රෝස: Rosa

රෝස යනු බහු වාර්ෂික පුෂ්ප හටගන්නා ශාකයකි .ජීනස් රෝස යනු එහි උද්භිද නම වන අතර එය රෝසසි( Rosaceae) පවුලට අයත් වෙයි.එය පඳුරු ලෙසට වර්ධනය වන ශාකයකි .තියුණු කටු වලින් සමන්විත වන ඉහල යන කුඩා කඳකින් සමන්විත ශාක විශේෂයකි.

රෝස පුෂ්පය විවිධාකාරයෙන් විවිධ වර්ණයන්ගෙන් සමන්විතය. එහි වර්ණය රතු,කහ,සුදු වර්ණ පරාසයක පැතිර පවතී. බොහෝ වර්ගයන් හෝ කුලයන් ආසියාවට ආවේනික වන අතර , කුඩා ප්‍රමාණයක් යුරෝපයටත් , උතුරු ඇමෙරිකාවටත් සහ අප්‍රිකාවටත් ආවේනික වේ.නමුත් දැනට ඉතා බහුල ලෙස ජනප්‍රිය වී ඇත්තේ දෙමුහුන්(hybrids) වර්ගයන්ය.ඒවා ඉතාමත් සුන්දර සහ මනරම් සුවඳකින් සමන්විතය .බොහෝ සමාජයන් ගේ ඉතාමත් ඉහල සංස්කෘතික බැඳීමක් මෙම රෝස මල් සමග ඇති බව පෙනේ .වර්ධනයේදී තරමක් කුඩා ප්රතමානයන්ගේ සිට මීටර් 7 ක් උසට උවද වැඩෙන ශාකයකි. විවිධ රෝස විශේෂ පහසුවෙන් දෙමුහුන් කල හැකි අතර , මෙය උයන් රෝස මල් පුළුල් ලෙස සංවර්ධනයට භාවිතා කර ඇත

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග

රෝස යන වචනය බිඳී එන්නේ ප්‍රංශ බසින් එන ලතින් බසට සම්බන්ඳ “රෝස” වන අතර , එයද ග්‍රීක බසින් එන “ρόδον rhódon (Aeolic βρόδονwródon),” සහ ඉපැරණි පර්සියානු බසින්ද බිඳී එන “Avestan varəδa, Sogdian ward, Parthian wâr".මෙය ලියුවේ ආකර්ෂා සන්ජනනි 6-B කු/ශාන්ත බබර්නදෙත් ආදර්ස මහා විද්‍යාලය-පොල්ගහවෙල


උද්භිදවිද්‍යාව

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
වර්ධනය වූ රෝස ඵලයක හරස්කඩකි.
රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
රෝස මල් පොහොට්ටුවෙහි බාහිර පෙනුම
රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
රෝස ශාක පත්‍රිකා

ශාක පත්‍ර නටුවේ කඳ මත හටගනියි. බොහෝ වර්ගයන්ගේ මෙම ශාක පත්‍ර සෙ.මි. 5 සිට 15 (අඟල් 2.0 සිට 5.9 දක්වා) දිගක් ගනියි. පිහාටු වැනි පත්‍ර 5 – 9,ශාක උප පත්‍රිකා , පත්‍රිකාවල සමාන්‍යයෙන් දැති සහිත අග්‍රස්ථ දාරයකින් සහ යටිපසින් නිතරම කුඩා තුඩු වලින් ද යුක්ත වෙයි.බොහෝ රෝස වර්ග , විශේෂයෙන් දකුණු ආසියානු වර්ග පතනශීලි වන අතර , කුඩා ප්‍රමාණයක් සදාහරිත හෝ එයට ආසන්න වේ.

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
දෙමුහුම් උද්‍යාන රෝස " දීප්තිමත් කහ- Amber Flush"

රෝසා ස්ර්සියා (Rosa sericea)හැර අනෙකුත් වර්ගයන්ගේ පුෂ්ප වල පෙති පහක් ඇත ඒවායෙහි ඇත්තේ හතරකි . සෑම පෙත්තක්ම පෙති දෙකකට බෙදෙන අතර සාමාන්‍යයෙන් සුදු හෝ රෝස පැහැයක් ගනී .නමුත් සමහර රෝස විශේෂ කහ හෝ රතු පැහැයක් ගනී.සෑම රෝස පත්‍රයකම පහලින් මණිපත්‍ර පහකි , එහෙත් රෝසා ස්ර්සියා හි ඒවා හතරකි .මේවා ඉහලින් බැලු විට එමෙන්ම කොළ පැහැති ස්ථාන ලෙසට හොඳින් ,රවුම් පෙති අතරෙන් දර්ශනය වෙයි . ඉතා අනර්ඝ ඩිම්බකොෂයන් තිබෙන අතර ඒවා පසුව චර්මලයන් ලෙසින් වර්දනය වෙයි . රෝස ස්වභාවිකව කෘමි පරාගණ ශාකයකි.

රෝස ශාකයේ ඵලය දම් ගෙඩි වැනි ඵලයක් වශයෙන් නම් කෙරයි . බොහෝ ගෘහ උද්‍යාන වගාකරුවන් මෙම ඵලය නිෂ්පාදනය නොකරයි.තවද පෙති සියල්ල එකිනෙකට ඉතාමත් තදින් බැඳී ඇති නිසා පරාඝනය ඉතා අපහසුවෙන් සිදුවෙයි . බොහෝ රෝස ඵලයන් රතු පැහැ ගනී. නමුත් රෝසා පිම්පිනේලිෆොලියා විශේෂයේ ඵලය තද රෝස හෝ කළු පැහැයක් ගනී . සෑම ඵලයකම පිටතින් මාන්ශලයක් සහිත වනු ඇත .එය තුල බීජ 5 – 160පමණ පහසුවෙන් නොනැමෙන කේශයන් ගොන්නක අනුපුරකයක් ලෙසට ඔබ්බවා( තාක්ෂණිකව නම් කෙරෙන චර්මලය යනු එක බිජුවක් ඇති වියලි ඵලයකි ) තිබේ. වෙනත් ඕනම ශාකමය විටමින් සී ඇති ඵලයන් අතර සමහර වර්ගයන්ගේ රෝස ඵලය, විශේෂයෙන් ඩෝග්-රෝස ( රෝසා කානියා) සහ රුගෝසා රෝස වල ( රෝසා රුගෝසා )බහුල ලෙසින් විටමින් සී ඇත. මෙම ඵලයන් පලතුරු භක්ෂක කුඩා පක්ෂි විශේෂ ආහාරයට ගනී . ඔවුන් ශාකයේ බීජ බිම හෙලීමෙන් ප්‍රචාරණය සිදුවෙයි.

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
රෝස නටුවෙහි කටු නොමැති අතර පිට සිවියෙහි නෙරා ආ කුඩා ශාකා දක්නට ඇත

රෝස ගසෙහි දඬු මත හමුවන තියුණු දේ රෝස කණ්ටක ලෙසට හැඳින්වෙයි . නටුවෙහි බාහිරව වර්ධනයවූ කොටස්ය.(දෙහි කුලයේ ශාක වල කඳේ ගැටිති වල වර්ධනයන්ය ඒවාට ගැටිති සහ අන්තර් ගැටිති තිබෙයි ) නුමුත් සමහර විශේෂයන්ගේ රෝස කොකු විලසින් තිබීම , වර්ධනයේදී වෙනත් ශාක සමඟින් බැඳී හෝ ඇමිනී ඉහලට යාමට උපකාර වෙයි. රෝසා පිම්පිනේලිෆොලියා සහ රෝසා රුගොෂා විශේෂයන්ගේ ඇති කණ්ටක හෙවත් තුන්ඩ පහුරක් සේ ගොනු වීඇත මෙය ශාකයේ ආරක්ෂාවට එනම් සතුන්ගේ උලා කෑම මගින් ආරක්ෂාවට හොඳ අවියකි. ඒමෙන්ම මුහුදු ඛාදණ වලින් ආරක්ෂාවට ඇති අනුවර්තනයක් ලෙසත් ප්‍රයෝජනවත් වෙයි (මෙම දෙවර්ගයම ස්වභාවිකවම වැවෙන්නේ මුහුදු වෙරල ආශ්‍රිතව ය ) කණ්ටක හෙවත් කටු තිබුනත් මුවන් නිතරම රෝස උලාකයි . ඉතාමත් සුළු රෝස විශේෂ වල මෙම තුන්ඩ හෙවත් කටු අවශිෂ්ඨ අවයව ලෙසත් පවතියි.

විශේෂ

ජීන්ස් රෝස උප කොටස් 4කට බෙදිය හැක.

  • හල්තේමියා (Hulthemia)-පත්‍ර හෝ උප පත්‍ර නොමැති රෝස විශේෂයකි
  • හෙස්පර්හොඩස්(Hesperrhodos)
  • ප්ලේටෙර්හොඩන් (Platyrhodon)
  • රෝසා (Rosa) මෙම ජීන්ස් රෝස උප උප කොටස් 11කට බෙදිය හැක.
    • බැන්ක්සියනේ(Banksianae)
    • බ්‍රක්ටියේට් (Bracteatae)
    • කැනිනියා (Caninae)
    • කැරෝලිනා (Carolinae)
    • චිනෙන්සිස් (Chinensis)
    • ගැලිකනියා (Gallicanae)
    • ජිම්නොකපියා (Gymnocarpae)
    • ලෙවිගේට් (Laevigatae)
    • පිම්පිනැලිෆොනියා(Pimpinellifoliae )
    • රෝසා(Rosa)
    • සින්ස්ටිලියා (Synstylae)
රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
"රෝස ගලිකා Evêque" Redouté සිත්තම් කරන ලදී

ප්‍රයෝජන

රෝස ශාක විසිතුරු පැළ ලෙස එළි මහන් උද්‍යාන වල සේම නිවාස ඇතුලතද අලංකරණයට වගා කරයි. එසේම රෝස සුවඳ විලවුන් නිපදවීමට සහ මල් පොකුරු සෑදීමටද යොදා ගනී.සුළු වශයෙන් ඖෂධ ලෙසද භාවිතා කරයි.

විසිතුරු පැල ලෙස

විසිතුරු රෝස වලින් බොහොමයක් දෙමුහුම් රෝස වේ .රෝස පත්‍ර සහ රෝස නටුවද අලංකාරයක් ගෙන දෙයි.එසේම විවිධ වර්ණයෙන් යුතු රෝස පුෂ්ප තිබෙන බැවින් මෙම ශාකය විසිතුරු පැළ ලෙස යොදා ගත හැක.

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
Hybrid tea rose වගා ප්‍රභේදය

කැපූ මල් ලෙස

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
රෝස මල් පොකුරක්

කැපූ රෝස මල් සඳහා දේශීය හා වාණිජ යන දෙආකාරයෙන්ම ජනප්‍රියත්වයක් ලැබී ඇත . සාමාන්‍යයෙන් ඔවුන් අස්වැන්න නෙලා ගත් පසු කැපූ මල් විකීණීම සඳහා ශීතකරනයෙහි ගබඩා කර ගනී.

උෂ්ණත්වය අධික දේශගුණයන් හිදී කපූ මල් වීදුරු ගෘහයන් තුල වග කරනු ලබන අතර,උණුසුම් රටවල මල් කාලගුණ හානි නොවීමට සහ , රෝග පළිබෝධ පාලනය ඵලදායීව සිදු කිරීමට ආවරණ යටතේ වගා කළ හැක. සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැම් නිවර්තන කලාපීය රටවල වගා කරන අතර, කපූ මල් ලොව පුරා රටවල වෙළෙඳපොළ වෙත ගුවන් මගින් ප්‍රවාහනය කරනු ලබයි.

සමහර රෝස මල් යම් ආකාරයකට කෘතීමව සායම් යොදා වර්ණ ගන්වයි.

සුවඳ විලවුන් ලෙස

රෝස සුවඳ විලවුන් රෝස තෙල් ආශ්‍රයෙන් නිපදවන අතර,රෝස තෙල් ලබා ගැනීමට රෝස පෙති තලා වාෂ්පීකරණය සිදු කල යුතුය.ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන රෝස වතුර ආහාර පිසීම, රූපලාවන්‍ය ද්‍රව්‍ය , වෛද්‍ය විද්‍යාව හා ආගමික චාරිත්‍ර සඳහා භාවිතා කරයි.මෙම නිෂ්පාදන තාක්ෂණය පර්සියාවේ සම්භවය සහ අනතුරුව වඩාත් මෑතකදී නැගෙනහිර යුරෝපය තුලට අරාබිය සහ ඉන්දියාව හරහා පැතිරුණු අතර බල්ගේරියාව, ඉරානය හා ජර්මනිය, දම්සක් රෝස මල් (රෝසා × damascena 'Trigintipetala') භාවිතා කරයි. ලෝකයේ අනෙකුත් රටවල් වලද රෝසා × centifolia භාවිතා කරයි.

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
Geraniol (C10H18O)

ආහාර පාන ලෙස

රෝස ඵලයෙහි ඇති විටමින් C අන්තර්ගතය භාවිතා කරමින් ජෑම්, ජෙලි, මාර්මලෙඩ්, සහ සුප් සහ තේ සාදනු ලබයි. තවද රෝස ඵලය තෙරපීමෙන් සහ පෙරීමෙන් රෝස සිරප් සාදා ගනු ලබයි. එසේම රෝස ඵලය භාවිතා කර රෝස බීජ තෙල් සආදා ගනු ලබන අතර එමගින් සම සඳහා නිෂ්පාදන සහ තවත් මේකප් නිෂ්පාදනද සාදා ගනු ලබයි.

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
Rosa canina රෝස මලෙහි බීජ

රෝස ජලය ඉතා රසයක් ඇති කරන අතර පර්සියානු සහ මැදපෙරදිග ආහාර සඳහා දැඩි ලෙස භාවිතා කරයි.

සමහර අවස්ථාවන්හිදී තේ රසය වැඩි කර ගැනීම සඳහා රෝස පෙති හෝ රෝස පොහොට්ටු භාවිතා කරනු ලබන අතර වෙනත් ඖෂධ පැළෑටි සම මිශ්‍ර කිරීමෙන් ඖෂධීය තේ පානයක් සාදා ගත හැක.

ප්‍රංශයේ ඉතා විශාල ලෙස රෝස සිරප් භාවිතා කරනු ලබන අතර එය රෝස පෙති මගින් සාදා ගනියි.ඇමරිකාව මෙම ප්‍රංශ රෝස සිරප් භාවිතා කරමින් කැවිලි වර්ග සහ මාස්මෙලෝස් සාදා ගනියි.

රෝස මල් ආහාර ලෙස ද,ආහාර සඳහා සුවඳ එකතු කිරීමට රසකාරක ලෙසද භාවිතා කරයි.

එංගලන්තයෙහි "රෝස ක්‍රීම්" නැමැති රස කැවිලි සාදන්නන් විශාල වශයෙන් සිටියි.


ඖෂධයක් ලෙස

R. canina රෝස විශේෂයෙහි රෝස ඵලය භාවිතයෙන් විටමින් C සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගත හැක.විශාල රෝස ප්‍රමාණයක් අත් බෙහෙත් ලෙස භාවිතා කරනු ලබයි.රෝසා කෙනෙන්සිස් විශේෂය චීන සම්ප්‍රදායික බෙහෙතක් වශයෙන් භාවිතා කරයි.අනෙක් රෝස විශේෂ අමාෂා ආශ්‍රිත ගැටළු සඳහා භාවිතා කරන අතර පිළිකා වර්ධනය පාලනය කිරීම සඳහාද පරීක්ෂණ සිදුකරමින් සිටී.

සංස්කෘතිය

කලාව

කලාව තුල රෝස මල් සඳහා විශේෂ ස්ථානායක හිමි වන අතර, රෝස මල චිත්‍ර තුළ,මුද්දර මත, විසිතුරු භාණ්ඩ වල සිත්තම් කර ඇති අතර වාස්තු විද්‍යාත්මක අංගයක් ලෙසද පෙනී යයි.

රෝස: [1]උද්භිදවිද්‍යාව, ප්‍රයෝජන, පළිබෝධ සහ රෝග 
Codex Manesse පසුබිමෙහි රෝස මල් දක්නට ඇත



සංකේත

රෝස මල සඳහා දිගු සංස්කෘතික ඉතිහාසයක් ඇති වීම එය සංකේතයක් ලෙස බොහෝ විට භාවිතා කිරීමට තුඩු දී තිබේ.

පළිබෝධ සහ රෝග

වල් රෝස මල් පළිබෝධ සහ රෝග ගණනාවක් සඳහා ධාරක පැළෑටි වේ.

වගා රෝස මල් බොහෝ විට, කෘමි ,මාකුළු හා දිලීර පළිබෝධ සහ රෝග වලින් දැඩි හානි යටත් වේ. බොහෝ අවස්ථාවල දී මෙම ගැටළු පාලනය කිරීමට විධිමත් ලෙස ප්‍රතිකාර ලබා දීමකින් තොරව වගා කළ නොහැක.

ආශ්‍රිත ලිපි

•ADR රෝස මල්

•වතු රෝස මල් කුසලතා සම්මාන ලැයිස්තුව
•පුද්ගල නාම සහිත රෝස මල් වගා ලැයිස්තුව
•ප්රසිද්ධ රෝස විශේෂ
•රෝස (වර්ණ)
•රෝස උයන
•රෝස මල් ප්‍රදර්ශන
•රෝස ආශ්‍රිත පර්යේෂණ


මූලාශ්‍ර

Tags:

රෝස [1]උද්භිදවිද්‍යාවරෝස ප්‍රයෝජනරෝස පළිබෝධ සහ රෝගරෝස ආශ්‍රිත ලිපිරෝස මූලාශ්‍රරෝස

🔥 Trending searches on Wiki සිංහල:

කැලණිය රජ මහා විහාරයගඩලාදෙණිය විහාරයලිංගාශ්‍රිත රෝගපරිගණක ඉතිහාසයඅපරාධ නීතිය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයලංකාවේ වාරි කර්මාන්තයරාජ්‍ය නොවන සංවිධානඩන්කන් වයිට්2004 සුනාමියලිංගික අතවරයලෝ වැඩ සඟරාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඇල්බට්‍ අයින්ස්ටයින්ජෛව ගෝලයදඹදෙණිය යුගයබීටීඑස්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තබෞද්ධ දිනදසුනඅභයගිරි විහාරයපිදුරුතලාගලමානසික ‍අක්‍රමතාකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයකළු වදුරාකොළඹ විශ්වවිද්‍යාලයපයිතගරස් ප්‍රමේයයලෝකයේ රටවල්අන්තර්ජාලයක්ෂමතාව (භෞතික විද්‍යාව)ක්ෂුද්‍ර ජීවීන්ධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවචතුරාර්ය සත්‍යයනුවරඑළියසඳකඩපහණකේතුවගුණදාස කපුගේජන සන්නිවේදනයස්වභාවික පරිසරයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයෆේස්බුක්යශෝදරාඋම්මග්ග ජාතකයශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයතිසා වැවතිස්සමහාරාමයමහින්දාගමනයරාමායණයශිශ්නයදෙමළ අක්ෂර මාලාවජනතා විමුක්ති පෙරමුණඅභයගිරි දාගැබනාසාආසියාවබක් පසළොස්වක පෝයප‍්‍රාථමික අධ්‍යාපනයජයමංගල ගාථාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අමත්ද්‍රව්‍යපොළොන්නරුව පෞරාණික නගරයමානව ප්‍රජනන පද්ධතියසිංහල මිණුම් ඒකකඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාහිඳගල රජමහා විහාරයඝනත්වයඋඩුනුවර ලංකාතිලක විහාරයරාජ්‍ය සේවා කොමිෂන් සභාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවලාඕසය‍දේශගුණික විපර්යාසඅෂ්ඨපානසමනලයාසරදියෙල්අර්ථයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව🡆 More