයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාදේවානම්පිය තිස්ස රජකැහිබෙල්ලාගාලු කොටුවසුසන්තිකා ජයසිංහහෙන්රි ජයසේනශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකාවේ වී ගොවිතැනකළු කවුඩාඅභයගිරි දාගැබරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ දාගැබ්සිංහල ටීකා සීපදශ්‍රි ලංකාවේ පාසල්කමල් අද්දරාරච්චිවහරක අභයරතනාලංකාර හිමිපයිතගරස් ප්‍රමේයයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමානව සම්පත් කළමනාකරණයගණිතය🡆 More